මේ ආකාරයට දිවුරුම් දුන් නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැක්වූ විරෝධය සක්‍රීය කරමින් ෆෙඩරල් පක්‍ෂනායක ඇස්. ජේ. වී. චෙල්වනායගම් මහතා 1972-10-03 දින තම ආසනයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කළේය. ජාතික රාජ්‍ය සභාවේදී ඔහු කළ විශේෂ ප්‍රකාශයේ අඩංගු වැදගත් අදහස් සමහරක් 1972-10-04 “දිණමිණ” පත්‍රය වාර්තාකර තිබුණේ මෙපරිද්දෙනි.
“ලංකාව නිදහස ලත් වහාම කළේ ද්‍රවිඩ කම්කරුවන්ගේ ඡන්දය දීමේ අයිතිය පැහැර ගැනීමයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිංහලයන්ට සියලු වරප්‍රසාද දී ඇති නමුත් ද්‍රවිඩයන්ට කිසිවක් දී නැත. ලංකා සම සමාජ පක්‍ෂයත්, කොමියුනිස්ට් පක්‍ෂයත් මේ ප්‍රතිපත්තියට මුලින් විරුද්ධ වූ බව ප්‍රශංසාත්මකව කිව යුතු නමුත් දැන් ඒ පක්‍ෂ ජාතිවාදී ප්‍රතිපත්තියක එල්බගෙන සිටී. පුද්ගලයන්ට උසාවියේදී තම මව් භාෂාවෙන් කටයුතු කිරීමට ඉඩ ඇතැයි කවුරුත් කියන නමුත් එය ක්‍රියාවේ යොදවන ආකාරය ගැන මෙහිදී කතා කළ යුතු නැත. මේ තත්ත්වය යටතේ විවිධ පක්‍ෂවලට අයත් ද්‍රවිඩ ජනතාව එක්සත් පෙරමුණක් ඇති කර ගෙන මේ ප්‍රශ්න විසඳන ලෙස අගමැතිනියගෙන් ඉල්ලා සිටි අතර, ව්‍යවස්ථාවේ සංශෝධනය කළ යුතු කරුණු හයක් ගැන සඳහන් කරමින් ලිපියක් යවා සැප්තැම්බර් මස 30 දින දක්වා කල් දෙන ලද නමුත් කිසිවක් සිදුවූයේ නැත. මේ කාරණයේදී ද්‍රවිඩ ජනතාව තමන් අනුගමනය කරන්නේ ද යන්න විමසීම මාගේ යුතුකම වෙයි. මෙම ප්‍රශ්නය විසඳීම සඳහා ගත හැකි හොඳම පියවර ද්‍ර.වි.එ.පෙ නායකයා වශයෙන් ආසනයෙන් ඉල්ලා අස් වී නැවත තරග කිරීමයි.”
මෙම ඉල්ලා අස්වීම හේතුවෙන් කන්කසන්තුරේ ආසනය පුරප්පාඩු වුවද අතුරු මැතිවරණය පැවැත්වීමට අදාළ සාමාන්‍ය ඡන්ද නීතිය ක්‍රියාත්මක වූයේ නැත. 1973 ජුනි මාසය වන විට ද ආසනය පුරප්පාඩු වී පැවතින.
අතුරු ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තු විවාදයක්
කන්කසන්තුරේ ආසනයේ අතුරු ඡන්දය තවදුරටත් ප්‍රමාද නොකර පවත්වන ලෙස රජයට බල කිරීමේ යෝජනාවක් විපක්‍ෂය මගින් ඉදිරිපත් කළ අතර 1973-08-08 දින ජාතික රාජ්‍ය සභාවේදී ඒ පිළිබඳ විවාදයක් ද පැවැත්වින. විපක්‍ෂ නායක ජේ. ආර්. ජයවර්ධන (දකුණු කොළඹ), ඩබ්ලිව්. දහනායක (ගාල්ල), ප්‍රින්ස් ගුණසේකර (හබරාදුව), මුදියන්සේ තෙන්නකොන් (නිකවැරටිය), වී. ඇන්. නවරත්නම් (චාවාකච්චේරිය), වී. ධර්මලිංගම් (උඩුවිල්) සහ වී. ආනන්ද සංගරී (කිලිනොච්චිය) යන මන්ත්‍රීවරුන්ගේ අත්සනින් ඉදිරිපත් කර තිබූ යෝජනාව මෙසේය :- “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මැතිවරණ නීති අනුව කන්කසන්තුරේ අතුරු මැතිවරණය පැවැත්වීමට රජය අපොහොසත් වීම ජනතාවගේ මූලික හා ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන හෙයින් තවදුරටත් ප්‍රමාද නොකර අතුරු මැතිවරණය පවත්වන ලෙස මෙම සභාව රජයෙන් ඉල්ලා සිටී.” ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් මෙම විවාදයට එක් වෙමින් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේ මින්නේරිය මන්ත්‍රී, රැකී රක්‍ෂා හා ක්‍රම සම්පාදන ඇමති ධූරයේ එවකට වැඩ බැලූ රත්නදේශප්‍රිය සේනානායක මහතාය. ද්‍ර.එ.වි.පෙ. මගින් දිනෙන් දිනම උතුරේ භයානක කැරලිකාර තත්ත්වයක් ඇතිකරගෙන යන්නේ යැයි ද මේ තත්ත්වය යටතේ නිදහස් ඡන්දය පාවිච්චි කිරීමට ඉඩක් නැතැයි ද පැවසූ ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ආයුධ රැස්කරමින් පත්‍රිකා බෙදමින් විශේෂයෙන්ම උතුරේ නායකයින් රජයට විරුද්ධ කුමන්ත්‍රණයක් ඇති කරගෙන යන බවට ද චෝදනා කළේය. චෙල්වනායගම් මහතා කන්කසන්තුරේ ආසනයෙන් ඉල්ලා අස්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව බවත් එයින් පෙනී යන්නේ ඔහු ප්‍රජාතන්ත්‍ර විරෝධියෙකු බවත් කී සේනානායක මහතා යුද හමුදාව සහ පොලීසිය යොදවා ආරක්‍ෂක සංවිධාන යටතේ අතුරු මැතිවරණය පැවැත්වීමට පුළුවන් නමුත්, සාමයෙන් තොරව එසේ අතුරු මැතිවරණයක් පැවැත්වීමට රජයේ අදහසක් නැති බව ද හෙතෙම අවධාරණය කර සිටියේය.
ඡන්ද දායකයින්ට කොළ එළියක්
කෙසේ වෙතත් කන්කසන්තුරේ ආසනය පුරප්පාඩු වී දීර්ඝ කාලයක් ඉක්ම යනතුරු අතුරු මැතිවරණය නොපැවැත්වීම රජයේ ප්‍රජාතන්ත්‍රීය මුහුණුවරට බලවත් කැළලක් වූ නිසාදෝ 1974 වර්ෂය අගභාගය වනවිට රජයේ ස්ථාවරය වෙනස් වෙමින් පවතින බව දැකගත හැකිවිය. 1974-09-06 දින ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය මණ්ඩපය විවෘත කිරීමේ උත්සවයේදී කන්කසන්තුරේ ආසනයේ අතුරු මැතිවරණය ගැන අදහස් දක්වමින් අගමැතිනිය මෙසේ ප්‍රකාශ කළාය. “කන්කසන්තුරේ අතුරු මැතිවරණය නොබෝ දිනකින් පවත්වන බව පළමුවරට ප්‍රකාශ කළ යුතුයි. එම අතුරු මැතිවරණය මෙතෙක් කලක් නොපැවැත්වූයේ කන්කසන්තුරේ ජනතාවට නියෝජිතයෙකු තෝරා ගැනීමට තිබෙන අයිතිය නැතිකර දැමීමේ අදහසින් නොව, සාමකාමී අතුරු මැතිවරණයක් පවත්වන බව සහතික කිරීමටයි. තමුන්නාන්සේලා අතර සිටින ජාතිවාදීන් විසින් පොළඹවන ලද නොයෙකුත් සිද්ධීන් නැවතුන පසු, මාගේ අමාත්‍යවරුන් සහ මේ කොයියම් අයෙකුත් ඇතුළු මේ රටේ ඕනෑම පුරවැසියෙකුට එම ඡන්ද කොට්ඨාසයේ එහා කොනේ සිට මෙහා කොනට නිදහසේ ආරක්‍ෂා සහිතව යාමටත්, තමන් කැමති ඡන්ද අපේක්‍ෂකයෙකුට වැඩ කිරීමටත් හැකි වූ පසු පමණක් අතුරු මැතිවරණය පවත්වන බව මම පැහැදිලිව ප්‍රකාශ කරනවා.” එම වර්ෂයේ අගභාගය වනවිට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග තවදුරටත් ලිහිල් වෙමින් පැවතින.
1974 දෙසැම්බර් 02 දාතමින් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබූ කරුණු අනුව කන්කසන්තුරේ ආසනයේ අතුරු මැතිවරණය පිළිබඳ සුභවාදී පණිවුඩයක් ඡන්ද දායකයින්ට ආසන්නට හැකි විය. “කන්කසන්තුරේ අතුරු මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් මෙතෙක් පැවති තත්ත්වය තවදුරටත් නොපවතින බවට අගමැතිනිය සෑහීමකට පත්ව සිටින්නීය. එහෙයින් අතුරු මැතිවරණය කල් දැමීම සඳහා උපයෝගී කරගත් හදිසි නීතිය නැවත අලුත් නොකිරීමට එතුමිය තීරණය කර ඇත. පසුගිය ඔක්තෝබර් මාසයේ යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී අතුරු මැතිවරණය කල් දැමීමට තුඩුදුන් කරුණු ගැන සඳහන් කළ අගමැතිනිය සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හිතකර ආරක්‍ෂාකාරී තත්ත්වයක් එළඹ ඇතැයි තමා සෑහීමකට පත් වූ විගස අතුරු මැතිවරණය පවත්වන බවත් ප්‍රකාශ කළාය. මේ අනුව මෙම අතුරු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාමාන්‍ය මැතිවරණ නීතිය දැන් බලපවත්වනු ඇත.” මෙම නිවේදනය නිකුත් කර මාසයකට පමණ පසු 1975-01-07 වැනි දින අතුරු මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම යාපනය ආණ්ඩුවේ ඒජන්ත විමල් අමරසේකර මහතා ඉදිරියේ සිදු කෙරිණි. එදින ඇස්. ජේ. වී. චෙල්වනායගම් (ෆෙ:ප), වී. පොන්නම්බලම්
(කො:ප) සහ ඇම්. අම්බලවානර් (ස්වාධීන) යන තිදෙනා නාමයෝජනා භාර දුන්හ. සමඟි පෙරමුණු රජයේ අපේක්‍ෂක වී. පොන්නම්බලම් මහතාට සහාය පළ කරණු සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය පීටර් කේනමන්, පත්කළ මන්ත්‍රී එම්. ජී. සුබ්‍රමානියම් සහ වඩුක්කෝඞ්ඩෙයි මන්ත්‍රී ඒ. ත්‍යාගරාජා යන මහත්වරු පැමිණ සිටියහ. 1975 පෙබරවාරි මස 07 වැනි දින පැවැත්වූ අතුරු මැතිවරණයේ සම්පූර්ණ නිල ප්‍රතිඵලය මෙසේය:- ඇස්. ජේ. වී. චෙල්වනායගම් (ෆෙ.ප :- ගෙය) 25,927, වී. පොන්නම්බලම් (කො:ප:- තරුව) 9,459, ඇම්. අම්බලවානර් (ස්වාධීන - තරාදිය) 185, වැඩි ඡන්ද සංඛ්‍යාව 16,468, ප්‍රතික්‍ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන: 168, ඡන්දය දුන් මුළු ගණන: 35,739. වර්ෂ 2 යි මාස 04 දින 03ක් ඡන්ද කොට්ඨාසය පුරප්පාඩු වී තිබීමෙන් මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් ද සනිටුහන් කිරීමෙන් කන්කසන්තුරේ අතුරු ඡන්දය අවසන් වූයේ. ඇස්. ජේ. වී. චෙල්වනායගම් මහතාගේ ඡන්ද ව්‍යාපාරය තුළ ඔහු ලබාගත් ඉහළම වැඩි ඡන්ද සංඛ්‍යාව ද (16,468) පෙන්නුම් කරමිනි. මීට පෙර ඔහු ලබාගත් ඉහළම වැඩි ඡන්ද ගණන වාර්තා වූයේ (13,659) 1960 ජූලි මහා මැතිවරණයේදීය.
ජී. ආර්. ඩී. බණ්ඩාර
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චෙල්වනායගම් ඉල්ලා අස්වෙයි