IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ඡන්දයදා ? හෝටලයේ ජරමරේ

තිස්සගේ මතක වත - 55

 

2010 ජනාධිපතිවරණය දවසේ සරත් ෆොන්සේකා ඇතුළු පිරිස ගිහින් නැවතුණේ සිනමන් ලේක් හෝටලේ, ඉස්සර ඒකට කිව්වේ ට‍්‍රාන්ස් ඒෂියා හෝටලය කියලා. ඒ අය හෝටලේට ගියේ ?ට ඡුන්ද ප‍්‍රතිඵල අහන්න වගේම ජනාධිපතිවරණය විජයග‍්‍රහණය කළාට පස්සේ දිවුරුම්දීම වගේ දේවල් සැලසුම් කරන්න වගේ ගොඩක් දේවල් එක්ක. 


 

තැන් තැන්වල ඉන්නවාට වඩා එක තැනක කවුරුත් ඉන්න එක හොදයි කියලා හිතලා තමයි ඒ වගේ තීරණයක් ගත්තේ. හෝටලේ කාමර ගණනාවක් වෙන් කරගෙන තිබුණා මේ අයට. ෆොන්සේකාගේ ලේකම් සේනක සිල්වා මටත් කාමරයක් වෙන් කරලා තියෙනවා කියලා එන්න කිව්වා. ඒත් මට එන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මොකද මැතිවරණ වැඩවලට මම නුවර ගිහින් හිටියේ. රනිල් වික‍්‍රමසිංහටත් එන්න කියලා තිබුණා. රනිලූත් හෝටලේට ගියේ නෑ. කරූ ජයසූරිය ඇතුළු කිහිපදෙනෙක් හෝටලේ නැවතුණා. මම කොළඹ ආවේ ? වෙලා.


ටික ටික ප‍්‍රතිඵල නිකුත්වෙද්දී අපට තේරුණා සරත් ෆොන්සේකාට දිනන්න අමාරුයි කියලා. පහුවැනිදා උදේ පාන්දර රනිල් වික‍්‍රමසිංහ මට ‘‘කෝල්’’ කරලා රනිල්ගෙ ගෙදරට එන්න කියලා කිව්වා පුළුවන් තරම් ඉක්මනට. මම එවෙලේම පිටත් වුණා. ඒත් මම යන ටිකටත් රනිල් වික‍්‍රමසිංහ ගෙදරින් පිටත්වෙලා තිබුණේ. ගෙදර ඉඳපු අයට කියලා තිබුණා මට කෙළින්ම සිනමන් ලේක් හෝටලයට එන්න කියන්න කියලා. මමත් හෝටලයට ගියා. හෝටලයට කිට්ටු වෙද්දී තමයි දැක්කේ හමුදාව විශාල පිරිසක් දාලා මුළු හෝටලයම වටකරලා තියෙනවා. මට ඇතුළට යන්න දුන්නා. ඇතුළට යද්දී කිසි බාධාවක් තිබුණේ නෑ.

 


 

උඩට ගියාම එතන රනිල් වික‍්‍රමසිංහ, සරත් ෆොන්සේකා, කරු ජයසූරිය ඇතුළු පිරිස කතා බහ කරමින් හිටියා. ඒ වෙද්දී එළියෙ ටිකක් උණුසුම් තත්ත්වයක් තිබුණෙ. රනිල් වික‍්‍රමසිංහ උත්සාහ කළා ඒ තත්ත්වය සමනය කරන්න. අපිට තේරුණා සරත් ෆොන්සේකා හෝටලෙන් එළියට ගන්න මොකක් හරි උපාය මාර්ගයක් ක‍්‍රියාත්මක වෙනවා කියලා. ටික ටික දවල් වෙද්දී කාටවත් හෝටලෙන් එළියට යන්නවත් ඇතුළට එන්නවත් දුන්නේ නෑ.


සරත් ෆොන්සේකාට ගෙදර යන්න  ඕනකමක් තිබුණා. ඒත් ඒකට සුදුසු වාතාවරණයක් එළියෙ තිබුණෙ නෑ.

හෝටලයෙන් පිටවෙනකොට ෆොන්සේකව අත්අඩංගුවට ගනිවී කියලා සැකයකුත් තිබුණා. කොහොම හරි අන්තිමට රනිල් වික‍්‍රමසිංහ, ගෝඨාභය රාජපක්‍ෂට කතා කරලා කිව්වා, සරත් ෆොන්සේකා ජනාධිපති අපේක්‍ෂකයෙක් නිසා එයාට නිදහසේ ගෙදරට යන්න ඉඩකඩ තියෙන්න  ඕනෑ, ඒක නිසා ඔහුට කිසිම හිරිහැරයක් වෙන්න දෙන්න එපා කියලා. ඒ ඉල්ලීම උඩ තමයි සරත් ෆොන්සේකාට පරීක්‍ෂාවකින් තොරව ගෙදර යන්න හම්බවුණේ.


සරත් ෆොන්සේකාට එක් වී ඉඳපු හමුදාවෙ සේවය කරපු අය පිටවෙනකොට අත්අඩංගුවට ගත්තා. මගේ වාහනෙත් පරීක්‍ෂා කරලා තමයි යැව්වෙ. රනිල් වික‍්‍රමසිංහගෙ වාහනයත් එක්කම තමයි සරත් ෆොන්සේකාගෙ වාහනය ආවෙ. ඒ වාහනෙත් නවත්තලා බැලූවා. සරත් ෆොන්සේකට මොකුත් කිව්වේ නැති වුණාට එයාගෙ පෞද්ගලික ලේකම් සේනක ද සිල්වා අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. සරත් ෆොන්සේකා ඒකට විරුද්ධ වුණා. අන්තිමේ එයාලට යන්න ඉඩ දුන්නා. ඒ වෙලාවෙ සිනමන් ලේක් හෝටල් පරිශ‍්‍රය යුද පිටියක් වගේ ආරක්‍ෂක හමුදාවෙන් වට කරලා තිබුණේ.


මැතිවරණ ප‍්‍රතිඵලය අනුව මහින්ද රාජපක්‍ෂ නැවත වතාවක් ජනාධිපතිවරයා විදියට ජයග‍්‍රහණය කළා. ඒ එක්කම සුපුරුදු පරිදි පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ආරම්භ වුණා. පළිගැනීම්, පහරදීම් ඇති වුණා. සතියක් දෙකක් යනකම් වරින් වර මේ සිදුවීම් තැන තැන සිදුවුණා. හැම පක්‍ෂයකටම අයත් යම් යම් අය මේවට මුහුණදීලා තිබුණා.


තව කොටසක් ලබන සතියට.

 

 

 

ප‍්‍රියන්ත
කොඩිප්පිලි



අදහස් (0)

ඡන්දයදා ? හෝටලයේ ජරමරේ

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 46 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site