IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ජවිපෙට එරෙහිව “ප්‍රා” බිහිවෙයි

ජවිපෙ 1983 ජූලි පක්ෂ තහනමට පෙර පසු සහ ජවිපෙ 2 වැනි කැරැල්ල පැවති 1986 සිට 1990 දක්වා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරින් පරිබාහිරව සන්නද්ධ අරගලය විශ්වාස කළ වාමාංශික කණ්ඩායම් 7ක් ක්‍රියාත්මක වූ අතර ඒ අතරින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබූ සහ සිරදඬුවමට ලක් වූ දකුණේ ප්‍රථම සිංහල ජාතිකයා වූ උඩුවරගේ හෙන්රි පෙරේරාය. ලෙනින් හෙවත් විශ්වන් හෙවත් රත්නම් ලෙස ද ඔහු හැඳින්විණි. ඔහු රතු හමුදාව නමැති කණ්ඩායමේ නායකයා විය.


ලෙනින් ලෙස ඔහු කුඩා කාලේදීම නම් කළේ හෙන්රිගේ පවුලේ ඥාතියෙකු වූ සම සමාජයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරාය. විශ්වන් ලෙස ඔහුව නම් කළේ ප්ලොට් හෙවත් දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයයි. රත්නම් ලෙස ඔහුව නම් කළේ වව්නියාවේ ගාන්ධියන් ව්‍යාපාරයේ නායකයෙකු වූ වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම්ය. උඩුවරගේ හෙන්රිගේ රතු භටයෝ සංවිධානයේ මව් සංවිධානය වූයේ ළමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් 1980 ආරම්භ වූ ප්ලොට් සංවිධානය වේ. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්.ටී.ටී.ඊ.) 1977 සිට 80 දක්වා සභාපතිවරයා වූයේ ද උමා මහේෂ්වරන්ය.


වසර 1955 දෙසැම්බර් 31 වැනිදා මරදාන ද සොයිසා රෝහලේ දී උපන් උඩුවරගේ හෙන්රි පෙරේරා දිගුකලක් පදිංචිව සිටියේ සිය පියාට අයත් රාජගිරිය යූ. ඊ. පෙරේරා මාවතේ 72 දරණ නිවෙසේ සහ එයට යාබද අංක 64 නිවෙසේය. හෙන්රි ප්‍රථමයෙන් පාසල් ගියේ කොළඹ නාලන්දා විදුහලටය. ඒ 1961 ජනවාරි 3 ය. පසුව 4 වැනි ශ්‍රේණියේ දක්වා 1965 ඔක්තෝබර් 13 නාලන්දයෙන් ඉවත්ව කොළඹ මහා බෝධි මහා විද්‍යාලයට ඇතුළු වූයේ 1965 ඔක්තෝබර් 25 ය. මහාබෝධි විදුහලේ 7 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා 1969 ජුනි 30 ඉන් ඉවත්ව 1970 ජනවාරි 10 ඔහුගේ මාපියන් විසින් විද්‍යෝදය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් වූ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළුකරන ලදී. පසුව ඉන්ද 1971 ජනවාරි 20 ඉවත් කරගෙන එදිනම කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් කළ අතර අපොස සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු 1973 පෙබරවාරි 22 ආනන්දයෙන් ද සමුගත්තේය. පසුව කළමනාකරණ සහ නායකත්ව පුහුණුව පිළිබඳව ඩිප්ලෝා පාඨමාලාවක් ද හැදෑරිය.

 

 

හෙන්රිගේ සීයා උඩුවරගේ ඇල්බට් පෙරේරාය. ඔහුගේ මුල පරපුර මහනුවර උඩුවර ග්‍රාමයෙන් පැවතෙන්නෙකි. ඇල්බට් පෙරේරා වෘත්තියෙන් රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියෙකි ඇල්බට් 1922 විවාහ වූයේ රාජගිරිය අමරතුංග ආරච්චිගේ රොස්ලින් පෙරේරා සමගය. එම දෙපළට ඊබට්, ඔල්ගා, පර්සි සහ එඞ්වඞ් නමින් දරුවන් සිව් දෙනෙකි. පළමු දරුවා වූයේ හෙන්රිගේ පියාවන උඩුවරගේ ඊබට් පෙරේරාය. ඔහුගේ කෙටි නම් වූයේ යූ. ඊ. පෙරේරාය. ඔහු උපන්නේ 1924 නොවැම්බර් 19 රාජගිරියේ කලපළුවාවේදීය. යූ. ඊ. ගේ කනිටු සොහොයුරා වූ එඞ්වඞ් අවසානය දක්වාම උඩුවගේ හෙන්රි පෙරේරාගේ අයිතින් වෙනුවෙන් නොබියව පෙනී සිටියෙකි. වසර 1938 අප්‍රේල් 20 උපන් එඞ්වඞ් පේරාදෙණිය සරසවියෙන් ආර්ථික විද්‍යා උපාධිධාරියෙකු ලෙස සමත් වූයේ 1967 දීය. සිය පවුලේ ආභාෂය අනුව සරසවි වියේ සිටම සටන්කාමියෙකු වූ එඞ්වඞ්ගේ ශිෂ්‍යභාවය ද වරෙක වසර කිහිපයක්ම තහනමට ලක්විය. එඞ්වඞ්ගේ දේශපාලන ගුරුවරයා වූයේ මහාචාර්ය ඒ. ජේ. විල්සන්ය. ඇත්ත පුවත්පතේ විශේෂාංග කතුවරයෙකු ද වශයෙන් කටයුතු කළ ඔහු අධ්‍යාපන, උසස් අධ්‍යාපන ඇතුළු අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරයෙකු වශයෙන් වසර ගණනාවක්ම කටයුතු කළේය. වර්තමානයේ එඞ්වඞ් සංචාරක සේවා උපදේශකයෙකි.


උඩුවරගේ හෙන්රිගේ පියා වූ යූ. ඊ. පෙරේරා අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්ද සහ වෙස්ලි යන විදුහල්වලිනි. යූ. ඊ. පෙරේරා 1945 අගෝස්තු 2 අවාහ වූයේ බොරැල්ලේ දී 1925 ජනවාරි 23 වේයන්ගොඩ උපන් ලියාපදිංචි වෛද්‍ය නිලධාරිණියක වූ බෝගවතී මොඞ් චාලට් විජේසිංහ සමගය. එම දෙපළට දරුවන් 7කි. උඩුවරගේ හෙන්රි පෙරේරා එම පවුලේ 6 වන දරුවාය. හෙන්රිගේ වැඩිමහල් සොයුරු සොහොයුරියන් වූයේ සෞඛ්‍ය සේවා කළමනාකාරිණියක වූ රම්‍යකාන්ති, වාම දේශපාලන ක්‍රියාකාරිණියක් වූ නාලනී, හෙදි සොහොයුරියක් වූ චිත්‍රා, ලංගම සේවක මණ්ඩල කළමනාකාරුවෙක් වූ රංජිත් සහ පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරියකු වූ විරාජ්ය. කනිටු සොහොයුරා වූයේ නාවික හමුදාවේ කපිතාන් තිස්සය. උඩුවගේ හෙන්රි වර්තමානයේ සිටියේ නම් ඔහුට බාප්පා සහ මාමා කියන ඥාති වූ පුතුන් 9 දෙනෙකි.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු වශයෙන් 1940 සිට 1947 දක්වා සේවය කළ හෙන්රිගේ පියා වූ යූ.ඊ.  පෙරේරාට 1947 බි්‍රතාන්‍ය පාලකයන්ට එරෙහිව ඇති වූ මහා වැඩ වර්ජනයෙන් පසු සේවය අහිමි විය. ඉන්පසු ඔහු පූර්ණකාලීනව සම සමාජ පක්ෂයෙන් වාමාංශික දේශපාලනයට පා තැබීය. මෙයට වසර 63කට ප්‍රථම 1953 අගෝස්තු 12 ඓතිහාසික හර්තාල් වර්ජනය කැඳ වූ වෘත්තීය සමිති 4 එක් නායකයෙකු වූයේ ලංකා කම්කරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් වූ මේ. යූ. ඊ. පෙරේරාය. එම හර්තාලය කැඳවූ සෙසු නායකයන් තිදෙනා වූයේ ලංකා කම්කරු සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් එම්. ජී. මෙන්ඩිස්, ලංකා කම්කරු සංගමයේ එම්. සුබ්බයියා සහ ලංකා වෙළෙඳ සේවක සමිතියේ ප්‍රධාන ලේකම් පී. බාලා තම්පෝය. සම සමාජ පක්ෂයෙන් පසුව අස්වූ යූ. ඊ. පෙරේරා කෝට්ටේ අංක 1 දරණ කොට්ඨාසයට 1954 තරග කර ජය ගත්තේය. තෙවරක් බටහිර රාජගිරිය (රාජගිරිය ඔබේසේකරපුර) කොට්ඨාසය ජයගත් යූ. ඊ. කෝට්ටේ පළාත් ආණ්ඩු සභාවේ උපසභාපති වශයෙන් ද 1960 ජනවාරි සිට 1962 දෙසැම්බර් දක්වා කටයුතු කළේය. පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සමසමාජ පක්ෂයට 1956 දී එක්වූ ඔහු එහි වෘත්තීය සමිති ලේකම්වරයා ද විය. ශ්‍රීලනිපයට 1964 දී එක් වූ ඔහු ශන්මුගදාසන්ගේ චින කොමියුනිස්ට් පක්ෂය සමග 1968 සිට ක්‍රියාකාරී විය. ජවිපෙ 1971 අප්‍රේල් කැරලි සමයේ දී අත්අඩංගුවට පත්ව මැගසින් බන්ධනාගාරයේ රිමන්ඞ් ගත වූ යූ. ඒ. පෙරේරා පසුව 1972 සිට 1978 දක්වා වේයන්ගොඩ සහ තුල්ගිරිය පෙහෙකම්හලේ පීරිස් නිලධාරී විය. දේශපාලනයෙන් හම්බ නොකළ මිනිසෙකු වූ ඔහු 1987 අප්‍රේල් 8 මිය ගියේය.


සාම්ප්‍රදායික වාමාංශික දේශපාලනය සමග ගැටගැසුණු හෙන්රිගේ නිවෙසට ජවිපෙ දේශපාලනය ගෙන ආවේ හෙන්රිගේ අයියා වූ උඩුවරගේ රංජිත් පෙරේරාය. කොළඹ නාලන්දා විදුහලේ උසස් පෙළ හදාරමින් සිටියදී 1969 ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වූ බලපිටියේ ලක්ෂ්මන් හරහා රංජිත් ජවිපෙට එක්විය. හැත්තෑ එකේ අප්‍රේල් 5 කොළඹ ප්‍රධාන ස්ථානයන් අල්ලා ගැනීමේ කණ්ඩායමේ ඔහුද ක්‍රියාකාරිකයෙක් විය. පසුව එය අවසන් මොහොතේ නායකයන්ගේ උපදෙස් මත නතර කෙරිණි. හෙන්රිගේ නිවෙසට ප්‍රථම වරට පොලිසිය පැමිණෙන්නේ 1971 අප්‍රේල් 03 රංජිත් අත්අඩංගුවට ගැනීමටය. සැඟවී සිටි රංජිත්ට පසුව ලංගම පානදුර ඩිපෝවේ පිරිවැය ලිපිකරුවකු ලෙස 1971 ජුලි 01 රැකියාවක් ලැබිණි. වසර 1972 අප්‍රේල් රැකියාවෙන් ඉවත්වීමට රංජිත්ට සිදු වූ ජවිපෙ යළි නගාසිටුවීම සඳහා ඔහු යළි ජවිපෙට එක්වන්නේ එළියේ සිටි ජවිපෙ ප්‍රේමපාල හේවාබටගේ ඇතුළු නායකයන්ගේ උපදෙස් මතය. පසුව ජේ. සමරතුංග හෙවත් බෝල සමරේ සහ රත්නපුර සමරජීව සමග 1972 නොවැම්බර් 21 රංජිත් පොලිස් අත්අඩංගුවට පත්වුවද ඉන් පැනයෑමට බෝල සමරේ සමත් විය. යාපනය හැමන්හිල් ඇතුළු බන්ධනාගාර 8ක ජවිපෙ කැරලිකරුවකු ලෙස අත්අඩංගුවේ සිටි රංජිත් නිදහස් වූයේ 1975 ජනවාරි 21ය. පසුව යළි ලංගම සේවයට එක්වූ රංජිත් 2012 අප්‍රේල් 17 විශ්‍රාම ගියේ ලංගම සේවක මණ්ඩල කළමනාකරුවෙක් ලෙසය.


උඩුවරගේ හෙන්රිගේ නිවෙසේ තිබුණේ මෙවැනි වමේ දේශපාලන පරිසරයකි. පියාගේ සොහොයුරන් පවා ක්‍රියාකාරී වූයේ වාමාංශික දේශපාලන පසුබිමක් තුළය. උඩුවරගේ හෙන්රි ජවිපෙට එක්කර ගත්තේ පාලිත ශ්‍යාම්දාස් බල්ගේරියාවේ පැවැති තරුණ උළෙලට පවා සහභාගි වූවෙකි. විජේවීර 1968  හමුවීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීනයෙකු වූ ශ්‍යාම් 71 කැරැල්ලේ යෝධ පුරුෂයන් සේ සිතා සිටි බොහෝ දෙනා කැරැල්ලට පෙර සහ පසුව ඇදවැටෙද්දී ප්‍රේමපාලගේ නායකත්වයෙන් 71 අප්‍රේල් කැරැල්ලෙන් පසු යළි ජවිපෙ නගාසිටුවීමට කැපවී කටයුතු කළ අයෙකි. ගාමිණී බාස්ගේ පාවාදීමක් මත 1972 ජනවාරි 1 ශ්‍යාම්දාස් අත්අඩංගුවට ගනු ලැබීය.

 

 

කෙටි කලකින්ම හෙන්රි ජවිපෙ දේශපාලන න්‍යායන්ගෙන් බැහැර වූවේය. ඔහු වෙනත් මගක් සෙවීය. ඔහු කොමියුනිස්ට් රාජ්‍යයක අනාගතය පිළිබඳවත් එයට සිය අරගලකාරී දායකත්වය පිළිබඳවත් ඇති අසීමිත විශ්වාසයෙන් පසුවිය.


ජවිපෙ සාමාජිකයකු යැයි කියමින් හෙන්රිව 1974 මැයි මස කොටුවේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව මැගසින් සහ බෝගම්බර බන්ධනාගාරයේ රඳවන ලදී. ද්‍රවිඩ සන්නද්ධ සංවිධානවල සාමාජිකයන් වූ මොහාන්, රාජන්, කුමරේ, නඬේසන් ඇතුළු කිහිප දෙනෙක් සමගද හෙන්රි සබඳතා ගොඩනගා ගනී. වසර 1976 සැප්තැම්බර් කිසිදු චෝදනාවක් නොමැති නිසා ඔහු නිදහස් කරන අතර ඉහත සිරකරුවන් බැලීමට බන්ධනාගාරයටද ඔහු කිහිපවරක් ගියේය. එසේ හඳුනාගත් මනිපායිහි ඉන්බම් 1976 දෙසැම්බර් නිදහස් වූ පසු හෙන්රිගේ නිවෙසේ නවාතැන් ගත් අතර හෙන්රිද 1977 ජනවාරි දින කිහිපයක් ඔහුගේ මනිපායිහි නිවසේ නතර විය. මර්ජ් අනුග්‍රහය යටතේ යාපනයට ගොස් 1980 ජුලි 13 සහ 14 මානව හිමිකම් සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීමටද හෙන්රි දායක විය.


කොල්ලුපිටියේ පිහිටි බාල තම්පෝ ලේකම් ධූරය දැරූ එවකට 4 වැනි ජාත්‍යන්තරයේ ලංකා ශාඛාව වූ විප්ලවීය මාක්ස්වාදි පක්‍ෂය සමග 1978 අගෝස්තු මස සිට සබඳතා ඇතිකරගත් උඩුවරිගේ හෙන්රි පසුව ලංකා වෙළඳ සේවක සංගමයේ සිංහල පුවත්පත වූ ‘ආරම්භය’ පුවත්පතේ කතුවරයා වශයෙන් 1981 නොවැම්බර් දක්වා කටයුතු කළේය. එම සමිතියේම නේවාසිකව සිටිමින් පූර්ණ කාලීනයෙකුව සිටි හෙන්රි ගේ ආරම්භක මාසික වැටුප රුපියල් 750 කි.


විප්ලවීය ගරිල්ලා පෙරමුණක් ගොඩනැගීම පිළිබඳව ඔහු කොල්ලුපිටියේ ඇලෝයි ඇවන්‍යුහි මර්ජ් හෙවත් ජාතින් අතර  යුක්තිය සහ සමානාත්මතාව ව්‍යාපාරය, නුවර සත්‍යෝදය සමාජ සමීක්‍ෂණ කේන්ද්‍රය, නුවර සමාජ අධ්‍යයන කේන්ද්‍රය, මරදාන සමාජීය සහ සාමයික කේන්ද්‍රය ඇතුළු ආයතන රැසක ක්‍රියාකාරිකයන් සමග සාකච්ඡා කර තිබිණි. එමෙන්ම වෘත්තීය සමිති සංවිධාන වශයෙන් ලංකා ජාතික ගුරු සම්මේලනය, ලිපිකරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු සංවිධාන සමඟද සම්බන්ධතා පවත්වාගෙන ගියේය. විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් ප්‍රකාශයට පත්කළ ‘අර්බුද’, ‘විමසුම’ ඇතුළු මාසික සඟරාවලට ලිපි සපයමින්ද ඔහු තම මතවාදය ගෙන ගියේය. ඒ වනවිට හෙන්රි වෘත්තියෙන් පර්යේෂකයෙකි.


රතු හමුදාව බිහිකිරීමේ අදහසට වඩාත්ම දිරිගැන්වූ අයෙකු වූයෙ වව්නියාවේ ගාන්ධියන් ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය සෝමසුන්දරම් රාජසුන්දරම්ය. වතුකරයෙන් ජාතිවාදි ගැටුම් නිසා 1977න් පසු පලාගිය පසුව වව්නියාවේ අනවසර ගොවීන් බවට පත්වූ දෙමළ වතු කම්කරුවන් වෙනුවෙන් ගාන්ධියන් ව්‍යාපාරය පෙනී සිටියේය. ගාන්ධියන් ව්‍යාපාරයේ එම ව්‍යාපෘතිය සඳහා විදේශ ආධාර ලබා දුන්නේ නෙදර්ලන්තයේ නෝවිබ් ආයතනය මගිනි. පර්යේෂකයකු වශයෙන් හෙන්රි කළ කටයුතු සඳහා ඔහුට  ගාන්ධියන් ව්‍යාපාරයෙන් දීමනාවක්ද හිමිවිය. වව්නියාවේ පදිංචි වතුකරයේ තරුණයන් දෙමළ බෙදුම්වාදයට යොමුකිරීම එහි අරමුණක් බව ප්‍රකාශ කළ එජාප ආණ්ඩුව 1983 අප්‍රේල 6 එම සංවිධානයේ නායක වෛද්‍ය රාජසුන්දරම් ත්‍රස්තවාදී මර්දන පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදි. වැලිකඩ බන්ධනාගාරයේ එම පනත යටතේ රඳවාගත් කුට්ටමනී යෝගචන්ද්‍රන් සහ ගනේෂනාදන් ජෙගනාදන් ඇතුළු 35 දෙනෙකු 83 කළු ජූලියට මුවාවී 1983 ජුලි 25 සංවිධානාත්මක පිරිසක් බන්ධනාගාරය තුළදීම ඝාතනය කළ අතර ඊට දෙදිනකට පසු වෛද්‍ය සෝමසුන්දරම් ඇතුළු තවත් 17 දෙනෙකුද එහිදීම කපා කොටා මරා දමන ලදි. උතුරේ ත්‍රස්තවාදි සැකකරුවන් සේ නම් කරන ලද අත්අඩංගුවට ගත් දෙමළ සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහාද  හෙන්රි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත 1982 මැයි 31 ලිපි යවා තිබිණි.


සාකච්ඡා සහ ක්ෂේත්‍රයේ වසර කිහිපයක අත්දැකීම්වලින් පසු උඩුවරගේ හෙන්රි ප්ලොට් සංවිධානය සමඟ බද්ධ වූ  සිය රතු හමුදා සංවිධානය පිහිටුවූයේ 1982 ඔක්තෝබර් මස තලවතුගොඩදීය. එහි හෙන්රි සමග සමාරම්භක සාමාජිකයන් වූයේ වැල්ලවත්ත පොලිටෙක් ආයතනයේ ශිෂ්‍යයෙකු වූ ගාල්ල වක්වැල්ලේ පදිංචි අජිත් නන්දන හෙවත් ඇලන් සහ විමලදාසන් හෙවත් රමේෂ්ය. උතුරු දකුණ එක්කර සමාජවාදි  රාජ්‍යයක් ගොඩනැගීම සඳහා කේඩර්වරුන් පුහුණු කිරීමට සහ සන්නද්ධ බලයක් ගොඩනැගීමටද ප්ලොට් සංවිධානය සිය මව සංවිධානය වශයෙන් සැලකීමටද එහිදී තීරණය විය.


ඒ සඳහා අවශ්‍ය මුදල් බැංකු මංකොල්ලකෑමෙන්ද අවශ්‍ය අවි ආයුධ පොලිස් සහ හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කර ලබා ගැනීමට එහිදී තීරණය විය. පසු කාලයේ නැගෙනහිරදී සිදුවූ හමුදා ප්‍රහාරයකින් විමලදාසන් මියගොස් තිබිණි. වසර 1982 ඔක්තෝබර් 21 පැවැත්වෙන ජනපතිවරණය වර්ජනය කිරීමටද මෙම රතු හමුදාව සංවිධානය තීරණය කෙරිණි. හෙන්රි වව්නියාව සහ යාපනය සමඟ නිරුතුරුවම සම්බන්ධකම් පැවැත්වූ අතර වාර ගණනාවක් එහි ගොස් තිබිණි.


කොළඹ වෛද්‍ය පීඨයේ සිසුවෙකු වූ ජෑන් සමඟද ඔහු සබඳතාවයක් ඇතිකරගත් අතර 1983 ජුලි කලබලවලින් පසුව ජෑන් වෛද්‍ය උපාධිය අතහැර දෙමළ සන්නද්ධ අරගලයට පූර්ණකාලීනව එක්වූයේ ටෙලෝ සංවිධානය හරහාය. රතු හමුදාව සංවිධානය 1983 ජුලි 13 තලවතුගොඩදී හමුවූ අතර එහිදී රටපුරා සිය වගකීම් ක්‍රියාකාරින්ට පවරන ලදී. 


ඒ අනුව කොළඹ සරසවියේ කලා පීඨයේ සිසුවෙකු වූ නුගේගොඩ පදිංචි දයා සේනාධීරට කොළඹ සරසවිය තුළ සංවිධානයේ වැඩ කටයුතු ව්‍යාප්ත කිරීමටද, ජගත් සේනාරත්නට කොළඹ දිස්ත්‍රික්කය කටයුතු භාරවද, අජිත් නන්දන ශිෂ්‍ය අංශය භාරව ද විමලදාසන් වතු කම්කරුවන් භාරව ද මාතර උයන්ගොඩ රාජා විජේතිලක සාමාජිකයන් බඳවා ගැනීම භාරවද, හෙන්රි වෘත්තීය සමිති අංශය භාරවද පත් කෙරිණි. එදිනම  තීරණයක් ගනු ලැබුවේ සංවිධානයේ කටයුතු සඳහා ප්ලොට් නායක උමා මහේෂ්වරන් හමුවී මූල්‍යමය ආධාර, අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය ලබාගැනීමය.
රතු හමුදා මෙහෙයුම් කටයුතු 1983 ජුලි 19 යළිත් රැස්වූ අතර එහිදී සංවිධානයේ ව්‍යවස්ථාවද කෙටුම්පත් කරන ලදී. පසු කලෙක එහි නායකයෙකු බවට පත්වූයේ ලංකා ගුරු සංගමයේ සභාපති එච්. එන්. ප්‍රනාන්දුය. කථිකාචාර්ය සේනානායක ඇතුළු නීති සිසුන් කිහිප දෙනෙක්ද රත්මලාන අත්තිඩියේ රොහාන් විජේසේකර, රාජගිරියේ පී. විජේගුණවර්ධන, වත්තල ප්‍රේමසිරි වික්‍රමරත්න, වැල්ලම්පිටියේ ඩබ්ලිව්. පී. ආරියදාස වරෙක ඔහුට සහාය ලබා දී තිබිණි. ජවිපෙ කලක් ක්‍රියාකාරිකයෙකුව සිට 1975 දී රිමාන්ඞ් බන්ධනාගාරයේදී හෙන්රි සමග දේශපාලන මිතුරෙකු වූ පරාක්‍රම ද රතු හමුදාවේ ක්‍රියාකාරකම්වලට වරින්වර එක්වූහ. ප්ලොට් නායක උමා මහේෂ්වරන් සමග හෙන්රි අත්අඩංගුවට ගැනීමට පෙර දෙවරක් සාකච්ඡා පවත්වා තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1984 ජනවාරි මස නුවර සිට යාපනයට බස් රථයෙන් කදිර් සමග ගොස් බැස පේදුරුතුඩුවේ ප්ලොට් කාර්යාලයකදී අවි ආයුධ කිහිපයක් භාරගෙන පසුදින ලොරි රථයක රියැදුරු සහ සහායක සමගින් එම ආයුධ ලොරියේ සඟවා කොළඹට ගෙන එන ලදී. පසුව පසවරු 5ට කොළඹින් බැස නුවර බසයක පටවාගෙන උඩිස්පත්තුව සිය නවාතැනේ ඇඳයට සඟවා තබන ලදී. නැවත වරක් 1984 පෙබරවාරි මස පළමු සතියේ යාපනයට ගියේය. ප්ලොට් සංවිධානයේ සිංහල ප්‍රකාශන සහ ගුවන් විදුලි වැඩසටහන් සඳහා ප්ලොට්හි ෂර්ලි කන්දප්පාට සහාය දීමටද රතු හමුදාව එකඟ විය. එවරද ලොරියකින් කාඞ්බෝඞ් පෙට්ටියක බහා ග්‍රෙනේඞ් බෝම්බ තොගයක් කොළඹට ගෙනවිත් බස් රථයකින් නුවරට ගෙනගොස් උඩිස්පත්තුවේ සිය නවාතැනේ සඟවා තබන ලදී.

 

 

 

 

 

 

 

 

මතු සම්බන්ධයි.



අදහස් (0)

ජවිපෙට එරෙහිව “ප්‍රා” බිහිවෙයි

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 59 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 77 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 133 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site