IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ජේ. ආර්ට කාන්තාවකගෙන් ඉඳුල් වතුර ප‍්‍රහාරයක්

පළමු විධායක ජනපතිගේ නොපළ කතා  05

මෙරට පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ජීවිතයේ මෙතෙක් අසන්නට හෝ කියවන්නට නොලැබුණු රසවත් කතා හා සිද්ධීන් සමුදායක් ඔහුගේ හලාවත x මාදම්පේ ඉස්සන් මැඩිල්ල වත්තේ වතු පාලකවරයාව සිටි ජිනදාස මංචනායක මහතාගේ බිරිඳ වූ සෝමා මංචනායක මහත්මියගේ මතක ගබඩාවේ තවමත් නොනැසී රැුඳී පවතින්නීය.


වසර 27 ක පමණ කාලයක් අක්කර 136 ක පමණ වත්තේ වතුපාලකවරයා ලෙස සේවය කර ඇති මංචනායක මහතා මේ වන විට මිය ගොස්ය.


ජේ. ආර්. ගේ ඉස්සන් මැඩිල්ල වත්තේ පිහිටි වතු අධිකාරි බංගලාවේ ජිනදාස මංචනායක මහතාගේ සහ ඔහුගේ බිරිඳ සෝමා මහත්මිය සිය දරුවන් සිවුදෙනා ද සමග ජීවත්වී ඇති අතර ජේ. ආර්. සහ ඔහුගේ බිරිඳ එලීනා ජයවර්ධන ආර්යාව සමග වත්තට පැමිණි විට පදිංචිවී සිටීමට වෙනම නිවසක් තනා තිබී ඇත.

සිරිවර්ධන සිල්වා

 

ඒ නිවසද ජේ. ආර්. ගේ මාදම්පේ එගොඩයාවත්තේ පිහිටි නිවසට සමානය. එනම් පොල් අතු සෙවිලි කර ලැටිස් ගැසූ අඩු පහසුකම් සහිත නිවසකි.ජීවිත ගමනේ 82 වැනි සැතපුම් කණුව පසුකරමින් සිටින සෝමා වංචනායක මහත්මිය මේ වන විට පදිංචිව සිටින්නේ අංගොඩ හිඹුටාන ප‍්‍රදේශයේ ඇයගේ දියණිය හා පුතුන්ගේ ආදරය හා රැුකවරණය ලබමින්ය.


ජිනදාස මංචනායක මහතා ජේ. ආර්ගේ ඉස්සන්මැඩිල්ලවත්තේ 1952 වසරේ සිට 1978 වසර දක්වාම වතු අධිකාරිවරයා ලෙස සේවය කර ඇත.


මංචනායක මහතා ජේ. ආර්ගේ මේ වත්තේ වතු අධිකාරිවරයා ලෙස පත්ව එනවිට ඔහුගේ වයස අවුරුදු 22 කි.
සෝමා සමග මංචනායක මහතා විවාහ වූයේ 1960 වසරේ අගෝස්තු මාසයේය. 


විවාහයෙන් පසු ජිනදාස මංචනායක මහතා සෝමා කැඳවාගෙන ආවේ ජේ.ආර්ගේ ඉස්සන්මැඩිල්ල වත්තේ වතු අධිකාරි නිල නිවසටය.
ජේ. ආර්. ඔහුට අයත් වත්තට ඉඳහිට පැමිණ දවසක් දෙකක් ගතකර යාමට පුරුදුව සිටි නිසා ඔහුගේ සමහර ඇවතුම්පැවතුම් ගැන මෙන්ම ඔහුට සිද්ධ වුන සමහර ඇබැද්දි ගැනද හොඳ මතකයක් අදටත් ඇත.


මෙතැන් සිට දිගහැරෙන්නේ වතු අධිකාරි ජිනදාස මංචනායක මහතාගේ ප‍්‍රිය බිරිඳවූ සෝමා වංචනායක මහත්මියගේ මතකය ඇය වචනවලට පෙරළා කී කතාවයි.


සෝමා මංචනායක මහත්මිය මට හඳුන්වා දෙනු ලැබුවේ මාදම්පේ ඉහළගම පදිංචි විශ‍්‍රාමික බැංකු නිලධාරියෙක් වන ලලිත් රූපසිංහ මහතාය.


ජේ. ආර්ගේ බිරිඳ එලීනා ආර්යාවගේ පාර්ශ්වයෙන් ලලිත් රූපසිංහ මහතාට දුර නෑකමක් ද තිබේ.


ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ඉස්සන්මැඩිල්ල වත්තේ මගේ මහත්තයා වසර 27ක්ම වතු අධිකාරිවරයා ලෙස සේවය කළා. විවාහ වුනාට පස්සේ මමත් මහත්තයා එක්ක පදිංචිවෙලා හිටියේ ඒ වත්තේ. මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් තියෙනවා. ඒ කතාවෙන්ම පටන්ගත්තොත් හොඳයි කියා මට හිතෙනවා යැයි කියමින් ඇය කතා බහට මුල පිරුවාය.


”මගේ මතකයේ හැටියට ඒ වන විට ජේ. ආර්. මැතිතුමා විපක්ෂනායකවරයා. එතුමා තවත් ප‍්‍රභූවරුන් කිහිප දෙනෙක් එක්ක වත්තට ඇවිත් හිටියා. මම අපි නැවතිලා ඉන්න වතු බංගලාවේ මුළුතැන්ගෙට වෙලා කෑම පිසිමින් සිටියා. ඉඳුල් වතුර බේසමක පුරවා තිබුණා. මම ඒ ඉඳුල් වතුර ජනේලයෙන් එළියට විසි කළා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා එතුමා එක්ක ඇවිත් හිටිය ප‍්‍රභූන් කිහිප දෙනා එක්ක එතනින් යන්න ඇවිත්. මම මේ වගක් දන්නේ නැහැ. මම ඉඳුල් වතුර විසිකරනවාත් එක්කම එතුමා පිටිපස්සට පැනලා තමා ඉඳුල් වතුර පහරින් බේරිලා තියෙන්නේ. ඒත් ඉඳුල් වතුර පොඞ්ඩක් වගේ එතුමා ඇඳ සිටි සුදු කමිසයේ හා සුදු සරමේ විසිරී තිබුණා මම දැක්කා.”
මේ සිද්ධියෙන් මම හොඳටම බයවුනා. මගේ මුළු ඇඟම වෙවුලන්නට පටන් ගත්තා. මේ වෙච්ච ඇබැද්දිය නිසා මහත්තයාවත් රස්සාවෙන් දොට්ට දමයි කියා මට හිතුණා. මම දුවගෙන ගිහින් ‘අනේ සර් මට සමාවෙන්න වැරදීමක් වුණේ’ කියා කිව්වා. ‘තව ටිකෙන් අපිට ඉඳුල් වතුර නාන්න වෙන්නේ’ කියා එතුමා සිනාසෙමින් කියාගෙන එහෙම දෙයක් නොවෙච්ච ගානට යන්න ගියා. එහෙම කිව්ව නිසා තමා මගේ හිතේ එතෙක් වෙලා තිබුණ බය නැතිව ගිහින් හිතට ලොකු සැනසීමක් දැනුණේ. මේ වෙච්ච ඇබැද්දිය මට අදටත් මතක් වෙනවා. ජීවිතය තියන තුරාවට අමතක වෙන්නේ නැහැ. 


බලන්න  ඔච්චර දෙයක් වෙලත් එතුමා කෝප නොවී හිත රිදෙන වචනයක්වත් නොකියා හිනාවෙලා කරබාගෙන ගිය හැටි.

 

එතුමාගේ නිහතමානීත්වයට මේ සිද්ධිය හොඳම උදාහරණයක්. යැයි සෝමා මංචනායක මහත්මිය පැවසුවේ සිනාසෙමිනි.

 

 

තවත් දවසක ජේ. ආර්ට වෙච්ච ලොකු අකරතැබ්බයක් ගැන සිහිපත් කරමින් ඇය මෙසේ කීවාය.
ඔන්න දවසක් ජයවර්ධන මැතිතුමා එයාගේ පුත් රවි ජයවර්ධන මහත්තයා එක්ක ජීප් එකකින් ඉස්සන්මැඩිල්ල වත්තට එන්න ආවා. වත්තේ ප‍්‍රධාන ගේට්ටුවේ ඉඳලා වත්තට එන්න තිබුණේ වැලිපාරක්. ජීප් එක එළවාගෙන ආවේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ පුතා රවි ජයවර්ධන මහත්තයා. ගේට්ටුවෙන් ඇතුළු වෙලා එද්දී ජීප් එක වැල්ලේ එරුණා. කොහොමටවත් ඉස්සරහට ගන්න බැරිව ගිහින්.
ඊට පස්සේ ජයවර්ධන මහත්තයා ජීප් එකෙන් බිමට බැස්සා. මගේ මහත්තයා ජීප් එක වැල්ලේ එරිලා තියෙනවා දැක්කා. සේවකයෝ කිහිප දෙනෙක් එක්ක මගේ මහත්තයා ජීප් එක එරිලා තිබුණ තැනට දිව්වා. මාත් පස්සෙන් ගියා. මහත්තයා සේවකයෝ එක්ක එකතුවෙලා ජීප් එක තල්ලූ කරද්දී  ජයවර්ධන මහත්තයාත් නිකම් බලාගෙන හිිටියේ නැහැ. එතුමාත් ජීප් එක තල්ලූ කරන්න පටන් ගත්තා. ජීප් එක තල්ලූ කරන අතරවාරයේ එකපාරටම එතුමා බිම ඇදගෙන වැටුණා. එතුමා බිම වැටෙනවා දැක්ක කට්ටිය ඔසවන්න හදනකොටත් එතුමා නැගිටලා ඉවරයි. ඇඟ හැමතැනම වාගේ වැලි තැවරී තිබුණා. එතුමා වැලි පිසදාගෙන ආයෙත් ජීප් එක තල්ලූ කරන්න උදව් කළා. කට්ටිය එපා කිව්වාම එතුමා ඇසුවේ නැහැ. කොහොම හරි කට්ටිය එකතු වෙලා වැල්ලේ එරිලා තිබුණ ජීප් එක ගොඩට ගත්තා.


මේ රටේ දෙවතාවක්ම විධායක ජනාධිපති ධුරය දැරූ ලෝකයේම පිළිගත් බුද්ධිමත් කෘතහස්ත දේශපාලනඥයකු ලෙස ජේ.ආර්. සැලකේ.


එවැනි ජනනායකයෙක් ඉස්සන්මැඩිල්ල වත්තේ එවකට සිටි සේවකයන් විසින් රවටා ඇත්තේ අපූරු උපක‍්‍රමයක් යොදාය.
වත්තේ සේවකයින් ජේ. ආර්. රැුවැට්ටූ හැටි ගැන සෝමා මහත්මිය සිය මතකය අවදි කළාය.


ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට තෑගි වශයෙන් ලැබිච්ච පොල් පැළ විශාල ප‍්‍රමාණයක් අපේ මහත්තයාට එවා තිබුණා වත්තේ සිටුවන්න කියා. මහත්තයා මේ පොල් පැළ වත්තේ සේවකයින්ගේ මාර්ගයෙන් සිටෙව්වා. මේ පොල් පැළ ගණනාවක් නියඟය නිසා කොළ වේලී මිය යන තත්ත්වයක තිබුණා. මගේ මහත්තයා පොල් පැළවලට හරියට සාත්තු කළේ නැහැ කියා වත්තේ සේවකයන්ට හොඳටම බැන්නා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා අලූතින් සිටවූ පොල් පැළ බැලීමට වත්තට එන බවක් සේවකයින්ට කිව්වා. වත්තේ සේවකයින් හොඳටම මේ කතාව අහලා බයවෙලා පොල් පැළ මැරී තිබෙන නිසා ඒකට බණියි කියා සිතුවා.


ජේ. ආර්. වත්තේ අලූතින් සිටුවා ඇති පොල් පැළ බැලීමට පසු දින උදේ වත්තට පැමිණ ඇත.


අලූතින් සිටවූ පොල් පැළ ඈත සිට බැලූ ජේ. ආර්. ලස්සනට කොළපාටට බැබළෙමින් තිබූ පොල් පැළ දැකලා හා බොහොම හොඳයි පැළ ටිකට හොඳට සාත්තු කර තිබෙනවා කියා සිය සතුට ප‍්‍රකාශ කර ඇත. 


අපේ මහත්තයාත් පුදුමවෙලා ජයවර්ධන මැතිතුමා මේ කියපු කතාව අහලා කොළ වියළී මැරීයාමට පටන්ගෙන තිබූ පොල් පැළවල අතු පවා කොළපාටට තියෙන්නේ කොහොමද කියන එක අපේ මහත්තයාටත් පුදුම හිතිලා. මහත්තයා මේ ගැන විපරම් කරලා බලද්දී තමා මේකට හේතුව හෙළිවෙලා තියෙන්නේ. වත්තේ සේවකයෝ ටික එකතුවෙලා ජයවර්ධන මැතිතුමා වත්තට එන්න කලින් දවසේ ? මුරකාරයොත් එක්ක එකතුවෙලා ටෝච් ගහගෙන වියලී ගොස් තිබුණ පොල් අතුවලට කොළ පාට තීන්ත ආලේප කරලා. මහත්තයා මේ බව සොයාගත්තත් ජයවර්ධන මැතිතුමාට කියන්න ගියේ නැහැ. එතුමා මිය යනතෙක්ම මේ වගක් දැනගැනීමට ලැබුණේත් නැහැ.
 

මතු සම්බන්ධයි.

 

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
ඡුායාරූපය : මාදම්පේ එස්. හේරත්



අදහස් (0)

ජේ. ආර්ට කාන්තාවකගෙන් ඉඳුල් වතුර ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 48 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site