IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ජේ.ආර්.ට එරෙහිව රුක්මන්

දේශපාලන පක්ෂයකින් ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම, යම් සැලකිය යුතු ප්‍රමාණයකින්, මහජන ප්‍රසාදය දිනා ඇති, කැපී පෙනෙන දේශපාලකයකුට සිදු වුවහොත්, හිටපු පක්ෂයට හෝ නායකයාට හෝ අභියෝගයක් වෙන පරිද්දෙන්, අවශ්‍ය අරමුණ කරා යෑමට අලුත් මාවතකට පිවිසෙමින්, නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම අපේ රටේ සුලබ දේශපාලන න්‍යායකි. සම්ප්‍රදායකි.


මෙරට ඉතා පැරණිම දේශපාලන පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂයෙන් පිලිප් ගුණවර්ධන ඉවත් වී, විප්ලවකාරී සම සමජ පක්ෂය පිහිටුවා ගත්තේය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ඉවත්වී බෝල්ෂේවික් ලෙනිස්ට් පක්ෂය පිහිටුවා ගත්තේය. දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ ඉවත් වී, කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගත්තේය. ආචාර්ය විජයානන්ද දහනායක ඉවත් වී භාෂා පෙරමුණ පිහිටුවා ගත්තේය.


තම අරමුණ ඉතා සාර්ථකව කඩිනමින් සාක්ෂාත් කර ගැනීම සඳහා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත්තේය. ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත් මුදලි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත්තේය. 


කේ. එම්. පී. රාජරත්න, එස්. ඩී. බණ්ඩාරනායක, විමල් වීරවංශ, සී. පී. ද සිල්වා, හකීම් ඇතුළු මෙහි සඳහන් නොවන තවත් බොහෝ දේශපාලකයෝ, මව් පක්‍ෂයෙන් ඉවත් වී, නව දේශපාලන පක්ෂ අලුතින් ආරම්භ කර ගනිමින්, සාර්ථක හෝ අසාර්ථක ගණයට වැටුණහ.


එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී. ඇස්. සේනානායකගේ මුනුපුරා මෙන්ම, ඩඞ්ලි සේනානායකගේ ඥති පුත්‍ර රුක්මන් සේනානායක, එවකට එක්සත් ජාතික පක්ෂයේ නායක ජෙ. ආර්. ජයවර්ධන විසින් එ.ජා.ප යෙන් නෙරපා හැරියේ විනය විරෝධිව කටයුතු කළැයි, චෝදනා නඟමිනි. එහෙත්. ජේ. ආර්. - ඩී. ඇස්. සම්බන්ධතාවයේ ඉතිහාසය සුපරීක්ෂාකාරීව බැලීමේ දී සේනානායකවරුන් කෙරෙහි ජේ. ආර්. ගේ ගුප්ත ආකල්පයේ බීජය මෝරා වැඩෙමින් පැවති බව මැනවින් අවබෝධ කර ගත හැක. 


1977 මැතිවරණය ඉලක්ක කර ගනිමින්. ජේ. ආර්. ජයවර්ධන ප්‍රචාරක රැස්වීම් මාලාවක්, කල්තියා රට පුරා පවත්වාගෙන ගිය අතර සේනානායකවරුන් පිළිබඳව තම ගුප්ත ආකල්පය එවන් එක් රැස්වීමක දී හෙළි දරව් කළේ, එක්සත් ජාතික පක්ෂය සේනානායක වරුන්ටම උරුම වූ පක්ෂයක් නොවන බව ප්‍රකාශ කරමිනුයි. මෙසේ තම වෛරය රිසිසේ මුදා හැරෙන්නට ඉඩ හළ ඔහු, ඇල්පිටියේ පැවති ප්‍රචාරක රැලියක දී ඩී. ඇස්. සේනානායක හා ඩඞ්ලි සේනානායකව ඔහු හැඳින්වූයේ ප්‍රතිගාමීන් ලෙසටය.


රුක්මන් සේනානායක පක්ෂයෙන් නෙරපීම පිළිබඳව සිරිකොත රැස්වීමක දී ප්‍රකාශ කළ ජේ. ආර්. පක්ෂයේ කුණු කන්දක් අයින් කිරීමට සිදු වූ බවත් කියා සිටියේය.


1977 ජනවාරි 22 වැනි දින තලාතුඔය පැවති එ.ජා.ප. තරුණ බල මණ්ඩලයේ හමුවක දී තරුණයෙකු වන සිසිර දේවසිංහ නමැත්තා එක්සත් ජාතික පක්ෂයේ රජයත් පොරොන්දු ඉටු නොකරන්නේ නම්, පසුගිය රජය පෙරළා දැමීමට ත්‍රස්තවාදී තරුණයන් ක්‍රියා කළ අන්දමට ත්‍රස්තවාදීන් සමඟ එකතු වී, එ.ජා.ප රජය පෙරළන බවට කළ එඩිතර තර්ජනයට එහිදීම පිළිතුරු දුන් ජේ. ආර්, “තරුණයෙක් කීවා... අප රජය පොරොන්දු ඉටු නොකළොත් ත්‍රස්තයන් හා එකතු වී පසුගිය ආණ්ඩුවට කළාක් මෙන් තර්ජනය කර එ.ජා.ප ආණ්ඩුවත් පෙරළන බවට. මා ඔහුට කියන්න කැමතියි. එසේ කොරන්ඩ ඉස්සෙල්ලා සැඟවෙන්නට තැනක් ඕනෑ නිසා, එවැනි තැනක් පළමුව සොයා ගන්න කියා. මගේ නායකත්වය තිබෙන රජයක් පෙරළන්න ත්‍රස්තවාදීන් ලැහැස්ති වුණොත් දෙන්නට ඕනෑ දඩුවම මා ළඟ තියෙනවා” යි ප්‍රකාශ කර ඇත.


ඩඞ්ලි සේනානායකගේ හදිසි අභාවයෙන් හිස් වූ දැදිගම ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයට සේනානායකවරයෙකු ඉදිරිපත් කිරීමට ජේ. ආර්. වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් දැදිගම ජනතාව පමණක් නොව එක්සත් ජාතික පාක්ෂිකයන් අති බහුතර සංඛ්‍යාවකගේ එකම ඉල්ලීම වූයේ ‘දැදිගමට රුක්මන්’ය එසේ. පක්‍ෂයේ ප්‍රබලයත් ගෙන් පවා ‘රුක්මන් - රුක්මන්’ යැයි ප්‍රබල හඬක් නැගෙන්නට වූයෙන්. ජේ. ආර් ට තම මතය හකුළා ගන්නට සිදුවිය. 


ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කෙරුණු රුක්මන් සේනානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ධර්මසිරි සේනානායක, විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරදවා දැදිගම ඡන්ද කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විය.


තම මහප්පාවූ ඩඞ්ලි සේනානායක නියෝජනය කළ දැදිගම ආසනයට නියම උරුමක්කාරයා වශයෙන් රුක්මන් පත්වී, දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තු අංගණයට සම්ප්‍රාප්තවෙත්ම, “අනාගත අගමැතිට ජයවේවා”යි, කළ ජන ඝෝෂාව, කෝපාග්නියෙන් දැවි දැවී ශ්‍රව්‍ය - දෘෂ්‍ය කළ ජේ. ආර්. රුක්මන් පසුපස පැන්නුවේ, මාරාවශේෂයෙනි. එහි ප්‍රතිඵලය වූයේ, රුක්මන් පක්‍ෂයෙන් නෙරපා දැමීමය.


ජේ. ආර්. ගේ එම කෲරත්වයට එරෙහිව, හඩක් නැගීමට නව මාවතක් හෙළි පෙහෙළි කරන ලෙසට රුක්මන් උනන්දු කළ සේනානායකවාදීන් ඔහු වටා රොක් වූහ.


මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1976 ජුනි මස 30 වැනි දින බොරැල්ලේ වුඞ්ලන්ඞ් හිදී රුක්මන් සේනානායකගේ නායකත්වයෙන් “ඩඞ්ලි පෙරමුණ” බිහිවිය. මෙහි මංගල ප්‍රචාරක රැලිය අගනුවර දී පැවති අතර, දෙවැනි මහාරැලිය පැවතුණේ තෙල්දෙණියේදීය.


එවකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් වූ දොස්තර ගාමිණී විජේසේකර, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, ආර්. පී. විජේසිරි, දොස්තර, සී. ඩී. එල්. ප්‍රනාන්දු, නීතිඥ එස්. ඩී. එස්. සෝමරත්න, දොස්තර ඒ. බී. ජී. සෙනෙවිරත්න මෙහිලා ප්‍රමුඛයත් වූ අතර, තෙල්දෙණිය රැස්වීම් භුමිය අතුරු සිදුරු නැතිවන අන්දමට කන්ද උඩරට ජනතාව රුක්මන් වටා රොද බැඳ ගත්හ. මෙය තරුණ සේනානායකවරයෙකුගෙන් ජේ. ආර්.ට එල්ල වුණු ප්‍රථම වූත්, ප්‍රබල වූත් තර්ජනයක් විය.


‘ඩඞ්ලි පෙරමුණ’ හුදෙක් දේශපාලන වාතාවරණය මැන ගැනීමට මුලින් දමා බැලූ ‘මුට්ටියක්’ විය.


පක්‍ෂයේ සලකුණ කොයි පැත්තකටවත් නැති සමබර ‘තරාදිය’ වූ අතර, පක්‍ෂයේ පාට තැඹිලි වර්ණය විය.


යම් උපක්‍රමශීලීව පිහිටුවා ගත් පක්‍ෂයක් වශයෙන් මෙය හැඳින්වූයේ, එ.ල.ජ.ප හි (එක්සත් ලංකා ජනතා පක්ෂයේ) ‘ල’ ලොප් කිරීමෙන් එ.ජා.ප වන හෙයිනි.


එක්සත් ලංකා ජනතා පක්ෂය සභාපති වශයෙන් රාජනීතිඥ ඒ. සී, ගුණරත්න, උපසභාපති හා ප්‍රධාන සංවිධායක වශයෙන් රුක්මන් සේනානායක, මහා ලේකම් දොස්තර ගාමිණී සී. විජේසේකර, භාණ්ඩාගාරික නීතිඥ එස්. ඩී. එස්. සෝමරත්න, උප ලේකම් ඊ. එල්. ජී. මෙන්ඩිස්, උප භාණ්ඩාගාරික නීතිඥ එම්. එෆ්. මිෂ්කින් හා සංවිධායක ලේකම් ඩී. ජී. පී. රණසිංහ යන අයගෙන් සමන්විත වූ අතර: 08 දෙනෙකුගෙන් යුත් උපදේශක සභාවක් ද: 22 ක ගෙන් යුත් ක්‍රියාකාරි මණ්ඩලයක් ද තෝරාපත්කර ගන්නා ලදී.


‘දස පිළිවෙත් නමින් ප්‍රථිපත්ති ප්‍රකාශනයක්ද එළි දැක්වුණු අතර, පක්ෂයේ පාඨය වූයේ” ජාතියක සුබ සිද්ධිය මැන ගැනීමට හැකිවන්නේ එහි දිළිඳුම නිවසේ අටු කොටුවල තිබෙන ආහාර ප්‍රමාණයෙනි”ය, වරෙක එක්සත් ජාතික පක්ෂයේ නායක ප්‍රථම අගමැති ඩී. ඇස්. සේනානායක විසින් කරන ලද දර්ශී ප්‍රකාශයකි.


(1) සෙනේට් සභාව යළි පිහිටුවීම (2) විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම (3) දේශීය කර්මාන්ත සංවර්ධනයෙන් ජීවන බර අඩු කිරීම (4) අල්ලස් දූෂණ හා නාස්තිය නැති කිරීම (5) ගම්සභා සුළු නගර සභා යළි පිහිටුවීම (6) එක රටක් - එක්සත් ජාතියක් වශයෙන් පවත්වාගෙන සෑම (7) රජයේ සේවය දේශපාලන බලපෑමෙන් නිදහස් කිරීම, පක්‍ෂයේ ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් විය. 


සේනානායක නාමය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමන්නට ජේ. ආර්. ජයවර්ධන එක් පැත්තකිනුත් වාමාංශික ඇතුළු විපක්ෂ කණ්ඩායම් තව පැත්තකිනුත්, මහත් පරිශ්‍රමයක් දැරුව ද දේශපාලනමය වශයෙන් බලයට පත්වීම හා බලයෙන් ගිලිහීම වරින්වර සිදු වුවත් කෘතවේදී ජනතාව සේනානායක නාමය සහ මුලින්ම මකා දැමීමට පියවර ගෙන නොමැති බව මෙහිලා සඳහන් කළ යුතුව ඇත. 


කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව, සහලින් පෝෂණය කිරීම තම මුඛ්‍ය පරමාර්ථය බවට දිවිහිමියෙන් සැලකූ ඩී. ඇස්. හා ඩඞ්ලි. කෘෂිකර්මය හා වාරි මාර්ග නඟා සිටුවීමට ගත් අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වශයෙන්, වෙල් මැදින් දිලෙන රන්වන් කරල් මදපවනින් සිසි සිලි ගා සැලෙන්නේ සේනානායක නාමයට ප්‍රශස්ති ගී ගායනයක් මෙනි. ඩී. ඇස් ජාතියේ පියා වශයෙනුත්, ඩඞ්ලි බත් දුන් පියා වශයෙනුත් හැඳින්වන්නේ එම සේවයට ගරු කිරීමක් වශයෙනි.


එල්.ටී.ටී.ඊ.ය රට ලෙයින් තෙත් කළ 1989 පැවති මහා මැතිවරණයට රුක්මන් සේනානායකගේ නායකත්වයෙන් තරඟ කළ එක්සත් ලංකා ජනතා පක්ෂයට සාර්ථක ගමනක් යෑමට නොහැකි වූ අතර ජනාධිපති ඩී. බී. විජේතුංගගේ මෙහෙය වීමෙන්. සිරිසේන බී. කුරේ හා ඒ. ජේ. රණසිංහගේ ඇරැයුම පිළිගත් රුක්මන් සේනානායක, එක්සත් ලංකා ජනතා පක්ෂය 1990 ජුලි 01 වැනිදා විසුරුවා හැර ‘ල’ ලොප් කර, එ.ජා.පයට එක් වී 1991.04.29 වැනි දින කඩුවෙල පැවති එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට ගොඩ නැඟුණේ. කන්බිහිරි කරවන තරමේ ප්‍රීති ඝෝෂා හඬ මධ්‍යයේය.


පක්‍ෂ නායකත්වයේ යම් යම් කෙනෙහිළි නිසා, වර්තමාන දේශපාලන පොර පිටියෙන් තාවකාලිකව සමුගෙන, නිදහස්ව සිටීමට රුක්මන් සේනානායක සිතා සිටින හැඩයි.

 

 

 

 

 


එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර



අදහස් (1)

ජේ.ආර්.ට එරෙහිව රුක්මන්

Royfedricks Saturday, 14 July 2018 11:38 PM

1976 සම්පාදනය කල ප්‍රතිපත්ති මාලාවක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන වගන්තිය ඇතුලත් වුයේ කෙලෙසද? විධායක ජනාධිපති බිහි වුයේ 1978 ව්‍යවස්ථාවෙනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12299 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14540 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14941 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14549 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 132 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site