IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පානදුරා වාදයෙන් පසු පානදුර ගිනියම් කළ වාදය


1931 ඡන්ද සටන පටන් ගත් තැන් පටන්ම ෆොන්සේකාගේ ජයග්‍රහණය කැපී පෙනුණ ද, ජයතිලකගේ අභියෝගය සුළුවෙන් නොතකා කටයුතු කිරීම නිසා 18,000කට අධික වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සුසන්තා ද ෆොන්සේකා ජයග්‍රහණය කළ අතර 1936 දී පානදුරය නිජබිම කරගත් තවත් ධනවත් පවුලකට අයත් තරුණයෙක්, එංගලන්තයේ උසස් අධ්‍යාපනය හදාරා, ලන්ඩන් ආර්ථික විද්‍යාලයෙන් බී.ඇස්.සී. උපාධියත් - නීති විද්‍යාලයෙන් අධිනීතිඥ උපාධියත් ලැබ, මාර්ක්ස්ගේ අනුගාමිකයකු වශයෙන් ලෙස්ලි ගුණවර්ධන ලංකාවට සැපත් විය


 

ඓතිහාසික පානදුරාවාදයෙන් අනතුරුව සර්ව ජන ඡන්දය ස්ථාපිතව රට පුරා ව්‍යාප්තවීමෙන් පසු දේශපාලන පක්ෂ ක්‍රමය ඔස්සේ වාද - විවාද ආරම්භ වූයේ දේශපාලන අවබෝධයෙන් මොන්ටිසෝරි තත්ත්වයෙන් පසුවූ ජනතාවගේ ඡන්දය කෙසේ හෝ ඩැහැ ගැනීමේ බලවත් පරිශ්‍රමයක් සහිත උපක්‍රමයෙනි.


නවසිය තිස් ගණන්වල දී වුවද, පානදුරය දියුණු ජනාකීර්ණ නගරයක් වූ අතර, අරක්කු පෙරීම හා විනාකිරි නිෂ්පාදනය වැනි වාණිජ නිෂ්පාදනවලින් ධනය රැස් කර ගත්තෝ සැලකිය යුතු පිරිසක් වූහ. අදටත් එම කර්මාන්තය සුවිශාල දියුණුවක් ලබමින් ඇත.


නගරයේ හා මුහුදුබඩ ආසන්නයේ ජීවත් වන්නන් විවිධ රැකියාවන්හි යෙදී සිටින අතර උසස් අධ්‍යාපනය ලබා රජයේ නොයෙකුත් රැකියාවන්හි ද බොහෝ දෙනා යෙදී සිටිති.


ධීවර කර්මාන්තය ලණු ඇඹරීම, ලෑලි පෙට්ටි සෑදීම ද ජීවනෝපායන මාර්ගය සරු කරන කර්මාන්තයන්ය. මුහුදින් තරමක් ඇතුළට වන්නට ගොවිතැන වැනි කෘෂිකාර්මික ව්‍යාපාරයක් ද දක්නට ඇත.


1931 පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත්වූයේ එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබ අධිනීතිඥවරයකු වශයෙන් ලංකාවට සැපත් පානදුර නගරයේ ඉතා ධනවත් පවුලකට අයත් අතිශයින්ම ජනප්‍රිය තරුණයෙකු වූ සුසන්තා ද ෆොන්සේකාය. “මෝනිං ලීඩර්” පත්‍රයේ කර්තෘත්වය දැරූ සුසන්තාගේ කුළුඳුල් ඡන්ද සටනේ ප්‍රතිමල්ලවයා වූයේ එම පළාතේම උගත් නීතිඥයෙකුවූ එම්. එච්. ජයතිලකය.


1931 ඡන්ද සටන පටන් ගත් තැන් පටන්ම ෆොන්සේකාගේ ජයග්‍රහණය කැපී පෙනුණ ද, ජයතිලකගේ අභියෝගය සුළුවෙන් නොතකා කටයුතු කිරීම නිසා 18,000කට අධික වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සුසන්තා ද ෆොන්සේකා ජයග්‍රහණය කළේය. 


1936 දී පැවැති රාජ්‍ය සභා මැතිවරණයේ දී මෙම තත්ත්වය වෙනස්වීමක් උද්ගත විය.


පානදුරය නිජබිම කරගත් තවත් ධනවත් පවුලකට අයත් තරුණයෙක්, එංගලන්තයේ උසස් අධ්‍යාපනය හදාරා, ලන්ඩන් ආර්ථික විද්‍යාලයෙන් බී.ඇස්.සී. උපාධියත් - නීති විද්‍යාලයෙන් අධිනීතිඥ උපාධියත් ලැබ, එවකට අලුත් දේශපාලන පැතිකඩක් වශයෙන් ලොවට හඳුන්වනු ලැබූ මාර්ක්ස්ගේ අනුගාමිකයකු වශයෙන් ලංකාවට සැපත් විය. ලෙස්ලි ගුණවර්ධන නම් වූ මෙම කඩවසම් තරුණයා ලංකා සම සමාජ පක්ෂය හා සූරියමල් ව්‍යාපාරයට සම්බන්ධවී දේශපාලන පොර පිටියට ද අවතීර්ණ විය.


ධනවත්, කුලවත්, උගත්, පවුල් දෙස් විදෙස්හි උසස් අධ්‍යාපන ආයතනවලින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා උප්පැන්නයේ සඳහන් සිංහලකම අවශ්‍ය පරිදි කළුමැද, ජාතික ඇඳුම ඇඟලා ගෙන ආරූඨ කරගත් ජාතිකත්වයකින් ජනතාව අතර ජාතික නායකයන් වීමට වෙර දැරීම එදා ප්‍රභූන් අතර බහුලව පැවතිණ.

 

.මෙසේ ජාතික ඇඳුමෙන් සැරැසුණු විසිහය හැවිරිදි ලෙස්ලි ගුණවර්ධන තරුණ අධිනීතිඥවරයාත්, දේශපාලන වාසි ලබා ගැනීමේ හුදු චේතනාවෙන් පුරුදු යුරෝපීය ඇඳුම් කට්ටලය ගලවා නොතැබූ ෆොන්සේකා තරුණ අධීනීතිඥවරයාත් දේශපාලන පොරපිටියේ දී කඩවසම් පෙනුමෙනුත් උගත්කමෙනුත් දේහ ලක්ෂණයෙනුත් පෞරුෂත්වයෙනුත් කැපී පෙනුණු චරිත දෙකක් විය.


රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයන්හි දී පක්ෂ හරිහැටි නොතිබූ බැවිනුත් බහුතර ඡන්ද දායකයන්ගේ අඩු අධ්‍යාපනය හෙයිනුත් පාට අනුව ඒ ඒ අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්ද පෙට්ටි භාවිත කළ අතර 1936 මැතිවරණයේ දී මාර්ක්ස්වාදයේ නිලපාට වන රතුපාට ලෙස්ලි ගුණවර්ධන අපේක්ෂා කළ ද, 1931 මැතිවරණයේදීත් තමාට හිමිවූ රතුපාට අත්හරින්නට ෆොන්සේකා අකමැතිවූ බැවින් රතුපාට ඔහුටත් කහපාට ගුණවර්ධනටත් හිමිවිය.
ලෙස්ලි ගුණවර්ධන අධිරාජ්‍ය හා ධනපති විරෝධී ඡන්ද ප්‍රකාශනයක් නිකුත් කරමින් ඉන්දියා ජාතික නිදහස් සටනට ලංකාව ද එක්විය යුතු බවට සඳහන් කළේය. එසේම මාර්ක්ස්වාදියෙකු හැටියට තමාට එල්ල කරන ලද ආගම් විරෝධී චෝදනාවට පිළිතුරු දුන් ලෙස්ලි ගුණවර්ධන, මෙම තරගය පවතින්නේ තමාත් ෆොන්සේකාත් අතර මිස, සීයලා දෙදෙනකු අතර නොවේ යයි ද ප්‍රකාශ කළේය. 


මේ අතර ලෙස්ලි ගුණවර්ධනට අභියෝග කළ සුසන්තා ද ෆොන්සේකා, ඔහුගෙන් ප්‍රශ්න කළේ, අධිරාජ්‍ය විරෝධී ගුණවර්ධන මන්ත්‍රී වුවහොත් බි්‍රතාන්‍ය මහරජුට පක්ෂපාතී බවට දිවුරුම් නොදෙන්නේ දැයි යන්නය.
මෙයට පිළිතුරු දුන් ගුණවර්ධන කියා සිටියේ දිවුරුම් දීම නිකම් චාරිත්‍රයක් බවත්, බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරමින්ම චිත්ත රංජන්දාස් හා මෝතිලාල් නේරු වැනි ඉන්දීය ජාතික වීරයන්, එංගලන්තයේ රජුට පක්ෂපාතී බවට දිවුරුම් දී ඇතැයි කියාය.


කෙසේ වුවද, තරගය ඉතා උග්‍ර වූ අතර ප්‍රතිගාමියෙකු ලෙස ෆොන්සේකා හැඳින්වීම බහුතර ජනතාව විසින් අනුමත නොකරන ලද හෙයින් පත්‍ර කර්තෘවරයකු වශයෙන් සිදු කරන ලද මෙහෙයය ද සලකා ඔහු ජනතාවාදියෙකු බවට ඇසුණු කතාවලින් වටහා ගෙන ඡන්දය දුන්හ.


අවසානයේදී ඡන්ද ප්‍රතිඵලය මෙසේ විය.


සුසන්තා ද ෆෙන්සේකා ඡන්ද- 24,872


ලෙස්ලි ගුණවර්ධන ඡන්ද -15,322


මේ අනුව වැඩි ඡන්ද 9550 කින් සුසන්තා ද ෆොන්සේකා දෙවනවරටත් පානදුර මන්ත්‍රීවරයා වී, නියෝජ්‍ය කතානායක පදවියට ද පත්විය.


කාලය අනුව, දේශපාලන වාතාවරණයද වෙනස් වීමෙන් පසු 1947 මහ මැතිවරණයේ දී ලෙස්ලි ගුණවර්ධන පානදුර ආසනයට තරග නොකොට ඉවත් වීමෙන් අනතුරුව ලංකා සම සමාජ පක්ෂයෙන් තරග බිමට බටුයේ, “සම සමාජ” පත්‍රයේ කර්තෘව සිටි හෙන්රි පීරිස්ය. දෙදෙනාම හිටපු පත්‍ර කර්තෘන් දෙදෙනකු වීම නිසා එයද බොහෝ විට තරගයට බල පෑවේය. මේ අවස්ථාව වනවිට වාමාංශික අදහස්වලට ජනතාවගෙන් වැඩි කොටසක් හරවා ගැනීමට මාර්ක්ස්වාදින් සාර්ථක ප්‍රයත්නයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් හෙන්රි පීරිස් විසින් සුසන්තාද ෆොන්සේකා පරාජය කිරීමෙන් පසු ෆොන්සේකා දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේය.


එහෙත් ඔහු 1949 දී බුරුමයේ ලංකා තානාපති වශයෙනුත් 1964 දී ජපානයේ තානාපති වශයෙනුත් විදේශ ගතවූ අතර එම තනතුර දරමින් සිටියදීම ජපානයේ දී අභාවප්‍රාප්ත වූයේය.


1952 දී පැවැති මහ මැතිවරණයෙන් පානදුර ආසනයට යළිත් තරග වැදුණ හෙන්රි පීරිස් එක්සත් ජාතික පක්ෂයේ ඩී. සී. ඩබ්ලිව්. කන්නන්ගරට පරාජය විය.


රටේ දේශපාලන වෙනසක් සිදුවූ 1956 දී නැවත පානදුර ආසනයට තරග කළ ලෙස්ලි ගුණවර්ධන, ඩී. සී. ඩබ්. කන්නන්ගර පරාජය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. 1960 මාර්තු හා ජුලි මහ මැතිවරණවලදී ද ලෙස්ලි ගුණවර්ධන තම අසුන රැක ගත්තේය.

 

 

 

 

 

 

 

 

 

 

 

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර



අදහස් (0)

පානදුරා වාදයෙන් පසු පානදුර ගිනියම් කළ වාදය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6833 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 80 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 83 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site