ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන ලියූ ‘ජනාධිපති තාත්තා’ කෘතියෙනි
විපක්ෂය ප්‍රමුඛ පක්ෂ ගණනාවකගේ හා සිවිල් සංවිධාන රැසකගේ එකමුතුවෙන් රාජපක්ෂ පරමාධිකාරයට විරුද්ධව සිදු කරන මේ විප්ලවකාරී ව්‍යාපෘතිය සඳහා තාත්තා සම්බන්ධවීමේ ක්‍රියාවලිය තරමක් වෙනස්ය.
පශ්චාත් යුද සමය තුළ රටක් වශයෙන් අප අත්දකිමින් සිටි දේශපාලන බල වියරුව පිළිබඳ තාත්තා සිටියේ දැඩි කලකිරීමකිනි. එය සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ඔහු මුහුණ දුන් අසාධාරණකම් සමග තව තවත් තීව්‍ර වූවා මිස පහළ බැස ගියේ නැත. අවසානයේ එය ඔහු දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කරන තෙක්ම දුරදිග ගියේය. මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වර ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් වන්නේ නම් එම ඡන්ද ව්‍යාපාර සඳහා තම දායකත්වය නොලැබෙන බව දැඩිව කියා තිබූ තාත්තා ඒ බව ඔහුට සෘජුව පවසන්නට ද නොපසුබට විය. පවතින සමාජ විෂමතා, දුරාචාර කෙළවර නොකොට ජනාධිපතිවරණයකට ඉල්ලුම් නොකරන ලෙසත් පක්ෂයේ වෙනත් නායකයෙකුට ඒ සඳහා ඉඩ ලබාදෙන ලෙසත් මිත්‍රශීලීව දන්වා තාත්තා ඔහුට ලිපියක්ද යැව්වේය. නමුත් ඔහුගේ බලලෝභීත්වය ඉන් අංශු මාත්‍රයක පමණකින් හෝ අඩුවී ගියේ නැත. අවසානයේ ඉන් සිදුවූයේ තාත්තා කෙරේ පැතිරෙන වෛරීය හැඟීම් තව තවත් වැඩිවීම පමණි.
ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ සගයන් දෙදෙනෙකු වශයෙන් තාත්තා හා මහින්ද රාජපක්ෂ මහතා අතර දේශපාලනය හා බැඳි දීර්ඝකාලීන මිත්‍රත්වයක් පැවැතුණි. 2005 නොවැම්බර් මස රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන තෙක් පැමිණි ගමන් මගේදී එතුමා මුහුණ දුන් තීරණාත්මක අවස්ථා ගණනාවකදී තාත්තා ඔහු වෙනුවෙන් පෙනී සිටියේය. 2004 මහ මැතිවරණයෙන් පසුව රාජපක්ෂ මහතා අගමැති කරවීමට චන්ද්‍රිකා මැතිණිය ඇතුළු පක්ෂයේ බොහෝදෙනා අකැමැති වන විට ඊට විරුද්ධ සටනේ පෙරමුණ ගත්තේද තාත්තායි. නමුත් එම අවස්ථාවේදී වෙනත් පක්ෂවල සිට සිය පූර්ණ බලය යොදමින් ඔහු ජනාධිපති වීම වැළැක්වීමට අසීමිත වෙහෙසක් දැරූ අවස්ථාවාදී 2005 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ද ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස රාජපක්ෂ මහතා නම් කිරීමේදී චන්ද්‍රිකා මැතිණිය ඊට දැඩි ලෙස විරුද්ධ වන විට තාත්තා පක්ෂයේ ලේකම්වරයා ලෙස දැඩි කැපවීමකින් හා ධෛර්යකින් ඔහු වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් ශ්‍රීලනිප මැති ඇමැතිවරු බොහෝදෙනෙක් ඒ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව කුමන්ත්‍රණවල නියැළෙමින් එජාපය ජයග්‍රහණය කළහොත් ඒ ආණ්ඩුවේ ඇමැතිධූර ලබාගැනීමට පොරකමින් සිටියහ.
තාත්තා පක්ෂයේ මහ ලේකම්වරයා හා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ලෙස අවශ්‍ය මොහොතේදී සුදුස්සාට සුදුසු තැන ලබාදීමට අවංකව කටයුතු කළේය. එලෙස ජයග්‍රහණය වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ තාත්තාට ඔහු බල තණ්හාව හේතුකොටගෙන දේශපාලන වශයෙන් විනාශවී යනවා දැකීමට අවශ්‍ය නොවීය. එබැවින් තාත්තා පරිණත දේශපාලනඥයකු ලෙස මුල සිට ඔහුට ඒ පිළිබඳ මිත්‍රශීලීව කරුණු කාරණා පෙන්වාදීමට උත්සාහ ගත්තේය. එහෙයින් ඔහු තාත්තාගේ මිත්‍රශීලී ඔවදන් ඥානනය කර ගත්තේ හුදෙක්, ඊර්ෂ්‍යා පරවශ කුමන්ත්‍රණයක පෙර නිමිති ලෙස පමණි.
මේ අතර තාත්තාත් මහින්ද රාජපක්ෂ මහතාත් අතර තිබූ දීර්ඝකාලීන මිත්‍රත්වය බිඳ වැටීමට බැසිල් රාජපක්ෂ මහතාගේ නොමනා ක්‍රියා හා හැසිරීම් ද ප්‍රබල වශයෙන් බලපෑවේය. ඔහු මෛත්‍රීපාල සිරිසේන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තාත්තා අසාර්ථක දේශපාලනඥයෙකු යැයි පෙන්වා දේශපාලනයෙන් ඉවත් කර දැමීමට දැඩි උත්සාහයක් ගත්තේය. එම උත්සාහය ප්‍රසිද්ධියේ විද්‍යාමාන වන්නට පටන් ගත්තේ ඔහු ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක ධූරයට පත්වීමත් සමගයි. එදා සිට පක්ෂයේ අයිතිකරු මෙන් හැසිරෙන්නට පටන්ගත් ඔහු මහලේකම් වූ තාත්තා, පක්ෂයට වැදගත්කමක් නැති චරිතයක් බව පෙන්වීමට උත්සාහ දැරුවේය. ශ්‍රීලනිපයේ ප්‍රධාන ධූර දෙකක් දරන බැසිල් රාජපක්ෂ මහතා සහ තාත්තා, එකට එක්ව සහයෝගයෙන් ක්‍රියා කළ යුතු වුවත් ඔහු ඩාර්ලි පාරේ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වූවේවත් නැති තරම්ය. පක්ෂයට ලේකම්වරයෙකු නොමැතියි සිතා මෙන් සියල්ල තම තනි අභිමතයට අනුව සිදු කළේය.
තවද, ලාංකේය කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ පෙර නොවූ විරූ ප්‍රබෝධයක් ඇතිකළ, තාත්තාගේ සංකල්පයක් වූ ‘අපි වවමු - රට නගමු’ වැඩසටහන ද එහි සාර්ථකත්වය දුටු බැසිල් රාජපක්ෂ මහතා තමාගේ එකක් බවට පත්කර ගත්තේය. පසුකලෙක, දිවිනැගුම ව්‍යාපෘතියක් ලෙස ජනතාවට බීජ වර්ග බෙදාදීම බවට පත්වන්නේ එයයි.
නමුත් කිසිදිනෙක එම පටු දේශපාලන ක්‍රියාවලීන් අතරට මැදිහත්වී තාත්තාගේ දේශපාලන ගරුත්වය හෝ ස්වාධීනත්වය ආරක්ෂා කරදීමට තරම් නිහතමානීත්වයක් මහින්ද රාජපක්ෂ මහතාට තිබුණේ නැත. එතුමා ද සිදුකළේ කාලීන දේශපාලනය පිළිබඳ තාත්තාගේ විවේචන හා ජනතා ආමන්ත්‍රණ මාධ්‍යය තුළින් අසා එවාට දුරකථනය ඔස්සේ බැණ වැදීම පමණි. මේ වෙනස්කම් 2010 මහ මැතිවරණයෙන් පසු උග්‍ර වන්නට පටන් ගත් අතර වසර 4, 5 ක් පුරාවට තාත්තා ඒවා ඉවසාගෙන ද සිටියේය. මා මේ සඳහන්කොට ඇත්තේ එවන් කාරණාවන්ගෙන් අංශුමාත්‍රයක් පමණි. එවන් හේතු කාරණා සිය ගණනින් පැවැති නමුත් පොදු අපේක්ෂක ලෙස තාත්තා ආණ්ඩුවෙන් වෙන්වී යන තෙක්ම කිසිවක් කුමන ආකාරයෙන්වත් වෙනස් වූයේ නැත.
මේ සියලු කාරණා තාත්තා දේශපාලනමය වශයෙන් කලකිරීමට පත් කරන්නට සමත් විය. ඒ කනස්සල්ල ඔහුගේ දෛනික හැසිරීම් රටාවලින් ඉතා හොඳින් හඳුනා ගැනීමට නිවසේ සිටි අප සියලුදෙනාට හැකියාව ලැබුණි. අම්මා නිතර ‘දැන් අපි මේ හැම දේකින්ම නිදහස් වෙන්න ඕන’ යැයි පැවසුවේ ඔහුගේ ඒ වෙනස්කම් ඉතා හොඳින් වටහා ගත් නිසා වන්නට ඇත. තවත් විටෙක අම්මා, ‘මේවා ඉතින් හැමදාම ඉවසගෙන ඉන්නත් ඕන නෑ’ මේ යන ක්‍රමය ඉක්මනින් වෙනස් වෙන්න ඕන’ යැයි පවසන්නට ද පෙලැඹුණේ යමෙකුගේ දේශපාලන ඥානය රටවැසියාට අත්‍යවශ්‍යම මොහොතක ඔහු එය අතැර යාම සැබෑ නායකයෙකුට සුදුසු නොවේ. යැයි සිතූ නිසා වන්නට ද ඇත.
මාගේ අම්මා ගෘහණියක ලෙස නිවසට වී කාලය ගත කළ ද බොහෝ මැති ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන් මෙන් සැමියාගේ දේශපාලන බලය හරහා තමා වෙත සිවිල් බලයක් ගොඩනගා ගැනීමට උත්සහ නොදැරුවද ඇයට කදිම දේශපාලන දැනුමක් තිබුණි. නිවසේ විවේකයෙන් ගත කරන ඕනෑම මොහොතක ඇය සිටියේ පොතක් කියවමින්ය. නිතර පොත් කියැවූ ඇය දවසේ පත්තර සියල්ලක්ම දවස ආරම්භයේදීම මුල සිට අගට ඉතා හොඳින් කියවන්නීය. එබැවින් දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම වෙනත් විෂයයන් සම්බන්ධව ද ඇය බොහෝ ඇසූ පිරූ තැන් ඇති කාන්තාවක් වූවාය. මේ රටේ පවතින ඡන්ද ක්‍රමය වෙනස් විය යුතු යැයි ඇය නිතර පැවැසුවේ තරුණ අවදියේ සිටමය.
පසු කලෙක එය තාත්තා අතින්ම සිදුවන විට ඇය තරම් සතුටුවුණු තවත් කෙනෙකු නැති බවද මම හොඳාකාරව දන්නේ ඒ නිසාය.
කෙසේ නමුත් මෙයාකාරයෙන් පශ්චාත් යුද සමයේ ලාංකේය දේශපාලන හැසිරීම් පිළිබඳ තමා තුළම විරෝධාකල්ප ගොඩනගා ගෙන සිටි තාත්තා, කලකිරීමට පත්ව දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කළා මිස කුන්ත්‍රණයකට හවුල් වීමට කිසිදිනක අදහස් නොකළේය. නමුත් ආණ්ඩු පක්ෂයේ ලේකම්වරයා මෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයා ද වූ තාත්තාට ඒ දේශපාලන භාවිතාව තුළ එතරම් පීඩනයක් දැනෙනවා නම් එය රටේ සාමාන්‍ය ජනතාවට කෙතරම් ප්‍රබල පීඩනයක් ගෙන දෙනවා ඇත් ද යන්න ඔහු නිතර කල්පනා කළේය. ඔහුට පමණක් නොව අපට ද එය නිතර සිහියට නැගුණේය. එහෙයින් දශක හතරකට වැඩි කාලයක් නිර්ධන පාන්තිකයාගේ නියෝජිතයා ලෙස ඔවුන් වෙනුවෙන් ඇප කැපවූ තාත්තාට රාජපක්ෂ බල කඳවුරුවල අසාධාරණ පාලනයට ඉඩදී පරාජය භාරගෙන යන්නට හිත ඉඩ නොදෙන්නට ඇත. එහෙයින්ය, ඔහු අනපේක්ෂිත ලෙස දිගු ගමනකට පියවර තැබුවේ.
නමුත් තාත්තා තුළ ‘හැරයාම’ පිළිබඳ අදහස පැළපදියම් වීමට පෙර සිටම සමාජයේ විවිධ තැන්වල, විවිධ පිරිස් විසින් ඒ පිළිබඳ නිමිති පළකර තිබුණු අයුරු නම් විශ්මයජනකය.
මතු සම්බන්ධයි...
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෛත්‍රීගේ රහස් මෙහෙයුම
subash wijenayake Monday, 23 April 2018 05:23 AM
චතුරිකා කියන විදිහට බැසිල් රාජපක්ෂ කියපු නොහැකියාව දැන් රටටම පේනවා නේද.? එය ඇත්තක් වී හමාරයි.