IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මෙරට පළමු කම්කරු සටන

දහනව වැනි ශතවර්ෂය මුල වෙන විට ලංකාවේ රජයේ කම්කරුවකුගේ දිනක සේවා කාලය පැය 10 කි. පෞද්ගලික අංශයේ කම්කරුවකුගේ දිනක සේවා කාලය පැය 12 ක් හෝ පැය 14 ක් පමණ විය. පුහුණු කම්කරුවකුට මාසයකට රුපියල් තිහක පමණ වැටුපක් හිමිවූ අතර නුපුහුණු කම්කරුවකුට රුපියල් දොළහක පමණ වැටුපක් හිමිවිය. මෙම වැටුප් වැඩිවන අවස්ථා මෙන්ම නියමිත වැටුප අඩුවන අවස්ථාද දක්නට ලැබිණි. කම්කරුවන් සේවයට නොපැමිණීම, ප්‍රමාද වී පැමිණීම, දඩ ගැසීමට ප්‍රමාණවත් වරදක් වන අතර එම දඩ මුදල දිනක වැටුපට වඩා වැඩිය. සේව්‍යයන්ට ගෞරව නොදැක්වීම, අවනත නොවීම, විවේක ගැනීමද එවැනිම වරදවල්ය. සේවය අතහැර යෑම සිරගත වීමට තරම් බරපතළ වරදකි.

19 වැනි සියවසේදී රෙදි අපුල්ලන්නන්, කරත්ත කරුවන්, මස් කඩ කාරයන්, වරාය කම්කරුවන් හා වෙනත් කම්කරු කොටස් අතර අතරින් පතර කම්කරු උද්ඝෝෂණ ඇති වුවද, ඒවා තම අයිතිවාසිකම් දිනාගැනීම උදෙසා නොව තම අප්‍රසාදය පළ කිරීමට හා නීතිරීති බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයන්ට එරෙහිව සංවිධානයක් හෝ නායකත්වයක් නොමැතිව කරන ලද වැඩ නැවැත්වීම් විය. මේ අනුව නවීන කාර්මික අරගලයක ස්වරූපය තිබූ නිල වශයෙන් පිළිගත් ප්‍රථම වැඩවර්ජනය 1893 දී කොළඹ ඇතිවූ මුද්‍රණ කම්කරු වැඩ වර්ජනය වේ.


1891 දී ලංකාවේ පුවත්පත් කාර්යාලවල සහ මුද්‍රණ සමාගම්වල සේවයෙහි යෙදුණු මුද්‍රණ කම්කරුවෝ හා පොත් බඳින්නෝ දහසකට වඩා සිටියහ. මේ වකවානුව වනවිට කොළඹ නගරයේ දිනපතා ඉංග්‍රීසි පුවත්පත් පහක් පළකරන ලදී. හාම්පුතුන් වෙනුවෙන් පෙනී සිටි එම පුවත්පත් කම්කරු නොසන්සුන්තාවයක් ඇතිවූ වහාම පුවත් පළ කරනු ලැබූයේ කම්කරුවන් අධෛර්යයට පත්වන ආකාරයෙනි. දැනට පවතින වැටුපට වඩා අඩු වැටුපකට ඉන්දියන්, චීන හෝ මැලේ කම්කරුවන් ගෙන්වීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව එවැනි එක් පුවතකි. එවැනි පුවත් නිසා කම්කරු උණුසුම ඇතිවූ සැණින්ම බිඳවැටිණි.


1893 දී කොළඹ ඇතිවූ මුද්‍රණ කම්කරු වැඩවර්ජනය ඒ. ඊ. බුල්ජන්ස් සහ දොස්තර ලිස්බෝ පින්තු යන දෙදෙනා විසින් වෘත්තීය සමිති වෙනුවෙන් කරන ලද ප්‍රචාරණ කටයුතුවල ප්‍රතිඵලය විය. ඒ අනුව කම්කරු ප්‍රශ්න පළමුවෙන්ම සාකච්ඡා කරන ලද්දේ, ලිස්බෝ පින්තු සංස්කරණය කරන ලද ‘ඉන්ඩිපෙන්ඩන්ට් කැතලික්’ සඟරාවෙනි. මුද්‍රණ කම්කරුවන්ගේ ප්‍රධාන දුක්ගැනවිලි අතර පඩි මදිකම, අයහපත් වැඩ කිරීමේ හා ජීවත්වීමේ තත්ත්වයන් පිළිබඳව අඩංගු වීම, දැකිය හැකිය.


1893 ජූලි මාසයේදී බුල්ජන්ස් මෙම සඟරාවේ ලිපියක් පළකළ අතර එම ලිපියේ අරමුණ වූයේ කම්කරුවාට තමන්ගේ ශක්තිය හා අයිතිවාසිකම් දිනාගන්නා අයුරු පෙන්වා දීමය. ඒ අනුව කම්කරු සමිති ගොඩනගා ඒ තුළින් සටන් කර පාලකයන් දණ ගැස්විය හැකි බව හා ලෝකයේ කම්කරු සටන් පිළිබඳවත් එම ලිපියෙන් පැහැදිලි කර දුනි. මෙම ලිපිය කම්කරුවන්ට කරන ලද ආයාචනයක් බඳු විය. නමුත් ඒ සඳහා ප්‍රතිචාරය අයහපත් විය. නමුත් නොකඩවා බුල්ජන්ස් හා ලිස්බෝ පින්තු විසින් ගෙනගිය ප්‍රචාරය නිසා එච්. ඩබ්ලිව්. කේව් සමාගමේ මුද්‍රණ අංශයේ කිහිපදෙනෙකු සාකච්ඡාවක් සඳහා සූදානම් කර ගැනීමට ඔවුනට හැකිවිය. කේව් සමාගම ඉංග්‍රීසීන් සතුව කොළඹ නගරයේ පැවති විශාලතම මුද්‍රණ හා පොත් වෙළඳ සමාගමය.


මේ වන විට කේව් සමාගමේ වැටුප් ප්‍රශ්නයක් ඇතිවී තිබුණි. කේව් සමාගමේ කම්කරුවන්ට මාස්පතා වැටුප් ගෙවන ලද බැවින් මාසය අවසන් වන විට බොහෝ දුෂ්කරතා සහ ණය ගැතිකම් ඇතිවීමට මග පෑදිණි. ඇතැම් කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 11 ක් තරම් පහළ මට්ටමක පැවතුණි. මීට අමතරව ප්‍රමාද වී වැඩට පැමිණීම, සේවා වැරදි සහ අතපසු වීම්වලදී දඬුවම් ලෙස දඩ ගැසීම, වෘත්තියේ ස්වභාවය නිසා ඇතිවන වෙහෙස ශාරීරික පීඩා සහ වැඩිදෙනා ජීවත්ව සිටි මුඩුක්කු පරිසරය වැනි හේතූන් නිසා කම්කරුවන් අතර පැවතුණේ දැඩි පීඩනයකි. වැටුප් වැඩි කිරීම පිළිබඳවත්, වැටුප් ගෙවීම ප්‍රමාද නොකර ක්‍රමවත්ව ගෙවන ලෙසටත් හා සේවක සුබසාධනය පිළිබඳවත් ඉල්ලීම් කේව් සමාගමට ඉදිරිපත් කළමුත් පාලනාධිකාරිය විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලදී.


ඒ අනුව කේව් සමාගමේ මුද්‍රණ කම්කරුවන් 60 දෙනෙකුගේ වැඩ වර්ජනයක් ආරම්භ විය. වැඩ වර්ජනය ආරම්භ වී දිනකට පසු පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමකදී මුද්‍රණ කම්කරුවන්ගේ කම්කරු සමිතියක් පිහිටුවන ලදී. මෙම රැස්වීමේ මුලසුන දරන ලද්දේ මධ්‍යස්ථවාදී දේශපාලන නායකයෙකු හා ලංකා ජාතික සංගමයේ සභාපති වූද, තරුණ නීතිඥයෙකු වූ එච්. ජේ. සී. පෙරේරා මහතාය. රැස්වීම අමතා කතා කළ අය අතර අමද්‍යප නායකයකු ලෙස ප්‍රකටව සිටි මාටිනස් පෙරේරා සහ මුද්‍රණ කම්කරුවකු වශයෙන් කලක් සේවය කළ සී. දොන් බැස්ටියන් යන අයද වූහ.


මෙම රැස්වීම ගැන වාර්තා කළ ඉන්ඩිපෙන්ඩන්ට් කැතලික් පුවත්පත මෙසේ පැවසූ බව ලේඛනගතව තිබේ. “මෙය මේ කුඩා දිවයිනේ ඉතිහාසයේ ප්‍රථම වරට කම්කරුවන් තම අයිතිවාසිකම් සඳහා නැගී සිටි අවස්ථාව විය. එබැවින් මෙබඳු රැස්වීමක් පැවැත්වීමේ අදහස ඇත්ත වශයෙන්ම නවක හා විස්මයජනක විය. ඇතැමුන්ට එය බොහෝ නිර්භීත වූ ක්‍රියාවක් ලෙස පෙනෙන්නට ඇතැයි අපි සිතමු.” මුද්‍රණ වැඩවර්ජනය ආරම්භ කර තිබුණේ වැටුප් දිනයට ඉතා ආසන්නව බැවින් වැටුප් ගෙවීම අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගත්තේය. ආර්ථික අපහසුතාවලට මුහුණදීමට සිදුවීම නිසා කම්කරුවෝ දින හයකින් ආපසු වැඩට ගියහ. ඒ අනුව වැඩවර්ජනය දිගටම කරගෙන යාමට නුපුළුවන් වූ බැවින් දින හයකට පසු එය අවසන් විය. සේව්‍යයන්ට යම් පමණක හෝ හිතවත්කම් දැක්වූ කම්කරු පිරිසක් කැඳවූ සේව්‍යයෝ කොන්දේසි වෙනුවෙන් සමාව අයදින බව සඳහන් ලිපිවලට අත්සන් ගත්හ. සෙසු කම්කරුවන් සම්බන්ධයෙන්ද එම පියවර ගනු ලැබිණි.


මුද්‍රණ කම්කරු වැඩවර්ජනය අසාර්ථක වුවද කම්කරු සමිතිය වැඩිකල් නොපැවතුනද, ලාංකීය කම්කරු පංතියට වැඩ වර්ජන සටන්වල යෙදීමේ පුළුවන්කම තැබූ බැව් මුද්‍රණ කම්කරු සටන මගින් පැහැදිලිව පෙන්නුම් කෙරිණ.


රැස්වීමෙන් පසුව පිහිටුවා ගනු ලැබූ කම්කරු සමිතිය ශ්‍රී ලංකාවේ පළමු කම්කරු සමිතිය ලෙස ඉතිහාස ගත විය. 1894 දී එනම් සමිතිය සාදා අවුරුද්දකින් පසු දොස්තර ලිස්බෝ පින්තු මෙසේ කීවේය. “ලාංකීය මුද්‍රණ කම්කරුවා තමන්ට ආධාර කිරීම සඳහා හැම කෙනෙකුම ඉදිරිපත් වෙතැයි බලාපොරොත්තු වෙයි. තමන්ට දුක්ගැනවිලි ඇති බැව් ඔහු දනී. එහෙත් තමන් අත් හකුළුවාගෙන බලා සිටින අතර වෙනත් අය එම දුක්ගැනවිලි ඉවත් කළ යුතු යැයි ඔහු අදහස් කරයි. මේ උදාසීනත්වය පුදුම සහගතය. සංගමය ගොළුබෙල්ලෙකු මෙන් ඉතා සෙමින් හා ආයාසයෙන් ගමන් කරන අන්දම මා බලා සිටින්නේ මහත් කණගාටුවෙනි.”

 

 

 

 

එම්. තාරික්



අදහස් (0)

මෙරට පළමු කම්කරු සටන

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14540 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14941 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site