IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මර්දනයේ ගිනි පුපුරු මැද දීප්තිමත් අරගල බිම

ගෞරවනීය ස්වාමීන් වහන්ස,
දයාබර සොයුර, දයාබර සොයුරිය...


පසුගිය වකවානුව තුළ ඔබ හා අප නිදහස් අධ්‍යාපනය නමින් යම් හෝ අයිතිවාසිකමක් භුක්ති වින්දා නම් එහි පැවතියා වූ නෂ්ඨාවශේෂ අහෝසිකරලීමේ අනතුරුදායක තත්ත්වයක් අද උද්ගත වී තිබේ.


ආයුධ සන්නද්ධ පොලිස් බල ඇණි රාත්‍රී යාමයේ සරසවි සිසුන්ගේ නිවෙස්වලට පැන සිය ගණන් සරසවි ශිෂ්‍යයන් අත්අඩංගුවට ගෙන අනතුරුදායක තත්ත්වයන් යටතේ රඳවා තබාගෙන සිටියි. පසුගිය සති කිහිපය තුළ මෙලෙස අත්අඩංගුවට ගෙන දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවාගෙන සිටින, 114ක් පමණ වන සරසවි ශිෂ්‍යයන් අතරට නමගිය අපරාධකරුවන් 20 දෙනෙකු පමණ ඇතුළු කර, රඳවා ඇති බව දැනගන්නට ලැබී තිබේ. 1983 ජූලි කලබල සමයේ, වැලිකඩ බන්ධනාගාරයේ රඳවාගෙන සිටි කුට්ටමනී ඇතුළු දෙමළ තරුණයන් පනස් ගණනක්, අමු අමුවේ මරා දැමීම පිළිබඳව ඛේදවාචකය ඔබට මතක ඇත. ඒවාගේම කුරිරු අමානුෂික බිහිසුණු තර්ජනයක් අපගේ සහෝදරයන් හමුවේ නොපවතින බවට ඇති සහතිකය කුමක්ද?


පේරාදෙණිය සරසවියේ සිසුන් 30 දෙනෙකුගේද රුහුණු සරසවියේ සිසුන් 24 දෙදෙනකුගෙන්ද කොළඹ සරසවියේ සිසුන් 5 දෙනෙකුගේද ශිෂ්‍යභාවය හිතුමනාපයේ තහනම් කර දමා ඇත. එසේම ජයවර්ධනපුර සහ කැලණිය සරසවියේ ද ඇතුළුව තවත් ශිෂ්‍යයන් ගණනාවකගේ පංති තහනම් කිරීමේ ඉහළින් සිට ක්‍රියාත්මක කෙරෙන කුමන්ත්‍රණයන් දියත් වෙමින් පවතී. සරසවි තුළට පැන පොලිස් භටයන් ශිෂ්‍යයන්ට කුරිරු ලෙස පහර දේ. ඊට එරෙහිව මැදිහත් වූද, ශිෂ්‍ය ප්‍රශ්න ගැන දිගින් දිගටම කථා කළා වූද, ප්‍රගතිශීලි ආචාර්යවරයෙකු වූ කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ ආචාර්ය නලීන් ද සිල්වා ගණිත අංශාධිපති ධුරයෙන්, පහකරනු ලැබ තිබේ. සරසවි අංශ පීඨ සහ වර්ෂ වශයෙන් කැබලි කර විවෘත කරමින්, කිහිපයක් එසේ විවෘත කරද්දී තවත් කිහිපයක් වසා දමමින් හැකිතාක්, ශිෂ්‍යයන්ගේ ඒකාරාශීවීම වැළැකීමට රජය උපායශීලීව ක්‍රියා කරමින් සිටී.

 

 

වෛද්‍ය උපාධිය (ඵඊඊී) පෞද්ගලික අංශයට විකිණීමෙන් පමණක් නොනැවතී රජයේ විශ්වවිද්‍යවල වෛද්‍ය පීඨයන්ට සුදුසුකම් දස්කම්වලින් තේරුණු ශිෂ්‍යයන් පමණක් හිමි සමහර අයිතීන් හා වරප්‍රසාද, සාපේක්ෂව අඩු සුදුසුකම් සහිත පෞද්ගලික වෛද්‍ය උපාධියේ තත්ත්වය පෞද්ගලික වෛද්‍ය ශිෂ්‍යයන්ට ද ලබා දීමට කටයුතු සපුරා තිබේ. බි්‍රතාන්‍යයේ රාජකීය වෛද්‍ය සංගමය විසින් පිළිගනු ලැබ කොළඹ සරසවියේ වෛද්‍ය උපාධිය (රුහුණු සහ යාපනය සරසවිවල වෛද්‍ය උපාධි සඳහා එකී පිළිගැනීම නොමැතිව තිබියදී) පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුනට ලබාදීමට කටයුතු කිරීමෙන්, රුහුණු සහ යාපනය පීඨයන්හි සුදුසුකම් සහිත දුප්පත් දෙමව්පියන්ගේ පුතුන් වූ වෛද්‍ය සිසුනට රජය සිදුකරන්නට යන අසාධාරණය සාපරාධී නොවේද?


එකම ප්‍රමුඛතා ලේඛනයෙන්, පෞද්ගලික හා රජයේ වෛද්‍ය ශිෂ්‍යයන් දෙකෝට්ඨාසය වෙනුවෙන්ම පිළියෙල කරනු ලැබේ. ඉදිරියේදී වෛද්‍ය සේවයේ ඇතිවන පුරප්පාඩු එමගින් සපරාලීම ආණ්ඩුවේ අපේක්‍ෂාවයි.


මෙය මෙයාකාරයෙන් ක්‍රියාත්මක වීමට ඉඩ හළ හොත්, මෙතෙක් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට වෛද්‍ය වෘත්තිය වෛද්‍යවරුන්ගේ සැපයුමේ අතිරික්තයක් ජනිතවීමෙන් වෛද්‍ය වෘත්තියේ රැකියා හිඟයක් ඇතිවන දිනය වැඩි ඈතක නොවේ. එයින් පහර වදින්නේද, මේ රටේ  දුප්පත් දෙමාපියන්ගේ දූ පුතුන් වූ රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ට මිස ධනපතියන්ගේ ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ දරුවන් වූ පෞද්ගලික වෛද්‍ය සිසුන්ට නොවේ.


රජයේ පෞද්ගලික වෛද්‍ය සිසුන්ට මේ ජූලි 31 දින පවත්වන්නට යන වෛද්‍ය පරීක්‍ෂණ අවසාන විභාගය, ඒ අයුරින් පැවැත්වීමට ඉඩදී නිශ්ශබ්දව සිටිය හොත් රජයේ වෛද්‍ය සිසුනට හිමි සම්පූර්ණ හිමිකම්, වරප්‍රසාද සහ එම උපාධි සහතිකයම පැහැරගත් සහ මංකොල්ල කෑ ශ්‍රී ලංකාවේ පළමුවන පෞද්ගලික දොස්තර බිහිවනු ඇත. යූ.එන්.පී ආණ්ඩුවේ මෙම ජනතා ද්‍රෝහි ක්‍රියාවට එරෙහිව, රජයේ වෛද්‍ය දන්ත වෛද්‍ය සහ හෙදි සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති රාශියක් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන් ගන්නා බව ප්‍රකාශ කොට ඇත්තේය. මෙය ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ස්වර්ණමය අවස්ථාවකට මුල පිරීමකි.


සැබැවින්ම 1979 වීරසූරිය ශිෂ්‍ය අරගලයට පසු මෙලෙසින් වෘත්තීය සමිති ව්‍යාපාරය ශිෂ්‍ය පරපුරේ අයිතිවාසිකම් වෙනුවෙන් ගෙන යන්නා වූ මෙකී තීරණාත්මක අරගලයට, ක්‍රියාකාරීව මැදිහත් වීම, විශ්වවිද්‍යාල සිසුන් වන අපිට, පැහැර හැරිය නොහැකි, යුතුකමක් වගකීමක් සහ කාර්යය භාරයක් වන්නේය.


තත්ත්වය මෙසේ තිබියදී, පසුගිය ජූලි 04 වැනිදා බෙලිඅත්තේ පැවැතියා වූ රැස්වීමක දී ජනාධිපති ජයවර්ධන උතුමාණන් සාමාන්‍ය ජනාවට බරපතළ අනතුරු ඇඟවීමක් කළේය. එනම් සියලුම සරසවි වසා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි. ජනාධිපති එලෙස කීවේ විහිළුවට බව, සෞඛ්‍ය ඇමැතිවරයා පසු දිනයෙක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය. කෙසේ නමුදු විහිළුව සෞඛ්‍ය ඇමැති කී දේද ජනාධිපති කී දේද යන්න තවම පැහැදලි හෝ නිශ්චිත නැත.


යූ.එන්.පී.යේ. - ජුන්ටා “සමජවාදි ශිෂ්‍ය සංගමය නව මුහුණුවරවලින්” සරසවි තුළ යළි ඇරඹීම කළයුතු බව රනිල් වික්‍රමසිංහ මීට ටික කලෙකට ඉහතදී ආණ්ඩු පක්‍ෂයට ප්‍රකාශ කර සහයෝගය හා අනුග්‍රහය සහිතව “දේශපාලනයෙන් තොර’ යනාදී ව්‍යාජ නම් වලින් මෙය ශිෂ්‍යයන් හමුවට පැමිණීමට ඉඩ ඇති බවත් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළතින් කා දමා විනාශ කළ හැකි මෙම ප්‍රතිගාමී බලවේගය, වහා වහා පරාජය නොකළහොත්, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයක සදාකාලිකවම මිහිදන් කිරීමට ඉඩ ඇති බව අපි ඔබට අවධාරණය කර සිටින්නෙමු.


කළෙක සිට උතුරේ දෙමළ තරුණයන් මර්දනය කිරීමට යොදාගත් හදිසි නීති රෙගුලාසි හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේම අද සිවිල්, ශිෂ්‍ය අත්අඩංගුවට ගැනීම් හා කුරිරු මර්දනයන් කෙරෙන බව ඉතා පැහැදිලිය. සරසවි සිසුන් වන මොරටුවේ චිරන්ත විරවර්ධන සහ ජයවර්ධනපුරයේ නිහාල් කිත්සිරි යන සොහොයුරන් දෙදෙනාද, දැනට වර්ෂ 1 1/2කට ආසන්න කාලයක් තිස්සේ අමානුෂික වධ දෙමින්, මෙම නීති යටතේම බන්ධනාගාර ගත කොට සිටී, නිදහස් සරසවි අධ්‍යාපනයට හා ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව, එල්ල කර ඇති උක්ත සියලු මර්දන හා කප්පාදු කිරීම්වලින් පෙනී යන්නේ කුමක්ද? අන්‍ය, පීඩිත ජනතා බලවේගයන්ට සාපේක්ෂව මෙතෙක් ජනතා ද්‍රෝහී වූ යූ.එන්.පී. ආණ්ඩුවට ප්‍රබල ව්‍යාපාරය විනාශ කිරීම සඳහා ආණ්ඩුව විසින් සැලසුම් සභාගතව සකසා ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් පවත්නා බවයි. මෙම අනතුර වඩාත් හොඳින් තේරුම් ගෙන එම කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ආණ්ඩු විරෝධී සකල විධ බලවේගයන් පෙළ ගැසීම අත්‍යවශ්‍ය බව අපි අවධාරණය කර සිටිමු.


නිදහස් අධ්‍යාපනය හා ශිෂ්‍ය ව්‍යාපාරය විනාශ කිරීමේ ආණ්ඩුවේ සැලසුම් සහගත කුමන්ත්‍රණය පරාජය කරමු.


හදිසි නීතිය හා ත්‍රස්තවාදය  වැළැක්වීමේ පණත වහා ඉවත් කරව්.


1987 ජූලි 10 දින ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවියේ නීති පීඨයේ සිව්වන වසරේ කේ. එල්. ධර්මසිරි වන මා විසින් බොරලැස්ගමුව, රත්නපිටියේ අංක 119 දරන ස්ථානයේ සී.ආර්.සී. මුද්‍රණාලයේ මුද්‍රණය කරන වන ලදි.

 

 

 

 

 

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මර්දනයේ ගිනි පුපුරු මැද දීප්තිමත් අරගල බිම

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 59 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 77 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 134 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site