IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මහින්දගේ යෝජනාවෙන් තිස්සට විමතියක්

2010 මැතිවරණය ඉවරවුණු වහාම රාජපක්‍ෂ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිත පිරිසකට ආරාධනා කළා අරලියගහ මන්දිරේ සාකච්ඡාවකට. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතාකරන්න තමයි ඒ සාකච්ඡාව කැඳවලා තිබුණේ. මේ ආරාධනාව ආපු බව රනිල් වික්‍රමසිංහ පක්‍ෂයට ප්‍රකාශ කළා. ඒකට සහභාගි වෙමු කියලා පක්ෂය තීරණය කළා. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන යෝජනාවත් එක්ක අලුත් ආණ්ඩු සංශෝධනයක් ගැන අපේ අදහස් කියමු කියලා අපි ඒකට යන්න සූදානම් වුණා. ඒ නියෝජිත කණ්ඩායමට රනිල් වික්‍රමසිංහ, ජයවික්‍රම පෙරේරා, ජෝෂප් මයිකල් පෙරේරා, ස්වාමිනාදන්, කරු ජයසූරිය මම ඇතුළු පිරිසක් සහභාගී වුණා. ආණ්ඩුව පැත්තෙන් ජනාධිපතිතුමා එක්ක ඇවිත් හිටියා බැසිල් රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම වගේ අය.

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හරය ගැන අපි සාකච්ඡා කළා. මහින්ද රාජපක්‍ෂ ඒ වෙලාවේ කිව්වා එයාට අදහසක් නෑ තුන්වැනි වතාවට ජනාධිපතිකමට තරග කරන්න. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදමු කියලා. අපිත් ඒකට එකඟ වුණා. අපි තවදුරටත් මේ දීර්ඝව සාකච්ඡා කරන්න තීරණය කරගෙන මූලික අදහස් ගැන තමයි සාකච්ඡාව ගෙනිච්චෙ.


දෙවැනි ධුර කාලයෙන් පස්සේ ජනාධිපතිවරයා විශ්‍රාම ගත්තම ස්ථිර අරමුදල් ප්‍රමාණයක් තමන්ට ඕනෑ කියලා මහින්ද රාජපක්‍ෂ යෝජනාවක් ගෙනාවා. ඒක අයවැයෙන් වෙන් වෙන විදියට නීතියක් සම්මත කරගන්න ඕනෑ කියලා ඔහු කිව්වා. ඔහුගේ අදහස් වුණේ ඒ මුදලින් සමාජ සුබසාධන වැඩ කරන්න. ඒකෙ ලොකු අසාධාරණයක් අපිට පෙනුනෙත් නෑ ඒ වෙලාවෙ. අපි දෙගොල්ලොම ඉතාම සුහදව ඒ සාකච්ඡාව අවසන් කරලා විසිරිලා ගියා.


ඒ සාකච්ඡාව ඉවර කරල එන අතරේ මේ සාකච්ඡාව ගැන රනිල් වික්‍රමසිංහයි මමයි කතා කර කර ආවේ. මොකද අපි දෙන්නම එක වාහනේක ආවේ. මම කිව්වා ඒ සාකච්ඡාවේදී මහින්ද රාජපක්‍ෂ යෝජනා කරපු දේවල් ගැන මට නම් හරිම පුදුමයි කියලා. අපි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනෑ කියලා මම කිව්වා. රනිල් වික්‍රමසිංහත් කිව්වෙ මේක ඉදිරියට අරගෙන යමු කියලා. 
සති තුනකට විතර පස්සේ අපිට නැවත අරලියගහ මන්දිරේට එන්න කියලා. කැඳවීමක් ආවා. අපි මුලින් සාකච්ඡාවට ගිය කණ්ඩායමම දෙවැනි සාකච්ඡාවටත් සහභාගී වුණා. ආණ්ඩුව පැත්තෙනුත් ඒ කණ්ඩායමමයි ඇවිත් හිටියේ. මේ සාකච්ඡාව පටන් අරගෙන ටික වෙලාවකින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කිව්වා පහුගිය සාකච්ඡාවේදී කිව්වට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕන කියලා. ඒත් අපේ පක්‍ෂය ඒකට කැමති නෑ ඒක නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කරන්න වෙන්නේ නෑ කියලා. අපි කිව්වා එහෙනම් මේ සාකච්ඡාව තව දුරටත් ගෙනියන එකේ තේරුමක් නෑ කියලා. මොකද අපි ඒ සාකච්ඡාවට සහභාගී වුණේම විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන යෝජනාව පදනම් කරගත් ආණ්ඩුක්‍රම සංශෝධන සාකච්ඡාවකට. ඒත් ඒක අහෝසි නොකරනවා නම් තවත් මේක ඉදිරියට ගෙනියන එක ප්‍රයෝජනයක් නෑ කියලා අපි කිව්වා.


මහින්ද රාජපක්‍ෂ දිගටම කිව්වේ මේක පක්‍ෂයේ තීන්දුවක් නිසා තමන්ට ඒක නොසලකා ඉන්න බෑ කියලා. ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ජනාධිපතිවරයාට තුන්වැනි වරටත් තරග කරන්න පුළුවන් විදිහේ කාරණා ඇතුළත් කරලා ඒක සකස් කරන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ. ඒකට උදව් කරන්න කියලා මහින්ද රාජපක්‍ෂ කිව්වා. අපි සම්පූර්ණයෙන්ම ඒකට විරුද්ධ වුණා. ඒක ප්‍රතික්‍ෂේප කරලා අපි සාකච්ඡාව ඉවර කරලා විසිරිලා ගියා.


ආණ්ඩුව පැත්තෙන් සති දෙක තුනකට විතර පස්සේ මේ ගැන ආපහු අපට කැඳවීමක් ලැබුණා. මෙම රනිල් වික්‍රමසිංහට කෙළින්ම කිව්වා, ඒ සාකච්ඡාවට අපි සහභාගී නොවිය යුතුයි කියලා. මොකද මුල් සාකච්ඡා වට දෙකේදී කතා දෙකක් කියලා අපිව හෑල්ලු කළා වගේ හැඟීමක් අපිට තිබුණෙ. ඒත් රනිල් වික්‍රසිංහට ඕනකමක් තිබුණා ඒකට සහභාගී වෙන්න. ඔහු කිව්වේ ඒකට නොගියොත් යූ.එන්.පී.යේ කොටසක් කඩලා ආණ්ඩුව පැත්තට ගන්න ඉඩ තියෙනවා කියලා. ඒකෙත් ඇත්තක් තිබුණා. මම දිගටම මේක ප්‍රතික්‍ෂේප කළා.

සාකච්ඡාවට යන්නත් බෑ කියලා මම කිව්වා. ඒත් මලික් සමරවික්‍රම මට කතා කරලා කිව්වා නායකතුමා තනියම යවන්නෙ නැතුව මටත් යන්න කියලා. ඒ කීමට මම අකමැත්තෙන් වුණත් මේකට ගියා. ඒ සාකච්ඡාවට ගියේ රනිල් වික්‍රමසිංහයි මම ජෝෂප් මයිකල් පෙරේරයි, ගාමිණී ජයවික්‍රම පෙරේරයි විතරයි. ඒ සාකච්ඡාවත් පෙර පරිදිම සාර්ථක වුණේ නෑ. කලින් කතාවම තමයි කිව්වේ. අපි ඒක ප්‍රතික්‍ෂේප කරලා නැගිටලා ආවා. මේක ලොකු විවාදයක් බවට පත් වෙලා. මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තීරණය කළාට අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත් මේ ගැන සාකච්ඡා කළා. පක්‍ෂයේ අපි තීරණය කළේ මේකට දිගටම විරුද්ධ වෙන්න. ඒත් කීප දෙනෙක් විතරක් මේකට සහාය දිය යුතුයි කියලා කියා හිටියා.

 

 


තව කොටසක් ලබන සතියට.

 

 

 

 

 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

මහින්දගේ යෝජනාවෙන් තිස්සට විමතියක්

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 66 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 81 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 135 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site