IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ශිෂ්‍යභාවය අහිමි වූ අන්තරේ පළමු කැඳවුම්කරු

අන්තරය මුල් කාලයේදී විශේෂ අවධානයටත් පිළිගැනීමටත් ලක්වීමට ප‍්‍රධාන කාරණාවක් වූයේ එහි නායකයන් මෙන්ම ක‍්‍රියාධරයන් පසුකාලීනව මෙරට දේශපාලනයේ විශේෂ චරිත වීමය. එසේ පසුකාලීනව ක‍්‍රියාකාරී දේශපාලනය තෝරා ගත් අන්තරේ බොහෝ නායකයන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තෝරා ගැසීම ද සුවිශේෂී වේ.


ශාන්ත බණ්ඩාර වඩාත් වැදගත් වන්නේ එම පරිසරය තුළය. 


උදය ජගත් ශාන්ත දේව හෙළ කුමාර සෙනෙවිරත්න, ශාන්ත බණ්ඩාරගේ සම්පූර්ණ නමය. ශාන්ත බණ්ඩාර උපන්නේ කෑගල්ලේය. ධනවත් පවුලක උපත ලැබූ ශාන්ත බණ්ඩාර මුලින්ම පහවසර ත‍්‍ර‍්‍රිත්ව විද්‍යාලයෙන් පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙන ගත්තේය. 


71 අපේ‍්‍රල් අරගලයෙන් ආශ්වාදයට පත් පරපුරක් නියෝජනය කළ ශාන්ත බණ්ඩාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට ඇතුළත් වූ පසු ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයෙක් නායකයෙක් ලෙස ඉස්මතු විය. 1976 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පොලිස් මුර පොළක් ඉදි කිරීමට එරෙහිව ඇවිළී ගිය උද්ඝෝෂණ ව්‍යාපාරයේදී ශාන්ත බණ්ඩාරගේ රුව ගුණ තේජස ඉස්මතු විය. එහි ආනුභාවයෙන් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විය. 1977 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වූ ඔහු අලූත බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජයේ මර්දනකාරි ක‍්‍රියා පිළිවෙතට එරෙහිව යෝධ අරගලයක් කළේය. 


ශාන්ත බණ්ඩාරට ඇඟට පතට දැනෙන සටනක් කිරීමට හැකි පරිසරයක් අලූත බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය නිර්මාණය කළේය. ඒ විධායක ජනාධිපති ක‍්‍රමය සහිත 1978 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සහ එතෙක් පැවති සහල් සලාකය කපා දැමීම හරහාය. 


ඒ වන විට ශාන්ත බණ්ඩාර අන්තරේ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු විය. විධායක ජනාධිපති ක‍්‍රමය හා සහල් සලාක කප්පාදුවට එරෙහිව අන්තරය රට පුරා ගියේය. අලූත බිහි වූ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් නිර්මාණය කිරීමට ශාන්ත බණ්ඩාරලා සමත් වූහ. 


එහෙත් සටන පරාජයට පත් විය. විධායක ක‍්‍රමය සහිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවක් සම්මත වූවා පමණක් නොව සහල් සලාකය ද මුළුමනින්ම කප්පාදු විය. සටනේ ප‍්‍රතිඵලය ලෙස ඉතිරි වූයේ ශාන්ත බණ්ඩර ඇතුළු ශිෂ්‍ය නායකයන් 8 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි වී යාමය. 

ශාන්ත බණ්ඩාර

ඒ අනුව ශාන්ත බණ්ඩාර ඉතිහාසගත වන්නේ ශිෂ්‍ය සටන්වලට නායකත්වය දීම නිසා ශිෂ්‍යභාවය අහෝසි වූ අන්තරේ පළමු කැඳවුම්කරු ලෙසය. 


ශාන්ත බණ්ඩාර යනු විවිධ දක්ෂතාවලින් පිරිපුන් නායකයෙක් විය. ඔහු දක්ෂ කථිකයෙකි. ඔහු දක්ෂ සංවිධායකවරයෙකි. පසු නොබසින අධිෂ්ඨානශීලිත්වයත් සටන් කාමීත්වයත් මිට මොළවා ගත් ඔහු ලෙහෙසියෙන් සටන අත්නොහරින්නෙකි. 87 - 89 ධවල භිෂණයේදී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනයවීමෙන් පසු ජවිපෙ නායකත්වයට පත් සමන් පියසිරි ප‍්‍රනාන්දු ද මරා දැමිණි. සමන් පියසිරි ප‍්‍රනාන්දුගෙන් ගිලිහුණ නායකත්වයේ ධජය අතට ගත් ලලිත් විජයරත්නද මරා දැමුණි. එහෙත් ශාන්ත බණ්ඩාර සටන අත නොහැරියේය. ඒ මොහොත වන විට ජවිපෙ යළි සංවිධානය කිරීමට සිතීමට හෝ හැකි පරිසරයක් නොවීය. එහෙත් වඩාත් දුෂ්කරම මාර්ගය තෝරා ගැනීමෙන් නිපැදෙන අවදානම් සහගත ප‍්‍රීතියෙන් යුතුව වුවද ශාන්ත බණ්ඩාර ජවිපෙ නායකත්වය අතට ගත්තේය. ධවල සංහාරයෙන් අහම්බයෙන් දිවි ගලවා ගත් ජවිපෙ සාමාජිකයන් ඒකරාශී කර ගනිමින් පක්ෂය නැවත ගොඩ නැගීම ඔහුගේ අරමුණ විය. මත්තේගොඩ යුද හමුදා කඳවුරේදී තිරශ්චීන වධබන්ධනයන්ට ගොදුරුව මියයන තුරුම ඒ අරමුණ ඔහු අත් නොහළේය. 


ඉතිරිය ඉදිරියට.

 

ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

ශිෂ්‍යභාවය අහිමි වූ අන්තරේ පළමු කැඳවුම්කරු

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 48 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site