IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සීවලී හිමියන්ගේ භාෂා හරඹය

විදුලකර පිරිවෙනේ භික්‍ෂු සටන් - 05

භාරතයේ ජනාධිපති ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා සම්ප්‍රදයානුකුලව විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ආරම්භ කරයි.

 

 

සිංහල භාෂාවට අපූරු වදන් වැලක් එක්කිරීමට මෙම වියතා සමත්විය. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ධනේෂ්වර පන්තියට යෙදෙන නමක් වූ ‘ජනතා විරෝධී’ යන්නට සමාන වදනක් එතෙක් සිංහල භාෂාවේ නොවීය. ප්‍රතිගාමී යන වදන ඊට හඳුන්වා දුන්නේ සිරි සීවලී හාමුදුරුවෝය. ප්‍රතිගාමී යන්නට විකල්ප වදන නම් ප්‍රගතිශීලි යන්නය. එයද සිරිසීවලි හිමියන්ගේ නිර්මාණයකි.

 

එසේම ධනවාදය, සමාජවාදය, උප කුලපති, සංස්කෘතිය, ජ්‍යාමිතිය, වාතාවරණය, පරිසරය, මනෝවිද්‍යාව, ශ්‍රම ශක්තිය, පෝෂණය, භෞතිකවාදය ආදී වදන් රැසක් උන්වහන්සේ සිංහලයට හඳුන්වා දුන්නේය. “සිසී” යනුවෙන් උන්වහන්සේ ලියූ පොත්වලින් වඩාත් ජනප්‍රියවූයේ “මගේ මාමා” නමැති ගැමිකතාවයි.


“සීවලී හාමුදුරුවෝ වඩිනවා” යන්න ඇසූ සැණින් බණගෙදරකට, සම්මන්ත්‍රණයකට හෝ දේශපාලන වේදිකාවට බාල තරුණ මහලු ජනතාව රැස්වූයේ හොඳ කියුම් ටිකත් අහගන්නටය.


50 - 60 - 70 මැතිවරණ වලදී දිගින් දිගටම දේශන පවත්වා වැස්සට, පින්නට අසුව සෙම් කෝප වී අසනීප වූ උන්වහන්සේ රාත්‍රී ඝන අඳුරේම තමන්ට අයත් මොරිස් මයිනර් රියෙන් පෑලියගොඩ පිරිවෙනට වඩිමින් සිටියහ.
හාමුදුරුවන්ට අමාරු බව වැටහුණු රියැදුරු බණ්ඩයියා රථය සෙමින් ධාවනය කළේය.


“හාමුදුරුවනේ බේත් ටිකක් ගමුද?’‘ ඔහු ඇසීය. 


“ඕන නෑ බණ්ඩයියා” සීවලී හිමියෝ දෑස පියාගෙන හුන්හ. “පුළුවන් නම් කොත්තමල්ලි ටිකක් අරන් ගිහින් තම්බගෙන බොමු” සිරි සීවලි හාමුදුරුවෝ ඉංග්‍රීසි බෙහෙතට වඩා දේශීය බෙහෙතට ආදරය කළ බව නොරහසකි.
එහෙත් එම යුගයේ කොත්තමල්ලි හිඟයක් රටපුරා පැවතිණි. බණ්ඩයියා රථය නවතා සුපිරි වෙළෙඳසල් කිහිපයකටම ගොස් බැලූ නමුත් කොත්තමල්ලි නොවීය.


“කොත්තමල්ලි නම් නෑ හාමුදුරුවනේ” 


“තමුසෙ කොහෙද බැලුවේ” හාමුදුරුවෝ ඇසූහ. අන්න අර පුංචි ලෑලි කඬේ බලනවා. අන්තිම ලෑල්ලත් වහන්න කලින් ගිහින් බලනවා. හාමුදුරුවෝ කුඩා එළියක් පෙන්වා කීහ.


පුදුමයකි, එහි ඕනෑ තරම් කොත්තමල්ලි විය. 


“බලන්ට බණ්ඩයියා ලොකු මිනිස්සු ළඟ නැති ගුණදායක දේවල් පොඩි මිනිස්සු ළඟ තියෙනවා කියන්නෙ ඕකනෙ” යළි රිය ධාවනය වෙද්දී සිරිසීවලී හිමියෝ කීහ.

 

බණ්ඩාරනායක අගමැතිතුමා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය විවෘත කිරීමේ උත්සව සභාව ඇමතූ අයුරු.

 


භික්‍ෂු දේශපාලනයට එරෙහි එජාප රජයට පක්‍ෂපාත මහජන නියෝජිතවරු ඇතුළු කථිකයෝ විද්‍යාලංකාර පිරිවෙන පතුරු යනතුරු විවේචනය කළහ. එක්තරා දේශපාලන නොවන රැස්වීමකදී සිරිසීවලී හිමියන් වේදිකාවේ සිටියදී ප්‍රභූ දේශපාලනඥයෙක් දේශපාලන භික්‍ෂූන් හැඳින්වූයේ දවල්ට බණ කියා රෑට හොරකමේ යන දෙබිඩි චරිත ලෙසිනි.


“දේශපාලනය කරන චීචරධාරීන් දවල්ට රටට බණ කියලා රෑට හොරකමේත් නොහොබිනා දුරාචාර ගමන් වලත් යනවා. එහෙම අයගෙන් සාසනය බේරගන්න එක අපගේ වගකීමක්.” දේශපාලනඥයාගේ කතාවෙන් පසු සිරිසීවලී හිමියෝ නැගී සිටියහ. “මේක දේශපාලන රැස්වීමක් නොවෙයි. අලුත් පරම්පරාව අප කියන කරන දේ ගැන බලා සිටින නිසා මේක නොකියාම බැහැ” යැයි කතාව ඇරඹූහ.


“දුරාචාරය” ගැන ගරු ඇමැතිතුමා කතාකළා. මං නම් හිතන්නේ දුරාචාරය කියන්නේ දවල්ට බණ කියලා රෑට දඩාවතේ යන භික්‍ෂුවක් කියන උදාහරණය ඊට ගැළපෙන්නේ නෑ. ඒක හරියටම මහ දවල් සුදු ඇඳගෙන පාරේ රවුම් ගහන මහජන මන්ත්‍රී කෙනෙක් වගේ කියලා මට පේන්නෙ.


දේශපාලනඥයාට හීන්දාඩිය දැමූ අතර සිරිසීවලි හිමියන්ගේ අදහස තේරුම්ගත් ජනතාව කොක් හඬලා සිනාසුණහ.


බි්‍රතාන්‍ය කිරීටයට මෙරට යටත්ව තිබූ යුගයේ බි්‍රතාන්‍ය කුමාරවරයෙක් මෙරට සංචාරයක් සඳහා පැමිණි අතර ඔහුගේ භාෂා පරිවර්තක ලෙස සිරිසීවලී හිමියෝද වැඩම කළහ. වෙනත් සංචාරක මග පෙන්වන්නන්ට වඩා සත්‍යවූත්, පුරාවිදා්‍යාත්මක වූත්, ශාස්ත්‍රීයවූත් දේශීය අනන්‍යතාව විදහා පෙන්වන අර්ථකථනයකුත් විදේශීය අමුත්තන්ට ලබාදීමේ කුසලතාව සිරිසීවලී හිමියන්ට විය.


තිස්සමහාරාම පූජා භූමිය අසල පිහිටි පැරණි සුවිසල් කොහොඹ රුක අසල කුමරා නැවතුණේය. එහි කොළ මිටක් රැගෙන රස බලන මෙන් උන්වහන්සේ කුමරාගෙන් ඉල්ලා සිටියහ.


“හරිම තිත්තයි”


“එහෙනම් විහාරය පැත්තට තියෙන කොළ වලින් හපලා බලන්න” උන්වහන්සේ පැවසූහ. 


පුදුමයකි. එම කොළ ඉතා පැණි රසය “එහෙම වුණේ කොහොමද?” කුමාරයා උන්වහන්සේගෙන් විමසුවේය.


“ඒක තමයි බුද්ධාගමේ තියෙන හරය. පැත්තක් තිත්තයි, අනිත් පැත්ත රසයි” සිරිසීවලී හිමියෝ පහන් සංවේගය, පළකරමින් කියාදුන්හ.


විද්‍යාලංකාර පිරිවෙනේ නිර්මාතෘ රත්මලානේ ධර්මාලෝක නාහිමි, දෙවැනි පරිවේනාධිපතිව වැඩවිසූ රත්මලානේ ධම්මාරාම නාහිමි, තෙවන පරිවේනාධිපතිව වැඩවිසූ ලුණුපොකුණේ ධම්මානන්ද නාහිමි, සිව්වන පරිවේනාධිපති වැඩවිසූ කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර උපකුලපති නාහිමි, පස්වන පරිවේනාධිපතිව වැඩවිසූ යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමි, සයවන පරිවේනාධිපතිව වැඩවිසූ නාත්තන්ඩියේ පක්‍ද්ක්‍දාකර නාහිමි සහ වත්මන් පරිවේනාධිපති කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමි සහ මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි ආදී නාහිමිවරුන් කලින් කලට දේශපාලන මතවාද සුළි සුළංවලට ගොදුරුව ඉන් ජයග්‍රහණය ලැබූ කීර්තිමත් මහ සඟරුවන වෙති. 


එසේ වුවද මෙම මතවාද නිසා අල්පමාත්‍රයකින් හෝ තම භික්‍ෂුත්වය මෙන්ම  අනන්‍යතාව කෙලෙසා නොගත් ආදර්ශමත් පරපුරකි.


එසේම මෙම ශාසනික හා දේශපාලනික අර්බුදවලදී උන්වහන්සේලාට ධෛර්ය, ශක්තිය හා ආශිර්වාද ලබාදුන් ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ශ්‍රීමත් නිකැලස් ආටිගල ආදීකොටගත් විද්‍යාලංකාර දායක සභා ප්‍රභූවරුද අමතක කළ නොහැකිය.

 

 


ඡායාරූප / සටහන :
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි

 



අදහස් (0)

සීවලී හිමියන්ගේ භාෂා හරඹය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12299 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14540 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14941 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site