IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ෆොන්සේකා නිදහස් කරගැනීමේ තිරය පිටුපස මෙහෙයුම

2010 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වුණු සරත් ෆොන්සේකා බන්ධනාගාරෙ ඉදලා තමයි පාර්ලිමේන්තුවට ආවේ මුල් දවස්වල. එයාට ලොකු පිළිගැනීමකුත් තිබුණා. මේ අතරෙ ඔහුගෙ නඩුව විභාග කරන්න පටන් ගත්තා. නඩුව විභාග කළාට පස්සේ අවුරුදු දෙකක සිරදඬුවමක් හම්බවුණා. මේ තීන්දුවත් එක්ක ඔහුගේ මන්ත්‍රීධුරයත් අහෝසි වුණා. මේ අහෝසිවීමත් එක්ක ඒ වෙනුවට පත්වුණේ ජයන්ත කැටගොඩ. ජයන්ත එක්සත් ජාතික පක්ෂෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන්නෙ නැතුව සරත් ෆොන්සේකා නියෝජනය කරන දේශපාලන පක්ෂෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඊළඟ ස්ථානයේ හිටියේ. ඒක නිසා තමයි සරත් ෆොන්සේකාගේ පුරප්පාඩුවට ඔහුට එන්න පුළුවන් වුණේ.


මේ අතරේ සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයකුත් ක්‍රියාත්මක වුණා. දේශපාලන පළිගැනීමක් උඩ කරපු සිරගත කිරීමක් කියලා තමයි ඔහුව නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය දියත් වුණේ. එක්සත් ජාතික පක්ෂයට ඕනෑ වුණා සරත් ෆොන්සේකා අඩුම තරමේ ජනාධිපති සමාව යටතේ හෝ නිදහස් කර ගන්න.

 

 

අපි පක්ෂය ඇතුළෙ මේක සාකච්ඡා කරලා රනිල් වික්‍රමසිංහයි, මමයි වැලිකඩ බන්ධනාගාරෙට ගිහින් සරත් ෆොන්සේකා මුණ ගැහුණා. සරත් ෆොන්සේකාට රනිල් වික්‍රමසිංහ කිව්වා එයාව නිදහස් කරගන්න සාකච්ඡා කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුණගැහෙන්න පක්ෂය තීරණය කළා කියලා. සරත් ෆොන්සේකා කිව්වා “ඒක කරන්න එපා” කියලා. ඔහු ඒකට කැමති වුණේ නෑ. මහින්දගෙ සමාවෙන් එළියට එන්නෙ නෑ කියල තමයි ඔහු දිගටම කිව්වේ. ඒත් අන්තිමට ආවෙත් එහෙම තමයි. රනිල් වික්‍රමසිංහ කිව්වා කොහොම හරි එළියට එන එක වැදගත් නිසා ඒක කරමු කියලා. එළියට ඇවිත් ආපහු දේශපාලනය පටන්ගමු කියලා අපි ඔහුට කිව්වා. සරත් ෆොන්සේකා ඒකට එකඟ වුණේම නෑ. මහින්ද රාජපක්ෂගෙ වුවමනාවට නිදහස් කරනවනම් ප්‍රශ්නයක් නෑ. ඒත් තමන්ට එක ඉල්ලන්න බෑ කියලයි ඔහු පස්සේ කිව්වේ. රනිල් වික්‍රමසිංහ කිව්වෙ ඔහු ඉල්ලන්නම් කියලා. 


අපි මේ ගැන මහින්ද රාජපක්ෂට දැනුම් දුන්නා. එතකොට ඔහු දැනුම් දුන්නේ සරත් ෆොන්සේකා හෝ ඒ පවුලේ කෙනෙක් ලිඛිතව ඉල්ලුවොත් ජනාධිපති සමාව දෙන්න පුළුවන් කියලා. අපි මේක සරත් ෆොන්සේකට කිව්වා. එයා ඒකට කැමති වුණේ නෑ.


සරත් ෆොන්සේකා මේ අදහසේ හිටපු නිසා අපි ගංගාරාමේ පොඩි හාමුදුරුවන්ට කිව්වා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කියලා. පොඩි හාමුදුරුවො කිව්වා මැදිහත්වෙලා තමන්ගෙ ඉල්ලීමක් විදියට මේක ඉදිරිපත් කරන්නම් කියලා. පොඩි හාමුදුරුවො මට කිව්වා ඒකට අවශ්‍ය ලියුම හදලා එවන්න කියලා. අපි ලියුම හදලා පොඩි හාමුදුරුවන්ට දුන්නා.
මේ අතර සරත් ෆොන්සේකගෙ අදහස වුණේ ඔහු වෙනුවෙන් දේශපාලන උද්ඝෝෂණ ව්‍යපාරයක් කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂය මේ තරම් සරත් ෆොන්සේකා වෙනුවෙන් මැදිහත් වුණේ 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වීම නිසා. හැබැයි මහ මැතිවරණයේදී ඔහු වෙනත් දේශපාලන පක්ෂයක් හදාගෙන වෙන් වුණා. ඒත් ඔහු අසරණවෙලා ඉන්න වෙලාවෙ අපේ පක්ෂයක් විදියට ඔහුට යුතුකමක් ඉටු කරන්න ඕන කියලයි කල්පනා කළේ.


අපේ පක්ෂය තීරණය කළා සරත් ෆොන්සේකා නිදහස් කරගන්න. ආණ්ඩුවට දැනෙන විරෝධතා ව්‍යාපාරයක් කරන්න. මේ වෙලාවෙ දයාසිරි ජයසේකර යෝජනා කළා රෑට මේ උද්ඝෝෂණය කරමු කියලා. ටිකක් වෙනස් දෙයක් කරන්න ඕනෑ නිසා එහෙම කරමු කියලයි දයාසිරි ඒ යෝජනාව ගෙනාවේ. පන්දම් එහෙම පත්තු කරගෙන බන්ධනාගාරෙ ළඟ ඉඳලා පෙළපාළියක් යමු කියලා තීරණය කළා. රෑ කරන මේ වැඬේ ටිකක් අවදානම් එකක් කියලත් අපිට තේරුණා. ඒත් කොහොම හරි මේක කරමු කියන අදහසට ආවා.


අපි කොහොම හරි මේ උද්ඝෝෂණ පෙළපාළිය පටන් ගත්තා. කොළඹ දිස්ත්‍රික්කයේ පිරිස එක්ක තමයි මේක කළේ. ලොකු පිරිසක් සහභාගී කරවගත්තෙත් නෑ. පුංචි බොරැල්ලෙ ඉඳලා බන්ධනාගාරෙ ළගින් බොරැල්ලට එන්න තමයි සැලසුම් කරලා තිබුණේ. පෙළපාළිය පටන් ගන්න මොහොතට මට සහභාගී වෙන්න බැරි වුණා. අනිත් අය වැඬේ පටන් අරගෙන ගියා. මම එනකොට ටිකක් පරක්කු වුණා. මම එනකොටම ආරංචි වුණා පෙළපාළියට පහර දෙනවා කියලා. රෝසි සේනානායකගේ වාහනේට එහෙමත් පහර දීලා තිබුණා. මම එතෙන්ට කිට්ටු වෙනකොට බොරැල්ලේ අපේ සංවිධායක ජයන්ත සිල්වා කිව්වා එතැනට යන්න එපා ගහනවා” කියලා. මම වෙන පාරකින් එතෙන්ට ගියා. එතකොට ගොඩක් අයට තුවාලත් වෙලා තිබුණා. වාහන වලටත් අලාභ හානි වෙලා තිබුණා. ආරංචි කරලා බලනකොට ඒක කරලා තිබුණෙ තිලංග සුමතිපාලගෙ කට්ටිය කියලා වාර්තා වුණා. පස්සේ අපි පාර්ලිමේන්තුවෙත් ඉන් පිටත් මේ සම්බන්ධයෙන් තිලංගට විරුද්ධව විරෝධය දැක්වුවා. පහරදීම නිසාම මේ උද්ඝෝෂණයට ලොකු ප්‍රචාරයකුත් ලැබුණා.


මේ අතරේ සරත් ෆොන්සේකාගෙ සිදුවීම අන්තර් පාර්ලිමේන්තු සැසිවාරයටත් ගෙනියන්න දොස්තර ජයලත් ජයවර්ධන ක්‍රියා කළා. ටිරාන් අලස්ලත් සරත් ෆොන්සේකා නිදහස් කරගන්න වෙන පැත්තකින් ක්‍රියාත්මක වුණා. ටිරාන්ල සාකච්ඡා කරලා තිබුණා ජනාධිපති මහින්ද එක්ක මේ ගැන. අන්තිමට මහින්ද රාජපක්ෂ සරත් ෆොන්සේකට ජනාධිපති සමාව ලබා දුන්නා. මුලදි සරත් ෆොන්සේකා අකමැති වුණත් ජනාධිපති සමාව යටතෙම තමයි එළියට එන්න වුණේ.

 

 


තව කොටසක් ලබන සතියට....

 

 

 

 

 

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

ෆොන්සේකා නිදහස් කරගැනීමේ තිරය පිටුපස මෙහෙයුම

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 65 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 81 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 135 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site