කලකට ඉහත ලේක්හවුස් ආයතනයේ රෝලන්ඞ් පෙරේරා නැමැති ඡායාරූප ශිල්පියෙක් සිටියේය. එවකට දිනමිණ කර්තෘ මණ්ඩලයට අනුයුක්තව සිටි හෙතෙම ඉතා සුළු අතපසුවීමකින් පවා දැඩි ලෙස කෝපයට පත්ව තැන නොතැන නොබලා බැණ වැදුණේය.
එසේම ඔහු එවකට මෙරට අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාට අතිශයින් හිතවත්ව සිටියේය. ඒ නිසාම අග්‍රාමාත්‍යවරයා සහභාගි වන විවිධ උත්සව සභා රැස්වීම්වල ඡායාරූප ගැනීම සඳහා තමන් යවන ලෙස ඉල්ලමින් තම ඡායාරූප කර්තෘවරයාට බොහෝ විට බලපෑම් කළේය. එවැනි ඇතැම් අවස්ථාවලදී ඔහු ඡායාරූප කතුවරයාට කියා සිටියේ “රෝලන්ඞ්ම ඇවිත් ඒ පින්තූර අරගන්න” යි ලොක්කා තමන්ට පෞද්ගලිකවම කී බවය.
“ලොක්කට මගේ පින්තූර තමයි හිතට වැදිල තියෙන්නේ. ඒකනේ මටම එන්න කියන්නේ.”
ඔහු බොහෝ විට එසේ කියන්නේ තම ආයතනයේ සහෝදර ඡායාරූප ශිල්පීන් සමගය. තමන් විසින් තෝරා බේරාදෙන අගමැතිතුමාගේ ඡායාරූප පසෙකට දමා වෙනත් ඡායාරූප පළ කරන උප කතුවරුන් සමගද ඔහුට තිබුණේ පුදුමාකාර තරහකි.
“මොකක්ද මල්ලි අද දාපු පී. එම්. ගේ පින්තූරෙ අන්තිමයිනේ. ඊට වඩා හොඳ එකක් මම ඊයේ ඔයාගේ අතටම දුන්නා.” යි කියමින් ඒ ගැන තම අප්‍රසාදය පළ කරන රෝලන්ඞ් ඊළඟට කරන්නේ තවත් මොනවාදෝ මුමුනමින් කැන්ටිමට ගොස් තේ එකක් බීමය.
“ඔව් ඉතින් රෝලන්ඞ් අයියට පී. එම්. ගේකුත් දීල තියෙනවනේ. තව කඩ කාමරයකුත් ඉල්ල ගන්නද කොහෙද වෙන්න ඇති ඔය තරං ගොට්ට අල්ලන්නේ.” යි කියමින් සහෝදර ඡායාරූප ශිල්පීන් විහිළු කරන විට ඔහුගේ මුවින් පිටවන වචන මාලාව බොහෝ සෙයින් කටුකය. නැතහොත් සභ්‍යත්වයෙන් තොරය. එහෙත් ඊළඟ මොහොතේ ඒ සියලු දෑ අමතක කරන හෙතෙම සුපුරුදු පරිදි ඔවුන් සමග කතාබහ කළේය.
එකල රෝලන්ඞ් සහ ප්‍රේමදාස අගමැතිතුමා ඇතුළු දේශපාලනඥයන් අතර සිදුවී ඇතැයි කියන රසවත් සිදුවීම් වටා ගෙතුණු අමුතු කතා බොහොමයක් සමකාලීන මාධ්‍යකරුවන් අතර තිබුණි. කෙසේ වෙතත් එවැනිදෑ ගැන කතා කිරීමට ප්‍රථම වටපිට බලා රෝලන්ඞ් ළඟපාතක ඇද්දැයි විමසා බැලීමට ද ඔවුහු විශේෂයෙන්ම වගබලා ගෙන සිටියහ. එසේ වූයේ එලෙස කතා කරන්නේ තමන් ගැන බව යන්තමින් හෝ ඉව වැටුණහොත් ‘මොනවද යකෝ තොපි ඔය කියන්නේ’ යි අසමින් ඔහු දබරයට ආ බැවිනි.
ඒ කාලයේ දිනමිණ පත්‍රයේ මුද්‍රණ පහක් දිනපතා නිකුත් කෙරුණේය. එහි සිටි එඩිෂන් හෙවත් නගර මුද්‍රණය ආරම්භ කෙරුණේ රාත්‍රී 1.00න් පසුවය. එහෙයින් රාත්‍රී සේවා මුරය භාරව සිටි උප කතුවරයාත්, ප්‍රවෘත්ති වාර්තාකරු සහ ඡායාරූප ශිල්පියාත් ඒ දක්වාම කාර්යාලයේ රැඳී සිටිය යුතුවිය. ඒ අනුව සන්ධ්‍යා කාලයේ සේවයේ නිරතව සිටි ඡායාරූප ශිල්පියාට තම සේවා මුරය අවසන් කර නිවසට යාමට හැකිවූයේ රාත්‍රී මුරය භාර ඡායාරූප ශිල්පියා පැමිණීමෙන් පසුවය.
දිනක් රෝලන්ඞ් සන්ධ්‍යා සේවයට වැටී සිටි අතර එදින රාත්‍රී සේවා මුරය භාරව සිටියේ ප්‍රේමදාස නැමැති තරුණ ඡායාරූප ශිල්පියෙකි. රෝලන්ඞ් ඔහු තමන්ගේ ගෝලයෙකු වශයෙන් සැලකීය.
“අනේ රෝලන්ඞ් අයියා මම අද ඔෆිස් එකට එන්න ඩිංගක් පරක්කු වෙනවා. මම එනකං චුට්ටක් ඉන්න පුළුවන් නේද?”
එදින සවස 4.00 ට පමණ දුරකථන ඇමතුමක් දුන් ප්‍රේමදාස එසේ කී විට මොකොද උඹ අද කෑල්ලත් එක්ක ෆිල්ම් එකක් වත් බලන්න යනවද? ඇසූ ඔහු හැබැයි උඹ රෑ 8.00 වෙන කොට එන්න ඕනෑ. නැත්නම් මම දමලා ගහලා යනවා යි කියමින් එම කොන්ත්‍රාත්තුව උපේක්ෂාවෙන් භාර ගත්තේය. රාත්‍රී සේවා මුරය සඳහා පැමිණෙන මාධ්‍යකරුවන් අතර එවැනි දෑ කොතෙකුත් සිදුවන බැවින් ඔහු එය සලකන ලද්දේ සාමාන්‍ය සිද්ධියක් ලෙසිනි.
එහෙත් එදින රාත්‍රී 8.30 පමණ වනතුරුම ප්‍රේමදාස සේවයට නොපැමිණි අතර තවත් ටික වේලාවකින් රෝලන්ඞ්ට දුරකථන ඇමතුමක් දුන් ඔහු කියා සිටියේ 9.30 ට පෙර තමන් අනිවාර්යෙන්ම කාර්යාලයට පැමිණෙන බවය.
කෙසේ වෙතත් එදින රාත්‍රී 10.00 පසුවන තුරු ඔහු කාර්යාලයට නොපැමිණි බැවින් රෝලන්ඞ් කලබල වූවේය. මේ අතර ඔහුගේ කෝපය උත්සන්න වීමට මුල්වූ තවත් හේතුවක් වූයේ එම සිද්ධිය දැනගත් දිනමිණ සහ ඬේලි නිවුස් කර්තෘ මාණ්ඩලිකයන් කීපදෙනෙකුම විටින් විට පැමිණ “ඕකා ඔය කතා කරන්න ඇත්තේ ගමේ ඉඳල වෙන්න ඇති. ඔය හාදයා අද නං එන්නෙ නෑ...” යි කියමින් ඔහු ඇවිස්සීමය. එකල දැන් මෙන් ජංගම දුරකථන නොතිබුණොත් තම සගයාට කතා කිරීමටවත් හැකියාවක් ඔහුට නොතිබිණි. ඒ අනුව රෝලන්ඞ්ට සිදුවූයේ දත්මිටි කමින් බලා සිටීමටය.
මේ අතර රාත්‍රී උපකතුවරයා සහ වාර්තාකරු ඔහු අසලට පැමිණ “රෝලන්ඞ් මචං අපි කෑම කාල එනකං පොඞ්ඩක් මෙතන බලාගනිං...” යි කියමින් කැන්ටිම දෙසට ගියෙන් හෙතෙම ඡායාරූප අංශයෙන් ඉවතට පැමිණ කර්තෘ මණ්ඩලයේ හිඳ ගත්තේය. එහිදී කර්තෘ මණ්ඩලයට ලැබුණු දුරකථන ඇමතුම් කීපයකටම පිළිතුරු දීමටද ඔහුට සිදුවූයේ පියන් කෙනෙකුවත් ළඟපාතක නොසිටි බැවිනි.
ඒ වනවිට වෙලාව රාත්‍රී 10.30ත් පසුවෙමින් තිබුණේය. තම සගයා හෝ කෑමට ගිය කර්තෘ මාණ්ඩලිකයන් දෙදෙනා හෝ ඒවනවිටත් නොපැමිණ තිබුණෙන් රෝලන්ඞ් සිටියේ බලවත් කෝපයකිනි. එහෙත් කෝපයෙන් දත්මිටි කෑම හැර ඔහුට කළ හැකි වෙනත් දෙයක් නොවීය.
මේ අතර දිනමිණ කර්තෘ මණ්ඩලයට යාබදව පිහිටා තිබූ ඡායාරූප අංශයේ දුරකථනය නාද වූයෙන් හෙතෙම වහා දුවගොස් රිසිවරය අතට ගත්තේය.
“මම මේ ප්‍රේමදාස කතා කරන්නේ”
දුරකථන රිසිවරය ඔස්සේ ඇසුණු එම වචන කීපයත් සමඟ කෝපාවිෂ්ට වූ රෝලන්ඞ් තෝ ප්‍රේමදාස බව දන්නවා. තොගෙ..... කියමින් අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වැදුණේය. ඒ සමගම එහා කෙළවරෙන් කතා කළ පුද්ගලයා රිසිවරය ආපසු තබන හඬද ඔහුට යන්තමින් ඇසුණේය.
ඒ මොහොතේම වාගේ පහළ සිට පියගැටපෙළ නැග ආ ප්‍රේමදාස “කාට ද රෝලන්ඞ් අයියා මේ බණින්නේ” යි අසමින් ඡායාරූප අංශයට එබෙන අයුරු දුටු රෝලන්ඞ්ගේ හිසින් දුම් පිටවූයේය. ප්‍රේමදාස අගමැතිතුමා ද ඇතැම් දිනවල රාත්‍රී කාලයේ දිනමිණට කතා කරමින් යම් යම් දෑ විමසන බව ඒ සමගම ඔහුගේ මතකයට නැගුණේ ඉබේටමය.
නිහාල් ජගත්චන්ද්‍ර
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති ප්‍රේමදාසට තිත්ත කතාවෙන් බැණ වැදීමක්