IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අරලියගහ මැදුරේ කඳුළු ගංඟා

 

අරලියගහ මැදුරේ ටාටා -7 නමින්  ආරක්ෂක අංශ හඳුන්වනු ලබන කාමරයේ දී මෙම පිරිස සාකච්ඡා කළහ. ඒ අනුව ඊට ලලිත් වීරතුංග හා ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගි වූහ. මෙම සාකච්ඡාව අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජංගම දුරකථනයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මෛත්‍රිපාල සිරිසේන මහතාට කතාකොට සුභ පැතීය. සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති අතර එය නිමවා තම මෝටර් රථයට ගොඩවීමට ගිය රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් හැරී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙසට පැමිණ යමක් පැවසීය. සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී සිටි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී නැවතත් විනාඩි 15 ක් පමණ කතා කළේය.


මේ වන විට අලුයම 5.00ට ආසන්න වී තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා පිටව යාමෙන් පසුව පැයක් පමණ කාලයක් එහි රැඳී සිටි ජනාධිපතිතුමා පෙරවරු 6.00 පමණ වෙද්දී අරලියගහ මැදුරේ සිටි පිරිසට හා සේවක මණ්ඩලයට ආචාරකොට කොටුව මන්දිරය බලා පිටත් විය. ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසීමට පෙර උදෑසන 8.00ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්කරන ලෙස දන්වා තිබිණි.
මේ අතර අරලියගහ මැදුර තුළ කොණ්ඩ කඩාගෙන මහ හඬින් ඇඬූ නිවේදිකාවන් හා තට්ට ඔලුගෙඩි බිත්තිවල ගසා ගනිමින් හැඬූ මහා කලාකරුවන් ද ඇතුළු තවත් විශාල පිරිසකගේ අඳෝනා තුළින් අරලියගහ මැදුර කම්පනය විය. තව ද ජනාධිපතිතුමා අවසන් වශයෙන් අරලියගහ මැදුරෙන් පිටව ගොස් විනාඩි දහයකට පමණ පසුව හදිසියෙන් මෙන් සිය කාර්යාලයේ සිට අරලියගහ මැදුර වෙත පැමිණි බැසිල් රාජපක්ෂ මැතිතුමා “මහින්ද අයියා ගියා දැයි” ඇසීය. කෙසේ වෙතත් අලුයම 2න් පසුව අරලියගහ මැදුර තුළ සිදුවූ මේ සියලු කලබැගෑනි අතරින් දුකට වේදනාවට පත්ව බොහෝ දෙනා තැන තැන දොඩමලු වෙමින් පරාජයේ වගකිවයුත්තන් ලෙස බැසිල් ඇමැතිතුමා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මෙන්ම සජින් වාස්ගේ නම ද මතකයට නැගූහ.


ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජනවාරි 8 රාත්‍රිය සඳහා ජයික් හිල්ටන් හෝටලයේ “කම්පාර්ට්මන්ට් දෙකක් වෙන් කරවා ගෙන තිබුණි. ඉන් එක කම්පාර්ට්මන්ට් එකක් කාර්යාලයක ස්වරූපයකින් ද අනෙක අවශ්‍ය පිරිසට නවාතැන් ගැනීමට ද සැලසුම් කර තිබුණි. ඒ අනුව ජනාධිපතිවරණය දිනයේ කරුණාසේන හෙට්ටිආරච්චි  මහතා ඇතුළු පිරිසක් නවාතැන් ගත්තේ ජයික් හිල්ටන් හෝටලයේය. ඒ සමඟම මැතිවරණ ප්‍රතිඵල තොරතුරු අනෙක් ස්ථානයේ එක්රැස් කිරීම ද සිදුවිය. මේ අතර රාත්‍රී 10 ට පමණ අරලියගහ මැදුරට සම්බන්ධ කරූගේ මිතුරකු වන අජිත් ගාල්ලගේ මහතා දුරකථනයෙන් කතා කරමින් “කරු අයියා මම දන්නවා ඔයා ඉන්න තැන. ටිකක් සැලකිලිමත් වෙන්න ජයික් හිල්ටන් එක අසලට ක්‍ෂෘ එක ඇවිල්ල ඉන්නේ” යනුවෙන් පැවැසීය. ඒ සමගම ගාල්ලගේ මහතා තවදුරටත් අවධාරණයෙන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවයි.


මේ අතර ජයග්‍රහණය තහවුරු වෙද්දී අලුයම 4.00ට පමණ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට කතා කළේය. වීරතුංග මහතාගේ ඉල්ලීම වූයේ ඔහුට අරලියගහ මැදුරට පැමිණෙන ලෙසයි. එහිදී කරු පළමුව මෛත්‍රි ඇමැතිතුමා අමතා වීරතුංග මහතාගේ දුරකථන පණිවුඩය දැන්වීය. ඊට මෛත්‍රි ඇමැතිතුමාගෙන්  අනුමැතිය හිමි විය. ඒ අනුව කරු අරලියගහ මැදුරට ගොස් ලලිත් වීරතුංග මහතා මුණගැසුණි. මෙහිදී වීරතුංග මහතා හෙට්ටිආරච්චි මහතාට දන්වා සිටියේ මෛත්‍රි ඇමැතිතුමා දිවුරුම් දීමේ කටයුතු හැකි ඉක්මනින්ම සිදුවීම වඩා වැදගත් බවයි. ඊට ප්‍රධානම හේතුව ලෙස වීරතුංග මහතා දක්වා සිටියේ ජනවාරි 13 වැනිදාට නියමිත පාප්වහන්සේගේ සංචාරයට පෙර අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දී රට තුළ සාමකාමී වාතාවරණයක් ගොඩනැගීම ප්‍රමුඛ කාර්යයක් බවට පත්ව ඇති බවයි. විශේෂයෙන්ම බොහෝ දෙනෙකුගේ විශ්වාසය වූයේ නව ජනාධිපති ලේකම්වරයා ලෙස කරුණාරත්න හෙට්ටිආරච්චි මහතා පත්වනු ඇති බවයි.


මේ අතර විජයානන්ද හේරත්ගේ මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් විය. එමගින් කියවුණේ ජනාධිපතිතුමා අරලියගහ මැදුර අතහැර යාමට සූදානම් බවයි.

 

ඒ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මැදුරේය. මෛත්‍රි ඇමැතිතුමා දොඩම්ගස්ලන්ද පැත්තේ පොල්වත්තක් මැද සුරක්ෂිත ස්ථානයකය. අපි රුපියල් 13,500 බැගින් ගෙවා ලබා ගත් ජානකී හෝටලයේ කාමර දෙකක් තුළය. හෙට හිරු පායන්නේ අපේ ජීවිතයේ ලබාගත හැකි උපරිම දේශපාලන ජයග්‍රහණයත් සමඟය.


ඉතා ශෝකී පරිසරයක් මැද අලුයම අරලියගහ මැදුරෙන් නික්ම ගිය ජනාධිපතිතුමා පැය දෙකකට ආසන්න කාලයක් කොටුව ජනාධිපති මන්දිරයේ රැඳී සිට පෙ.ව. 8.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.
මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ලේකම් කාර්යාලයට පැමිණ සිටි අතර ඔවුන් සියලු දෙනාගේම මුහුණුවල ඇඳී තිබුණේ පරාජයේ අඳුරු සෙවණැලිය. 


සියලු දෙනාටම භාවාතීශය වූ එම රැස්වීමේ දී පරාජයට හේතු හෝ එහි වගකිවයුත්තන් පිළිබඳ කිසිවකුත් කතා නොකිරීමට වගබලා ගත්හ. එහිදී විටින් විට කතා කළ බොහෝ දෙනා කියා සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තවදුරටත් පක්ෂයට හා ඔවුන්ට නායකත්වය දිය යුතු බවය. 


කෙසේ වෙතත් ජනාධිපතිතුමා සභාව අමතා ජය පරාජය විඳ දරා ගැනීමේදී තමාට ඇති අතීත අත්දැකීම් ද ආවර්ජනය කළේය. ඒ අනුව මෙම රැස්වීම අවසානයේ මැති ඇමැතිවරු ඉදිරියට පැමිණ එතුමාට වැඳ ආචාර කළහ.


මෙම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් වූ පසු ජනාධිපති ලේකම් කාර්ය මණ්ඩලයේ සේවක මණ්ඩලයට ද ආචාර කළ ජනාධිපතිතුමා නැවත කොටුව ජනාධිපති මන්දිරය බලා පිටත් විය. ඒ වන විට පෙරවරු 10.00 පමණ වී තිබිණි. මධ්‍යහ්න 12.00න් පමණ පසුව යළිත් බොහෝ මැති ඇමැතිවරු හිතවත්තු හා ඥාතීහූ කොටුව මන්දිරයට පැමිණියහ. ඒ වන විට ජනාධිපතිතුමා අසුන්ගෙන සිටියේ අමුත්තන් රැඳී සිටින කාමරයේය.
දිවා ආහාරයෙන් පසු පවුලේ සාමාජිකයන් සියලු දෙනාම මැදමුලන බලා පිටත්වීමට සැරසුණි. ඒ වන විට සවස 3ට ආසන්න වී තිබුණ අතර ඒ වෙනුවෙන් හෙලිකොප්ටර් දෙකක් සූදානම් කර තිබුණි. කොටුව මන්දිරය තුළ දී ද බොහෝ දෙනා ශෝකාකූල මුහුණුවලින් යුතුව හැසිරුණ අතර අවසන්වරට කොටුව මන්දිරයෙන් ජනාධිපතිතුමා පිටව යන විට එහි සිටි සියලු දෙනාගේම වේදනාව දෙගුණ තෙගුණ විය.


එදින මධ්‍යම රාත්‍රියට ආසන්නයේ ප්‍රකාශයට පත්වූ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය වූයේ කඹුරුපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ප්‍රතිඵලයයි. එය වැඩි ඡන්ද 17,570 කින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයගෙන තිබුණි. එහෙත් එතැන් සිට මැතිවරණ ප්‍රතිඵලවල අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය දක්වාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වඩා ඉදිරියෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡායාරූපය නිල ඡන්ද ප්‍රතිඵල කියැවෙන රූපවාහිනී තිරයේ සිනහමුසු මුහුණින් දිස්විණි. අලුයම 1.30 පමණ වන විට අප ජයග්‍රහණය කරමින් සිටින බව සෑම දෙසින්ම තහවුරු වෙමින් පැවතිණි. 


එහෙත් ඒ සමගම අප කලින් බලාපොරොත්තු වූ උපකල්පනික හා අසුබදායක පුවත අසන්නට ලැබුණි.


මට ලැබුණු එක් දුරකථන ඇමැතුමකින් කියවුණේ හමුදාව විසින් ඩී. එස්. සේනානායක විදුහලේ පිහිටි ප්‍රධාන ගණනය කිරීමේ මධ්‍යස්ථානය වටලා ඇති බවත් එහි ගණනය කිරීම් කටයුතු තාවකාලිකව නතරකර ඇති බවත්ය. ජනාධිපතිවරණ කාලය පුරා පැවැති සමාජ ප්‍රබන්ධය වූ “මහින්ද ජනාධිපතිතුමා ලක්ෂ 23 කින් දිනනවා, ලක්ෂ 13 කින් දිනනවා. ලක්ෂ 8 කින් දිනනවා, ලක්ෂ දෙකකින් දිනනවා, එකකින් හරි දිනනවා යන වීරෝදාර ප්‍රකාශ සියල්ල අවසානයේ කියූ බැරිම වුණොත් ගහල හරි ගන්නවා යන බැරිම තැන හන්දියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වූ මොහොතකි එය.

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

අරලියගහ මැදුරේ කඳුළු ගංඟා

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12299 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14540 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14941 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14549 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 130 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site