IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ඇඞ්ලින් මොලමුරේ ඉතිහාසගත වූ හැටි

බි්‍රතාන්‍ය යටත්විජිත යුගයේ දේශීය ව්‍යාපාරික පංතිය ව්‍යවස්ථාදායක බලය තමුන් වෙත ලබාගැනීම සඳහා කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1927 නොවැම්බර් 13 වැනි දින ඩොනමෝර් සාමිගේ ප්‍රධානත්වයෙන් සර් මැතිව් නේතන්, සර් ජෙෆ්රි බට්ලර්, ආචාර්ය සී. ඩ්‍රමන්ෂීල්ස් ගේ සහභාගීත්වයෙන් කොමිසමක් පත්කර එවූයේ පවතින ආණ්ඩු ක්‍රමය පිළිබඳවත් ඊට සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳවත් සොයා බැලීමටය.


ඒ අනුව ඔව්හු ලංකාවට සර්වජන ඡන්ද බලය සහිත මන්ත්‍රීවරු 61 කින් යුත් රාජ්‍ය මන්ත්‍රණ සභාවක් යෝජනා කළ අතර ලංකාව ඡන්ද කොට්ඨාස 50කට බෙදා සර්වජන ඡන්දයෙන් මන්ත්‍රීන් තෝරා ගතයුතු බවට වාර්තා කර සිටියේය. ඒ අනුව බස්නාහිර පළාතට කොට්ඨාස 14 ක්ද, මධ්‍යම පළාතට 08 ක්ද, දකුණු පළාතට 02 ක්ද, වයඹ පළාතට 05 ක්ද, උතුරුමැද පළාතට 01 ක්ද, ඌව පළාතට 03 ක්ද, සබරගමු පළාතට 05 ක්ද වශයෙන් ඡන්ද කොට්ඨාස බෙදන ලදී. 


මේ අනුව පිහිටුවීමට යෝජිත ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා මන්ත්‍රීන් තෝරා ගැනීමට 1931 මැයි 04 වැනිදා නාමයෝජනා කැඳවන ලදී. මැතිවරණ 1931 ජුනි 13 වැනිදා සිට 20 වැනිදා දක්වා පවත්වන ලදී. දේශපාලන පක්‍ෂ බිහිවී නොතිබුණු මෙකල එක් එක් අපේක්‍ෂකයාට වර්ණයක් ලබාදී එම වර්ණවලින් ඡන්ද පෙට්ටි සකස් කර ඡන්දපොළේ තැබීම සිදුවිය. ඒ අනුව ඡන්ද දායකයෝ තමන් කැමති අපේක්‍ෂකයාට ඡන්දය දී ඔහුට අදාළ පාට සහිත පෙට්ටියට ඡන්දය දැමිය යුතු විය. 


මෙම මැතිවරණයේදී අපේක්‍ෂකයෝ 09 දෙනෙක් නිතරඟයෙන් තේරී පත්වූ අතර, මිනුවන්ගොඩ ඩී. එස්. සේනානායක, කැලණිය සර් ඩී. බී. ජයතිලක, වේයන්ගොඩ, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, හැටන් පෙරී සුන්දරම්, බදුල්ල ඩී. එච්. කොතලාවල, බිබිලේ ජී. සී. රඹුක්පොත, දැදිගම ඒ. එෆ්. මොලමුරේ, රුවන්වැල්ල ජේ. එච්. මීදෙනිය අදිකාරම්, බළන්ගොඩ ජේ. සී. රත්වත්ත අදිකාරම් එම 9 දෙනා වෙති. 


රුවන්වැල්ල කොට්ඨාසය සඳහා නිතරඟයෙන් තේරී පත්වූ ජෝන් හෙන්රි මීදෙනිය අදිකාරම් තුමාට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඩී. එස්. සේනානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සාමාජිකත්වයද හිමි විය. නමුත් ඔහුට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් සේවය කළ හැකි වූයේ මාස හතරකුත් එක් දිනයක් පමණි. 1931 සැප්තැම්බර් 05 වැනි දින ඔහු මිය ගියේය. ඔහුගේ මරණයෙන් පසු පැවැත්වූ හත්දින දානයෙන් ඉක්බිති පැමිණි ඡන්ද දායක නියෝජිත පිරිසක් ඔහුගේ දියණිය වූ ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමිගෙන් ඉල්ලීමක් කරමින් අතුරු මැතිවරණයට ඉදිරිපත්වන ලෙස බැගෑපත් වීම නිසා ඇය එම ඉල්ලීමට කන්දුන්නේ ඔවුන් ප්‍රකාශ කළ පරිදි රුවන්වැල්ල ආසනය මීදෙනිය අදිකාරම්තුමාගේ පරපුරටම තබාගැනීමට අදහස් කරමිනි. ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි යනු මීදෙනිය අදිකාරම්ගේ දුවණිය සේම දැදිගම ආසනයට නිතරඟයෙන් පත්වී 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එවක සභාපති ධුරය දැරූ ඒ. එෆ්. මොලමුරේ මහතාගේ බිරිඳද වූවාය. රුවන්වැල්ල මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම 1931 ඔක්තෝබර් 06 වැනිදා සිදුවිය. නාමයෝජනා 04 ක් ලැබුණු අතර ඒවා නම්, 


1. ඒ. ඇෆ්. මොලමුරේ කුමාරිහාමි (සුදු පාට)

2. ආර්. ඇස්. ඇස්. ගුණවර්ධන (රතු පාට)

3. ඇලන් වී. සේනානායක (කහ පාට)

4. ඊ. වී. ආර්. ද සිල්වා (කොළ පාට)


1931 නොවැම්බර් 14 වැනිදා අතුරු මැතිවරණය පැවැත්වූ අතර සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසු පැවැති ප්‍රථම අතුරු මැතිවරණයයි. මැතිවරණයේ ප්‍රතිඵල නොවැම්බර් 16 වැනිදා ප්‍රකාශයට පත් විය.


ඒ. එෆ්. මොලමුරේ කුමාරිහාමි ඡන්ද 13,866

ආර්. ඇස්. ඇස්. ගුණවර්ධන ඡන්ද 4468

ඊ. ඒ. වී. ද සිල්වා 1950

ඇලන් සේනානායක 718

වැඩි ඡන්ද 

ලියාපදිංචි ඡන්ද 31,562

ඡන්දය දුන් ගණන 21,094

නරක් වූ ඡන්ද 922

 


වැඩි ඡන්ද 9398 කින් ඒ. එෆ්. මොලමුරේ කුමාරිහාමිගේ ජයග්‍රහණය මෙරට කාන්තා දේශපාලනයේ නව නැම්මක් ඇති කළේය. මොලමුරේ කුමාරිහාමි රුවන්වැල්ල ආසනයට ඉදිරිපත් වූයේ සිය පියාගේ දේශපාලන උරුමය වෙනුවෙන් වූ අතර ඇය මෙරට ප්‍රථම ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරිය වූවාය. එමෙන්ම එම අතුරු මැතිවරණය රාජ්‍ය මන්ත්‍රණ සභා ආණ්ඩුක්‍රමය යටතේ ප්‍රථම අතුරු මැතිවරණයද විය. මන්ත්‍රී ආසනයක් සඳහා කාන්තාවන් සටන් වැදුණු ප්‍රථම අවස්ථාවද මෙය විය. 


එමෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති ඒ. එෆ්. මොලමුරේ මහතාගේ බිරිඳ මේ ජයග්‍රහණය ලැබීමද විශේෂිත විය. මැතිවරණ ප්‍රතිඵල අනුව තුන්වන හා සිවුවන අපේක්‍ෂකයින්ගේ ඇප මුදල රාජසන්තක වීමද සිදුවිය. එදා 1931 සර්වජන ඡන්දය හිමිවූ මෙරට මුළු ජන සංඛ්‍යාව 1,577,932 ක් වූ අතර ඉන් කාන්තා ඡන්දදායිකාවන් වූයේ 599,384 පමණ බව වාර්තාවී තිබිණ. 


කෙසේ නමුත් අද පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% කිරීමට නීති ප්‍රතිපාදන ඇතුළත් වෙද්දී ලංකාවේ ප්‍රථම කාන්තා මහජන නියෝජිතවරිය වීමේ ගෞරවය ඒ. එෆ්. මොලමුරේ කුමාරිහාමි මැතිණියට හිමි විය. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම අතුරු මැතිවරණයෙන් ප්‍රථම කාන්තා මන්ත්‍රීවරිය මෙසේ බිහිවූවාය.

 

 

 

 

 

බණ්ඩාරගම 
සමරසේන මුදලිගේ



අදහස් (0)

ඇඞ්ලින් මොලමුරේ ඉතිහාසගත වූ හැටි

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6833 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 83 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 83 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site