IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ඇඟලුම් ළඳුන්ගෙන් විජයට දෝස්මුරයක්

 

දේශපාලනයට වෙන් වූ විශේෂිත වූ පැළැන්ති නොවුණත්. පවුල් පසුබිම ගත් කල, සුවිශේෂි පවුල් කිහිපයක් ඒ සඳහා නම් කළ හැකිය. මෙරට ගත් කල සේනානායක, බණ්ඩාරනායක, හේවාවිතාරණ, රාජපක්ෂ යනාදී පවුල් අඛණ්ඩව පවුල්වාදයෙන් දේශපාලනයට යොමු විය.


එසේම, පිටරටද ඉන්දියාවේ නේරු පවුල, ඇමෙරිකාවේ කෙනඩි පවුල, පාකිස්ථානයේ බූතෝ පවුල ආදීන් ද සමහරකි.


ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යාය ධර්මය යටතේ ආගම්, ජාති, කුල, පන්ති භේදයෙන් තොරව, දේශපාලනයට පිවිසෙන මාර්ග කොතෙකුත් බිහිවිය. මේ අනුව විවිධ ක්ෂේත්‍රයන්හි නියැලුණු විවිධ පුද්ගලයන්, විවිධ දේශපාලන පක්‍ෂවලින් හෝ ස්වාධීනව දේශපාලනයට පිවිසියේ, මෙරූ ඉගිලෙන පරිද්දෙනි. මෙසේ මැතිවරණයකට ඉදිරිපත් වන අයදුම්කරුවන්,  තෝරා ගනු ලබන ප්‍රමාණයට වඩා දහස් ගණනින් අධිකය.


රිදී තිරයෙන් ජනප්‍රිය තාවයට පත්වන නළු නිළියන්ද ඒ අතරවේ. මෙරට පමණක් ගත් කල ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙනිය, මාලිනී පොන්සේකා, ගීතා කුමාරසිංහ එයින් කිහිප දෙනෙකි.


මෙම තරු බොහොමයක් රිදී තිරයේ මෙන් දේශපාලන තිරයෙන් ද, කාලයාගේ ඇවෑමෙන් නිවී යතත් ජනප්‍රිය තාවයෙන් ඉහළ මට්ටමක සිටි අතළොස්සක් අතරින්, වඩාත් ඉහළ මට්ටමක සිට විජය කුමාරතුංග, දේශපාලන තිරයේද ඉතා කෙටි කලකින්. ඉහළ ජනප්‍රියතාවක් ලබා සිටියෙකි. රටේ ප්‍රමුඛ දේශපාලන පවුලක්වන බණ්ඩාරනායක පවුලට විවාහයෙන් සම්බන්ධ වූ විජය කුමාරතුංග, කවුරුත් කුමන අදහසක් දැරුවත් එම පවුලේ දේශපාලනමය පසුබිම, ඔහුගේ ජනප්‍රියතාවට වඩාත් ඉවහල් වූ බව නොරහසකි. 
මහර ඡන්ද කොට්ඨාසයේ අතුරු මැතිවරණයකට තරග කළ විජය කුමාරතුංග, තම ප්‍රතිමල්ලවයා අතින් පරාජය වූයේ, ඉලක්කම් දෙකක් වැනි ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණයකිනි.


දේශපාලකයා යනු, ජනප්‍රියතාවට හෝ අප්‍රසාදයට පත්වන පුද්ගලයෙකු නොවේ. එය කලින් කලට වෙනස්වන ධර්මතාවකි. මේ සඳහා තම දෛනික ක්‍රියා පිළිවෙළ හා කතා විලාශය බොහෝ දුරට බලපානු ලැබේ. මේ අනුව විජය ද වරක් දේශපාලකයෙකු වශයෙන් කට වරද්දාගත් පුද්ගලයෙකි.


ගාල්ලේ පැවති රැස්වීමක දී කටුනායක නිදහස් වෙළඳ කලාපයේ අසරණ කාන්තාවන් සිය ඇඟපත විකුණන වහල් කඳවුරක් බවට පත්ව ඇතැයි විජය කුමාරතුංග ප්‍රකාශ කළ බවට, 1982 මැයි මස 18 වැනි අගහරුවාදා “සියරට” පත්‍රය වාර්තා කළේ, මුළු නිදහස් වෙළඳ කලාපයම ගලක් ගැසූ දෙබරයක් මෙන් අවුස්සමිනි.


එයින් තවදුරටත් කියා සිටියේ, “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (සිරිමා කල්ලියේ) උප ලේකම් වන චිත්‍රපට නළු විජේ ද සිල්වා නොහොත් විජය කුමාරතුංගට විරුද්ධ කටුනායක නිදහස් වෙළද කලාපයේ කාන්තාවන් විසිදහසක් පමණ සටනට බැස ඇති අතර රොස්මිඞ් ප්ලෙස් එක වටලන්නට ද දැනට සාකච්ඡා කරගෙන යති.” යනුවෙනි.


තමන් හා තම දෙමාපියන් සහෝදර සහෝදරියන් දැඩි අවමානයකට හා නින්දාවකට බඳුන්වන සේ කර ඇති මෙම දීන ප්‍රකාශය තරයේ හෙළා දුටු ඔවුන්, මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කරවීම සඳහා නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාඛා උපදේශක කමිටු අටක සේවිකාවෝ සටනට බැස ගත්හ.


මේ සම්බන්ධයෙන් විජය කුමාරතුංගගේ නැන්දණිය වන සිරිමා බණ්ඩාරනායකගේ පාලන කාලය දෙසට ඇඟිල්ල දික් කළ ඔවුහූ, ඔහුගේ නැන්දම්මාගේ ආණ්ඩු කාලයේ බොම්බායේ හෝටල්වල ඇඟපත විකිණු මෙරට කාන්තාවන් ද සිටි බව අමතකදැයි. විජයගෙන් ප්‍රශ්න කළහ.


එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ ඇතිකළ නිදහස් වෙළඳ කලාපය, රටේ ජාතික ධනය ඉපයීමේ ජාතික කර්තව්‍යයක් කිරීමෙන් තොරව ගණිකා මඩම් බවට ඒත්තු ගැන්වෙන අන්දමේ අශික්ෂිත ප්‍රකාශයක් කළ විජයගේ නැන්දම්මා ද මේවාට වගකිව යුතු බවත් අහිංසක කතුන්ගේ ආත්ම ගෞරවය සපත්තුවට පෑගෙන වැලි කැටයක් ගණනටවත් ගණන් නොගෙන පවුල් බලයෙන් හිස උදුමමාගෙන කර ඇති මෙම පිළිකුල්කතාව වහාම ඉල්ලා අස්කර නොගතහොත් නීති මාර්ගයෙන් කටයුතු කරන බවටද සේවිකාවෝ විජයට තර්ජනය කළහ.


නිදහස් වෙළඳ කලාපයේ උපදේශක කමිටුවල සාමාජිකයින් විසින් මේ සම්බන්ධයෙන් විරෝධතා ලිපි රාශියක්ම අත්සන් කොට මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්‍ෂ, අධිනීතිඥ පෝල් පෙරේරා මහතා වෙත ද යවා ඇත.


තුන්දහසක් පමණ සිටි ඇල්.ඇම්.කේ (ලංකා) ලිමිටඞ් ආයතනයේ සේවිකාවන් විසින් ඉදිරිපත් කර ඇති විරෝධතා ලිපියේ, මෙසේද සඳහන් විය “නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන තරුණියන් ගණිකාවන් බව දක්වමින් විජය කුමාරතුංග මුළු මහත් ශ්‍රී ලංකාවම අපකීර්තියට පත් කරවමින් ප්‍රකාශයක් කර ඇති බවත් පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවට පමණක් නොව, ලොවේ මුළු මහත් කාන්තා පක්‍ෂයටම කරන ලද මෙම නිග්‍රහය, තරයේ හෙළා දකින අතර මෙම ප්‍රකාශයට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමට වුවද පසුබට නොවන බවත් එහි සඳහන් විය.


දෙදහස් පන්සියයක් පමණ සිටින, බෙනා වෙන්ඩර් ආයතනයේ සේවිකාවන් විසින් යවන ලද විරෝධතා ලිපියේ සඳහන් වූයේය. “ජාත්‍යන්තර කාන්තා වර්ෂය උත්කර්ෂවත් අන්දමින් පවත්වාගෙන යන වසරක දී නිදහස් වෙළඳ කලාපයේ කතුන් සඳහා විජය කුමාරතුංග කර ඇති ප්‍රකාශය කෲර වූත් අපකීර්තිමත් වූත් එකක් බවය. 


ස්ටාර් ගාමන්ට් ආයතනයේ සේවිකාවන්ගේ ලිපියේ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් මෙන්ම රටේ ආර්ථිකයට ද ඇප කැප වෙමින් අගනා සේවයක යෙදෙන කාන්තාවන් සම්බන්ධයෙන්, නිර්ලජ්ජිත පුද්ගලයන්ගෙන් ඇසෙන මෙවැනි අශික්ෂිත කතා තරයේ හෙළා දකින බවය.


ස්ක්වයර් ගාමන්ට්ස් ඒකාබද්ධ උපදේශක මණ්ඩල කමිටුව යවා ඇති විරෝධතා ලිපියේ දක්වා තිබුණේ, විජය කුමාරතුංගගේ මෙම ප්‍රකාශය, පුවත්පත් මගින් දැන ගන්නට ලැබීමෙන් තමන් ඉමහත් කෝපයටත් කම්පාවටත් පත්වූ බවත් මෙය මුළු කාන්තා පක්ෂයටම කරන ලද නිග්‍රහයක් බවත්ය.


වෙළඳ කලාපයේ සේවිකාවන් ගණිකාවක් බවට හැඳින්වීමට විජය කුමාරතුංගට ඇති අයිතිය ගැන විමසු කුරයන්මාල්ස් ආයතනයේ උපදේශක කමිටුව, දුරදිග නොබලා කර ඇති මෙම නිරලජ්ජිත ප්‍රකාශයෙන් මොන තරම් අපහාසයක් කතුන්ට ලැබුණේ දැයි සලකා බැලිය යුතුව ඇතැයි ද ප්‍රකාශ කර ඇත.


ශ්‍රී ලංකා ගාමන්ට්ස් ආයතනය සිය ලිපියෙන් දක්වා ඇත්තේ, පිරිමින් හා උරෙන් උර ගැටී, සේවයේ යෙදෙන කතුන් ගණිකාවන් කිරීම පිළිබඳව විජය කුමාරතුංගගෙන් වන්දියක් ලබාගත යුතුව ඇති බවත් අසත්‍ය හා ශෝචනීය වූ මෙම හෙළා දැකිය යුතු ප්‍රකාශය කටුනායක නිදහස් වෙළද කලාපයේ දියුණුව නොරුස්සන කණ්ඩායමකගේ උසි ගැන්වීම මත කරන ලද එකක් බව නොබියව ප්‍රකාශ කළ හැකි බවත් මේ පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් දීම සුදුසු බවත් යෝජනා කළහ.

ඒල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර



අදහස් (1)

ඇඟලුම් ළඳුන්ගෙන් විජයට දෝස්මුරයක්

රජින්ද Tuesday, 09 May 2017 07:44 AM

කොහොමත් දේශපාලන චරිතයක් විදිහට ගත්තම විජය ගැන මටනම් එතරම් ප්‍රසාදයක් නැහැ. ඔහුත්-ඔසීත් ඒ කාලේ වැඩෙමින් තිබු ත්‍රස්තවාදය හමුවේ සමාජයේ කැපී පෙනෙන චරිත විදිහට ඉන්න යම් උත්සහයක් දැරුවත් එයද ඉදිරියට ගෙන යාමේ උවමනාවක් තිබුනා කියා පෙනෙන්නට නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12293 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14937 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2797 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 443 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site