IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ඇමති ඩලස්ගේ උපකල්පන

ජනවාරි 5 වැනිදා සන්ධානයේ අවසන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණි. එහි ප්‍රධාන භූමිකාව ඉදිරිපත් කරන ලද්දේ ඩලස් ඇමතිතුමා විසිනි. එහිදී එතුමාගේ පරිකල්පන ශක්තිය අනුව ගොඩනගා ගත් පර්යේෂණ සැලසුම් හා මානව සම්පත් සංවර්ධන ආයතනය නම් වූ මනඃකල්පිත ආයතනයක් විසින් ඉදිරිපත් කර තිබු සමීක්ෂණ වාර්තාවක් එළිදැක් වුණි. 


ඩලස් ඇමතිතුමාට අනුව මෙම සමීක්ෂණය සඳහා ඉහත ආයතනය සමග තවත් ආයතන 14 ක් එක්ව එම සමීක්ෂණ වාර්තාව සම්පාදනය කර ඇත. එමගින් අසා සිටින්නා තුළ එහි විශ්වසනීයත්වය පිළිබඳ කිසිදු සැකයක් තිබිය නොහැක. මෙම සමීක්ෂණය සිදු කිරීමේදී ඊට ආචාර්ය, මහාචාර්ය හා නීතිඥයන් 26 දෙනෙකු ඇතුළු සහායකයන් 261 දෙනකු සහභාගී වී ඇති අතර රටේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 පුරා පුද්ගලයන් 25,012 ත් අතර සමීක්ෂණයට අදාළ ප්‍රශ්නාවලිය බෙදා හැරීමෙන් එහි නියැඳිය සකසාගෙන ඇත. 


ඩලස් ඇමතිතුමාගේ සමීක්ෂණයේ අවසන් අදියර ජනවාරි පළමු වැනිදා එනම් ඊට දින 4 කට පෙර සම්පූර්ණ කර ඇත. රටේ සම්පූර්ණ මැතිවරණ කොට්ඨාස 160 අතුරින් 106 ක ජය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ද ඉන් 43 ක ජය මෛත්‍රීපාල සිරිසේන මහතාට ද හිමි වනු ඇති බවට අනුමාන කළ ඩලස් ඇමතිතුමා මැතිවරණ කොට්ඨාස 11 ක තියුණු තරගයක් පවතින බවද පැවසීය. තවත් ආකාරයකට එය විග්‍රහ කළ එතුමා මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් 14 ක ජය මහින්ද ජනාධිපතිතුමාට හිමි වන අතර දිස්ත්‍රික්ක 5 ක් මෛත්‍රීපාල සිරිසේන ජය ගනු ඇතැයි පැවසීය. දිස්ත්‍රික්ක 3ක ජයග්‍රහණය අවිනිශ්චිතය. රටේ ඡන්දදායකයන් අතරින් 6.2% ක් තවමත් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති වුවද තම සමීක්ෂණයට අනුව ප්‍රකාශිත ඡන්දයෙන් 54.7% ක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ද 38.97% ක් පමණ මෛත්‍රීපාල සිරිසේන මහතාට ද හිමි වනු ඇතැයි ද ඩලස් ඇමතිතුමා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය. 


ඩලස් ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාවේ අවසන් ප්‍රතිඵලයේ අභ්‍යන්තර ගැටුම ඉතා පැහැදිලිය. එනම් රටේ මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 160 කි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් කුමන අයෙකුට ජයග්‍රහණය හිමි වේද යන්න පිළිබඳ අවිනිශ්චිතතාව ඇත්තේ මැතිවරණ කොට්ඨාස 11 ක පමණි. මින් කියැවෙන්නේ මෙම මැතිවරණ කොට්ඨාස කවුරුන් විසින් හෝ ජය ගනු ඇත්තේ ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවකින් බවය නමුත් ඒ තුළ රටේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් අතරින් 3 ක ඉරණම තීරණය වේ. එය එසේ විය හැකිද? 


කෙසේ වෙතත් 2008 - 2014 අතර පැවති සියලුම පළාත් සභා පළාත් පාලන සහ ජාතික මැතිවරණ ඉදිරියෙහි ඩලස් ඇමතිතුමා ජයග්‍රහණය පිළිබඳ මෙලෙස මැතිවරණයට පෙර ඉදිරිපත් කළ අනාවැකි ටක්කයටම හරි ගියේය. ඊට ප්‍රධාන හේතු දෙකකි. එකක් යුද ජයග්‍රහණයයි. අනෙක මීට පෙර විස්තර කළ පරිදි අපගේ කණ්ඩායම දිවා රෑ නිදිවරා සැකසූ මැතිවරණ පුරෝකථනයන්ය. එහෙත් ජනවාරි 08 ඡන්ද ප්‍රතිඵලය ඉදිරියෙහි එවැනි තත්ත්වයක් නොමැත. තවද විශේෂයෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ ආචාර්ය මහාචාර්ය හා ඔවුන්ගේ ශිෂ්‍යයන් මැතිවරණ සමීක්ෂණ වාර්තා සැකසූ අතර ඔවුන් ක්‍රියා කළේ හැටරියන්, අසූරියන් කර පෙන් වූ නූතන ව්‍යාජ මහෞෂධයන් ලෙසටය. එනම් ඔවුන් අවසානයේ ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තා යැයි කියැවෙන සාවද්‍ය ලේඛන සැකසුවේ ද අරලියගහ මැදුර තුළ සිටමය. යුද ජයග්‍රහණයෙන් ඔද වැඩුණු රටක ජනතාවක් ඇස් පියාගෙන මෙන් පැවති පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ඉදිරියේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පින්සිදු වන්නට එම සියලු දෙනාම ලෝක ප්‍රකට ‘ගැලප්’ වැනි මැතිවරණ සමීක්ෂණ ආයතන පරදා නැගී සිටියහ. 
ඩලස් ඇමතිතුමා ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාව තවදුරටත් වඩාත් තහවුරු කරනු වස් එහිම කාබන් පිටපතක් බඳු සමීක්ෂණ වාර්තාවක් යැයි සඳහන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරු පිරිසක් එක්ව ඉදිරිපත් කළ අතර එය මහාචාර්ය සම්පත් අමරතුංගගේ නිර්මාණයක් ලෙස ද හඳුනාගත හැකි විය. මෙම ව්‍යාජ සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහාම ඔවුන් සෙත් ලංකා නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබුණ අතර එහි සභාපතිවරයා ලෙස පෙනී සිටියේ නීතිඥ හේමන්ත ගමගේ මහතාය. ඊට අමතරව ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය ආර්. එම්. කේ. රත්නායක, සමාජ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය සී. එල්. කේ. රත්නායක, සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සේනානි හරිස්චන්ද්‍ර හා ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ගාමිණී වීරසිංහ ද සහභාගීවූහ. මොවුන්ට අනුව සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 54.73% ක් හා පොදු අපේක්ෂකයා 40.02% ක් ලබා ගනු ඇත. 


දේශපාලන විද්‍යාව හෝ රටේ මැතිවරණ ඉතිහාසය පිළිබඳ හය හතර නොදත් මොවුන් තමන්ට ලබා දුන් කොන්ත්‍රාත්තුව යටහත් පහත් ආකාරයෙන් සම්පූර්ණ කරනු වස් කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂිත ඡන්ද ප්‍රතිඵලය ලෙස දැක්වුයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 53.36% ක් හා මෛත්‍රීපාල සිරිසේන මහතා 42.6% වශයෙනි. ඔවුන්ට අනුව හම්බන්තොටදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 73.2% ක් ලබා ගන්නා විට මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා ගන්නේ 19.92%කි. පොළොන්නරුවේදී එය මෛත්‍රීපාල සිරිසේන මහතා 47.3% ක් හා මහින්ද රාජපක්ෂ මහතා 46.23% කි. සංඛ්‍යානය පිළිබඳ මහාචාර්යවරයෙකු ද එක්ව සිටි මෙම සමීක්ෂණ වාර්තාවට අනුව පොළොන්නරුවේදී ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයන් දෙදෙනාම එක්ව ලබා ගන්නේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 93.43% ක් පමණී. ඉතිරි 6.47% ට සිදු වූ දෙයක් නොමැත. 


විශේෂයෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලලිත සිරි ගුණරුවන් හා ඩි. එස්. ජයවීර එක්ව ඉදිරිපත් කළ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා 53% ක් හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 46% ක් ලබා ගන්නා බවට වූ සමීක්ෂණ වාර්තාවට හුදු පිළිතුරක් සැපයු මෙම ඉහත සමීක්ෂණ වාර්තා මගින් අනාගතයට ලබා දුන් වැදගත් පාඩම වූයේ උගතුන් අවිචාරවත් ලෙස දේශපාලනඥයන්ට කඬේ යාම නොකළ යුතු බව නොවේද? 


මේ අතර මිය ගිය ප්‍රභාකරන් සම්බන්ධ වෙළෙඳ දැන්වීමක් ජනවාරි 5 වැනිදා පුවත් පත් වල පළ විය. ඊට වස්තු විෂය වූයේ ඊට දින කිහිපයකට පෙර මහින්ද ජනාධිපතිතුමාගේ ප්‍රචාරක යාන්ත්‍රණය විසින් චන්ද්‍රිකා මැතිනිය මිස්ටර් ප්‍රභාකරන් යනුවෙන් අමතන ලියවිල්ලක් ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමය. ඉංග්‍රීසි බසින් ලියැවුණු එහිදි චන්ද්‍රිකා මැතිනිය ප්‍රභාකරන්ට මිස්ටර් යනුවෙන් ඇමතීම දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස හුවා දැක්වීම මෙහි අරමුණ විය. නමුත් සරදමකට මෙන් ඊට සමගාමීව ..්ිස්බ ඔරසඉමබැ.. වෙබ් අඩවිය ද සාම සාකච්ඡා අතරවාරයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රභාකරන් නම ඉංග්‍රීසි බසින් ලියු ලිපියක ඉහත පරිදිම මිස්ටර් ප්‍රභාකරන් ලෙස ආමන්ත්‍රණය කළ ලිපියක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව පොදු අපේක්ෂක වෙළෙඳ දැන්වීමක් ලෙස ජනවාරි 5 වැනි දින චන්ද්‍රිකා මැතිනිය මිස්ටර් ප්‍රභාකරන් ලෙස ඉංග්‍රීසියෙන් ලියා ඇමතීමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලියු ලිපියේ එලෙසම මිස්ටර් ප්‍රභාකරන් ලෙස අමතා තිබූ ආකාරයත් වෙළෙඳ දැන්වීමක් ලෙස නිර්මාණය කර තිබුණි.

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

ඇමති ඩලස්ගේ උපකල්පන

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14941 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 121 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site