IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ඇමති ලලිත්ගේ කාර්යාලයට ඇමති හමීඞ්ගෙන් තහංචියක්

 

වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන පෙලේ කැබිනට් ඇමැතිවරයෙකු වන කබීර් හෂීම් මහතාත්, රාජ්‍ය අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් අතර ඉකුත් දිනවල සීතල යුද්ධයක් හටගෙන තිබුණේය. ඒ සඳහා මුල්වී තිබුණේ කාර්යාල කාමර හුටපටයකි.

 

කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ නැගෙනහිර කුලුනේ 36 වැනි මහලේ පිහිටුවීමට යෝජිත අබේවර්ධන මහතාගේ රාජ්‍ය ඇමති කාර්යාලයේ වැඩි ඉඩකඩ ප්‍රමාණයක් කබීර් හෂීම් ඇමැතිවරයාගේ ප්‍රයෝජනය සඳහා වෙන් කරගෙන තිබීමේ ප්‍රශ්නය මේ වනවිට බොහෝ දුරදිග ගොස් ඇතැයි හෙළිවී තිබේ. තත්ත්වය කොතරම් බරපතළ අතට හැරී ඇද්දැයි කිවහොත් එම කාමර හුටපටය නිසාම ලක්ෂ්මන් යාපා ඇමැතිවරයා නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩභාර ගැනීමට පවා නොගොස් සතියක් පමණ යනතුරු තම ගම් ප්‍රදේශයේම රැඳී සිට ඇතැයි මෙරට බොහෝමයක් ජනමාධ්‍ය වාර්තා කර තිබුණේය.


හැබෑවට මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට බැරිවුණා ද? යි මෙහිදී කෙනෙකුට අසන්නට පුළුවන. ඒ අතර තවත් කෙනෙකුගේ සිතට නැගෙන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හැරෙන්නට මේ කොළඹ රටේ ඇමැති කාර්යාලයක් පිහිටුවීමට තරම් සුදුසු ස්ථානයක් තිබුණේම නැද්ද? යන ප්‍රශ්නයයි.


අනෙක් අතට රටක මැති ඇමැතිවරුන් යනු ඉතාමත් සුළු දේට පවා රණ්ඩු සරුවල් කර ගැනීමට පෙළඹෙන කුඩා දරුවෝ නොවෙති. එහෙයින් එම ප්‍රශ්නය එකී දේශපාලනඥයන් දෙදෙනා විසින්ම සුහදව කතා කර විසඳාගත යුතුය.


කෙසේ වෙතත් මීටත් වඩා බරපතළ ප්‍රශ්නයක් 1990 වසරේ දී එවකට සිටි මුල්පෙළේ කැබිනට් ඇමැතිවරුන් දෙපොළක් වූ ලලිත් ඇතුළත් මුදලි සහ ඒ. සී. එස්. හමීඞ් යන මහත්වරුන් අතර ද හටගෙන තිබුණි. 1989 මහ මැතිවරණයෙන් ජයගත් ලලිත් ඇතුළත්මුදලි මහතාට අභිනව ආණ්ඩුවේ ආහාර හා කෘෂිකර්ම ඇමැති ධූරය පිරිනැමූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පසුව සිදුකළ කැබිනට් සංශෝධනයේ දී ඔහු පත්කරනු ලැබුවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙනි.


“මට කොහෙත් එකයි..” කී ලලිත් ඇතුළත්මුදලි මහතා තම කෝපය යටපත් කරගෙන නව ඇමැති ධූරයේ දිවුරුම් දුන්නේය. මේ අතර ප්‍රේමදාස ජනාධිපතිතුමා තම සගයාට තවත් කැපිල්ලක් දමා තිබුණේ එවකට සිටි ප්‍රබල ඇමැතිවරයෙකු වන ඒ. සී. එස්. හමීඞ් මහතාට පැවරූ අධිකරණ ඇමැති ධූරයට අමතරව උසස් අධ්‍යාපන ව්‍යාපෘති ඇමැතිවරයා වශයෙන් ද පත් කරමිනි. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව යටතේ 1977 - 1988 දක්වාම මෙරට විදේශ ඇමැති ධූරය ඉසිලු හමීඞ් මහතා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් මුලින් උසස් අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ ඇමැති ධූරයට පත්කරන ලදී.


ලලිත් ඇතුළත්මුදලි මහතාගේ අධ්‍යාපන අමාත්‍යංශය බත්තරමුල්ලේ ඉසුරුපායේ පිහිටා තිබුණ ද උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවත්වාගෙන ගොස් තිබුණේ කොළඹ වෝඞ් පෙදෙසෙහිය. එහෙත් එම අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ඇතුළත්මුදලි ඇමැතිවරයාට හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයට තම රාජකාරි කටයුතු පවත්වාගෙන යාම සඳහා කාර්යාලයක් නොතිබිණි. එසේ වූයේ එහි තිබූ එකම අමාත්‍ය කාර්යාලයේ උසස් අධ්‍යාපන ව්‍යාපෘති ඇමැතිවරයා වූ හමීඞ් මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය රැඳී සිටි බැවිනි.


නීතියත්, සදාචාරයත් අනුව නම් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යාලය ලැබිය යුතු වූයේ එම කැබිනට් ඇමැතිවරයා වන ලලිත් ඇතුළත්මුදලි මහතාටය. එහෙත් ඒ ගැන තුට්ටුවක තරමවත් සැලකිල්ලක් නොදැක්වූ ඔහු “මගේ ඔෆිස් එක කිසිම කෙනෙකුට දෙන්න එපා යි” අමාත්‍යංශ ලේකම්වරයාට කල්තියා තහංචි පනවා තිබුණේය.


මගේ ඔෆිස් එක මම හොඳට හදාගත්තේ කාටවත් දෙන්න නෙවි... යි කී හමීඞ් ඇමැතිවරයා කොළඹ අලුත්කඬේ පිහිටි නව අධිකරණ අමාත්‍යංශයට අදාළ වැඩ කටයුතු පවා සිදුකරනු ලැබුවේ වෝඞ් පෙදෙසේ සිටය. කෙසේ වෙතත් ඔහු කී ඒ කතාවේ ද යම් සත්‍යයක් තිබුණේය. එනම් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අයත් අබලන් අමාත්‍ය කාර්යාලය සුඛෝපභෝගී තත්ත්වයෙන් යුතුව නවීකරණය කරන ලද්දේ හමීඞ් මහතා උසස් අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ ඇමැතිවරයා වශයෙන් පත්වීමෙන් පසුවය.


තත්ත්වය ක්‍රමයෙන් ඔඩුදුවා ගෙන යද්දී එම ප්‍රශ්නය විසඳීමේ වගකීම පැවරී තිබුණේ උසස් අධ්‍යාපන ව්‍යාපෘති අමාත්‍ය ලේකම් ශ්‍යාමන් ජයසිංහ මහතාගේ කර මතය.


සර්, දැන් කොහොමද ඇතුළත් මුදලි ඇමැතිතුමාට කාර්යාලයක් දෙන්නේ...


ඔහු කල්යල් බලා හමීඞ් මහතාගෙන් එසේ ඇසුවේ අලුත්කඬේ පිහිටි අධිකරණ අමාත්‍යංශයේ ඉතා සුවපහසු අමාත්‍ය කාර්යාලයක් තිබෙන බව දැනසිටි බැවිනි. එහෙත් ඊට පිළිතුරක් නොදී තත්පර කීපයක් ඔහුගේ මුහුණ දෙස බලා සිටි හමීඞ් ඇමැතිවරයා “එයාට ඕන තැනක හිටපුවාවේ අපි මොකටද ඒ ගැන කරදර වෙන්නේ.” යි අසමින් ඉවත බලා ගත්තේය.


අන්තිමේදී ඒ කතාව ඇතුළත්මුදලි මහතාගේ කනට ද ගොස් තිබුණේය. එය එසේ මෙසේ කැපිල්ලක් නොව ඉහළින් පැමිණි එකක් බව ඔහු ඒ වනවිටත් දැනගෙන සිටියේය. එහෙයින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණීම වර්ජනය කිරීමට නොගිය ඔහු තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට නියෝග කළේ ඒ වනවිට වැඩිපුර ප්‍රයෝජනයට නොගෙන තිබූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයත් දේශන ශාලාව තමන්ගේ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා ලෙසයි.


හැබැයි අලුතින් කිසිම දෙයක් හදන්න යන්න එපා. මටයි ඔයගොල්ලන්ටයි ඉඳගෙන වැඩකරන්න පරණ මේස පුටු ටිකක් තිබුණම හොඳටම ඇති. යි කී ඇතුළත්මුදලි මහතා ඒ සතියේ සිටම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දේශන ශාලාව තුළට වී තමන් හමුවීමට පැමිණෙන ජනතාවගේ රාජකාරි අවශ්‍යතා ඉටුකර දුන්නේය. ඊට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ප්‍රවිෂ්ට වන ප්‍රධාන දොරටුව හමීඞ් මහතාටම පැවරූ ඇතුළත්මුදලි ඇමැතිතුමා දෝෂාභියෝග සිද්ධිය මත ඇමැති ධූරයෙන් ඉවත් කරන තුරුම එහි ඇතුළුවීම සඳහා ප්‍රයෝජනයට ගනු ලැබුවේ වම් පැත්තේ තිබූ අනෙක් දොරටුවයි. එකල සිටි ඇමැතිවරුන් තම තමන් මුහුණ පෑ ප්‍රශ්න විසඳාගනු ලැබුවේ එලෙසිනි. එහෙත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය.

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (1)

ඇමති ලලිත්ගේ කාර්යාලයට ඇමති හමීඞ්ගෙන් තහංචියක්

Saritha Tuesday, 04 July 2017 02:51 PM

ලලිත් ඇතුලත්මුදලි කියන්නේ නියම මහත්මයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12295 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 443 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site