IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


එජාපයේ අගමැතිකම ශ්‍රීලනිපයේ දිමුට

දිවංගත ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමා හිටපු අග්‍රාමාත්‍යවරයෙකුවූ දි. මු. ජයරත්න මහතාගේ දුර ඥාතියෙකි. එහෙත් ඔවුන් දෙපළ අතර තිබූ මිත්‍රත්වය එම නෑකමට වඩා සමීප එකක් විය.


එහෙයින් දිමු කොතැනකදී මුණ ගැසුණද ‘ඉතින් කොහොමද මලයා?’යි අසමින් මද වේලාවක් ඔහු  හා ආගිය තොරතුරු කතා කිරීම ඩී.බී.ගේ පුරුද්දක් වී තිබුණේය. ඩී. බී. මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණ කැබිනට් ඇමැතිවරයෙකු ලෙස පත්වන කාලයේ දි. මු. ගේ මන්ත්‍රීධුරය අහිමි වී තිබුණද ඔවුන් දෙදෙනාගේ හිතවත්කමට එමගින් බාධාවක් නොවීය.


මේ අතර වසර 12ක පමණ කාලයක් පාර්ලිමේන්තුවෙන් දුරස්ව සිටි දි. මු. යළි පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1989 වසරෙහිය. එවරද මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි ඩී. බී. දි. මු. සොයා ගෙන ගොස් සුබ පැතුවේය.


එකලද දි. මු. ප්‍රසිද්ධව සිටියේ පාර්ලිමේන්තු සබාගැබ දෙදරවා යන අයුරින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් විවේචනය කරන කටකාර මන්ත්‍රීවරයෙකු වශයෙනි. ඔහු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් වැඩි දෙනෙකුගේ ක්‍රියාකලාපය දැඩිලෙස දෝෂ දර්ශනයට ලක්කර තිබුණද ඩී. බී. විජේතුංග මහතාගේ නම ඒ අතර නොතිබිණි.


‘ඔයා පාර්ලිමේන්තුවේ ඉන්න හැම ඇමැති කෙනෙකුගෙම වැරදි කියනවා. ඒත් විජේතුංග මහත්තයා ගැන නම් ඔයා දොසක් කියනවා මට ඇහිලා නෑ..’


ඇතැම් දිනවල දිමුගේ බිරිඳ ඔහුට එසේ කියන්නේ විහිළුවටය. එවැනි අවස්ථාවලදී ඔහු බොහෝවිට කරන්නේ ‘ඉතින් වරදක් කියන්න තරම් දෙයක් ඒ මනුස්සයා අතින් සිද්ධවෙලා නැහැනේ..’යි කියමින් ඊට විහිළුවකින්ම පිළිතුරු දීමය. මේ අතර 1993 මැයි මස 01 වැනිදා කොළඹ ආමර් වීදියේ සිදුවූ කොටින්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ඝාතනය වූහ. ඒ වනවිට මෙරට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඩී. බී. විජේතුංග මහතා ඊළඟ පැය කීපයක් තුළ ජනාධිපති ධුරයේ අනුප්‍රාප්තිකයා ලෙස දිවුරුම් දුන්නේය. ඔහු එලෙස හිස්වූ ජනාධිපති ධුරයට පත්වූයේ මෙරට ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නෛතික විධිවිධානවලට අනුව රට අරාජිකවීම වළක්වා ගැනීමේ පියවරක් වශයෙනි.


කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව එම පත්වීම මෙරට පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයකින් අනුමත කර ගැනීම අත්‍යවශ්‍ය විය. එහිදී ශ්‍රීල.නි.ප.ය ඇතුළු පොදුජන එක්සත් පෙරමුණ සන්ධානයේ ඇතැම් ප්‍රබලයන්ගේ අදහස වූයේ ඩී. බී. ට නිකන්ම ජනාධිපති ධූරයට පත්වීමට ඉඩක් නොදී තම පක්ෂයෙන් ද ඒ සඳහා යම් අයකු ඡන්දයට ඉදිරිපත් කළ යුතු බවය. 


‘ඔව්. මැඩම් අපි එහෙම කරමු’ යි කී පොදුජන එක්සත් පෙරමුණේ බොහෝමයක් දේශපාලනඥයන් එම අදහසට ඉහළින්ම කැමැත්ත පළ කර සිටියද එවකට පොදුජන එක්සත් පෙරමුණු සන්ධානයේ මහලේකම්වරයා වූ දිමු ඊට අකමැති විය. ඔහුගේ අදහස වූයේ තම පක්ෂ සන්ධානයෙන් එවැනි අපේක්ෂකයෙකු පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් නොකළ යුතු බවය.


‘මැඩම්, ප්‍රේමදාස මහත්තයා මැරුණත් මේ අවුරුදු හය ගෙවිල යනතුරු ජනාධිපතිධුරය තියෙන්නේ යූ.ඇන්.පී ය අතේ. අනිත් එක ආණ්ඩුවට තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා. ඒනිසා අපෙන් කවුරු දැම්මත් ඒ පුද්ගලයා අනිවාර්යෙන්ම පරදිනවා. ඉතින් අපිට විරුද්ධ පක්ෂයක් හැටියට තියෙන ගෞරවයත් රැකගෙන අපි විජේතුංග මහත්තයාට ඡන්දෙ දීලා ඒ තනතුරට එතුමාව පත් වෙන්න ඉඩ හරිමු..යි කියමින් දිමු පළකළ අදහසට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියද තම පූර්ණ එකඟත්වය දක්වා තිබුණාය. ඒ අනුව පාර්ලිමේතුවෙන් නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන් නිතරග ජයක් ලබාගැනීමට ඩී. බී. විජේතුංග මහතාට හැකිවිය.


‘මේ අතර දිනක් උදේ වරුවේ දිමු නුගේගොඩ කන්දෙවත්තේ පිහිටි තම නිවසේ සිටිනවිට ජනාධිපති මන්දිරයෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණේය.


‘මන්ත්‍රීතුමා අපේ ජනාධිපතිතුමාට ඔබතුමා හමුවෙන්න ඕනවෙලා තියෙනවා. හෙට ඔබතුමාට පිළිමතලාවේ ගෙදරට එන්න පුළුවන්ද කියලා එතුමා අහනවා.


තමන් ජනාධිපතිතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු යැයි හඳුන්වාගත් එම තැනැත්තා එසේ කියද්දී දිමුට සිතුණේ එය තම පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ විහිළුවක් විය හැකි බවය. ඒ අනුව ‘කෝ ජනාධිපතිතුමා ඔතන ඉන්නවද?’ යි ඔහු ඇසූවිට එම සේවකයා ‘පොඞ්ඩක් ඉන්න සර්’ යි කියමින් ඒ අසල සිටි ජනාධිපතිතුමා අතට රිසිවරය දුන්නේය. 


‘ආයුබෝවන් දිමු මලයා. අපට කාලෙකින් කතා කරන්නවත් බැරිවුණා. ඒක නෙවේ මලයට බැරිද හෙට හවස් අතේ අපේ පිළිමතලාවේ ගෙදරට එන්න. මට මලයට කියන්න ලොකු කතාවක් තියනවා..’ යි කී විජේතුංග ජනාධිපතිතුමා මොහොතකට නිහඬවූයේ ඊට දි. මු. විසින් දෙන පිළිතුර කුමක්දැයි දැනගැනීමේ අදහසිනි.


‘හරි සර් කොහොමත් මම අද හවස ගමේ යන්නයි හිතාගෙන ඉන්නේ. මම නොවැරදීම එනවා’ යි කී දිමු තවත් වචන කීපයක් කතාකර රිසිවරය ආපසු තැබුවේය. 


‘විජේතුංග උන්නැහේ හෙට හවස මට පිළිමතලාවේ ගෙදරට එන්න කිව්වා. මොනවටද දන්නෙ නෑ?’


ඔහු එසේ කීවේ තේ කෝප්පයකුත් රැගෙන තමන් අසලට පැමිණි බිරිඳ දෙස බලමිණි. 


‘ඉතින් ඔයා යනවද?’


‘ඔව්. නැතුව හොඳ නැහැනේ. රාජ්‍ය නායකකම කොහොම වෙතත් ඒ මනුස්සයා මගේ හිතවතෙක් නේ”යි කී දි. මු. හිස් කෝප්පය ඇය අතට දී ගෙතුළට ගියේය.


දිමු පසුදින ගමේ යන අතරතුර ජනාධිපතිවරයා හමුවීම සඳහා පිළිමතලාවේ පිහිටි මහගෙදරට යනවිට ගාමිණි දිසානායක මහතාගේ මෝටර් රථය ගෙවත්තේ නතරකර තිබුණේය. එ.ජා.ප.යෙන් නෙරපා දමා සිටි ගාමිණී ඒ වනවිට මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකයා වශයෙන් කටයුතු කළේය.


‘ආ... ගාමිණී දැන්ද ආවේ?’


නිවස තුළ සිටි ගාමිණි දිසානායකගෙන් දිමු එලෙස ඇසූවිට ඔහු කියා සිටියේ එදින උදේ ජනාධිපතිවරයාගෙන් ලැබුණු කැඳවීමක් අනුව තමන් එහි පැමිණි බවය. ඒ සමගම වාගේ ජනාධිපතිතුමා පැමිණ ඔවුන් දෙදෙනාම කන්තෝරු කාමරයට කැඳවාගෙන ගියේය.


අනතුරුව ඔහු රටේ දේශපාලන වාතාවරණය පිළිබඳව ඔවුන් දෙදනා සමගම කතා කළේය. දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා ලලිත් ඇතුළත්මුදලි සහ චන්ද්‍රිකා ගැනද තම අදහස් විවෘතව පැවසූ විජේතුංග ජනාධිපතිතුමා මේ වටින් ගොඩින් එන්නේ කුමක් හෝ වැදගත් දෙයක් කීමට බව ඒ වනවිට ඔවුන් දෙදෙනාටම වැටහී ගොස් තිබුණේය.


‘එහෙම නෙවේ. දැන් අපේ පක්ෂයේ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් පොඩි පොඩි ප්‍රශ්න කීපයක් තියෙන බව ඔය දෙන්නම දන්නවනේ. ඉතින් මේ විදියට අපි මහ මැතිවරණයකට ගියොත් අපි දොගොල්ලන්ටම හරිහමන් ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරිවෙනවා.

 

ඒ නිසා මම මේ අදහසක්  හැටියටයි කියන්නේ, මේ ගැන මම අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එක්කත් කතා කෙරුවා..’යි කියමින් ලොකු වටයක් කැරකුණු විජේතුංග ජනාධිපතිතුමා දිමු සහ ගාමිණීගෙන් ඉල්ලා සිටියේ එ.ජා.පය සමඟ එක්වන ලෙසය.


‘දැන් අනුර ඉන්නෙත් අපි එක්කයි. ඉතින් ගාමිණී ආයෙමත් අපේ පක්ෂයට එනවා නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගෙන ඉල්ලන ඕනෑම ඇමැතිකමක් දෙනවා. ඊළඟ ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයක් අපි ඔයාට දෙනවා. මොකද මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. දිමු අපේ පැත්තට එනවනං අපි දැනට කැබිනට් ඇමැතිකමක් දෙනවා. ඊළඟ මහ මැතිවරණයෙන් අපි දිනලා ගාමිණී ජනාධිපති හැටියට පත්වුණාම ඒ ආණ්ඩුවේ අගමැතිකම දිමුට දෙන්නත් අපි පොරොන්දු වෙනවා.’යි කී විජේතුංග ජනාධිපතිතුමා කලබල නොවී නිවී සැනසිල්ලේ සිතා බලා තීරණයක් ගන්නැයි ඔවුන් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටියේය.


කෙසේ වෙතත් විජේතුංග මහතා කී දෑ ගැන තමන් හෝ ගාමිණී හෝ ඒ මොහොතේ කිසිදු අදහසක් පළ නොකළ බව දිමු පවසයි. ඔවුන් දෙදෙනාම කියා සිටියේ ඒ පිළිබඳව මදක් සිතාබලා දින කීපයක් ඇතුළත තමන්ගේ අදහස දැනුම් දෙන බවය.


‘ඔව්.. ඔව්.. හොඳට හිතලා බලලා තීරණයක් ගන්න. හදිසි වෙන්නත් එපා. හැබැයි ඊළඟ ජනාධිපතිවරණයෙනුයි මහමැතිවරණයෙනුයි අපි දිනුව ගමන් මගේ පොරොන්දු නං මම අකුරටම ඉෂ්ට කරනවා.’


එසේ කී විජේතුංග ජනාධිපතිතුමා දිමුටත් ගාමිණීටත් සමු දුන්නේ රසවත් කෝපි කෝප්පයකින්ද  සංග්‍රහ කිරීමෙන් පසුවය. කෙසේ වෙතත් විජේතුංග ජනාධිපතිතුමා විසින් කළ යෝජනාව ගැන දි. මු. තම බිරිඳට වත් හෙළි නොකළේය. ඒ අතර ඊට දින කීපයකට පසු මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයෙන් හා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් ඉවත්වූ ගාමිණී දිසානායක මහතා යළිත් එ.ජා.ප.ය සමඟ එක්වී කැබිනට් අමාත්‍ය ධුරයක් ද ලබා ගෙන තිබුණේය. එහෙත් තම සුපුරුදු ශ්‍රී ල.නි.ප.ය සමඟ දිගටම රැඳී සිටි දි. මු. 2010 වසරේදී මෙරට අග්‍රාමාත්‍ය ධුරයෙන්ද පිදුම් ලැබුවේ තමන්ගේම පක්ෂයේ ආණ්ඩුවකිනි.

 

 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

එජාපයේ අගමැතිකම ශ්‍රීලනිපයේ දිමුට

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12299 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14540 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14941 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14544 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site