IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


එජාපයේ බයනැති සභාපති

තිස්සගේ මතක වත-80

එක්සත් ජාතික පක්‍ෂයේ අතීත ක්‍රියාකාරි නායකයෙක් විදිහට රන්ජන් විජේරත්නගේ භූමිකාව  විශේෂ එකක්. ඔහු එක්සත් ජාති පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වෙන්නේ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ භීෂණකාරි කටයුතු තදින් ක්‍රියාත්මක  වෙච්ච  අවදියේ. ඒ වෙද්දි රන්ජන් විජේරත්න රාජ්‍ය අංශයේ වැඩ කළේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ 77 ආණ්ඩුව කාලේ ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා විදියටත් කටයුතු කළා. ඊටත් කලින් ඔහු සුප්‍රසිද්ධ වැවිලිකරුවෙක්. වැවිලි අංශයේ නමක් දිනාගත්තු  චරිතයක්. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙනුත් වැඩකළා. කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ සභාපති වෙලා හිටියා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් වෙලා හිටියා. මේ විදියට කටයුතු කරල තමයි ඔහු එක්සත් ජාතික පක්ෂයත් එක්ක සෘජු ලෙසම දේශපාලන වැඩට හවුල් වෙන්නේ.

 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සමීප සම්බන්ධතා උඩ එක්සත් ජාතික පක්ෂයේ පසුබිමේ රන්ජන් විජේරත්න කාලයක් තිස්සේ කටයුතු කළා.


 රන්ජන්  විජේරත්න එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති ධුරයට  පත්වීමත් අහඹු සිදුවීමක්. ඔහුත් සමහරවිට බලාපොරොත්තු වෙන්න නැතුව ඇති ඒ වෙලාවේ ඔහු ඒ තනතුරට පත්වෙයි කියල. හර්ෂ අබේවර්ධනගේ ඝාතනයත් එක්ක තමයි රංජන් විජේරත්නට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා විදියට කටයුතු  කරන්න අවස්ථාව ලැබෙන්නේ. රංජන් විජේරත්නගේ චරිත ස්වභාවය අනුව ඔහු ටිකක් දැඩි පුද්ගලයෙක්. යකාටවත් බය නැති ජාතියේ චරිතයක්. මුලින්ම යු.ඇන්.පී. එකේ සභාපති විදියට ඔහුව පත් කරපු අවස්ථාවෙත් ඔහුට  දැඩි ආරක්‍ෂාවක් දීලා තිබුණා.


 රන්ජන් විජේරත්න සිරිකොතට ඇවිත් වැඩ බාර අරගෙන  කටයුතු කරන්න සූදානම් වෙලා ඔහුගේ සහායට දෙන්නෙක් පත්කර ගත්තා. එයින් එක්කෙනෙක් මම. රන්ජන් විජේරත්නගේ පුද්ගලික සහකාරවරයෙක් විදියට තමයි මට වැඩ කරන්න ලැබුණේ. රාහුල  සිරිවර්ධනත් මමත් එක්ක රංජන් යටතේ වැඩකළා. මට විශේෂයෙන් පැවරුණු වැඩ කොටස වුණේ වෘත්තීය සමිති  ව්‍යාපාරය සහ පක්ෂ සංවිධාන බාරව කටයුතු කිරීම. රාහුල ඔහුගේ ලිපි ලේඛන කටයුතු භාරව වැඩ කළා.


 මේ කාලේ රංජන් විජේරත්න දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට බය නැතුව මුහුණ දුන්නු කෙනෙක්. ඔහුගේ දැඩි ස්වභාවයත් ඔහුට තිබුණු හමුදා පසුබිමත් මේ තත්ත්වයට හේතු වෙන්න ඇති. රංජන් විජේරත්න ස්වේජ්ඡා හමුදා සේවයේ කර්නල්වරයෙක් විදියට කලක් වැඩකරලා තියෙනවා. ඒක නිසා ඔහු කාටවත් බය නැති නිර්භීත පුද්ගලයෙකු විදිහට ප්‍රකට වෙලා හිටියේ.


 පක්‍ෂ සභාපති ධුරයට පත්වුණාට පස්සේ අපි රංජන් විජේරත්න එක්ක රට පුරා සංචාරය කරමින්  පක්‍ෂ සංවිධාන කටයුතු පිළිබඳ  හොයා බැලුවා. ඔහුට ඕන වුණා අඩාලවෙලා තිබුණු එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කරලා නගා සිටුවන්න. ඒ වෙලාවේ පක්‍ෂ දේශපාලන කටයුතු විධිමත් විදියට කරගෙන යන්න පුළුවන්  තත්ත්වයක් නොවෙයි රටේ පැවතුණේ. උතුරෙත් දකුණෙත් භීෂණය රජකරපු ඒ කාලයේ කවුරුවත් දේශපාලන වැඩකටයුතුවලට එළියට බැස්සේ නෑ. එහෙම එළියට බැස්සනම් ජීවිත අවදානමකට මුහුණ දෙන්න තමයි සිද්ධ වුණේ

 

 

 

 

 

 

තව කොටසක් ලබන ලබන සතියට  

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

එජාපයේ බයනැති සභාපති

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14940 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14540 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 111 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 90 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site