IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


“ඔබව බේරා ගැනීමට දක්‍ෂ නීතිඥවරයකු බිහිවී නැත”

අගමැතිවරයාට වෙඩි තැබූ අවස්ථාවේදී නිවසේ බිම සිවුරු තුනක් සහ අංශකඩයක් තිබූ බව පොලිස් පරීක්ෂක ටිරල් ගුණතිලක පවසා තිබුණි. ඉන් එකක් සෝමාරාමගේ විය හැකි මුත් අනෙක් සිවුරු දෙක කාගේද යන්න කිසිවෙකුත් නොදත්හ. බණ්ඩාරනායක මහතාට වෙඩි තැබීමත් සමගම කිසියම් පුද්ගලයෙක් නිවසේ තාප්පයෙන් පාරට පැන හරි මචං යනුවෙන් කියා මෝටර් රථයක නැගී පලාගිය බව අගමැති නිවස ඉදිරිපස ගෘහයක ගෘහ සේවිකාවක වූ ජොස්ලින් නමැත්තිය සාක්ෂි දෙමින් කියා සිටියාය. එහෙත් ඒ සම්බන්ධවද පොලිසිය පරීක්ෂණ පැවැත්වූ බවක් අනාවරණය නොවීය.


අගමැතිවරයාට වෙඩි තබන අවස්ථාවේදී ඒ අසල සිටි ගුණරත්න නමැති පාසල් ගුරුවරයකුටද වෙඩි වැදී සිටියේය. සෝමාරාම අගමැතිට වෙඩි තැබුවේ ගේ ඇතුළට මුහුණ පා සිටියදී බවත්, එසේ නම් පසෙක සිටි ගුණරත්නට වෙඩි වැදුණේ කෙසේද යන්නත් විත්ති පාර්ශ්වයේ නීතිඥයන් ප්‍රශ්න මතු කළේය. කෙසේ වෙතත් ඇසින් දුටු සාක්ෂියක් වශයෙන් ගුණරත්න කැඳවීමට පැමිණිලි පාර්ශ්වය හෝ විත්ති පාර්ශ්වය උනන්දුවක් ගෙන නොතිබුණි. මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක්ම මෙම නඩුවේදී දක්නට ලැබුණි. 


විනිශ්චයකාරතුමාගේ දේශනයෙන් පසු ජූරි සභාව පැය තුනකුත් විනාඩි තිහක කාලයක් පුරා සාකච්ඡා කර තීන්දුව ප්‍රකාශ කිරීමට නඩු ශාලාවට රැස්විය. ජූරි සභාවේ තීරණය අනුව මාපිටිගම බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන සහ සෝමාරාම වැරැදිකරුවන් ලෙස ඒකමතිකව තීරණය කළ බව අධිකරණයට දන්වා සිටින ලදී. 


අනුර ද සිල්වා නිවැරැදිකරු බවත් නිව්ටන් පෙරේරා නිවැරැදි කරු වශයෙන් ජූරි  සභිකයන් පස් දෙනෙක් කියා සිටි බවද දෙදෙනෙක් ඔහු වැරදිකරු බව ප්‍රකාශ කළ බවත් ජූරි සභාවේ නායකයා අධිකරණයට දන්වා සිටියේය.


ජුරි සභාවේ තීරණය ප්‍රකාශ කිරීමෙන් පසු විනිශ්චයකාරතුමා විත්තිකරුවන් ඇමතුවේය.


“මාපිටිගම බුද්ධරක්ඛිත! තමාගේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් අගමැතිතුමා ඝාතනය වූ බව ජූරි සභාව ඒකමතිකව පිළිගෙන තිබේ. බෞද්ධයෙකු වන මා හට බෞද්ධ භික්‍ෂුවකට මරණ දඬුවම නියම කිරීමට සිදුවේ යයි මම කිසි දිනක නොසිතුවෙමි. එහෙත් නීතියේ සේවකයෙකු වශයෙන් මට එසේ කිරීමට සිදුවී ඇත. තමාගේ හැසිරීමෙන් පූජනීය ස්ථානයක් කෙලෙසීමට ලක්විය.


එච්. පී. ජයවර්ධන! ජූරි සභාවේ තීරණය තමා ද අසා සිටින්නට ඇත. ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකුගේ ජීවිතයට හානි සිදු කිරීම ගැන තමා වගකිව යුතුය.


අනුර සිල්වා! මින් ඉදිරියටවත් තමන්ගේ තත්ත්වයට ගැළපෙන උදවිය පමණක් ඇසුරු කරන්නට පටන්ගත යුතුයි. තමා නිවැරදිකරුවෙකු ලෙස ජූරි සභාව තීරණය කර තිබෙන හෙයින් දැන් යන්න පුළුවන්.


තල්දූවේ සෝමාරාම! තමන් මේ කුමන්ත්‍රණකරුවන්ගේ ආයුධය හැටියට ක්‍රියා කළේ. තමාගේ දෑතින්ම අගමැතිතුමාට වෙඩි තැබූ බව කියැවුණා. ඒ තුවාලවලින් අගමැතිතුමාගේ ජීවිතය කිසිදිනක බේරා ගත නොහැකි බව වෛද්‍යවරුන් කියා සිටියා. මේ අපරාධය සිදුකරන අවස්ථාවේ තමා සිවුරු හැඳ සිටියත්, තවමත් තමන් තුළ යහපත් ගති ඇති බැවින් සිවුරු හැර සිටීම ගැන මා ප්‍රීති වෙනවා. තමාව නිදහස් කර ගැනීමට තරම් දක්‍ෂ නීතිඥයෙකු තවමත් බිහිවී නොමැති බව මා විශ්වාස කරනවා.


නිව්ටන් පෙරේරා! තමාගේ ජීවිතය බේරාදීම ගැන තමාගේ නීතීඥයාට ණය ගැතියි. වීරමන්ත්‍රී මහතා සහ සත්යේන්ද්‍ර මහතා ඉතා කැපවීමෙන් කටයුතු කළ නිසා තමාට නිදහස ලැබුණා. තවදුරටත් පොලිස් සේවයට අවනම්බු නොකර පොලිස් සේවයෙන් ඉවත්වන ලෙස මා අවවාද කරනවා. දැන් ඉතින් තමාට යන්න පුළුවන්.”


ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව විනිශ්චයකාරතුමා බුද්ධ රක්ඛිත ඇමතීය. මරණීය දඬුවම නියම නොකිරීමට හේතු තිබේදැයි විනිසුරුතුමා විමසා සිටියේය. එම අවස්ථාවේදි බුද්ධ රක්ඛිත විනිශ්චයකාරතුමා අමතා තමාට දිර්ඝ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව දන්වා සිටි අතර එයට අවසරය ලැබිණ.


ඒ අනුව බුද්ධරක්ඛිත විත්තිකුඩුවේ සිට ඉතා දීර්ඝ ප්‍රකාශයක් කරමින් සිය නිර්දෝෂි භාවය  ගැන විස්තර කළේය. පැයකුත් විනාඩි හතළිස් පහක් පුරා ඔහු කතා කළේය. අනතුරුව බුද්ධරක්ඛිත ඇමතූ විනිශ්චයකාරතුමා. “මාපිටිගම බුද්ධරක්ඛිත! තමාගේ  කතාවේ ඉංග්‍රීසි පිටපත මා ගරුතර අග්‍රාණ්ඩුකාරතුමාණන් වෙත යථා කාලයේ දී පිළිගන්වනු ඇත. එම කතාවේ දී මා ගැන කරන ලද සඳහනට මා පිළිතුරු නොදෙන්නේ මා නීතියේ සේවකයෙකු වන බැවිනි” ඉන්පසු  බුද්ධරක්ඛිතට මාංචු දමන ලදී. 


පසුදින එනම් 1961 මැයි 11 වැනි දින එච්. පී. ජයවර්ධන ද ගරු විනිසුරුතුමාගේ අවසරය මත දීර්ඝ ප්‍රකාශයක් සිදු කළේය. ජයවර්ධන අධිකරණය අමතා කතා කරන විට වරින් වර කඳුළු සැලුවේය. ඒ වනවිට තමාට අත්වන ඉරණම අවබෝධ වී තිබීම හේතුවෙන් ඔහුගේ ධෛර්ය සම්පූර්ණයෙන්ම සිඳී බිඳී ගොස් තිබුණි.


ඔහු අගමැති බණ්ඩාරනායක මහතා සමග තිබූ කිට්ටු සබඳතා පිළිබඳ බොහෝ විස්තර කියා සිටියේය. ජයවර්ධන මෙම නඩුව හැඳින්වූයේ පොලිස් කුමන්ත්‍රණයක් හැටියට. පොලිස් නිලධාරීන් රාජ්‍ය සේවකයන් පමණක් නොව බණ්ඩාරනායක මැතිනිය, ඇන්. ඇම්. පෙරේරා ආදීන් ද ඔහුගේ විවේචනයට ලක් කරනු ලැබීය.


ජයවර්ධන ද දීර්ඝ වශයෙන් කතා කළේය. ඔහුගේ කතාව අවසානයේ විනිශ්චයකාරතුමා ඔහුට මරණ දඬුවම නියම කරමින් කොළඹ වැලිකඩ සිර ගෙදර දී 1961 ජුනි මස 21 වන දින එල්ලා මැරීමට  නියෝග කළේය.


සෝමාරාම විනාඩි පහළොවක් පමණ කතා කළේය. ඔහුට ද මරණ දඬුවම නියම කෙරුණි. 


ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවට එරෙහිව බුද්ධරක්ඛිත, ජයවර්ධන සහ සෝමාරාම යන තිදෙනා ඇපෑලක් ඉදිරිපත් කර සිටියහ. ඇපැල් අධිකරණය රැස්වූයේ 1961 ඔක්තෝබර් මස 30 වැනි දින දීය.


අග්‍රවිනිශ්චයකාර රාජනීතිඥ හේමබස්නායක මහතා එච්. එන්. ජී. ප්‍රනාන්දු මහතා, ඇම්. සී. සන්සෝනි මහතා, එස්. සින්නතම්බි මහතා සහ ඇල්. බී. ද සිල්වා මහතා යන විනිශ්චයකාරතුමන්ලා පස්කට්ටුවකින් සමන්විත ඇපැල් අධිකරණය රැස්විය.


පැමිණිල්ල වෙනුවෙන් රාජ නීතිඥ ඊ. ජී. චිට්ටි මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආනන්ද පෙරේරා මහතා සහ අධිනීතිඥ එල්. බී. ටී. ප්‍රේමරත්න මහතා පෙනී සිටියහ.


බුද්ධරක්ඛිත වෙනුවෙන් රාජ නීතීඥ ඊ. ජී. වික්‍රමනායක මහතාද, ජයවර්ධන වෙනුවෙන් අධිනීිතිඥ ඇම්. ඇම්. කුමාර කුලසිංහ මහතාද, සෝමාරාම වෙනුවෙන් ලුෂන් ජී. වීරමන්ත්‍රි මහතා ද පෙනී සිටියහ.

 

 

 

මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 


ප්‍රේමලාල් රණවිළ



අදහස් (0)

“ඔබව බේරා ගැනීමට දක්‍ෂ නීතිඥවරයකු බිහිවී නැත”

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 50 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site