IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


කොටි කටට වැටුණු රත්වත්තේ බේරාගත් මෙහෙයුම

 

කොළඹ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයෙන් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගුවන්ගත වූයේ වවුනියාව ඉදිරි ආරක්ෂක වළල්ල පරීක්ෂා කර බැලීමටය.

ඒ 1996 වසරේ දෙසැම්බර් මස 07 වැනිදාය.

බෙල් 212 වර්ගයේ එම හෙලිකොප්ටර් යානයේ එනම් රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි අනුරුද්ධ රත්වත්තේ, එවකට හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් රොහාන් දළුවත්ත, උතුරු - නැගෙනහිර එවකට ආඥාපතිවරයා වූ මේජර් ජෙනරාල් අශෝක ජයවර්ධන, එවකට පොලිස්පතිවරයාව සිටි ඩබ්ලිව්. බී. රාජගුරු හා උතුරු - නැගෙනහිර හිටපු පුනරුත්ථාපන ඇමැති සුමතිපාල යන මහත්වරුන් ගමන්ගෙන තිබේ.


මෙයට අමතරව මේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක නිලධාරීහු ද සිටියහ.


බෙල් 212 හෙලිකොප්ටර් යානය හදිසි කාර්මික දෝෂයකට ලක්වීම නිසා ගොඩබෑමට සිදුවූයේ එවකට කොටි පාලනය යටතේ පැවැති අඩවියකටය.


මේ ප්‍රභූවරුන් සියලු දෙනාම කොටින්ගේ ග්‍රහණයට හසු නොවී බේරී ඒමට මග පෑදුණේ එවකට වවුනියාව පොලිස් මෙහෙයුම් මැදිරියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් උපසේවයේ කාන්තා කොස්තාපල්වරියක් නිසාය.


නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතා ඇතුළු ඉහළම ආරක්ෂක නිලධාරින් ඇතුළු සියලු දෙනාගේම ජීවිත බේරා ගත් මෙම පොලිස් කාන්තාව උපපොලිස් පරීක්ෂකවරියක් ලෙස උසස්වීම් ලබා වර්තමානයේ රාජකාරි කරනුයේ හොරණ මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වශයෙනි. ඇය සුමනලතා ලියනගේ නම් වන්නීය.


උපපොලිස් පරීක්ෂිකා සුමනලතා ලියනගේ මහත්මියට ඒ සිද්ධිය වී වසර 22ක් මේ වන විට ගතවී තිබුණත් එය තවමත් හොඳින් මතකයේ රැඳී තිබේ.


ලියනගේ මහත්මිය ඒ කතාව කියන්නට පටන් ගත්තේ ‘මගේ ජීවිතය තියෙන තෙක් මේ සිද්ධිය අමතක වෙන්නේ නැහැ’ යැයි පවසමිනි.


“එදාත් මම වෙනදා වාගේම වවුනියාව පොලිස් මෙහෙයුම් මැදිරියට උදේම රාජකාරියට රපෝර්තු කළා. වෙනදා වගේම මෙහෙයුම් මැදිරියේ රාජකාරියේ නිරතව සිටියා. පොලිසියක මෙහෙයුම් මැදිරියක් කියන්නේ හරිම කාර්යබහුල තැනක්. ඒ වාගේම වගකීම් බහුල රාජකාරි ස්ථානයක් බව කිව යුතුයි. ඔය සිද්ධිය වෙච්ච දවස මට අදටත් හොඳට මතකයි. 1996 වසරේ ජනවාරි මාසයේ 7 වැනි සෙනසුරාදා මම මෙහෙයුම් මැදිරිය බාරව රාජකාරියේ නිරතව සිටියදී දහවල් 11.00ට විතර මෝටරෝලාවෙන් අපැහැදිලි හඬකින් යමක් කියනවා ඇසුණා. ‘ළඟම ඇති පොලිසිය අමතන්න, අමතන්න’ කියමින් කියන පණිවිඩය තමා මට අපැහැදිලි ලෙස ඇසුණේ. දෙතුන් වරක්ම ඒ විදියට පණිවිඩය ඇසුණා. කොටිත් මේ  විදියට ඒ කාලයේ උන්ගේ සෙට්වලින් කතා කරනවා. ඒ හින්දා මම හිතුවා මෙය අපිව නොමඟ යවන්න කොටින් නිකුත් කරන පණිවිඩයක් කියා.


ආයෙත් ඒ විදියට පණිවිඩය ඉතා අපැහැදිලි ලෙස ඇසුණු නිසා මට පොඩි සැකයක් ඇති වුණා. පොලිසියකින් ලැබෙන ඇමතුමක් නිසා මම මෝටරෝලාව අතට අරගෙන වවුනියාව අමතන්න කියා කතා කළා. එක තත්පරයක් යන්නට කලින් අමතන්න මම රාජගුරු කතා කරන්නේ කියන වචනය මට යාන්තමට වගේ ඇසුණා. මොන රාජගුරු ද කතා කරන්නේ කියා මම ටිකක් සැරෙන් ඇසුවා. ඒත් එක්කම මම රාජගුරු කතා කරන්නේ කියා ආයෙත් කතා කළා. අන්න එතකොට මට පොඩි සැකයක් ඇති වුණා.


අපේ පොලිස්පතිතුමා රාජගුරු සර් ද දන්නෙ නැහැ කියා සිතා මම ඩී. බී. ද කියා ආයෙත් මෝටරෝලාව අතේ තියාගෙන ඇසුවා. පොලිස්පතිතුමාගේ නමේ මුලට ඩී. බී. කියන අකුරු දෙක තියෙන නිසා තමා එහෙම ඇසුවේ. ඔව් කියා එවිට මට පිළිතුරු ලැබුණා. අපේ පොලිස්පතිතුමාට මොකක් හෝ කරදරයක් වෙලා කියා මට බලවත් සැකයක් ඇතිවුණා.

 


අයි.ජී. සර්ව මොකක් හරි කරදරයකට මුහුණ පා තිබෙන බව මට හොඳටම තේරුම් ගියා. ඒත් එක්කම වාගේ අයි. ජී. සර් ආයෙත් කතා කළා. අපි හේනක් ළඟ ඉන්නවා ඉක්මනට එයාර්ෆෝස් එකට දැනුම් දෙන්න කීවා. මම මේ සියලු විස්තර එවකට අපේ කොට්ඨාසය බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී ද සිල්වා සර්ට දැනුම් දුන්නා. වවුනියාවේ ගුවන් හමුදා කඳවුරටත් ඒත් එක්කම සිද්ධිය  පණිවිඩ හුවමාරු යන්ත්‍ර මගින් දැනුම් දුන්නා.


ගාමිණී ද සිල්වා සර් පොලිසියේ ලොකු කට්ටියක් එක්ක අයි. ජී. සර් සොයා මෙහෙයුමකට පිටත්ව ගියා. මම දිගටම මෙහෙයුම් මැදිරියේ රැඳී සිටිමින් අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු කරගෙන ගියා. මම අයි. ජී. සර් ඉන්න ඉසව්ව සොයාදීමට ඔවුන් මුදාගැනීමට ගිය හෙලිකොප්ටර් යානාවලට සහාය ලබාදුන්නා. අයි. ජී. සර් වරින් වර කතා කර අවශ්‍ය තොරතුරු තමා මම නියමුවන්ට කතා කර පැවසුවේ. අපි හෙලිකොප්ටර් යානා හැඳින්වූයේ කුරුල්ලා යන නමින්. එහෙම කුරුල්ලා කියා රහස් සංකේතයකින් හැඳින්වූයේ ආරක්ෂක උපක්‍රමයක් වශයෙන්. එහෙම කුරුල්ලා යන නමින් හඳුන්වමින් කතා කළේ කොටින් අපි කතා බහ කරන දේවල් පණිවිඩ හුවමාරු යන්ත්‍ර මගින් ග්‍රහණය  කර ගනීමට කියන ඉඩකඩ වැඩි නිසා” යැයි සුමනලතා ලියනගේ මහත්මිය පැවසුවාය.


එතනින් එහාට සිද්ධ වුණු කරුණු කාරණා ගැන කිව්වේ එවකට වවුනියාව කොට්ඨාසය බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස පසුකාලීනව උසස්වීම් ලබා මේ වන විට විශ්‍රාම ලබා සිටින ගාමිණී ද සිල්වා මහතාය.


“කාන්තා කොස්තාපල් ලියනගේ තමා අයි. ජී. රාජගුරු සර් ලබා දුන් අපැහැදිලි පණිවිඩය ග්‍රහණය කරගෙන මට ඇවිත් කිව්වේ. එතකොට මම නිවාඩු අරගෙන ගෙදර එන්න ඇඳුම් බෑග් එක සූදානමින් හිටියේ. මේ පණිවිඩය ලැබුණ ගමන් මම ගෙදර යන එක පසෙක තබා ආයෙත් යුනිෆෝම් එක ඇඳගත්තා. එතකොටම වාගේ වැලිඔය ඉඳලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ඉද්දමල්ගොඩ මහත්තයා කතා කරලා අයි. ජී. සර්ලා ගිය හෙලිකොප්ටරයට කරදරයක් වෙලා ද කියා විමසුවා. මම කෙටියෙන් විස්තරේ කියා හැත්තෑවක සියයක විතර පොලිස් බල ඇණියක් අරගෙන පුවරසන්කුලම් බලා පිටත්ව ගියා. පොලිස් අධිකාරි වසන්ත මීගොඩවත් මෙහෙයුම් මැදිරියට පිටත් කර යැව්වා.


පුවරසන්කුලම් කියන්නේ ඒ කාලයේ කොටි ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ පැවතුණ ප්‍රදේශයක්. ඒ පැත්තේ හරියට ජොනී බට්ටෝ කියන බෝම්බ වළ දමා තිබෙනවා. ගමන හරිම අසීරුයි. ඒ වගේ බෝම්බයකට අහුවුණොත් කකුලක් යන එක ෂුවර්. ඒ අවදානමත් දරාගෙන තමා අපි කොටින්ගේ අඩවියට හොරෙන්ම ඇතුළු වුණේ. කිලෝමීටර් පහක් විතර යද්දී රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රත්වත්තේ මහතා ඇතුළු පිරිස ඈත වැවක් ළඟ ඉන්නවා දැක්කා. එතකොටත් ඒ කට්ටිය අරගෙන යන්න චොපර් එකක් ලෑන්ඞ් කරලා තිබුණා. අපි, කට්ටිය අරගෙන යනකම් භූමියට අවශ්‍ය ආරක්ෂාව ලබාදුන්නා. හෙලිකොප්ටර් යානය ගුවනට ගියාට පස්සේ තමා අපි කොටි අඩවියෙන් ආයෙත් රජයේ පාලන ප්‍රදේශයට ආවේ. අපි මේ ගමන ගියේ ඕනෑම කොටි ප්‍රහාරයකට මුහුණ දෙන්න සූදානමින්”
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී ද සිල්වා මහතා ඊට පස්සේ වුණ දේවල් සම්බන්ධයෙන් සිය මතකය අවදි කරමින් කී කතාවයි මේ.


පොලිස්පතිතුමාගෙන් මට වවුනියාව හමුදා මූලස්ථානයට එන්න කියා පණිවිඩයක් එවා තිබුණා. ඒ නිසා මම එහාට ගියා. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රත්වත්තේ මහත්තයා සහ පොලිස්පතිතුමා ඇතුළු පිරිස කඳවුරට ඇවිත් හිටියා.


පොලිස්පතිතුමා මට කතා කරලා කිව්වා කාන්තා කොස්තාපල් ලියනගේව වහාම කැඳවාගෙන එන්න කියා. මා පණිවිඩයක් යවා ඒ මොහොතේම කොස්තාපල්වරිය ගෙන්වාගෙන පොලිස්පතිතුමා හමුවට ඉදිරිපත් කළා. පොලිස්පතිතුමා ඇතුළු කට්ටිය ලියනගේට අතට අත දීලා කරපු මෙහෙයට ස්තුතිය පුද කළා.


කාන්තා පොලිස් කොස්තාපල් ලියනගේ ඒ වෙනකොට උපසේවයේ නිරතව සිටීම නිසා පොලිස්පතිවරයා ඒ මොහොතේම ඇය නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර පොලිස් නිත්‍ය සේවයට බඳවාගෙන පොලිස් සැරයන් තනතුරට උසස් කළා. රුපියල් 20,000ක මුදල් පරිත්‍යාගයක් ද කළා යැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. හෙලිකොප්ටරයෙන් යද්දි වෙච්ච ඇබැද්දිය අපිත් එක්ක කිව්වා. කොටි අඩවියේ අතරමංවී සිටිය දී අපිට මගපෙන්වන්න ආවේ තිරුචෙල්වම් කියන කෙනෙක් බවත් ඔවුන් පැවසුවා. ඊට පස්සේ ඔවුන් මටත් සුබ පතලා කොළඹ යන්න පිටත් වුණා. කාන්තා කොස්තාපල් ලියනගේ එදා ඒ අපැහැදිලි ලෙස ඇසුණු පණිවිඩය ගණන් නොගෙන හිටියා නම් මොනවයින් මොනවා වෙන්න ඉඩ තිබුණා ද කියා කියන්න බැහැ” යැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහි තිබූ බැරෑරුම්කම ද සිහිපත් කරමින් කීය.


මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළ මෙහෙය ද ඔවුන්ගේ ප්‍රශංසාවට ලක්වී ඇත. නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිස කොටි අඩවියේ අතරමංව අසරණව සිටියදී ඔවුනට මග පෙන්වමින් තම ජීවිතය ගැන ද නොතකා ඉදිරිපත් වූ තිරුචෙල්වම් ගැන ද සොයා බලා ඔහු වෙනුවෙන් යමක් කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී ද සිල්වා මහතා අමතක කළේ නැත.
ඒ හා සම්බන්ධව තොරතුරු හෙළිකරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ පැවසීය.


“නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රත්වත්තේ මහත්තයා ඇතුළු පිරිසට කොටි අඩවියෙන් පිටවීමට මගපෙන්වූ තිරුචෙල්වම්ට තවදුරටත් ඒ ප්‍රදේශයේ සිටීම ඔහුගේ ජීවිතය අවදානම් බව මට තේරුම් ගියා. කොටි මේ බව දැනගත්තොත් තිරුචෙල්වම්ට දස වධ දීලා වෙඩි තබා මරා දමන එක සහතිකයි. ඒ හින්දා වවුනියාවේ ආරක්ෂක ස්ථානයක තිරුචෙල්වම්ට නවාතැන් පහසුකම් ලබා දුන්නා. ඒ විතරක් නෙමේ ඔහුගේ අවශ්‍යතාවන් හා ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බලන්න මම සහකාර පොලිස් අධිකාරි නිමල් චන්ද්‍ර වාකිස්ට මහත්තයාව පත් කළා. අවුරුද්දක් විතර යනකොට ඔහුව රැකබලාගනිමින් කෑම බීම සියල්ල පොලිසියෙන් ලබාදුන්නා. ඊට පස්සේ රජය මැදිහත්වෙලා ඔහු විදේශයකට ඇරියා කියා දැන ගැනීමට ලැබුණා”


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවේ එවකට සිටි දක්ෂතම නිලධාරියෙකු ලෙස කීර්තියක් දිනාගෙන සිටි අයෙකි. කාර්මික දෝෂයකට ලක්වීම නිසා කොටි අඩවියකට ගොඩබැස්සවීමට සිදුවූ බෙල් 212 හෙලිකොප්ටර් යානය කොටින්ට අසුවී ප්‍රයෝජනයට ගත නොහැකි වන තත්ත්වයට පත් කිරීමට එහි නියමුවන් කටයුතු කර තිබුණි.


වන්නි මානුෂිය මෙහෙයුමේ නිරතව සිටි 57 වැනි සේනාංකයේ භට කණ්ඩායම බෙල් 212 හෙලිකොප්ටර් යානයක සුන්බුන් ඉරණමඩු කොටි ගුවන් පථය ආසන්නයේ තිබී 2009  වසරේ ජනවාරි මස 15  වනදා සොයා ගෙන තිබිණි. සොයාගත් ඒ හෙලිකොප්ටර් යානයේ සුන් බුන් එදා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම ගමන් ගත්  යානයේ සුන් බුන් බවට පසුව හඳුනාගන්නා ලදී.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

කොටි කටට වැටුණු රත්වත්තේ බේරාගත් මෙහෙයුම

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12293 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14937 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2797 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 443 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site