IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කොටින්ගේ දශක තුනක ප්‍රභූ ඉලක්ක

වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවන් අතින් මුලතිව් වෙල්ලමුල්ලිවෛක්කාල් වගුරු බිමේදී 2009 වසරේ මැයි මාසයේ මැරුම් කනතෙක්ම ඔහු ජන සංහාරයේ යෙදුණේය.


එල්ටීටීඊ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන් දශක තුනක පමණ කාලයක් තිස්සේ ළමා ළපටින් ඇතුළු සිය දහස් ගණකගේ ලේ රස බැලූ ලෝකයේ සිටි බිහිසුණුම දරුණුතම ජන ඝාතකයාය. 

 

 

වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවන් අතින් මුලතිව් වෙල්ලමුල්ලිවෛක්කාල් වගුරු බිමේදී 2009 වසරේ මැයි මාසයේ මැරුම් කනතෙක්ම ඔහු ජන සංහාරයේ යෙදුණේය.


මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සංස්කෘතිය ලෝකයේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල ක්‍රියාත්මක ගරිල්ලා සංවිධානවලට පළමු වතාවට හඳුන්වාදෙනු ලැබුවේද වෙන කවුරුවත් නොව ප්‍රභාකරන්ය. 


ප්‍රභාකරන්ගේ අණින් ඝාතනයට ලක්වූ සිය දහස් ගණන් ජනයා අතරේ සිංහල පමණක් නොව දමිල ජාතික දේශපාලනඥයන්ගේ ගණනද සුළුපටු නොවේ. 


දේශපාලනඥයන්ගේ ලේ රස බැලීමට ප්‍රභාකරන් මුලින්ම පටන් ගත්තේ යාපනය නගරාධිපතිවරයාව සිටි ඇල්ෆ්‍රඞ් දොරේඅප්පා 1975 වසරේ ජූලි මාසයේ 27 වැනිදා වෙඩි තබා ඝාතනය කරමිනි. 


ඇල්ෆ්‍රඞ් දොරේ අප්පා ඝාතනය කරනු ලැබුවේ යාපනය පොන්නායි කෝවිල අසලදීය. 


ප්‍රභාකරන්ගේ අණින් ඝාතනය වූ දේශපාලනඥයන් පිරිස අතරේ ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක්ද වූහ. 


මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් මිය ගිය අග්‍රාමාත්‍යවරයා වූයේ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතාය.


මරාගෙන මැරෙන කොටි කෙල්ලක් වූ ධනු නමැත්තිය යොදවා ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා 1991 මැයි මාසයේ 21 වැනිදා ඝාතනය කළේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගිවීමට පැමිණි  අවස්ථාවේදීය. 


අගමැතිවරයාට මල් මාලයක් දමා පිළිගැනීමට පැමිණි මුවාවෙන් ඔහු සමීපයටම ආ මරාගෙන මැරෙන කොටි කෙල්ල ඇය සිරුරේ බැඳගෙන සිටි බෝම්බය පුපුරවා ගත්තාය.

 
අග්‍රාමාත්‍යවරයා මිය ගියේ එම බෝම්බ පිපිරීමෙනි. 


ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් ඝාතනය වූයේ ඔහු 1993 මැයි මස 1 වනදා එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සහභාගි වෙමින් සිටිය අතරවාරයේ කොළඹ ආමර් වීදියේදීය. 


ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියද ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුවත් ඇය ජීවිතය බේරා ගත්තේ අනූනමයෙනි. 


මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයෙන් චන්ද්‍රිකා මැතිනියගේ  ජීවිතය බේරාගත් ඇයට එක් ඇසක් අහිමි වූවාය. 

 

 

ජනාධිපතිනිය මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ඉලක්කය වූයේ 1999 වසරේ දෙසැම්බර් මාසයේ 18 වැනිදා කොළඹ ටවුන්හෝල් එකේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගී වී සිටියදීය. 


බම්බලපිටිය ප්‍රදේශයේ නිවසක සිටියදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අමිර්තලිංගම් සහ එම පෙරමුණේ පාර්ලිමේන්තු  මන්ත්‍රී යෝගේෂ්වරන් යන මහත්වරුන් එල්ටීටීඊ සාමාජිකයන් සිවු දෙනකු විසින් වෙඩි තබා මරා දමනු ලැබුවේ 1989 වසරේ ජුලි මාසයේ 13 වැනිදාය. 


මෙම දේශපාලනඥයන් දෙදෙනාට වෙඩි තබා පලා යාමට උත්සාහ කළ කොටි ත්‍රස්තයන් හතර දෙනාට වෙඩි තබා මරා දැමුවේ අමිර්තලිංගම් මහතාගේ ආරක්ෂක නිලධාරියාව සිටි ටී. නිශ්ශංක මහතා විසිනි. 

 

මරාගෙන මැරෙන මිනිස් බෝම්බ සංස්කෘතිය ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක ගරිල්ලා සංවිධානවලට පළමු වතාවට හඳුන්වාදෙනු ලැබුවේද වෙන කවුරුවත් නොව ප්‍රභාකරන්ය. 
ප්‍රභාකරන්ගේ අණින් ඝාතනයට ලක්වූ සිය දහස් ගණන් ජනයා අතරේ සිංහල පමණක් නොව දමිළ ජාතික දේශපාලනඥයෝ ගණනද සුළුපටු නොවෙති. 

 

 


ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සදාම් තම්බිමුත්තු,  යෝගසංගරි සහ පී. කුරුමාකරන් යන මහත්වරුන් වෙඩි තබා ඝාතනය කළේ 1990 වසරේ අවස්ථා රැසකදීය. 


ආරක්ෂක අමාත්‍ය රංජන් විජේවර්ධන මහතා කොළඹදී ඝාතනය කළේ 1991 වසරේ මාර්තු මාසයේ 02 වැනිදාය. 


ආරක්ෂක අමත්‍යවරයකුව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතා එල්ටීටීඊ ත්‍රස්තයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියේ 1993 වසරේ අප්‍රේල් 23 වැනිදා කිරුලපන ප්‍රදේශයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වෙමින් සිටිය අතරවාරයේය.


 ලලිත් ඇතුලත්මුදලි මහතා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු පාර්ලිමේන්තුවේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ජීවිතය බේරා ගත්තේ සති කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුවය. 


ජනාධිපති ආපේක්ෂක ගාමිණි දිසානායක, හිටපු අමාත්‍යවරුන් වූ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඔසි අබේගුණසේකර සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාව සිටි ගාමිණී විජේසේකර යන මහත්වරු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වූයේ 1994 වසරේ ඔක්තෝබර් මාසයේ 24 වැනිදා කොළම තොටලඟ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වූ අවස්ථාවේදීය. 


ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. තංගදොරේ, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂන්මුගනාදන් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මහරුෆ් යන මහත්වරු එල්ටීටීඊය විසින් අවස්ථා දෙකකදී ඝාතනය කළේ 1997 වසරේ ජූනි හා ජූලි යන මාසවලදීය. 


යාපනය පුරපතිනියව සිටි සරෝජනී යෝගේෂ්වරම් මහත්මිය එල්ටීටිඊය විසින් ඝාතනය කළේ 1998 වසරේ මැයි මාසයේ 27 වැනිදාය. 
සරෝජනි මහත්මියගේ ඝාතනයෙන් පසු යාපනය පුරපති ලෙස පත්වූ පී. සිවපාලන් මහතා ඝාතනය කළේ එම වසරේම සැප්තැම්බර් මාසයේ 11 වැනිදාය. 

 

කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයාව සිටි සී.වී. ගුණරත්න මහතා ගල්කිස්ස බෙලෙක්කඬේ හන්දියේදී එල්ටීටිඊයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ඉලක්කයකට ගොදුරුවී මිය ගියේ පාගමනකට සහභාගි වෙමින් සිටියදීය. 


සී.වී. ගුණරත්න අමාත්‍යවරයා මිය ගියේ 2000 වසරේ ජූනි මාසයේ 08 වැනිදාය. 


මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සී.වී. අමාත්‍යවරයා සමග 23 දෙනකු මිය ගිය අතර එවකට ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ වර්තමානයේ  ගල්කිස්ස කොට්ඨාසය  බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතා ඇතුළු පිරිසක් තුවාල ලැබූහ. 

ජනාධිපති ආපේක්ෂක ගාමිණි දිසානායක, හිටපු අමාත්‍යවරුන් වූ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි, ඔසි අබේගුණසේකර සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාව සිටි ගා්මිණී විජේසේකර යන මහත්වරු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වූයේ 1994 වසරේ ඔක්තෝබර් මාසයේ 24 වැනිදා කොළම තොටළඟ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගි වූ අවස්ථාවේදීය. 

 

 


විදේශ අමාත්‍යධුරය දරමින් සිටි ලක්ෂ්මන් කදිරගාමර් මහතා එල්ටීටීඊ ස්නයිපර් වෙඩිකරුවකු අතින් ඝාතනය වූයේ කුරුඳුවත්තේ පිහිටි ඒ මහතාගේ නිවසේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගොස් සිටි අවස්ථාවකය. 


ඒ 2005 වසරේ අගෝස්තු මාසයේ 5 වැනිදා මධ්‍යම රාත්‍රියේදීය. 


ඝාතනයට ලක්වූ කදිරගාමර් මහතා වකුගඩු සැත්කමකටද ලක්ව සිටි දේශපාලනඥයෙක් විය. 


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතා වෙඩි තබා මරා දමා තිබුණේ 2008 වසරේ ජනවාරි මාසයේ දිනක මඩකළපුව දේවස්ථානයේදී පැවැති දේව මෙහෙයකට සහභාගි වෙමින් සිටියදීය. 


ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය හා පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ද.මු. දසනායක මහතා ජා ඇළ ප්‍රදේශයේ අටවා තිබූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්වූයේ ආණමඩුව සිය නිවසේ සිට කොළඹ බලා යමින් සිටි අතරවාරයේ 2008 වසරේ ජනවාරි මාසයේ 8 වැනිදාය. 


මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවකුගේ ප්‍රහාරයකින් ඝාතනය වූයේ ගම්පහ වැලිවේරිය ක්‍රීඩාංගණයේ පැවැති මැරතන් ධාවන තරගයකට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වී සිටි අවස්ථාවකය. 


ඒ 2008 වසරේ අප්‍රේල් මස 08 වැනිදාය. 


මේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිස් අධිකාරිවරයාව සිටි ලක්ෂ්මන් කුරේ නමැත්තාද කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම ප්‍රහාරය සඳහා කොටින්ට ආධාර අනුබල දුන්නේ යැයි කියන චෝදනාව යටතේය. 


උතුරුමැද පළාත් සභාවේ විපක්ෂනායකවරයාව සිටි මේජර් ජෙනරාල් ජානක පෙරේරා, පළාත් සභා මන්ත්‍රී  සුනිල් දිසානායක හා එජාප අනුරාධපුර කලාප සංවිධායක වෛද්‍ය ජෝන් පුල්ලේ යන මහත්වරුන් 2008 වසරේ ඔක්තෝබර් මාසයේ 6 වැනිදා අනුරාධපුරයේදී ඝාතනය කළේ මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකට ගොදුරු වෙමිනි. 


චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මෙන්ම මරාගෙන මැරෙන කොටි ප්‍රහාරවලින් යාන්තමින් ජීවිතය බේරාගත් තවත් දේශපාලනඥයන් දෙදෙනකු වනුයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා අමාත්‍ය මහින්ද විජේසේකර යන මහත්වරුන්ය. 


අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යාපන ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටියදීද අමාත්‍ය මහින්ද විජේසේකර මහතා මාතර ගොඩගම ප්‍රදේශයේදී කොටි ප්‍රහාරවලින් ජීවිත බේරාගෙන තිබිණි. 


විජේසේකර මහතා මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබීය. 

 

 

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

 
 



අදහස් (0)

කොටින්ගේ දශක තුනක ප්‍රභූ ඉලක්ක

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 47 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site