IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කඩුවෙල රත්කළ විමල් - බුද්දෙ සටන

කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණවීමටත් පෙර සිටම ඔහු තුළ එක්තරා සිහිනයක් තිබුණේය. එනම් කඩුවෙල නවගමුව පත්තිනි දේවාලය ඉදිරියෙන් ගලා බසින කැලණි ගඟ හරහා පාලමක් ඉදි කිරීමය. එවැනි පාලමක් ඉදිකරනු ලැබුවහොත් ගඟෙන් එගොඩ පිහිටි මාපිටිගමත්, ගඟෙන් මෙගොඩ පිහිටි නවගමුවත් යා කෙරෙන අතර එය නවගමුවේ පත්තිනි දේවාලයේ මහ පෙරහැර පැවැත්වෙන කාලයට මාපිටිගම පැත්තේ සිට පැමිණෙන දහස් ගණනක් වූ බැතිමතුන්ට බලවත් පහසුවක් වන බව හෙතෙම වටහා ගෙන සිටියේය.


එකල එවැනි පාලමක් නොතිබුණෙත් ගඟෙන් එගොඩ ගොඬේ සිටින ප්‍රදේශවාසීන්ට මෙගොඩට පැමිණීමට සිදු වී තිබුණේ ලොකු වටයක් කැරකීගෙනය. ඒ සඳහා බස් තුනකින් ගමන් කිරීමට ද ඔවුන්ට සිදු වී තිබුණේය. 
මට පුළුවන්කමක් ලැබුණොතින් එහෙම මම මැරෙන්න කලින් මෙතන පාලමක් හදනවායි අධිෂ්ඨාන කරගත් බුද්දෙ ඒ සඳහා අවස්ථාවක් ලැබෙනතුරු ඉවසිල්ලෙන් බලා සිටියේය.


1992 ප්‍රාදේශීය සභා මැතිවරණය ප්‍රකාශයට පත් කෙරුණේ ඊට ආසන්න කාලයකය. එකල රටේ පාලන බලය එ.ජා.ප.ය සතුව පැවතිණි. එහෙත් ඊට ප්‍රතිවිරුද්ධ පක්ෂයකට අයත් බුද්දෙලා සහයෝගය දී තිබුණේ ශ්‍රී.ල.නි.ප.යට ය. මේ අතර දිනක් බුද්දෙගේ දේශපාලන ගුරුවරයා වූ කිංස්ලි වික්‍රමරත්න මහතා ‘බුද්දෙ තමුසෙ’ මෙදා සැරේ කඩුවෙල ප්‍රාදේශීය සභාවට තරඟ කරන්න ඕනෑයි කියා සිටියේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අයුරිණි.


අඩුම වශයෙන් මට ඒ දවස්වල රැස්වීමක වචන දහයක් ගළපලා එක දිගට කතා කරන්නවත් බෑ. ඒක කිංස්ලි මහත්තයත් දන්නවා. ඒ සැරේ ඒ මහත්තයා මම ඒ අදහසට කැමති වෙන්නත් කලින් බුද්දෙගෙ නමත් උඩින්ම ලියාගන්න කියලා ලේකම්ට කිව්වා. අන්න ඒ විදියට තමයි මට කඩුවෙල ප්‍රාදේශීය සභාවට ශ්‍රී.ල.නි.පයෙන් තරග කරන්න ලැබුණේ.


ඔහු එසේ කියන්නේ 1992 වසරේ පැවැති ප්‍රාදේශීය සභා ඡන්දයට ඉදිරිපත්වීමට තමන්ට අවස්ථාව සැලසුන අන්දම ගැනය. බුද්දෙ එම ඡන්දයට ඉදිරිපත් වූයේ ලොක්කාගේ ඉල්ලීමට පිටුපෑමට තිබූ නොහැකියාව නිසා වුවද හෙතෙම එම ඡන්දයෙන් ඉහළින්ම ජය ගත්තේය. ඔහුට මුළු කඩුවෙල ප්‍රදේශයෙන්ම දෙවැනි තැනට මනාප හිමි වී තිබුණේ අඩුම වශයෙන් ඔහුවත් නොසිතූ අයුරිනි. එවර කඩුවෙල ප්‍රාදේශීය සභාවේ පාලන බලය ශ්‍රී.ල.නි.ප.යට හිමි වූ අතර හෙක්ටර් බෙත්මගේ මහතා සභාපති ධුරයට පත්වූවේය.


මේ අතර වැඩි කලක් නොයවාම බුද්දෙට කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හිමිවූයේ හෙක්ටර් බෙත්මගේ 1993 දී පැවැති පළාත් සභා ඡන්දයෙන් ජයගෙන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ බැවිනි.


ඊට පස්සෙ මගේ හිතේ වැඩ කෙරුවේ මේ පාලම හදන්නෙ කොහොමද කියන කාරණේ ගැනයි. මොකද අපේ ප්‍රාදේශීය සභාවටත් ඒ හැටි මුදලක් පාලම වෙනුවෙන් වියදම් කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. හැබැයි මම කොහොම හරි යෝජනාවක් ගෙනැත් රුපියල් ලක්ෂ 80 ක් වෙන්කර ගත්තා. ඒ මුදලෙන් ලොකු ප්‍රමාණයේ පාලමක් ඉදිකරන්න බැරි නිසා අඩි 5 ක් විතර පාලමක් හදන්නයි අපි සැලසුම් කෙරුවේ. ඒ වෙන කොට 1994 දී පොදු පෙරමුණ ඡන්දෙන් ජයගෙන චන්ද්‍රිකා මැතිනිය බලයට පත් වෙලා හිටියත් 1999 අවුරුද්ද දක්වාම වැඬේ දිග් ගැස්සුණා යි කියන බුද්දෙ වැඩි දුරටත් සඳහන් කරන්නේ එවකට පැවැති පොදු පෙරමුණු ආණ්ඩුවේ වෙළෙඳ හා වාණිජ කටයුතු ඇමැති කිංස්ලි වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නව පාලමට මුල් ගල තබන ලද බවයි.


පාලමේ ඉදිකිරීම් කටයුතු කෙරීගෙන යද්දී එවකට පැවැති පොදු පෙරමුණු ආණ්ඩුව 2001 මහ මැතිවරණයෙන් පරාජයට පත්විය. එසේම 2002 දී පැවැති ප්‍රාදේශීය සභා ඡන්දයෙන් කඩුවෙල පාලන බලය ද එ.ජා.පය ට ගියේය.


ඒ වනවිට ලහි ලහියේ වැඩ නිමවෙමින් පැවැති නව පාලමේ ඉදිකිරීම් කටයුතු නතර කළ කඩුවෙල ප්‍රාදේශීය සභාවේ නව සභාපති මුදිත පීරිස් මහතා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රතිපාදන ලබාගෙන පාලමේ පළල අඩි 8 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබුණේය. 


“ඒ ගැන වැඩියෙන්ම සතුටුවුණේ මම ”


එසේ කියමින් බුද්දෙ ඒ ගැන අවංකවම සතුටු වූයේ එම නිසා ත්‍රීවිලරයකට වුවද එම පාලමෙන් ගමන් කිරීමට ඉඩ ලැබෙතැයි පෙනීගිය බැවිණි. කෙසේ වෙතත් නව පාලනය යටතේ පාලමේ වැඩ කටයුතු සිදු කෙරුණේ ඉතාමත් මන්දගාමීවය. ඇතැම් අවස්ථාවලදී එහි ඉදිකිරීම් කටයුතු මාස ගණන් නතර වී තිබුණේය.


මේ අතර රටේ ආණ්ඩු බලය ද එ.ජා.ප.යෙන් ගිලිහී එ.ජ.නි.සය අතට පත්විය. ජනාධිපති ධුරයද ඒ සමගම මාරු වී ගියේ චන්ද්‍රිකා මැතිණිය අතින් මහින්ද රාජපක්ෂ මහතා අතටය.

 

ඒ වන විට කඩුවෙල ප්‍රාදේශීය සභාව මහ නගර සභාවක් බවට උසස් වී තිබුණු අතර එහි නගරාධිපතිධුරය බුද්දෙට හිමිවූවේය. එම කාලය තුළ නව පාලමේ ඉදිකිරීම් කටයුතු කාලයෙන් කාලයට නතර වෙමින් වුවද සිදු කෙරුණේය.


කෙසේ වෙතත් 2014 අවසානය වන විට නව පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් විය. ඒ වන විට පාලමේ ඉදිකිරීම් කටයුතු ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය මගින් සිදු කෙරුනද බුද්දෙ නිතර නිතර එහි ගොස් ඒ ගැන විමසා බැලුවේය.


පාලමේ වැඩ අවුරුදු 15 ක් ගතවෙලා හරි අවසන් වුණු එක මට ලොකු සතුටක් වුණා. මොකද ඒක තනිකරම මගේ අදහසක්. ඒවගේම පාලමේ වැඩ පටන් ගත්තෙත් මගේ කාලයේ. ඒ අතරේ මෙන්න කොහේවත් හිටපු විමල් වීරවංශ මහත්තයා ඇවිත් බැසිල් රාජපක්ෂ ඇමැතිතුමන් අල්ලගෙන පාලම විවෘත කරන්න සූදානම් වුණා.


බුද්දෙ එසේ කියන්නේ තමන්ගේ අදහසක් අනුව ඉතා අමාරුවෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගෙන ඉදි කෙරුණ මාපිටිගම - නවගමුව නව පාලම විවෘත කිරීමට ඉකුත් ආණ්ඩුවේ විමල් වීරවංශ සහ බැසිල් රාජපක්ෂ යන අමත්‍යවරුන් විසින් ගෙන තිබූ උත්සාහය ගැනය. එම පාලම ඉදිකිරීමට මුල් වූ තමන්ටවත් නොදන්වා නව පාලම විවෘත කිරීමට සූදානම් වීම ගැන කෝපවූ බුද්දෙ එසේ නොකරන ලෙස බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට පමණක් නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමු වී තම බලවත් විරෝධය පළ කළේය. එහෙත් එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු අතර කුමන හො විස්මිත හේතුවක් මත එම තීරණය වෙනස් කිරීමට ඔවුහු කැමැත්තක් නොදැක් වූහ.


දැන් ඔවුන් මුළු පළාතෙම පෝස්ටර් අලවලා තොරණ බැඳලා මඟුල් බෙර ගහලා එයට පාලම විවෘත කරන්නයි කට්ටියම සූදානම් වුණේ. දැන් පහුවදා උදේ බැසිලුයි, විමලුයි ඇවිත් ලොකු සද්දයක් දාලා පාලම විවෘත කරන්න බලාගෙන ඉන්න කොට ඊට කලින්දා හවස්වරුවෙ මම කට්ටියකුත් එක්ක ගිහින් දෙපැත්තෙ ගම් දෙකේ අයටත් එන්න කියලා නවගමුව පැත්තෙන් පීත්ත පටියක් කපලා පාලම විවෘත කෙරුවා.


බුද්දෙ එසේ කියන්නේ අලුතින් ඉදිකළ මාපිටිගම - නවගමුව පාලම අති උත්කර්ෂවත් අන්දමින් හා ඉකුත් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබියදී කලින්දා සවස තමන් එහි ගොස් එම පාලම ජනතාව සඳහා විවෘත කළ අයුරු පැහැදිලි කරමිනි.


“ෂිහ් බුද්දෙ අපේ මුළු වැඩ පිළිවෙළම කාල දැම්මායි” කියමින් ඔහුට පතුරු ගැලවෙන තුරු බැණවැදුණු බැසිල් සහ විමල් යන ඇමැතිවරු ඊට පසුදා පැමිණ සුබ මොහොතින් පාලම විවෘත කර රැස්වීමක්වත් නොපවත්වා ආපසු ගොස් තිබුණහ.

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

කඩුවෙල රත්කළ විමල් - බුද්දෙ සටන

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14540 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14941 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site