IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කැබිනට් සාකච්ඡාවට කඩා වැටුණ යටලීය

අරලියගහ මන්දිරය

 

විවිධ කාලවකවානුවල දී මෙරට ආණ්ඩු බලයට පත් වූ ඇතැම් රාජ්‍ය නායකයන් ගුප්ත ශාස්ත්‍රය සහ ජ්‍යොතිශ්‍යය පිළිබඳව දැඩි ලෙස විශ්වාස කළ බව ප්‍රකට කරුණකි. රාහු කාලය, මරු සිටින දිශාව, පෙරමග නිමිති සහ හූනන් හැඬීම වැනි දෑ කෙරෙහි දැඩි විශ්වාසයක් රැඳවූ එම රාජ්‍ය නායකයෝ තම දෛනික ජීවිතයට අදාළ සෑම කටයුත්තක්ම ඉහත සඳහන් ගුප්ත විශ්වාසයන්ට අනුව සිදු කිරීමට කාලයක් තිස්සේ හුරු පුරුදු වී සිටියහ.
දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එවැනි ගුප්ත විශ්වාසයන් කෙරෙහි ආකර්ශනය වී සිටි රාජ්‍ය නායකයන් අතරින් එක් අයෙකි. ඔහු රාහු කාලය පිළිබඳව සුවිශේෂ සැලකිල්ලක් දැක් වූ අතර රාහු කාලය තුළ මොනම හේතුවක් නිසාවත් නිවසින් පිටව නොයාමට තරයේ වගබලා ගත්තේය.


එහෙත් කුමන හෝ අවාසනාවක් නිසා එතුමා මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවකු අතින් ඝාතනයට ලක් වූ 1992 මැයි මස 01 වැනිදා මැයි රැලියට සහභාගිවීම සඳහා සුචරිත ශාලාවෙන් පිටව ගොස් ඇත්තේ රාහු කාලය ගෙවීයාමට මත්තෙන් බව ඒ දිනවල විවිධ ජනමාධ්‍යයන් හි පළ වී තිබුණේය.


එසේ වුවද මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ඊට වඩා හාත්පසින්ම වෙනස් අයකු විය. එතුමා රාහු කාලය, පෙරමග නිමිති, මරු සිටින දිශාව වැනි ගුප්ත විශ්වාස කෙරෙහි කිසිදු තැකීමක් නොකළේය. කිසිවකු ඒ ගැන මතක් කළ විට ඔහු කියා සිටියේ ඒ සියලුම දෑ හුදෙක් මිත්‍යා විශ්වාස බවය.


1977 මහ මැතිවරණයෙන් 5/6 ක පාර්ලිමේන්තු බලයක් ලබාගත් එ.ජා.ප. නායක ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරට නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු තම ඇමැති මණ්ඩලය නම් කරනු ලැබුවේ තමන්ගේම අභිමතය පරිදිය. එසේ වූයේ එවර පත් වූ ඔහුගේ ආණ්ඩුවට හවුල්කාර පක්‍ෂ නොතිබූ බැවිනි.


එසේම හැකිතාක් ඉක්මනින් මෙරටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ අදහසක් ද ඔහුගේ යටිහිතේ තිබුණේය. තමන් මෙරට අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වුවද කිසිම දිනෙක අග්‍රාමාත්‍ය නිල නිවාසය වූ අරලියගහ මංදිරයේ පදිංචියට නොගිය හෙතෙම කොළඹ, වෝඞ් පෙදෙසේ පිහිටි තම ‘බ්‍රෙමාර්’ නිවසේ දිගටම පදිංචිව සිටියේ ‘මගේ ගෙදර මට හොඳයි!’ කියමිනි.


එකල ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්වුණේ බදාදා දිනවලය. උදේ 9.00ට ඇරඹෙන කැබිනට් රැස්වීමට සහභාගි වීම සඳහා වරක් උදෑසන 8.30ට පමණ තම පෞද්ගලික ලේකම්වරයා වූ ඩබ්ලිව්. එම්. පී. බී මැණික්දිවෙල මහතා ඇතුළු පිරිස සමග නිවසින් පිටතට එමින් සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කකුල පැටලී වැටෙන්නට ගිය ද තම පෞද්ගලික ලේකම්වරයාගේ උරහිසට අතගසා හෙතෙම නොවැටී බේරුණේය.


‘ඩිකී ටිකක් ඉඳල යන්න!’

 


තම සැමියා පය පැකිළී වැටෙන්නට ගිය අයුරු දුටු එලිනා ආර්යාව ඉංග්‍රීසි බසින් එසේ කීවේ ඊට මොහොතකට පෙර නිවසේ සිටි සුරතල් බල්ලා ද ‘සට සට’ ගා කන්පට ගසන හඬක් ද ඇසුණු බැවිනි. එහෙත් ජේ. ආර්. ඒ ගැන කිසිදු තැකීමක් නොකර තම රියට ගොඩවදින අයුරු දුටු ආර්යාව ‘ටිකක් කල්පනාවෙන් ඉන්න’ යි කියමින් තම සැමියාගේ දහවල් තේ වේල දැමූ උණුවතුර බෝතලය ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා අතට දුන්නාය.
අග්‍රාමාත්‍යවරයා රැගත් රිය පෙළ වෝඞ් ප්ලේස් පාරේ නොපෙනී යනතුරුම බලා සිටි ආර්යාව යළි ගෙතුළට ගියේ තරමක කනස්සල්ලකිනි. එකල අග්‍රාමාත්‍ය කාර්යාලය පවත්වාගෙන ගියේ දැනට ජනරජ චතුරශ්‍රය අසල පිහිටි විදේශ අමාත්‍යංශ ගොඩනැගිල්ලේ (පැරණි සෙනෙට් ගොඩනැගිල්ලේ) ඉහළ මාලයේ වන අතර සතිපතා ඇමැති මණ්ඩල සාකච්ඡාව පවත්වන ලද්දේ ද එම ස්ථානයෙහිය.


අග්‍රාමාත්‍යවරයා රැගත් රිය පෙළ අගමැති කාර්යාලයට ළඟාවන විටත් ඇමැතිවරු එහි පැමිණ සතුටු සාමීච්චියේ යෙදී සිටියහ. තමන් දැක හුනස්නෙන් නැගී සිටි තම ඇමැති සගයන්ට ආචාර කළ ජේ. ආර්. ජයවර්ධන මහතා නියමිත වේලාවටම සාකච්ඡාව අරඹන ලද්දේ කාලයෙන් එක තත්ත්පරයක්වත් ඉවත නොයවමිනි.


අග්‍රාමාත්‍යවරයාගේ දකුණු පසින් නිවාස සහ ඉදිකිරීම් කටයුතු ඇමැති ආර්. ප්‍රේමද්‍රාස මහතා ද, වම් පසින් විදේශ කටයුතු ඇමැති ඒ. සී. එස්. හමීඞ් මහතා ද අසුන්ගෙන සිටියහ. කැබිනට් සාකච්ඡාව ඇරඹීමෙන් අනතුරුව විනාඩි දහයක හෝ දොළහක පමණ කාලයක් ගෙවී ගියේ ඊට පෙර සතියේ කල්තබනලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කීපයක් සාකච්ඡා කිරීමටය. මේ අතර තමන්ගේ වම් පසින් සිටි හමීඞ් මහතා දෙස බැලූ ජයවර්ධන මහතා යමක් විමසීමට තැත් කරන විටම සාකච්ඡා මේසයට ඉහළින් තිබූ සිවිලිමත් කඩාගෙන මුදුන් යටලීයේ කොටසක් මේසය මතට කඩා ගෙන වැටුණේ සියලුම දෙනා භීතියට පත් කරමිනි.


මහ හඬක් නගමින් තම දෑස් ඉදිරිපිට කඩාගෙන වැටුණු එම දැවැන්ත යටලී කැබැල්ල දුටු ඇමැතිවරුන් සිතුවේ තමන් සිටි ගොඩනැගිල්ලට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවය. එසැණින් නැගී සිටි එම ඇමැතිවරුන් පිරිස කෑමොර ගසමින් සභා ශාලාවෙන් පිටතට දුව යාමට තැත් කරද්දී ඒ දෙස නිහඬව බලා සිටි ජේ. ආර්. “ඒක ත්‍රාසජනක සිද්ධියක්” යි කියමින් එම ස්ථානයෙන් නැගිට යාමට තැත් කරද්දී ඔහුගේ පමණක් නොව අසල සිටි හමීඞ් මහතාගේ ඇඳුම ද දූවිල්ලෙන් අපවිත්‍ර වී තිබුණේය.


එදින පැවැත්වෙමින් තිබූ කැබිනට් සාකච්ඡාව එතැනින් නතර කෙරුණු අතර ලොක්කා නිහඬවම ඊට යාබදව තිබූ තමන්ගේ නිල කුටියට ගියේ කිසිවක් සිදු නොවූවාක් මෙනි. මේ අතර ඊට මාසයකටත් පෙර එම ගොඩනැගිල්ලේ වහල අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටි බාස් උන්නැහේත්, ඔහුගේ ගෝලබාලයන් පිරිසත් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන 4 වැනි තට්ටුවට ගෙන ගොස් දින එකහමාරකටත් වැඩි කාලයක් ප්‍රශ්න කර තිබුණේ එය ජේ. ආර්. ගේ මුළු ඇමැති මණ්ඩලයම ඝාතනය කිරීමේ අරමුණින් සිදු කරන ලද කුමන්ත්‍රණයක් ලෙස සලකමිනි.

 

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

කැබිනට් සාකච්ඡාවට කඩා වැටුණ යටලීය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14941 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 121 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site