IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ජේ. ආර්. මැතිසබයට සමුදෙයි

ආණ්ඩු  ගිනියම් කළ අතුරු  මැතිවරණ-6

 

ජේ. ආර්. ජයවර්ධන මහතා දකුණු කොළඹ ආසනයේ මන්ත්‍රී ධුරයෙන් සහ විපක්ෂ නායක ධුරයෙන් ද ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් නිකුත් කළ දීර්ඝ නිවේදනයේ මෙසේ සඳහන් වේ. 


මගේ ආසනයෙන් ඉල්ලා අස්වීමෙන් දකුණු කොළඹ නිවැසි ඡන්ද දායකයන්ට 1975 දී තමන්ගේ නියෝජිතයෙක් තෝරා පත් කර ගැනීමේ අයිතිය මම ලබා දෙන්නෙමි. මෙම අයිතිය ක්‍රියාත්මක කිරීමට මගේ ඡන්දදායකයින් බලාපොරොත්තු වන අතර 1975 ට පෙර මේ රටේ අනෙකුත් ඡන්දදායකයන්ටත් ලැබේවායි ඔව්හු ප්‍රාර්ථනා කරති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අප සියලු දෙනාම 1970 දී මහජනතාවට දෙන ලද පොරොන්දුවක් මගේ ඉල්ලා අස් වීමෙන් ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙමි. මගේ ඉල්ලා අස්වීම අති උතුම් ජනතා පරමාධිපත්‍යය මහජනතාව වෙත තිබෙන බව දැක්වීමේ සහතිකයක් වේ.


1970 මැයි මස 27 වැනි දින මගේ දකුණු කොළඹ ජනතාව ඔවුන්ගේ නියෝජිතයා වශයෙන් මා තෝරා පත් කර ගන්නා විට මවිසින්ම ඔවුන්ට දෙන ලද පොරොන්දුව අනුව මා ඔවුන්ගේ වරම නැවත ඉල්ලා සිටින විට එම ජනතාව විසින් තමන් සතු පරමාධිපත්‍යය නැවතත් ස්ථිර කරනු ලැබේ යැයි මම විශ්වාස කරමි. මෙම පරමාර්ථය ඉෂ්ට කරණු සඳහා ජේ. ආර්. ජයවර්ධන මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය 1975 මැයි මස 13 වැනිදා ජාතික රාජ්‍ය සභාවේ ලේකම් එස්. එස්. (සෑම්) විජේසිංහ මහතාට බාර දුන්නේය.

මේ හේතුවෙන් දකුණු කොළඹ ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමට මඟ සැලසුන අතර නාම යෝජනා පත්‍ර භාර ගැනීම 1975-06-09 දින සිදු කරන බවත් අතුරු මැතිවරණය 1975-07-18 දින පවත්වන බවත්, ජනාධිපති විලියම් ගොපල්ලව මහතාගේ අත්සනින් 1975-05-30 දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විය. දකුණු කොළඹ බහු මන්ත්‍රී ආසනයක් වූ නිසා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ හේතුවෙන් පුරප්පාඩු වූයේ පළමු වන මන්ත්‍රී ධුරය සඳහා බවත් ඡන්ද දායකයෙකුට පාවිච්චි කළ හැක්කේ එක් ඡන්දයක් පමණක් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබුණි. නාම යෝජනා භාර දීම වෙනුවෙන් තැන්පත් කළ යුතු ඇප මුදල එ.ජා.ප.යේ ශාඛා සමිති තරුණ සංවිධාන සහ කාන්තා සංවිධාන මගින් එකතු කර ජේ. ආර්. ජයවර්ධන මහතාට පරිත්‍යාග කිරීම විශේෂ සිදුවීමක් විය. 


1975-06-09 දින අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෝ කොළඹ කොටුවේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ දී රෙජිස්ට්‍රාර් ජෙනරාල් එල්.පී. වික්‍රමාරච්චි මහතා වෙත නාම යෝජනා පත්‍ර භාර දුන්හ. ජේ. ආර්. ජයවර්ධන මහතා සිය සොහොයුරු රාජ නීතිඥ එච්. ඩබ්ලිව්. ජයවර්ධන මහතා සහ දකුණු කොළඹ හිටපු මන්ත්‍රී එඞ්මන්ඞ් සමරවික්‍රම මහතා ද සමග පැමිණ සිටියේය. ඔහුට සහාය දැක්වීම සඳහා ආර්. ප්‍රේමදාස (මැද කොළඹ 1 වැනි මන්ත්‍රී) ගාමිණී දිසානායක (නුවරඑළිය) ජී. ජේ. පාරිස් පෙරේරා (ජා-ඇල) එම්. වින්සන්ට් පෙරේරා (උතුරු කොළඹ) ඒ. ඇම්. ඇස්. අධිකාරි (කලාවැව) ධර්මසේන ආටිගල (කැස්බෑව) යන මන්ත්‍රීවරු ද පැමිණ සිටියහ. 


එදින නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් සහ ඔවුන්ට හිමි ඡන්ද සලකුණු මෙසේය. (1) ජේ. ආර්. ජයවර්ධන (එ.ජා.ප. අලියා) (2) ජේ. ආර්. පී. සූරියප්පෙරුම (ස්වාධීන ඉර) (3) ආනන්ද ගුණසේකර (ස්වාධීන පුටුව) (4) එච්. ජී. එස්. ශ්‍රී සමන්තිලක (ස්වාධීන සීනුව), (5) ආනන්ද වක්කුඹුර (ස්වාධීන මල), (6) ඇල්. ඩී. ඇල්. උපාලි (ස්වාධීන කුඩය) (7) එච්. අම්බලවානර් (ස්වාධීන නැව) (8) සිරිතුංග ජයසූරිය (ස්වාධීන ලාම්පුව) (9) හෙන්රි දිසානායක (ස්වාධීන ඇස) මේ අනුව ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්ව සිටි එකම අපේක්ෂකයා වූයේ හිටපු මන්ත්‍රී ජේ. ආර්. ජයවර්ධන මහතාය.

කලින් ඇප මුදල් තැන්පත් කර සිටි ගාමිණී ෆොන්සේකා සහ නීතිඥ සරත් විජේසිංහ යන දෙදෙනා නාම යෝජනා භාර දීමට ඉදිරිපත් වූයේ නැත. සරත් විජේසිංහ මහතා තරගයෙන් ඉවත් වුයේ ල.ස.ස.ප. යෙන් ගනු ලැබූ තීරණයක් අනුවය. බෝධිපාල වෛද්‍යසේකර සහ පී.ඇම්. මුතුබණ්ඩා යන දෙදෙනාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප විය. පැවැතියා වූ දේශපාලන වාතාවරණය යටතේ ආණ්ඩුව වෙත විශාල අභියෝගයක් මුදා හැරි අවස්ථාවක ශ්‍රී.ල.නි.ප. ල.ස.ස.ප. කො.ප. යන ප්‍රධාන පක්ෂ වලින් මෙම අතුරු මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීම දේශපාලන අංශවල දැඩි කතා බහට ලක් වූ කාරණයක් විය. 


පාලක පක්ෂයේ අභියෝගයක් නොමැතිවම පැවැත් වු මෙම අතුරු මැතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේ අපේක්ෂකයන් හත් දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වෙන්නට ඉඩ හරිමින්ය. තවත් විශේෂකාරණයක් වුයේ 1947-1977 කාලය තුළ පැවති මැතිවරණයන්හි දී ජේ. ආර්. ජයවර්ධන මහතා ලබා ගත් ඉහළම වැඩි ඡන්ද සංඛ්‍යාව මෙම අතුරු මැතිවරණයේ දීත් වාර්තා වීමය. අවසන් වරට පැවැත්වූ 70 මැතිවරණයේදී ඔහු ලබා ගත් වැඩි ඡන්ද ප්‍රමාණය 20,817 ක් වූ අතර, අතුරු මැතිවරණයේ දී එය 4984කින් වැඩි වී තිබුණි. අතුරු මැතිවරණයේ දී සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේ දැක්විය හැකිය. ජේ. ආර්. ජයවර්ධන (එ.ජ.ාප. අලියා) 36,919, ජේ. ආර්. පී. සූරියප්පෙරුම (ස්වාධීන ඉර) 11,118 එම් අම්බලවානර් (ස්වාධීන නැව) 856, සිරිතුංග ජයසූරිය (ස්වාධීන ලාම්පුව) 385, ආනන්ද ගුණසේකර (ස්වාධීන පුටුව) 289 හෙන්රි දිසානායක (ස්වාධීන ඇස) 215, ආනන්ද වක්කුඹුර (ස්වාධීන මල) 171, ඇල්. ඩී. ඇල්. උපාලි (ස්වාධීන කූඩය) 72, එච්. ජී. එස්. සිරි සමන්තිලක (ස්වාධීන සීනුව) 62 වැඩි ඡන්ද සංඛ්‍යාව 25,801 නරක් වූ ඡන්ද පත්‍රිකා ගණන 177, ඡන්ය දුන් මුළු සංඛ්‍යාව 50,264 ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ මුළු ගණන 73,037 1975-08-05 දින ජාතික රාජ්‍ය සභාව රැස් වූ අවස්ථාවේදී ජේ. ආර්. ජයවර්ධන මහතා කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතා ඉදිරියේ දකුණු කොළඹ ආසනයේ පළමු වැනි මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දුන්නේය.

අනතුරුව ඔහු නැවත වරක් ජාතික රාජ්‍ය සභාවේ විපක්ෂ නායක ධුරයට පත් වූයේ ආර්. ප්‍රේමදාස (මැද කොළඹ පළමු වැනි මන්ත්‍රී) සහ ඩබ්ලිව්. දහනායක (ගාල්ල මන්ත්‍රී) යන දෙදෙනාගේ යෝජනා ස්ථිරත්වයෙනි.

 

 

ජී. ආර්. ඩී. බණ්ඩාර



අදහස් (0)

ජේ. ආර්. මැතිසබයට සමුදෙයි

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site