IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


දි.මු. රිචඞ්ගේ බෙල්ල මිරිකයි

මෙරට පවතින පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව විවිධ අංග පහක් පිළිබඳව සබාගැබ තුළ සිදු කෙරෙන විවාදයන්හි දී ආණ්ඩු පක්ෂයේ හෝ විපක්‍ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට තමන්ගේ හිතුමතයට කතා පැවැත්වීමට නොහැකිය. එසේ වන්නේ ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පවතින බැවිනි. එහෙයින් යම් පනතක් පිළිබඳව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වන ආණ්ඩු පක්ෂයේ හෝ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු මුලින්ම කළ යුත්තේ තමන් නියෝජනය කරන ආණ්ඩු පක්‍ෂයේ හෝ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් ඒ සඳහා නිශ්චිත කාලයක් වෙන්කරගෙන එම කාලයට සරිලන පරිදි තම කතාව පැවැත්වීමය.

යම් මන්ත්‍රීවරයෙකු තමන්ට වෙන්කරදී තිබෙන කාලය ඉක්මවමින් තමන්ගේ කතාව පවත්වාගෙන යන බොහෝ අවස්ථාවල දී මුලසුනේ සිටින කථානායකවරයා නියෝජ්‍ය කථානායකවරයා හෝ ආණ්ඩු පක්‍ෂයේ වෙනත් කවර හෝ මන්ත්‍රීවරයෙකු විසින් පුරුදු වී සිටින්නේ “ඕඩර් ප්ලිස්” යි කියමින් අදාළ මන්ත්‍රීවරයාගේ කතාව නතර කිරීමටය.


මුලසුනෙන් ලැබෙන එවැනි උපදෙස් සහ නියෝගවලට අවනත නොවන ඇතැම් දඩබ්බර විපක්‍ෂ මන්ත්‍රීවරුන් පොලීසිය යොදවා සබා ගැබෙන් ඉවත් කෙරුණ අවස්ථාද මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කෙතෙකුත් දකින්නට ලැබී තිබේ.


ඒ අනුව බලනවිට කවර පාර්ලිමේන්තුවක වූවද ආණ්ඩු පක්‍ෂයේ හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දරන්නා වැදගත් පුද්ගලයෙකි. එසේම මෙතෙක් පත්වී සිටින ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් දෙස බලනවිට එකහෙළාම පෙනෙන කරුණක් වන්නේ එම තනතුරු සඳහා පත්වන පුද්ගලයන් තරමක කටකාරයන් හෝ දළකාරයන් බවයි. එසේ නොවන සාමකාමී සහ තැන්පත් ගති පැවතුම් ඇති කෙනෙකුට ආණ්ඩුවේ හෝ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරීමද තරමක් අපහසුය.


ඇතැම් මන්ත්‍රීවරුන් තම කණ්ඩායමේ ප්‍රධාන සංවිධායකවරයා විසින් වෙන්කර දෙනලද කාලය ප්‍රමාණවත් නොවූ විට ඔවුන් අතර බහින්බස්වීම සිදුවීමද දැකිය හැකිය. එවැනි බහින්බස්වීම් ගුටිබැට හුවමාරු කර ගැනීම දක්වා දුරදිග යන අවස්ථා ඇතත් ආණ්ඩු පක්‍ෂයේ හෝ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ නිල කාමරයේදී සිදුවන එවැනි දෑ ගැන තොරතුරු පිටතට ගලාගෙන යන්නේ ඉතාමත් අඩුවෙනි.


1989 දී පත්වූ පාර්ලිමේන්තුවේදී වරක් එවැනි දෙයක් ගැන අසන්නට ලැබුණු අතර ඒ සඳහා මුල්වී තිබුණේද එක්තරා පනතක් පිළිබඳව කථා කිරීමට විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදී තිබූ විනාඩි 11ක් පමණ වූ කාලයෙන් විනාඩි 6ක් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ හිතුමතේට වෙනත් මන්ත්‍රීවරයෙකුට වෙන් කරදීමේ සිද්ධියකි.

 

ගාලු දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරයෙකු වූ රිචඞ් පතිරණ මහතා ඒ වන විට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ඉසිලු අතර විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් හට මැතිසබේ කථා කිරීම සඳහා ඔහු බොහෝවිට කාලවේලා වෙන්කර දුන්නේ තමන්ටම ආවේණික වූ හිතුවක්කාර ක්‍රමවේදයකට අනුවය.


අනිද්දා ඩිබෙට් එකේ දී ඔබතුමා විනාඩි දහයක් කථා කරන්නයි විපක්ෂයේ යම් මන්ත්‍රීවරයෙකුට කාලය වෙන්කර දෙන රිචඞ් පතිරණ මහතා ඊළඟ දවසේ ඔහුට කියන්නෙ එලෙස වෙන්කරන ලද විනාඩි දහයෙන් විනාඩි පහක් තවත් මන්ත්‍රීවරයෙකුට ලබාදී ඇති බවය. 


අනේ සර් මම මේ සූදානම්වෙලා ආවේ විනාඩි දහයට කතා කරන්නයි. ඇයි එහෙම කෙරුවේ යි එම නවක මන්ත්‍රීවරයා පින්සෙන්ඩු වනවිට “මට ඔහේට දෙන්න පුළුවන් කාලය ඔච්චරයි. ඒකත් එපා නං මම ඒ විනාඩි ගණනත් අරයාටම දෙන්නං” යයි කියමින් අර නවක මන්ත්‍රීවරයාට ගෝරනාඩු කිරීම රිචඞ් පතිරණගේ ප්‍රකට සිරිතක් විය.


“ඇයි රිචඞ් ඔයා මේ අපේ අලුත් මන්ත්‍රීවරුන්ට කතා කරන්න ප්‍රමාණවත් කාලයක් දෙන්නෙ නැහැයි කියන්නේ?


එවකට විපක්‍ෂ නායිකාව වූ සිරිමාවෝ මැතිනිය රිචඞ් පතිරණගෙන් එසේ අසන්නේ නවක මන්ත්‍රීවරුන්ගේ කන්දොස් කිරියාව තවදුරටත් ඉවසාගෙන සිටීමට නොහැකි වූ විටය. 


“ඒකට මම මොනව කරන්නද මැඩම්? අපට ලැබෙන සුළු කාලයෙන් වැඩි දෙනෙකුට කතා කරන්න ඉඩ දෙන්න ඕන නිසයි මම එහෙම කරන්නේ” යි කියන රිචඞ් පතිරණ මන්ත්‍රීවරයා ඊළඟට කරන්නේ තමන්ට එරෙහිව පක්‍ෂ නායිකාවට පැමිණිලි කළ පක්ෂයේ නවක මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී ලබාදෙන කාලය තව දුරටත් කපා හැරීමය.


හැම ගසකටම කොට කොටා යන කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටුදාට හොට පටලවා ගන්නා බවට මෙරට පැරැණි ජනවහරේ ප්‍රකට කියමනක් තිබේ. එම කියමන සනාථ කරමින් රිචඞ් පතිරණ මන්ත්‍රීවරයාද දිනක් හොට පටලවා ගත්තේ  ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී දිමූ ජයරත්න මහතාට වෙන්කරදී තිබුණ කාලයෙන් විනාඩි 6 ක් කපා හැරීමේ සිද්ධියක් මුල් කරගෙනය.


මට මතක හැටියට උඩරට වතු සම්බන්ධ ප්‍රශ්නයක් ගැනයි මට එදා කථා කරන්න තිබුණේ. මගේ ගම්පොළ ආසනයටත් සම්බන්ධ ප්‍රශ්නයක් නිසාම හොඳට ලක ලෑස්ති වෙලා කරුණු කාරණා එකතු කරගෙනයි මම එදා පාර්ලිමේන්තුවට ආවේ. 

මම මිනිහගෙ හැටි දන්න හින්දා පාර්ලිමේන්තුවට ගිය ගමන් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයට ගිහින් මගේ කාලය හරිනේද කියලා නිකමට වගේ රිචඞ්ගෙන් ඇහුවා.


පසු කාලයකදී විවිධ ඇමැතිධූර මෙන්ම අග්‍රාමාත්‍ය ධූරයද හෙබවූ දිමූ ජයරත්න මහතා එසේ කියන්නේ 1990 වසරේ දී ඇති වූ එම සිද්ධිය ගැන ආවර්ජනය කරමිනි. 


“නෑ දිමූගේ විනාඩි දාහතරෙන් විනාඩි 6 ක් අහවලාට දුන්නා” යි කී රිචඞ් පතිරණ කුරුණෑගල හෝ ඊට යාබද දිස්ත්‍රික්කයකින් පැමිණි මන්ත්‍රීවරයෙකුගේ නමක් සඳහන් කර “ඔහේගේ කතාව කෙටි කරන්න” යි කියමින් වෙනත් වැඩක යෙදුණේය. ඔහුගේ ඒ කතාව ඇසූ දිමූට යකා නැග්ගේ අසුරු සැණකිනි.


“කොහොමද අයිසේ කුරුණෑගලින් ආපු මිනිහෙක් උඩරට වතු ගැන දන්නේ? යි (දිමූ මහ හඬින් ඇසූවිට රිචඞ් පතිරණ ඊට පිළිතුරු වශයෙන් කියා සිටියේ එම කාලය මදිනම් කථා නොකර සිටින ලෙසය.)


පරයා මොකක්ද යකෝ තෝ කිව්වේ? යි ඇසූ දිමූ ඊළඟ මොහොතේ රිචඞ් ගේ බෙල්ල දෑතින්ම මිරිකා ගත්තේ යක්ෂාවේශයෙනි. ඒ මොහොතේ ඔහුට කළහැකිවූයේ දියෙන් ගොඩගත් මසෙකු මෙන් දෙනෙත් උඩ ඉන්දාගෙන දෑතින් දිමූගේ උර හිස්වලට තඩිබෑමට පමණි.


“ෂා ෂා දිමූ අයියා මොකක්ද මේ කරන්නේ?” යි අසමින් දෙදෙනා අතරට කඩා වැදුණු ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී හේමකුමාර නානායක්කාර සහ ඒ අසල සිටි තවත් තරුණ මන්ත්‍රීවරයෙකු දිමූගේ ග්‍රහණයෙන් රිචඞ් පතිරණ ගලවා නොගන්නට එම ස්ථානයේ අනියම් මනුෂ්‍ය ඝාතනයක් සිදුවීමට පවා බොහෝ සෙයින් ඉඩ තිබුණේය.


කොහොම වුණත් රිචඞ් පතිරණ සිරිමාවෝ මැතිනියටත් ඒ ගැන පැමිණිලි කර තිබුණා. දිමූ කරපු වැඬේ වැරදි තමයි. ඒත් මේ ඔයා කරන සමහර වැඩ නිසා මම නං හිතුවේ මීටත් කලින් අපේ කොල්ලෙක් අතින් ඔය ටික වෙයි කියලයි කී බණ්ඩාරනායක මැතිනිය එම සිද්ධිය ගැන මැතිණිය රිචඞ්ටම දොස් පවරා ඇතැයි තමන්ට පසුව දැන ගන්නට ලැබුණ බව දිමූ කියන්නේ මීට 21කට පමණ පෙර සිදු වූ එම සිද්ධිය ගැන සිහිපත් කරමිනි. එසේම එදා සිට වසර කීපයක් ගතවනතුරු ඔහු තමන්ගේ මුහුණවත් නොබැලූ බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.

 

 

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

දි.මු. රිචඞ්ගේ බෙල්ල මිරිකයි

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 66 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 81 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 135 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site