IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


නිදහස් සටනේ “යංග් ලංකා ලීග්”

චාල්ස් වික්ටර් කොරයා මහතාගේ ජීවන තොරතුරු රට ජාතියේ උන්නතිය වෙනුවෙන් කළ සේවාවන් ගැන මේ කතා කියන්නේද ඔහුගේ මුනුපුරෙක් වන චාල්ස් එදිරිල්ලේ කොරයා මහතාය.


අපේ මව්බිම බි්‍රතාන්‍ය පාලකයන්ගේ පාලනයෙන් නිදහස් කර ගැනීමටත් වික්ටර් කොරයා අපේ සීයා ලොකු සටනක් කර තියෙනවා. ශ්‍රී ලංකාවට නිදහස දිනා දීමේ සටන වෙනුවෙන් සීයා අවස්ථා කිහිපයකදීම ඒ රටේ නායකයන් මුණගැසීමට ගොස් තිබෙනවා. ඒ සඳහා මුදල් සොයාගෙන තිබෙන්නේ සීයාට අයිති ඉඩකඩම් පවා සැරෙන් සැරේ විකුණලයි. හලාවත ඉරණවිල දැන් ඇමරිකන් හඬ ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණාගාරය ඉදිකර තිබෙන අක්කර 900 කට වැඩි ඉඩමත් සීයාට අයිතිව තිබුණ එකක්. සීයා නිදහස් අරගලයට වියදම් කරන්න ඒ ඉඩමත් විකුණලා. අපේ තාත්තා මේ විස්තර මාත් එක්ක කියා තිබෙනවා.


ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් මුදාගන්න අපේ සීයා 1915 වසරේ මාර්තු මාසයේ ‘යංග් ලංකා ලීග්’ යනුවෙන් සංවිධානයක් පිහිටුවා ගත්තා. එහි සභාපති තනතුරට පත්වුනෙත් සීයාමයි. මේ සංවිධානයේ ලේකම් තනතුරට තේරී පත්වෙලා තියෙන්නේ කම්කරු නායකයෙක්ව සිටි ඒ.ඊ. ගුණසිංහ මහත්තයායි. නිදහස් සටන වෙනුවෙන් පසු කාලයක සීයා චිලව් ඕගනයිසේෂන් යනුවෙන් සංවිධානයක්ද තරුණ ලංකා කියා සංවිධානයක්ද පිහිටුවා ගෙන තිබෙනවා.


සුදු අධිරාජ්‍යවාදීන්ට බියෙන් ගැහෙමින් සිටි සිංහල ජාතිය අවදිකරවා නිදහස් සටන් අරගලය වේගවත් කිරීමේ අරමුණින් ලංකා තරුණ හඬ නමින් පත්තරයක්ද සීයා පටන්අරගෙන තිබෙනවා. පත්තර මුද්‍රණය කිරීමට අවශ්‍ය යන්ත්‍ර ගෙනවිත් සීයාම ඒ කාලයේ පටන්ගෙන තිබෙනවා. පත්තරේ අච්චු ගසා තිබෙන්නේ හලාවත සිංහපුරයේ සීයාට අයිති වත්තේ නිවසේමයි. මේ සේරටම වියදම් කර තිබෙන්නේ සීයාට අයිති මුදල්. කාගෙන්වත් ආධාර එකතු කරගෙන නැහැ. පත්තරේට ලියන්නත් හොඳ දක්ෂ කට්ටියක් තෝරාගෙන තිබෙනවා. සුදු අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රියා කලාපය විවේචනය කරන්න ඔවුන්ගෙන් වෙන අසාධාරණකම් ගැන මෙන්ම ඉදිරියට වෙන්න යන විනාශයන් ගැන ජනතාව අවදිකරන්න දැනුවත් කරන ඒවා තමා සීයාගේ පත්තරේ පළකර තිබිලා තියෙන්නේ. සිංහල බෞද්ධ ජනතාවගේ හඬටත් මේ පත්තරෙන් ඉඩකඩ ලබාදී තිබෙනවා. සිංහල බෞද්ධ ජනතාව අතරේ සීයාට අයිති මේ පත්තරේ ඒ කාලයේ බොහොම ජනප්‍රියවී තිබෙන බව මට පසුකාලයක අපේ ඥාතීන්ගෙන් දැනගැනීමට ලැබුණා.


ඉංග්‍රීසීන් අපේ රට පාලනය කරන සමයේ සිංහල මුස්ලිම් ජාතීන් අතර ලොකු කලකෝලාහලයක් රටේ ගොඩක් ප්‍රදේශවල ඇතිවී තිබෙනවා. ඒ කලබල වලට ඉංග්‍රීසි ආණ්ඩුව දෙපැත්තේම අය අත්අඩංගුවට ගත්තා. පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතිවුන කලකෝලාහල වලට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරපු අය වෙනුවෙන් උසාවියේ නොමිලයේ අපේ සීයා පෙනී ඉඳලා. ඒ විතරක් නෙමේ උසාවියෙන් වරදකරුවන් කරලා දඩ ගහලා ඒ දඩ ගෙවා ගන්න බැරිව හිරේ ගිය අයව අපේ සීයා එයාගේ පෞද්ගලික මුදල් වලින් දඩ ගෙවා නිදහස් කරගෙන තිබෙනවා. සීයාට කුලබේද ජාතිබේද තිබිලා නැහැ.


චාල්ස් වික්ටර් කොරයා මහතාට බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මේ රට මුදා ගැනීමට ලොකු ඕනෑකමක් තිබී ඇත.
බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් රට මුදා ගැනීමට නිරන්තරයෙන් අරගල කළ අය අතරේ වික්ටර් කොරයා මහතාද පෙරමුණේම සිට තිබේ.


අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් ඉන්දියාව නිදහස් කර ගැනීමට මහත්මා ගාන්ධිතුමාද ඒ රට වෙනුවෙන් අනුපමේය මෙහෙයක් කළ අහිංසාවාදියෙක්. අපේ සීයා හා මහත්මා ගාන්ධිතුමා අතර සමීප සම්බන්ධකමක් තිබුණා කියා මා අපේ පරම්පරාවේ අයගෙන් දැනගෙන තිබෙනවා. ඒ සමීප සම්බන්ධතාවයට හොඳම උදාහරණයක් මම ඔයගොල්ලොත් එක්ක කියන්නම්. 1927 වසරේ නොවැම්බර් මාසයේ සති තුනක සංචාරයක් සඳහා ලංකාවට ආවා. හලාවත ප්‍රදේශයේ සංචාරයකට පැමිණෙන ලෙස අපේ සීයා ආරාධනය කර තිබෙනවා. අපේ සීයාගේ ඉල්ලීමට අනුව ගාන්ධිතුමා හලාවතට ඇවිත් තිබෙනවා.

 

ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් මුදාගන්න අපේ සීයා 1915 වසරේ මාර්තු මාසයේ ‘යංග් ලංකා ලීග්’ යනුවෙන් සංවිධානයක් පිහිටුවා ගත්තා. එහි සභාපති තනතුරට පත්වුනෙත් සීයාමයි. මේ සංවිධානයේ ලේකම් තනතුරට තේරී පත්වෙලා තියෙන්නේ කම්කරු නායකයෙක්ව සිටි ඒ.ඊ. ගුණසිංහ මහත්තයායි. 

 


හලාවත පුත්තලම පාරේ හලාවත ටවුන් එකට කිට්ටුව සීගිරි කියා නම සඳහන් කළ නිවසක් තිබෙනවා. ඒ නිවස ඉතා අලංකාර ලෙස නිමකර තිබුණ නිවසක්. මේ නිවස අපේ සීයාගේ සහෝදරියකට අයත්ව තිබුණා. මහත්මා ගාන්ධිතුමා එතුමාගේ බිරිඳ දියණිය ඇතුළු ඉන්දීය රාජ්‍ය නායකයෝ මේ සීගිරි නිවසේ දවස් තුනක් විතර නවාතැන්ගෙන ඉඳලා තිබෙනවා. ගාන්ධිතුමා සීගිරි නිවසේදී අපේ සීයාට නූල් කටින යන්ත්‍රයක්ද සිහිවටනයක් ලෙස පරිත්‍යාග කර තිබෙනවා.


අවිහිංසාවාදයේ පියා ලෙස විරුද්‍රාවලිය ලත් මහත්මා ගාන්ධිතුමා ඇතුළු ඉන්දීය රාජ්‍ය නායකයන් දවස් තුනක් ලැගුම්ගෙන සිටි සීගිරි නිවස මේ වනවිට ජරාවාසවී ගොස් අබලන් තත්ත්වයක පවතිනවා. මෙය හරිම කනගාටුවට කරුණක්. රජයේ වගකිවයුත්තන්ගේ අවධානයට මේ සීගිරි නිවස යොමුවී සුරක්ෂිත කිරීමට කඩිනමින් කටයුතු කරනවා නම් කොච්චර හොඳද? මෙවැනි ඓතිහාසික වටිනාකමක් ඇති නිවස මේ විදිහට විනාශ මුඛය කරා යාමට ඉඩදීම ජාතික අපරාධයක් කියා තමා මට හිතෙන්නේ.


මේ ඉපැරණි නිවසේ අවතාර හොල්මන් තියනවා. අද්භූත දේවල් සිදුවෙනවා කියා ඇතැමුන් ලොකු ප්‍රචාරයක් පසුගිය කාලයේ ගෙනගියා. මේක පට්ටපල් බොරුවක්. සීගිරි නිවසේ හොල්මන් අවතාර හෝ වෙනත් කිසිම අද්භූත සිදුවීම් වෙන්නේ නැහැ කියා මම බොහොම වගකීමකින් කියනවා යැයිද චාල්ස් එදිරිල්ලේ කොරයා මහතා අවධාරණය කර සිටියේය.


හරිහැටි කරුණු කාරණා හොයන්නේ බලන්නේ නැතිව මේ වගේ බොරු බේගල් කියා ඒවාට ප්‍රසිද්ධියක් ලබාදී ජනතාව නොමග යැවීම හරිම කනගාටුදායක තත්ත්වයක් බවද එදිරිල්ලේ කොරයා මහතා පැවසීය.


අපේ සීයා එක්ක උරෙන් උර ගැටෙමින් රටට නිදහස ලබාගැනීමට සිය ධනය විශාල වශයෙන් සීයාගේ සහෝදරයා වූ චාල්ස් එඞ්වඞ් කොරයා මහතාද ලොකු මෙහෙයක් කර තිබෙනවා. මොවුන් දෙදෙනාගේ එකමුතුව ක්‍රියාකාරීම අපේ රටට නිදහස ලබාගැනීමේදී යෝධ ශක්තියක් වී තිබෙනවා යැයිද ඔවුන් දෙපොළගේ මුනුපුරා කීය.


මේ දෙසොහොයුරන්ගේ ගුණානුස්මරණ උත්සවයක් 1969 ජූලි මාසයේ 27 වැනිදා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන් විහාරස්ථානයේදී උත්සවාකාරයෙන් කොරයා ගුණානුස්මරණ සංගමය විසින් පවත්වා ඇත්තේ කළු කොඳයාවේ ප්‍රඥාසේකර නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙනි.


අපේ රට ජාතිය ආගම වෙනුවෙන් අනුපමේය මෙහෙයක් කළ චාල්ස් වික්ටර් කොරයා මහතාගේ පුතෙක් වන සිරිසඟබෝ කොරයා මහතා අදටත් කොළඹ ප්‍රදේශයේ ජීවත්වන බව පැවසුවේ එදිරිල්ලේ කොරයා මහතාය.
චාල්ස් වික්ටර් කොරයා ශ්‍රීමතාණන් රට දැය වෙනුවෙන් කළ ඒ අමිල මෙහෙවරට කෘතගුණ දැක්වීමක් වශයෙන් එතුමාගේ පිළිරුවක් හලාවත උසාවිය පාරේ ඉදිකර ඇත.


මෙම පිළිරුව ඉදිකිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ හලාවත නගරාධිපතිවරයාව සිටි නීතිඥ ප්‍රසන්න හිලරි මහතා විසිනි.


ජාතික වීරවරයකුට මෙසේ  උපහාර පිදීමට ඉදිරිපත්වීම ගැන ප්‍රසන්න හිලරි මහතාට කොයිකාගේත් ප්‍රශංසාව හිමිවිය යුතුය.


නීතිඥ හිලරි ප්‍රසන්න මහතා වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ හලාවත සම සංවිධායකවරයා ලෙස කටයුතු කරයි.

 

 

 

ඡායාරූප මාදම්පේ ලක්ෂ්මන් හෙට්ටිතන්ත්‍රි


තොරතුරු සොයාගැනීමට යාමේදී සහායවූ මාදම්පේ පම්බල පදිංචි ජේ.ඩබ්ලිව්. ජයවර්ධන මහතාට විශේෂ ස්තුතිය පිරිනමන්නෙමු.

 

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

නිදහස් සටනේ “යංග් ලංකා ලීග්”

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 47 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site