IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


පන්ති සටනේ ඇත්ත හතුරෝ

හිර ගෙදරින් නැගුණ විජේවීර හඬ 04 වැනි කොටස

‘ජූලිය’ හා ජවිපෙ අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි. කළු ජූලියට මුවාවී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ 1983 ජූලියේදීය. ජවිපෙ රහසිගත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූයේ එතැන් සිටය.


තහනම් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූ ජවිපෙ ආයුධ සන්නද්ධ අරගලයකට මුල පිරුවේ 1987 ජූලි මස අත්සන් කළ ඉන්දුxලංකා ගිවිසුමෙන් පසුවයි. ධවල මර්දනයකට ලක්ව ජවිපෙ සංහාරයකට ලක්වූයේ ඉන් පසුවය.


එම ඉරණමෙන් ජවිපෙට ගැලවී ගත නොහැකි වූයේ ඇයි? ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබේ. කෙසේ වුවද පක්ෂය තුළ පැවති කණ්ඩායම්වාදයද එයට බලපෑ බවට මතයකි. 1971 අරගලයෙන් පසුවද ජවිපෙ තුළ මෙම කණ්ඩායම්වාදය බිහිවිය. ඒ සම්බන්ධයෙන් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සිරගතව සිටියදීම ලේඛනයක් මගින් සිය සහෝදරයන්ට පැහැදිලි කළේය.


2011 නොවැම්බරයේදී නියමුවා ප‍්‍රකාශනයක් ලෙස එම ලේඛනය යළි සමාජගත කෙරිණි.

මේ ඒ ලියැවිල්ලය.

පුද්ගලයෙක් ඔහු කවරකු හෝ වේවා නිර්ධන පංති සතුරෙකි. ධනපති පංතියේ මිතුරෙකි. ඒ ධනපති පංතියේ ඔත්තුකරුවකු නොවේ නම් අද අප මුහුණ පා සිටින තත්ත්වයන්ට බොහෝ දුරට සමාන තත්ත්වයන්ට ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ වෙනත් නොයෙකුත් සහෝදරවරු විවිධ අවස්ථාවලදී මුහුණපා තියෙනවා. අප මෙවැනි තත්ත්වයකට හා පුරා කියා පත් වූ අය නොවේ. අපේ ජාත්‍යන්තර පංති සොයුරන් මේ විෂයෙන් ලැබූ අත්දැකීම් අපට මෙහිදී මහත් සේ එලදායී වෙනවා.


ජනතා විමුක්ති පෙරමුණ මෑත කාල පරිච්ජේදයේදී මුහුණ දුන් ප‍්‍රශ්නවලට බොහෝ දුරට සමාන තත්ත්වයකට මුහුණ දුන් නොයෙක් රටවල මේ හා සමාන තත්ත්වයන් ඇතිවෙලා තියෙනවා. ඒ තැන් හිදී ධනේශ්වර පාලකයින් නිර්ධන පංති ව්‍යාපාරය විනාශ කර දැමීම සඳහා උපයෝගී කරගත් සටකපට උපක‍්‍රම තමයි තවදුරටත් සංවර්ධනය කොට මේ රටේ ධනේශ්වර පාලක පංතිය නින්දිත ලෙස උපයෝගී කරගනු ලැබුයේ. වෙඩි උණ්ඩ සහ බයිනෙත්තුවලින් කරන ලද මර්දනය මගින් නිර්ධන පංති ව්‍යාපාරයට පළමු පහර දීමත් සමග ඇතිවූ අලූත් තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් නිර්ධන පංති ව්‍යාපාරය සහමුලින්ම සහ තීරණාත්මක ලෙස මූලෝත්පාඨනය කිරීම සඳහා ධනේශ්වර පංතිය කටයුතු කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ධනේශ්වර පංතියේ ප‍්‍රථම ප‍්‍රහාරය මෙහෙය වූයේ අවි ආයුධ හා වෙඩි උණ්ඩවලින් කරනු ලබන වැඩපිළිවෙළ මගිනි. පුනරුත්ථාපනය නම් අන් කිසිවක් නොව විප්ලවවාදී තරුණයන් විප්ලවවාදීත්වයෙන් තොර කිරීමයි. ආපසු ධනේශ්වර මාවතට ඇද ගැනීමයි. මේ සඳහා ධනේශ්වරය කෙරෙහි මේ තරුණයින්ගේ විශ්වාසයක් ඇති කරලිය නොහැකි කල්හි ඔවුන් විප්ලවය කෙරෙහි, විප්ලවීය දර්ශනය සහ ක‍්‍රියාමාර්ග කෙරෙහි කලකිරවීමට හෝ ඒ සමග මතභේද ඇති කරලීමට සහ භේද ඇති කරවීමට ධනේශ්වර පංතිය කටයුතු කරගෙන යනවා. ඒ මගින් පමණයි ධනේශ්වර පංතියට ‘‘වර්තමාන තත්ත්වයන් යටතේ ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරලිය හැක්කේ’’ මේ කලකිරවීමේ සහ භේද කරවීමේ ව්‍යාපරය උදෙසා ඔවුන් කළ හැකි හැම දෙයක්ම කරනවා. ප‍්‍රයෝජනයට ගත හැකි සෑම පහත් පෙළේ අවියක්ම අතට ගන්නවා.


අනිත් පැත්තෙන් මේ කටයුතු සඳහා යොදවනු ලබන්නේ ඔවුන්ගේ සැඟවුණු ඒජන්තවරුන්, ගැත්තන්, ද්‍රෝහීන් හා ඔවුන් විසින් සන්නද්ධ ගැටීම් වකවානුවේදී මර්දන තත්ත්වයට  ඔරොත්තු දිය නොහැකිව දුර්වලව ගොස් ව්‍යාපාරය පාවාදුන්නන් සහ සතුරා වැලඳගත්තවුන් වැනි දුර්වල කොටස්ය. එලෙසම විප්ලවවාදීන් යැයි තමා විසින්ම කියා ගනිමින් විප්ලවවාදී ව්‍යාපාරයට මහත් හතුරුකම් කර ඇති විවිධ ගණයට අයත් අවස්ථාවාදී කල්ලි සහ කණ්ඩායම් විසින් ජවිපෙ විනාශ කර දමා එයින් කුට්ටි තමන්ගේ පැත්තට කඩාගැනීමේ කාර්ය සඳහා ජවි පෙරමුණට විරුද්ධව එහි න්‍යායට හා වගකිව යුත්තන්ට විරුද්ධව ධනේශ්වර පංතිය හා එහි ඒජන්තවරුන් සමග හවුල්වී නින්දාසහගත මුසාවාද පතුරවමින් කඩාකප්පල්කාරී වැඩකටයුතුවල යෙදෙනවා. දෙවන ලෝක මහා යුද්ධ සමයේදී සම සමාජ පක්ෂ නායකයින් සිරබාරයට ගෙන සමසමාජ පක්ෂය නීති විරෝධී කර තිබූ අවස්ථාවේදී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී ආණ්ඩුව සමග හොඳහිතින් සිටි පීටර් කේනමන් කල්ලිය ගෙන ගිය ක‍්‍රියා පිළිවෙතට සමාන පිළිවෙතක් තමයි. ජ.වි. පෙරමුණ. ධනේශ්වරයේ ප‍්‍රහාර කා ඇද වැටී සිටියදී දැන් මේ ඊනියා විප්ලවවාදීන් කරගෙන යන්නේත්. ධනේශ්වරය ජවිපෙට පහර දෙනුයේ එයින් කුට්ටි කඩා ගැනීමටයි. මේ කුට්ටි කඩා ගැනීමේ ව්‍යාපාරයට ධනේශ්වරයේ අනුබලය සහ ආශිර්වාදය ලැබෙනවා මන්ද විප්ලවවාදියෙක් ඒ කෙරේ පිරිහවන්නට බැරි නම් අඩු තරමින් විවිධ කල්ලිවලට බෙදා දැමීමෙන්වත් ධනේශ්වර පංතියට භාග්‍යයක් සැලකිල්ලක් ලැබෙන නිසයි.


මෙවැනි ක‍්‍රියාමාර්ගයන් අද කොතෙක් දුරට සාර්ථක වී ඇත්ද? විප්ලවවාදියෙකු වශයෙන් බැලූ කල මට හොඳින් පෙනී යන කරුණක් නම් ධනේශ්වරයින්ගේ මේ ක‍්‍රියාමාර්ගය කිසියම් දුරකට සාර්ථක වී ඇති බවයි. එයට හේතු මේවායැයි සිතිය හැක.


1. කුරිරු ධනේශ්වර මර්දනයට ගොදුරු වී ව්‍යාපාරයේ සිටි අවංකව වඩාත් කැපවුණු සහ වර්ධනය වුණු සහෝදරයින් විශාල පිරිසක් මරු වැලඳ ගැනීමත් ඒ හේතුවෙන් ධනේශ්වරයේ මේ ක‍්‍රියාමාර්ගයට එරෙහිව ප‍්‍රබල ප‍්‍රතික‍්‍රියාමාර්ගයක් ගැනීම අඩාල වීමත්,


2. ධනේශ්වරය සිය ඒජන්තවරුන් ගැත්තන් සහ පසුව නිර්ධන පංති ව්‍යාපාරයට ද්‍රෝහී වූවන් සහ නොයෙක් හේතු සහ පොරොන්දු ඇතිව ඔවුන්ම විසින් දිනා ගනු ලැබූ දුර්වලයින් ප‍්‍රයෝජනයට ගෙන සිරගෙවල්වල සහ සිර කඳවුරු තුළ විශාල ප‍්‍රමාණයේ සාවද්‍ය අදහස් පතුරුවද්දී ඒවාට පිළිතුරු දිය නොහැකි වන ලෙස අප සහමුලින්ම වෙන්කොට තබා තිබීමත් ඒ හේතුවෙන් තොරතෝංචියක් නැතිව සතුරාගේ පැත්තෙන් පමණක් නින්දා අපහාස සහ බේගල්ද විකෘති කිරීම් සහ අතිශයෝක්තිය පමණක්ම ලැබීමත්,


3. පක්‍ෂ අභ්‍යන්තරයේ මතභේද පිළිබඳ සැබෑ තත්ත්වය බොහෝ දෙනා නොදැන සිටීමත්,


4. සටනක් පරාජය වීම තුළින් හා අධික මර්දනයකට ගොදුරු වීම තුළින් පක්ෂ සාමාජිකත්වය තුළ ඇති වූ ආකූල ව්‍යාකුලත්වයත් උදාසීනත්වයත් හේතුකොට ගෙන එක් පැත්තකින් රහස් පොලිසියත්, පොලිසියත් පක්‍ෂය තුළට රිංගා සිටින සතුරු ඒජන්තවරුනුත් ද්‍රෝහීන් වූ අයත් නගන අවලාදවල යථා තත්ත්වය තේරුම් ගැනීමට අපොහොසත් වීමත් ඒවා තේරුම්ගත් අය පවා උදාසීනත්වය හේතු කොටගෙන ඒවාට එරෙහිව සත්‍ය ඉදිරිපත් කරමින් ශාස්ත‍්‍රානුකූලව ප‍්‍රතිප‍්‍රහාරයට ඉදිරිපත් වීම වැළකී යාමත් සහ තවත් එවැනි හේතූන්ය..

මතු සම්බන්ධයි. 


සකස් කළේ : ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

පන්ති සටනේ ඇත්ත හතුරෝ

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 73 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site