IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


රාජාඥාවකින් නිදහස් වූ එකම දේශපාලනඥයා

නිදහස ලැබීමෙන් පසු බිහිවිය යුතු රාජ්‍ය නායක පදවිවලට අභියෝගයක්ව සිටි ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මහතාට මහ කොමසාරිස් පදවියක් ලබාදී ඉන්දියාවට පටවා හැරීම අපේ රටේ සිදුවූ මහා පරිමාණයේ දේශපාලන කැපිල්ලක් බවට රට ජාතිය ආගම ගැන හැඟීමක් තිබූ මුහුකුරා ගිය දේශපාලනඥයෝ එදත් අදත් විශ්වාස කරති.


කීර්තිමත් විද්වතාණන් කෙනෙක් සහ ස්වදේශානුරාගයෙන් යුතුව සිය නිජ බිමට නිදහස ලබා ගැනීම පිණිස මහ මෙහෙයක යෙදුණු අසහාය ජන නායකයෙක් හැටියටත් ජනතා සම්මානයට පාත්‍ර වූ දොන් බාරොන් ජයතිලක (ඩී. බී.) ශ්‍රීමතාණන් අමද්‍යප ව්‍යාපාරයෙන් සමාජ සේවයටත්, එතැන් සිට දේශපාලනයටත් පිවිසියේය. 1915 ජාතිවාදී කෝලාහලයේ දී බි්‍රතාන්‍ය ආණ්ඩුව ඔහු සිරභාරයට ගන්නා ලදී. 1924 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික්ක ආසනයේ මන්ත්‍රීවරයා ලෙස ප්‍රථම වරට නිතරඟයෙන් පත්වූ ජයතිලක මහතා 1931 දී රාජ්‍ය සභා මැතිවරණයේදී කැලණිය ආසනයට නිතරඟයෙන් තේරී පත්විය.


එදා රාජ්‍ය සභා ඇමති මණ්ඩලයේ ස්වදේශ කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපති පදවිය ඩී. බී. ජයතිලක මහතාට හිමිවිය. එතුමා රාජ්‍ය සභාවේ සභානායකවරයා ද විය.


පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට අනුබද්ධ විද්‍යාලංකාර සභාවේ සභාපතිවරයා ලෙසද දීර්ඝ කාලයක් සිය කාලය ධනය කැපකළ එතුමා 1936 මහා මැතිවරණයේදී යළිත් කැලණිය මන්ත්‍රීවරයා ලෙස නිතරඟයෙන් පත්විය. එම රාජ්‍ය සභාවේම නැවතත් එතුමා ස්වදේශ කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපති පදවියටද පත් කරගන්නා ලදී.


තරඟකාරී සහ අභියෝගාත්මක දේශපාලන වාතාවරණයක් මැද විවිධ ගැටුම්, කැපිලි, කෙටිලි සහ ඇනුම් - බැණුම් මැද වුව ශාස්ත්‍රීය කටයුතුවල නියැළුනු හෙතෙම ධම්පියා අටුවා ගැටපදය, සිඛවළඳ විනිස, බුදුගුණාලංකාර සන්නය, කතිකාවත් සඟරාව, තිසර සංදේශ සන්නය, පැරකුම්බා සිරිත සහ ජාතක අටුවා ගැටපදය වැනි පොත්පත් රාශියක් සම්පාදනය කළේය.


සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවිය එතුමන් වෙත පිරිනමන ලද්දේ එතුමන්ගේ භාෂාමය සහ සාහිත්‍යමය දක්ෂතාවන් මනාලෙස සලකා බැලීමෙන් පසුවය. ඒ සමගම ඔහුගේ ජීවිතයේ ගැටලුකාරී තත්ත්වයන් ද ආරම්භ විය.


දොන් බාරොන් ජයතිලක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු සහ සභානායකවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ ලෙස රජයෙන් දීමනාවක් ලබාගැනීමෙන් රාජ්‍ය මන්ත්‍රණ සභා පනතේ 16 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් කොළඹ පනික්කි වීදියේ පදිංචිකරුවකු වූ ඩී. සී. ඩබ්ලිව්. අබේසේකර නමැත්තෙකු කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබිණි. රුපියල් 23,000 ක අලාභයක් ගෙවන ලෙසද පැමිණිලිකරු ඉල්ලා සිටියේය.

 

ශ්‍රී ලංකා දේශපාලනයෙන් කැපී ඉන්දියාවේ මහ කොමසාරිස් පදවිය භාරගෙන කොළඹ කොටුව දුම්රිය පොළේ සිට විශේෂ දුම්රියකින් ගමන් ඇරඹූ ජයතිලක මහතා කැලණිය දුම්රිය පොළේ දී දුම්රිය නවත්වා ඉන් බැස පයින්ම විද්‍යාලංකාර පිරිවෙන වෙත ගොස් සර්වඥ ධාතුන් වහන්සේට පුද පූජා පවත්වා පරිවේණාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නා හිමියන්ට වැඳ නමස්කාර කොට ආශිර්වාද ලබාගත්තේය. ඉන්දියාවේදී රෝගාතුරවූ මේ මහා ජාති හිතෛෂියා දේශප්‍රේමියා ප්‍රතිකාර උදෙසා ලංකාව බලා ගුවන් මගින් එමින් සිටියදී 1944 මැයි 24 වැනිදා උඩු ගුවනේදීම අභාවප්‍රාප්ත විය.

 


මෙම නඩුව දිස්ත්‍රික් උසාවියේ ප්‍රතික්ෂේප වූ අතර පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයද එම අභියාචනය ප්‍රතික්ෂේප කරන ලද්දේ එංගලන්තයේ රාජාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුට ඉඩ දෙමිනි.
ඩියුස්ඩින් සාමි, ප්ලේන්බර්ස් සාමි සහ ඩාර්ලිං සාමිවරුන් යන රාජාධිකරණ විනිශ්චය කාරවරු හමුවේ මෙම නඩුව විභාග කෙරුණු අතර පැමිණිල්ල වෙනුවෙන් රාජනීතිඥ එල්. ඩී. ග්‍රයිදර් සහ රාජනීතිඥ එච්. ජේ. හැලව් පෙනී සිටියහ. ජයතිලක මහතා වෙනුවෙන් රාජනීතිඥ ඒ. ඇම්. ඩන් සහ ආචාර්ය කොලොම්බොස් පෙනී සිටියහ.


දීර්ඝ වාද විවාද වලින් පසුව රාජාධිකරණය ජයතිලක මහතාට විරුද්ධව තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී එංගලන්තයේ සිටි ජයතිලක මහතා ගැන දන්නා ඉංග්‍රීසි විද්වතුන් ද ලාංකික විද්වතුන් ද බකිංහැම් මාලිගයේ රජ පවුලට කිට්ටු අය ලවා ජෝර්ජ් මහරජතුමාට මෙම සිද්ධිය ගැන කරුණු සැලකර සිටියහ.


ජයතිලක වැන්නකුගේ අගය තේරුම්ගත් මහ රජතුමා මහජනයා විසින් පත්කරනු ලැබූ මන්ත්‍රීවරයෙකු ලෙස සිටීමෙන් හෝ ඡන්දය දීමෙන් හෝ සිංහල ශබ්ද කෝෂයේ කතෘ යම්කිසි නීතියක් කඩ කළේ නම් හෙතෙම එයින් නිදහස් කරනු ලැබේ. යන ආඥාව නිකුත් කළේය.


එක් පුද්ගලයෙකු වෙනුවෙන් එංගලන්තයේ මහරජතුමා රාජාඥාවක් වෙනස් කළ ප්‍රථම සහ විශේෂ අවස්ථාව මෙය බව නීති ක්ෂේත්‍රය සලකයි. මෙම නඩුවේ පැමිණිලිකරුට ඒ සඳහා වැය වූ විශාල මුදල සපයන ලද්දේ කිසියම් අදිසි බලවේගයක් විසින් බව එදා ප්‍රකට විය.
ශ්‍රී ලංකා දේශපාලනයෙන් කැපී ඉන්දියාවේ මහ කොමසාරිස් පදවිය භාරගෙන කොළඹ කොටුව දුම්රිය පොළේ සිට විශේෂ දුම්රියකින් ගමන් ඇරඹූ ජයතිලක මහතා කැලණිය දුම්රිය පොළේ දී දුම්රිය නවත්වා ඉන් බැස පයින්ම විද්‍යාලංකාර පිරිවෙන වෙත ගොස් සර්වඥ ධාතුන් වහන්සේට පුද පූජා පවත්වා පරිවේණාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නා හිමියන්ට වැඳ නමස්කාර කොට ආශිර්වාද ලබාගත්තේය.


ඉන්දියාවේදී රෝගාතුරවූ මේ මහා ජාති හිතෛෂියා දේශප්‍රේමියා ප්‍රතිකාර උදෙසා ලංකාව බලා ගුවන් මගින් එමින් සිටියදී 1944 මැයි 24 වැනිදා උඩු ගුවනේදීම අභාවප්‍රාප්ත විය.


මේ සිද්ධිය මුළු මහත් ජාතියම ශෝකයට, කම්පාවට පත්වූ එකක් විය.

 

 

 

 

 

 

 

 


උපාලි රූපසිංහ

 



අදහස් (0)

රාජාඥාවකින් නිදහස් වූ එකම දේශපාලනඥයා

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 47 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site