IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


රටම හැඬවූ අගෝස්තු රණවිරු ඝාතනය

 

යුද්ධයක් යනු විනාශයකි. එහිදී විනාශවන භෞතික සම්පත් මෙන්ම මිනිස් ජීවිත සංඛ්‍යාවද අසීමිතය. අතීතයේදී සිදු කෙරුණු යුද්ධවලදී මිය ගියේ යුද පෙරමුණේ මුහුණට මුහුණලා සටන් කළ දෙපාර්ශ්වයේ යුද පෙරමුණේ අය පමණි. එහෙත් පසුකාලීනව නවීන තාක්‍ෂණය නිසා තත්ත්වය වෙනස්ව ගියේය. එහෙත් ත්‍රස්තවාදය උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන ගරිල්ලා සටනකදී මිය යන නිරායුධ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව සුළු පටු නොවේ.


මේ අනුව සලකන විට තිස් අවුරුද්දක් මුළුල්ලේ ඇදී ගිය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී යුද්ධයේදී විනාශ වූ මිනිස් ජීවිත සහ සම්පත් ප්‍රමාණය කිසි දිනක නිවැරදිව වාර්තාවකට ඇතුළත් නොවනු ඇත. සටන පැවතුණේ උතුරේ මුහමාලේ ඉදිරි ආරක්‍ෂක වළල්ලේ වුවද රටේ කිසිම ස්ථානයක් ආරක්‍ෂා සහිත නොවීය. එය ලංකා භූමියෙන් එපිටට පැතිරී ඉන්දියාවේදී 1991-05-21 දා එරට අගමැති රජීව් ගාන්ධි ඝාතනය කිරීම දක්වා උග්‍ර අතට හැරුණි.


1992 වසර ගැන සැලකුවහොත් ජනවාරි මාසයේ දිනක කොටින් අම්පාර අරන්තලාවේ සිට බොරපොළ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක බෝම්බයක් පුපුරුවා හැර දහ දෙනෙකු මරා දමා විසි තුන් දෙනෙකුට බරපතළ තුවාල සිදු කරන ලදී. එම අප්‍රේල් මාසයේ 10 වැනි දින මිනීමරු ත්‍රස්තවාදීහු දිවයිනේ ස්ථාන තුනකදී බෝම්බ පුපුරුවා හැරියහ. මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී එයින් එකක් පිපුරුණි. එහිදී අහිංසක පුරවැසියන් නව දෙනෙකු මරා දමා විසි තුන් දෙනෙකුට තුවාල සිදුවිය. මරදානේදී කාර් බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් විසිතුන් දෙනෙක් තුවාල ලැබූහ. අම්පාර පුද්ගලික බස් නැවතුම් පොළේ නවතා තිබූ බස් රථයක බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියන් විසි අට දෙනෙක් මරණයට පත් වී තිස් හය දෙනෙක් තුවාල ලැබූහ. එයට දින කීපයකට පසු පොළොන්නරුවේ අලිංචිපොතාන මුස්ලිම් ගම්මානයේ මිනිසුන්ටත් කරපොල සහ මුතුගල යන ගම්වලටත් පහර දීමෙන් වැසියන් 130ක් මරා දමා 71 දෙනෙකුට තුවාල සිදු කරනු ලැබීය. මේ හැරුණු විට ලංකාවේ ක්‍රියාන්විතයට සහභාගි වූ ඉන්දීය සාම සාධක හමුදාවේ සෙබළු 1555ක් මරා දමා තිබුණු අතර තවත් විශාල පිරිසක් අතුරුදන් කර තිබුණි. තුවාල සිදුවූවන්ද විශාල පිරිසකි.
රුධිර ගංගා ගලා යන එම රුධිරයෙන් ලක් දෙරණ අපවිත්‍රව පැවති පසුබිමක 1992 වසරේ අගෝස්තු මාසය උදාවූවේය. ඒ මෙයට හරියටම වසර විසි පහකට එපිටදීය.


මෙම විනාශකාරී ඊළාම් ත්‍රස්තවාදය සහ විනාශකාරී යුද්ධය නිමා කර වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති ලේ පිපාසිතයා සහ ඔහුගේ සහචර කොටින් පලවා හැරීමට ආරක්‍ෂක සේනාවෝ යුද වැදී සිටියහ. එහි අරමුණ වූවේ මෙරට ජීවත්වන සිංහල, දෙමළ සහ මුස්ලිම් ආදී සෑම ජාතියකටම අයත් සාමකාමී පුරවැසියන්ට සාමයෙන් ජීවත් වීමට මග සලසා දීමය. ජාති භේදයෙන් තොරව බෞද්ධ හින්දු ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආදී සෑම ආගමකටම අයත් පුරවැසියන්ට තමන්ගේ මාතෘභූමිය ලෙස ශ්‍රී ලංකාව පතිරූප දේශයක් කරදීම ආරක්‍ෂක සේනාවන්ගේ සටන් කිරීමේ අරමුණ විය. මේ වන විට නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම බේරාගෙන තිබුණු නිසා එහි උතුරෙන් සංක්‍රමණය වූ කොටින් සිදු කරන පහර දීම්වලට පමණක් සීමා වී තිබුණි. යම් යම් සිදුවීම් සිදුවූවා වුවත් යුද්ධයේ මූලික අපේක්‍ෂාව යොමුව තිබුණේ උතුර කෙරෙහිය. හමුදාවේ පිරිස් බලය සීමිත වූ නිසා කොටින්ගේ උපක්‍රමය වූවේ හමුදාවන් උතුරේ මෙහෙයුම් දියත් කළ වහාම නැගෙනහිර ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීමය. කෙසේ වුවත් නැගෙනහිර ආරක්‍ෂා කර ගනිමින් උතුර මුදාගැනීම ආරක්‍ෂක හමුදාවන්ගේ පරිශ්‍රමය වූවේය.


උතුරේ සටන් බෙහෙවින් උග්‍රව පැවති මෙම දිනවල ඊළඟ තීරණාත්මක ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා එවකට එම මෙහෙයුම් භාර ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් කයිට්ස් දූපතේ අරාලි තුඩුව නම් ස්ථානයට ගොස් තිබුණි. මෙම සැලසුම නිසි පරිදි ක්‍රියාත්මක කර උතුරෙන්ද කොටි ත්‍රස්තවාදය අතුගා දැමීම මෙම ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන්ගේ අරමුණ වූ බව කියැවේ. මෙම කණ්ඩායමේ නායකත්වය දැරුවේ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාය. බි්‍රගේඩියර් විජය විමලරත්න මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨයෝ රැසක් මෙම විමර්ශන චාරිකාවට සහභාගි වූහ. මෙම අවධියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකුට එකම වාහනයක ගමන් කිරීම සිදු නොකරන ලෙස හමුදා මූලස්ථානය විසින් ඉතා පැහැදිලිව උපදෙස් දී තිබුණි. එසේ තිබියදී මෙවැනි නිලධාරින් විශාල පිරිසක් එකම වාහනයේ ගමන් කළේ මක්නිසාද යන ගැටලුව අදටත් ඉතිරිව පවතී.

 

නියමිත ස්ථානයට ගොස් අදාළ විමර්ශනය නිම කිරීමෙන් පසු මෙම නිලධාරීන් ගමන් කළ වාහනය අරාලි තුඩුවේ සිට ආපසු එමින් තිබුණි. වාහනය පදවමින් සිටියේ බි්‍රගේඩියර් විජය විමලරත්නය. යුද්ධය නිසා අබලන් වූ මාවතක වාහනය ධාවනය වෙමින් තිබුණි. එක් තැනකදී මාර්ගය හොඳටම අබලන් වූ නිසා ඉදිරියට යාම අතිශයින් දුෂ්කර වූ බැවින් එකී වාහනය පාරෙන් ඉවතට ගෙන වැලි සහිත බිමේ මීට පෙර වාහනයක් ගිය රෝද සලකුණු මතින් මෙම වාහනය පදවා ඇත. එවිට වැලි පොළවේ වළලා තිබුණු පීඩන බෝම්බයක් මෙම රථයේ රෝදයකට යටවීම නිසා පුපුරා ගොස් ඇත. මෙම අතිශය භයානක පිපිරීම නිසා මෙම පිරිස ගමන් කළ ලෑන්ඞ් රෝවර් රථය පුපුරා ඉහළ ගොස් සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණි. එම වාහනයේ සිටි බි්‍රගේඩියර් විජය විමලරත්න, උතුරු නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් නියොමාල් පලිපාන, ලුතිනන් කර්නල් එම්. ආර්. ස්ටීවන්, ලුතිනන් කර්නල් සී. එම්. ආරියරත්න, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් අසංක ලංකාතිලක, ඩී. බී. ලංකාපුර, මේජර් නලින් අල්විස් සහ ජගත් වික්‍රමරත්න යන නිලධාරින් සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව සිටි අතර මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ බි්‍රගේඩියර් විජය විමලරත්න මහතාගේ ආරක්‍ෂක නිලධාරියා වූ කෝප්‍රල් උපාලි මාරසිංහ මහතාද මාරාන්තික තුවාල ලබා සිටියහ. සුවපත් කර ගැනීමේ අටියෙන් වෛද්‍යවරු නොයෙක් උත්සාහ ගත්තද ඒ සියල්ල ව්‍යර්ථ කරමින් මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව ද දැයෙන් සමුගත්තේය. මුළුමහත් දේශයේම අතිශය ගෞරවාදරය දිනා සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා රණබිමේදී දක්වන ලද සුවිශේෂී කැපවීම සහ වීර වික්‍රමාන්විත බව නිසාම වඩමාරච්චි පදක්කම, පූර්ණභූමි පදක්කම, සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විසිපස් වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා ජනරජයේ සන්නද්ධ සේවා පදක්කම, ජනාධිපති ධූර ප්‍රාප්ති පදක්කම, රණවික්‍රම පදක්කම ආදී ගෞරව සම්මාන රාශියකින් පුද ලද රණශූරයෙක් වූවේය. ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා කරන ලද අනුපමේය සේවාව නිසාත් ඔහුගේ යහපත් ගති පැවතුම් නිසාත් ජනතාව දැඩි ලෙස ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාට ආදරය කළේය. එය කෙතරම් ඉහළ මට්ටමක පැවතියා දැයි කියතොත් එකල රට පාලනය කළ ඉහළම තලයේ බලවතුන් පවා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුගෙන් අභියෝගයක් එල්ලවනු ඇතැයි සැක කරමින් කටයුතු කළ බවට එකල කටකථා පැතිරී තිබුණි. එනිසා මෙම සාපරාධී ඝාතනය කොටි අතින් සිදුවූවක් නොව දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සැක කළ අයද බොහෝ වූහ. අද ද සිටිති.


දැඩි මානව හිතවාදී ගුණයකින් යුතුව නිතරම සිනා මුසු මුහුණින් සිටි ප්‍රියමනාප පුද්ගලයෙකු වූ කොබ්බෑකඩුව සෙනෙවියාගේ අභාවය සැලවූ වහාම සමස්ත ලංකාවම කම්පනයට පත් විය. පෙරකී සැකයද හේතුකොටගෙන එතුමාගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වීම සඳහා පැමිණි දහස් සංඛ්‍යාත පිරිස අතර නොසන්සුන්තාව පැතිර ගියේය. එය පාලනය කිරීමට පොලිසිය කළේ  කෝකටත් තෛලය වශයෙන් භාවිත කරන කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමයි. තමන් ආදරය කළ රණවිරුවාණන්ගේ අවමංගල උත්සවයේදී පොලිසිය සිදු කළ, නොකළ යුතුව තිබූ අමනෝඥ ප්‍රහාරය නිසා මෙම ඝාතනය දේශපාලන කුමන්ත්‍රණයකැයි යන සැකය තහවුරු වීමක් ලෙස ජනයා සැලකූ බවද අපට මතකය. 


මහනුවර රාජධානි සමයේ සිටම සිංහල ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් භාෂා සාහිත්‍යයටත් සුවිශාල සේවයක් ඉටු කළ කීර්තිමත් පරපුරක් ලෙස කොබ්බෑකඩුවරු ඉතිහාසයට එක්ව සිටිති. බුදු සසුන පරිහානියට පත්ව ශ්‍රී ලංකාව තුළ එකම උපසම්පදා භික්‍ෂූ නමක්වත් සොයා ගැනීමට නොහැකි වූ යුගයක මහනුවර රජවරු පොළඹවාගෙන සියම් රටට නියෝජිත පිරිස් යවා උපසම්පදාව මෙරට ස්ථාපනය කිරීම උදෙසා වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ සමඟ ප්‍රමුඛව ක්‍රියා කළේ කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස නායක හිමිපාණන් වහන්සේ බව බෞද්ධ වංශ කථාවේ දැක්වේ. සියම් රටෙන් වැඩම කරන ලද උපාලි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූ සංඝයා වහන්සේ වෙතින් උපසම්පදාව ලැබූ ප්‍රථම භික්‍ෂු පිරිසටද උන්වහන්සේ අයත් වූ අතර පසුව මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරයටද පත්ව අවුරුදු අටක් එම ගෞරවණීය පදවිය හෙබ වූ සේක. කොබ්බෑකඩුව පවුලේ සෑම පරම්පරාවකම එක් අයෙකු මහණ කිරීමේ සිරිතක් පැවති අතර උන්වහන්සේලා අතින්ද සිදුවූ ජාතික ආගමික සේවය ඉමහත්ය.

 


ශ්‍රී ලංකා රාජ්‍යයේ රජකමට පමණක් දෙවැනි වන දියවඩන නිලමේ තනතුර දැරීමේ භාග්‍යයද මේ පරපුරේ ඇත්තන්ට හිමිවිය. 1815 උඩරට රාජ්‍යය යටත්වීමෙන් පසු කොළඹට පැමිණ ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් බැහැදැකීම ප්‍රතික්‍ෂේප කරමින් එවකට දියවඩන නිලමේ තනතුර දැරූ ලොකුබණ්ඩා කොබ්බෑකඩුව නිලමේ එම තනතුරෙන් ඉල්ලා අස් වූ බව සඳහන් වේ. 


1818 ඌව වෙල්ලස්සේ ජාතික අරගලය අවස්ථාවේදී කොබ්බෑකඩුවේ නායක හිමියෝ එයට තරයේ අනුබල දුන්හ. එනිසාම එතුමන්ගේ ඥාති මුනුබුරෙකු වූ නුවර කලාවියේ පාලනය භාරව සිටි කොබ්බෑකඩුව දිසාවේ අධිරාජ්‍ය විරෝධී සටනට හවුල් ව සිටියේය. මෙම සටන බි්‍රතාන්‍යයන් විසින් මැඩපැවැත්වීමෙන් පසු 1820 දී තමන්කඩුවේ ජනතාව සංවිධානය කර නැවතත් අරගලයක් දියත් කිරීමට වෑයම් කළේය. එහිදී ඔහු සුද්දන් විසින් අල්ලා ගන්නා ලදුව මින්නේරි වෑකන්ද මතදී වෙඩි තබා මරා දමනු ලැබීය. මෙතැන් සිට කොබ්බෑකඩුව පරපුරේ සාමාජිකයන් බි්‍රතාන්‍යයන්ගේ උදහසට ලක් වූ අතර ගොඩ මඩ ඉඩ කඩම්, ගම් බිම් පවා අහිමි කරන ලදී.


මෙවැනි දේශප්‍රේමී පරපුරක සාමාජිකයෙකු වශයෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව දරුවා උපත ලද්දේ පිළිමතලාව දෙල්දෙණිය වලව්වේ ලොකුබණ්ඩාර කොබ්බෑකඩුව මහතාගේ සහ එම පතිනිය වූ අයෝනා රත්වත්තේ කුමාරිහාමිගේද දෙවැනි දරුවා වශයෙනි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කුඩා ඩෙන්සිල් ක්‍රීඩාවට මනා දස්කම් දැක්වූවේය. රගර් සහ හොකී ක්‍රීඩාවේ මනා දක්‍ෂකම් දැක්වූ ඔහුගේ ආශාව වූයේ යුද්ධ හමුදාවට බැඳී එමගින් රටට ජාතියට සේවය කිරීමටයි. පසුව බි්‍රතාන්‍යයේ සෑන්ඞ් හර්ස්ට් හිදී සුවිශේෂි යුද පුහුණුවක්ද ලැබූ මෙම විරෝදාර නිලධාරියා පියවරෙන් පියවර උසස් තනතුරු වෙත පිය මැන්නේය. ලිලී රත්වත්තේ මහත්මිය සමඟ විවාපත්වූ මෙම මේජර් ජෙනරාල්වරයා දරු දෙදෙනෙකුගේ පියා වූවේය.


මෙසේ බෝම්බ අනතුරින් ජීවිතය අහිමි වූ රණ සූරයන් අතර ජ්‍යෙෂ්ඨයා වශයෙනුත්, ජනතා ප්‍රසාදය වැඩියෙන්ම දිනා සිටි යුද නායකයා වශයෙන්ද පැවති සුවිශේෂි බව නිසා මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ගැන විශේෂයෙන් සඳහනක් කිරීමට පෙළඹුණු බව සත්‍යයකි. එහෙත් රට වෙනුවෙන් දිවි පිදූ එම අනතුරට මුණ දුන් බි්‍රගේඩියර් විජය විමලරත්න මහතා ඇතුළු වීරයන් සැම දෙනාම ජාති මාමක ලංකා පුත්‍රයෝය. තම වටිනා ජීවිතයේ අද දවස ශ්‍රී ලංකා මාතාවගේ සියලු දූ දරුවන්ගේ හෙට දවස ප්‍රභාමත් කිරීම උදෙසා පුද කරමින් කළ අපිරිමිත ජීවිත පරිත්‍යාගය සිරිලක් දෙරණ පවතිනා තුරු සදානුස්මරණීය විය යුත්තේය. ඔවුන්ගේ ජීවන සුසුම වා තලයට මුසුකර විසිපස් වසරක් පිරෙන මේ මොහොත ඒ සඳහා අධිෂ්ඨානයක් ඇති කර ගැනීමට ඉතා සුදුසු මොහොතකි.

සෝමසිරි වික්‍රමසිංහ

 



අදහස් (5)

රටම හැඬවූ අගෝස්තු රණවිරු ඝාතනය

raveendra Sunday, 20 August 2017 05:31 PM

ලක්මව වෙනුවෙන් තම ජිවිත පුජාකළ ඔබ වැනි සියලුම රණවිරුවන් රන් අකුරෙන් නොමැකෙන ලෙස ලක්මවගේ හදවතේ ලියවී ඇත. ඔබලාගේ වටිනා ජිවිත පරිත්‍යාගයෙන් අප නිදහසේ ජිවත්වන අතර එහි වටිනාකමද නොසිතා නොයෙකුත් පාටවලට පක්ෂවලට බෙදී ඇනකොටා ගනිමින්ද සිටිති. කෙසේවෙතත් අපගේ රණවිරුවන් සදා අමරණීය.

:       0       2

yousuf Monday, 21 August 2017 08:10 AM

ඩෙන්සිල් කොබ්බැකඩුව ... මුළු මහත් ජාතියටම කඳුලක් එක් කරමින් ඝාතනයට ලක් වූ මෙතුමා ගැන කොපමණ ලියූවත් හිත පිරෙන්නේ නැත. අද එතුමා ඝාතනය කර වසර විසිපහක් ගතවූ දවසයි. ගොඩක් පත්තර කාරයෝ එතුමා හිතා මතා අමතක කර දැමුවත් ඔබට එතුමා මතක් වීම ගැන ගොඩක් පිං ...

:       0       2

ලයනල් Monday, 21 August 2017 08:34 AM

මගේ ජීවිත කාලය තුල හදවතට දැනුනු විශාලතම කනගාටුව,ශෝකය,කලකිරීම,වේදනාව ආදී සෑම උද්වේගයක්ම සංකලනය වූ මොහොත වන්නේ එතුමාගේ අභාවය යයි කියා කීවොත් ඉතාම නිවැරදිය. එවකට තිබුණු අදෘශ්‍යමාන හස්තයන් විසින් එතුමාගේ වීරත්වය හොඳින් දැන යුද ජයග්‍රහණය හිනිපෙත්තේදී එතුමා ඝාතනය කල බැව් නොයෙකුත් ආරංචි මාර්ග පැවසුවත් නිසි ක්‍රියා මාර්ගයක් ගැනීමට කිසිදු රජයක් අපොහොසත් වූයේ මන්දැයි ප්‍රශ්නයකි.ජේ.ආර්.වයිට් වාර්තාවේ ඝාතක බෝම්බය තිබුණු තැන ස්ථිරවම පෙන්වා දුන්නත් එම සාක්ෂි එතැනම වැලලී ගිය බව ජනතාව දනී. එතුමා ඇතුළු පිරිස අපට අහිමිව වසර විසිපහක් ගෙවී ගියත් තවමත් අපගේ සිත් සතන් තුල එතුමා ජීවත්වන බැව් පුවත් පත් වල පලවන නොයෙකුත් සිහිකිරීම් වලින් ඔප්පුවේ.

:       0       1

raveendraMonday, 21 August 2017 12:59 PM

ලයනල් මයා වෙත ,ඔබ ඉතා නිවරදී අදහසක් ප්‍රකාශ කිරීම පිලිබදව අප ඔබට ස්තුතිවන්ත වෙන්නෙමු.

:       0       0

abaran Monday, 21 August 2017 11:31 AM

අගෝස්තු අටවෙනිදා උදේ දහය මට නම් කවදාවත් අමතක නොවෙන දවසක්...සහ වෙලාවක්.....රටට හිතැති ගොඩක් දෙනෙකුට අමතක නොවෙන ඒ දවසේ තමයි කොබ්බැකඩුව මහත්තයාගේ අවසානය සිද්ධ වුනේ...එතුමා එදා සැලසුම් කරපු "ෆයිනල් කවුන්ට් ඩවුන්" කියන නම දමාපු මෙහෙයුම කරානම් යුද්ධය තිස් වසරක් දික් ගැහෙන්නේ නැහැ..ජාතියේ අවාසනාවකට එතුමා බෝම්බයකට බිලි වුණා. ආයුධ ජාවාරම්කරුවන්ටයි..කුහක ඉහල පෙලේ සමහර නිලධාරීන්ට නම් තාවකාලික සතුටක් ඇතිවෙන්නට ඇති. එතුමාව නැවත නැවත මතක් කර දීම ගැන ලංකාදීප පුවත් පතට සහ මෙම සටහන තැබූ සොමසිරී වික්‍රමසිංහ මහතාට මගේ ආචාරය.

:       0       0

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 72 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site