IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


රැල්ලෙන් මැති සබයට

 

1952 මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය නැවත බලයට පත්වූ අතර අලුතෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ද ආසන නවයක් හිමිව තිබුණි. එයින් එක් අයෙකු වූයේ ගම්පහ අසුන දිනා පාර්ලිමේන්තුවට පැමිණි ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාය. එම පක්‍ෂයට ආසන නවයකුත් ලංකා සම සමාජ පක්‍ෂයට ආසන නවයක් ද හිමිව තිබුණි. මෙම පක්‍ෂ දෙක අතර විපක්‍ෂ නායක තනතුර පිළිබඳව ගැටුමක් ඇතිවිය. පසුව ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විපක්‍ෂ නායක තනතුරට පත්විය. මධ්‍යස්ථ දේශපාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හා ජනතාවට සමීපව මහජන සේවය සලසමින් ක්‍රියා කළ නිසා නුදුරු අනාගතයේදීම රටේ බලයට පත්වීමට ඔහුට හැකියාව ලැබෙනු ඇතැයි යන්න දේශීයව මෙන්ම ජාත්‍යන්තරයේද ප්‍රකට මතයක් ගොඩ නැගෙමින් තිබුණි.


දිනක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ගම්පහ මන්ත්‍රීවරයා ඇමතූ විපක්‍ෂනායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සමාජවාදී රටවල් සමග කිසිඳු සබඳතාවක් ඇති කර නොගෙන සිටීම නුසුදුසු ක්‍රියාවක් වන නිසා නුදුරු අනාගතයේ තම පක්‍ෂයේ රජයක් බිහි කෙරෙනවිට මේ රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීම ඉතා වැදගත් වන බවත්, එම රටවල ක්‍රියාත්මකවන සංවර්ධන වැඩපිළිවෙළවල් සහ එමගින් ජනතාවට ලැබෙමින් පවතින ප්‍රතිලාභ නිදර්ශනයට ගනිමින් අපේ රටට ගැළපෙන ආකාරයේ ආදේශ කර ගැනීම සඳහා හැදෑරීමක් කිරීම ඉතා අවශ්‍ය බවත් ප්‍රකාශ කළේය. ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් සය මසක නිවාඩුවක් ලබාගෙන චීනය, සෝවියට් දේශය, පෝලන්තය, චෙකොස්ලෝවේකියාව සහ නැගෙනහිර ජර්මනිය යන රටවල සංචාරය කිරීම සඳහා ඇස්. ඩී. ට අවස්ථාව ලබාදීම මහඟු අත්දැකීමක් විය.


මෙම සංචාරය සඳහා ප්‍රථමයෙන්ම යාමට නියමිතව තිබුණේ චීනයට වුවත් ඒ වනවිට ලංකාව - චීනය සමග තානාපති සබඳතා ඇතිකරගෙන නොතිබුණු නිසා කොළඹින් නවදිල්ලියට ගොස් එහිදී වීසා ලබාගෙන හොංකොං දිවයිනට යාමටත් යළි එහි සිට චීනයට දුම්රියෙන් යාමටත් සිදුවූ අන්දම අදට සාපේක්‍ෂව අපූරු අත්දැකීමක් විය.


එක් දහස් නවසිය පනස් දෙකේ සැප්තැම්බර් මස විසිතුන් වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා සමඟ පිටත්වූ නියෝජිත මණ්ඩලයට විප්ලවකාරී සමසමාජ පක්‍ෂයේ නායක පිලිප් ගුණවර්ධන, ලංකා සමසමාජ පක්‍ෂයේ එඞ්මන්ඞ් සමරක්කොඩි, හෙක්ටර් ප්‍රනාන්දු, කොමියුනිස්ට් පක්‍ෂයේ ඇන්. ශන්මුගදාසන් ආදී පිරිස බි්‍රතාන්‍යය, ඇමරිකාව සහ ජපන් යන රටවල බලපෑම් නිසා අසීමිත දුක් කම්කටොළු සහ පීඩනයන්ගෙන් ගහනව කුසට අහරක් නොමැතිව ගස්වල කොළ පොතු අනුභව කරමින් දරිද්‍රතාවේ පතුලටම ගිලී චීන ජනතාව විදේශ බලවතුන්ට සහ ඔවුන්ගේ රූකඩ බවට පත්ව සිටි කුවෝ මිං ටෑං පාලනයට එරෙහිව වීරෝදාර සටනක් මෙහෙයවා මා ඕ සේතුං සභාපතිතුමාගේ නායකත්වයෙන් ජයග්‍රහණය අත්කර ගත් ආකාරය ඇස්. ඩී. යළි සිහියට නැගීය. විප්ලවයෙන් පසු වසර තුනක කාලසීමාවක් තුළ කෝටි සියයකට ආසන්න ජනගහනයකට ආහාර සම්පාදනය කර ගැනීමෙන් පසු සහ සියලු ආහාර නිෂ්පාදනයන්ගෙන් ස්වයංපෝෂිත භාවයට පැමිණීමත් විදේශයන්ට පවා ආහාර සැපයීමටත් වේගවත් සහ ක්‍ෂණික සංවර්ධනයක් අත්කර ගැනීමට හැකියාව ලැබුණේ සමාජවාදී විප්ලවයේ මඟ පෙන්වීම නිසා යයි ඇස්. ඩී. අවබෝධ කර ගත්තේය. 


දිව්‍යමය සාමයේ චතුරශ්‍රය හෙවත් තියෙන් - ආන් මෙන් චතුරශ්‍රයේ දී 1952 ඔක්තෝබර් 02 වැනිදා පවත්වන චීන මහා විප්ලවයේ තෙවැනි ජයග්‍රාහී සංවත්සරය සැමරීමේ දැවැන්ත ආචාර පෙළපාළිය සහ රැලිය නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අත්විය. දේශාභිමානයෙන් උද්දාමයට පත්වූ විජයග්‍රාහී රතු හමුදාව ජාතියට තම උත්තමාචාරය පුද කරන එම අසිරිමත් මොහොතේ සභාපති මා ඕ සේතුං අග්‍රාමාත්‍ය චෞ එන් ලායි රතු හමුදා නායක චූ තේ ආදී ප්‍රතාපවත් නායකයන් සමග එකම වේදිකාවේ සිට එම නිදහස් අනුස්මරණ රැලියට සහභාගිවීමේ අවස්ථාවද ඇස්. ඩී. ට හිමිවිය.


මේ අවධියේ මුළුමහත් ලෝකයම වෙළාගත් ආහාර හිඟයක් පැවතුණි. මේ නිසා ශ්‍රී ලංකා රජය ද බරපතළ ගැටලු රාශියකට මුහුණ දෙමින් ඉදිරි අනාගතය ගැන දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටියේය. මේ අර්බුදකාරී පසුබිම ගැන අවධානය යොමු කළ ඇස්. ඩී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යම් උපකාරයක් කළ හැකිදැයි චීන නායකයන්ගෙන් විමසුවේය. මේ කෙරෙහි උනන්දුවක් දැක්වූ චීන නායකයෝ අපේ රටේ ජනතාවට සිදු කෙරෙන උපකාරයක් වශයෙන් අවශ්‍ය පමණ සහල් ලෝක වෙළඳ පොලේ මිලටත් වඩා අඩුවෙන් ලබාදීමටත් එම මුදල් අපේ රටේ නිපදවෙන රබර්වලින් පියවීමටත් මූලික ප්‍රතිපත්තියක් වශයෙන් ඔව්හු එකඟ වූහ. ඉන්පසු බුරුමයේ ලංකා තානාපති සර් සුසන්ත ද ෆොන්සේකා මහතා චීනයට ගොස් නිල සාකච්ඡාවක් ආරම්භ කළ අතර පසුව වෙළඳ ඇමති ආර්. ජී. සේනානායක මහතා චීන රජය සමග රබර් සහල් ගිවිසුම අත්සන් කළේය.
වර්ෂ 1962 දී ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය න්‍යායික අර්බුදයකට මුහුණ දුන්නේය. එයට හේතුවූවේ එවකට සෝවියට් නායකයාව සිටි නිකිතා කෘෂෙප් විසින් ප්‍රකාශයට පත් කළ සාමකාමී සහජීවනයෙන් තොරව ලෝකයේ සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය තහවුරු කළ නොහැකි බවට ඉදිරිපත් කළ නව සංකල්පයයි. ධනවාදී රටවල් සමග ගැටුමකට නොයා යුතු බවත් දෙපාර්ශ්වය සංහිඳියාවෙන් යුතුව සාමයෙන් කටයුතු කළ යුතු බවත් ධනවාදී රටවලට අයත් නැටෝ යුද්ධ බළකඳවුරත් සමාජවාදී පිල සම්බන්ධ වූ වෝර්ෂෝ ගිවිසුම් සංවිධානයත් අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් සමස්ත ලෝකයම අළු ගොඩක් බවට පරිවර්තනය වන බවත් කෘෂෙප් කියා සිටියේය. එහෙත් චීන කොමියුනිස්ට් පක්‍ෂය එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය. අධිරාජ්‍යවාදය යනු කඩදාසි කොටියෙකු බවත් එය විනාශ කර දැමීම කළ යුත්තේ තුවක්කුවෙන් පමණක් බවත් මා ඕ සේතුං තුමාගේ නායකත්වයෙන් යුතු චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මතය විය. මෙම භේදය මත ලෝකයේ සියලුම කොමියුනිස්ට් පක්‍ෂ කඳවුරු දෙකක් බවට පත්වූවේය. සෝවියට් දේශයේ නායකයන් මාක්ස් ලෙනින්වාදී ඉගැන්වීම් විකෘති කරන්නේ යැයිද ඔවුන් ඒ නිසාම සංශෝධනවාදීන් යැයිද චීන නායකයෝ චෝදනා කළහ. මෙම න්‍යායික ගැටුමට අනුව ආයුධ සන්නද්ධ විප්ලවය ගරු කරන පිරිස් චීනයට පක්‍ෂව ද පාර්ලිමේන්තු ක්‍රමය මගින් සමාජවාදය බිහි කළ හැකියයි කියූ පිරිස් රුසියාවට පක්‍ෂව ද බෙදී ගියහ. ඕනෑම කොමියුනිස්ට් පාක්‍ෂිකයෙකුට සංශෝධනවා දී යැයි අවමානයට පත්වීමට වඩා මරණය පිළිගැනීම පහසු ක්‍රියාවකි. මෙම ගැටුම මෝරා ගියේ මෙම පසුබිමටද අදාළවය. 

 

 

මෙම අර්බුදය ලංකාවට ද පැමිණියේය. ශ්‍රී ලාංකීය විප්ලවය සාර්ථක කර ගැනීම උදෙසා ඒකාත්මිකව රතු කොඩිය සෙවණේ සටන් කළ සහෝදරවරු දෙපසකට බෙදී සටන් කිරීම ඇරඹූහ. දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන්, ඇම්. ජී. මෙන්ඩිස්, සරත් මුත්තෙට්ටුවගම, ස්ටැන්ලි තිලකරත්න, එච්. ජී. ඇස්. රත්නවීර ආදී නායකයෝ රුසියාවට පක්‍ෂ වූහ. එම පක්‍ෂයේම බලවතු නායකයන් වූ ඇන්. ශන්මුගදාසන්, ප්‍රේමලාල් කුමාරසිරි වොට්සන් ප්‍රනාන්දු ආදී තවත් පිරිසක් චීනයට පක්‍ෂව කොමියුනිස්ට් පක්‍ෂය (චීන පිල) නමින් වෙනම පක්‍ෂයක් ආරම්භ කර කටයුතු කරගෙන ගියහ.


මෙම අර්බුදය ගම්පහ මන්ත්‍රී ඇස්. බී. බණ්ඩාරනායක මහතාට අදාළත්වයක් තිබුණේ නැත.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් දැඩි ස්ථාවරත්වයෙන් යුතු දේශපාලනඥයෙකු ලෙස කරළියේ කටයුතු කරමින් සිටියේය. එහෙත් චීනය සමග පැවති අවංක දේශපාලන බද්ධ ප්‍රේමය නිසාම මෙම ආරාවුලට පැටලුණේය. චීනය ඉදිරිපත් කළ න්‍යායේ නිවැරදි බව පෙන්වා දෙමින් වේදිකාවටද පැමිණියේය. එකල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්වරයෙකු වූ අයි. කරන්නාගොඩ, අධිනීතිඥ කරවිට, තේජා ගුණවර්ධන, කේ. ඇල්. වී. අලගියවන්න ආදීහු ද ඇස්. ඩී. අනුගමනය කළහ. 


මෙම තත්ත්වය පක්‍ෂයේ මහ තැන්වලට වාර්තා වූවේ ඇස්. ඩී. ශ්‍රී.ල.නි.ප.ය විනාශ කරන බවටය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහ චීනයට දක්වන සහායක් වශයෙන් චීන පිලට ඇතුළත්ව කටයුතු කිරීමට සිදුවිය. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද යෞවනයෙකු වශයෙන් මෙම කණ්ඩායමේ කටයුතු කළේය. 


අප ඉතා සුළු පිරිසක් ගම්පහ ආසනය නියෝජනය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මැයි දින පෙළපාළියේ ගමන් කළෙමු. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චිනයට හිමි අසුන දශක දෙකක් තිස්සේ හිමිව තිබුණේ තායිවානයට බව පෙර සඳහන් කළෙමි. එම තත්ත්වය විවේචනය කරමින් ශ්‍රී ලංකාවේ දී පමණක් නොව ජාත්‍යන්තර සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදියේ දී ඇස්. ඩී. කළ කථා දහස් ගණනකි. මෙවැනි තවත් කටයුතු බොහෝය. එවැනි ස්ථීර චීන මිතුරෙකුට උපහාර දැක්වීමට චීනය ඉඹුල්ගොඩ දී ප්‍රතිමාවක් ඉදිකිරීම විශිෂ්ට කෘතගුණ දැක්වීමකි.


මෙයට දශක තුනකට පමණ පෙර දිනක් මම නුවර පාරේ බසයක ගමන් කරමින් සිටියෙමි. යාබද ආසනයේ පියෙක් සහ දරුවෙක් වාඩි ගෙන සිටියහ. හොරගොල්ල සමාධිය සහ ඒ ඉදිරිපිට කන්ද මුදුනේ ඇති සර් සොලමන් ඩයස් මහමුදලිවරයාගේ සොහොන පෙන්වමින් එම දරුවා නොයෙකුත් ප්‍රශ්න ඇසූ අයුරු මම සවන් දීගෙන සිටියෙමි. බුද්ධිමත් පියෙකු වූ ඔහු දරුවාගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු සැපයුවේය.

එම දරුවා දැන් වැඩිහිටියෙකු බවට පත්ව දරුවන්ට පියෙකු ද වී සිටිනු නිසැකය. චීනයේ මෙහෙයවීමෙන් ඉඹුල්ගොඩ මංසන්ධියේ ඉදිකරන ඇස්. ඩී. බණ්ඩාරනායකයන්ගේ ප්‍රතිමාව බොහෝ කාලයක් ස්ථිර සාරව පවතිනු ඇත. ඒ දකින යම් දරුවෙක් තම පියාගෙන් ඒ පිළිබඳව විමසනු ඇතැයි මම අනුමාන කරමි. එම නිසා ඇස්. ඩී. පිළිබඳවත් ඔහු විසින් ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙන්ම චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය උදෙසාත් සිදු කරන ලද උසස් සේවාව විස්තර කරනු ඇත. තවත් බොහෝ වෘත්තාන්තයන් ද තවත් පියවරුන් විසින් අනාගත පරපුරට කියා දෙනු ලබනු නිසැකය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ



අදහස් (0)

රැල්ලෙන් මැති සබයට

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 64 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 81 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 135 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site