IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


’’ලෙයට ලෙය මරණයට මරණය’’ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය බිහිවෙයි

 

ජවිපෙ 2 වැනි කැරැල්ලේදී එහි සන්නද්ධ අංශය වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි. එය හැඳින්වූ කෙටි නම ඩී.ජේ.වී. යන්නයි. එය ජවිපෙ සාමාජිකයින් අතර “අංශය” නමින් හැඳින්විණි. ජවිපෙ සාමාජිකයන් නොවන ඉන්දු ලංකා ගිවිසුමට සහ එජාප ආණ්ඩුවට එරෙහි ඕනෑම අයෙකුද මෙයට සම්බන්ධ කරගන්නා ලදී. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ (ඩී.ජේ.වී.) අණදෙන නිලධාරියා වූයේ සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කීර්ති විජයබාහුය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වශයෙන් සන්නද්ධ අංශයේ වගකීම් දැරූ ඔහු කැලණිය සරසවියේ උපාධිධාරියෙකි.


රට පුරා 1986 සිට 1990 දක්වා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන ගණනාවකටම ප්‍රහාර එල්ල කර යුද අවි පැහැර ගත්හ. ඒ අනුව පල්ලකැලේ, කටුනායක, රත්මලාන, ත්‍රිමලේ කල්ලාර්, කුඹුකේ, තල්ගස්වල, පන්නල, පනාගොඩ ඇතුළු ආරක්ෂක හමුදා ස්ථාන ගණනාවකට කඩා වැදී අවි පැහැර ගැනීම් රැසක් සිදුකරන ලදී. එමෙන්ම බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය, කහවත්ත, මඩොල්සිම, ගොතටුව. මොරටුමුල්ල, පාදුක්ක, බම්බලපිටිය, රාගම, මට්ටක්කුලිය, කිරුළපන, බෙන්තොට, පිටිගල, දෙනියාය, කැකිරාව, කොහුවල, සපුගස්කන්ද ඇතුළු පොලිස් ස්ථාන ගණනාවකට පහරදී අවි පැහැර ගත්හ. එයට අමතරව ජංගම මුර සේවාවන්හි යෙදුණු හමුදා සහ පොලිස් භටයින්ගේ අවි පැහැර ගැනීම සඳහා ස්ථාන 253 කදී ගැටුම් ඇතිකර ගන්නා ලදී. මින් ස්ථාන 118 කදී අවි පැහැර ගැනීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමත් විය.


ජවිපෙ මගින් අරමුදල් තරකර ගැනීම 1985 සිට 1990 දක්වා ගල්ගමුව, මරඳගහමුල, දිගන ඇතුළු රාජ්‍ය බැංකු 62 ක් බිඳ මුදල් සහ රන්භාණ්ඩ පැහැර ගන්නා ලදී. එමෙන්ම කැලෑබොක්ක වතුයායේ වැටුප් පැහැර ගැනීම් ඇතුළු විශාල මුදල් පැහැර ගැනීම් පිළිබඳ චෝදනා 131ක්ද විය. ආයුධ පෙන්වා නිවැසියන් බිය ගන්වා රුපියල් 20,000 ට වඩා දේපල මංකොල්ලකෑම් දහසකට ආසන්න ගණනක්ද වාර්තා විය. කොළඹ මැගසින් බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර 6කට සහ පොලිස් ස්ථාන 11 ප්‍රහාර එල්ල කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය එම බන්ධනාගාර සහ පොලිස් ස්ථානවල රඳවා සිටි ජවිපෙ සැකකරුවන් 568 දෙනෙක් මුදවා ගැනීමට සමත් විය.


දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ පුහුණුව, ශක්තිය, උපක්‍රම සහ ඇතැම් ආරක්ෂක භටයින් සමඟ ගොඩනගා ඇති රහස් සම්බන්ධතා පිළිබඳව බොහෝ දෙනා මවිතයට පත්වූහ.

 

 


ජවිපෙ 2 වැනි කැරැල්ලට එරෙහිවූවන් ජවිපෙ මගින් හඳුන්වනු ලැබුවේ “පෙතියෝ” නමිනි. ජවිපෙ මගින් 1986 සිට 1990 දක්වා ඇති කළ 2 වැනි කැරැල්ලේ පෙතියෝ කියා එසේ මරා දමන ලද සංඛ්‍යාව පොලිස් වාර්තාවලට අනුව 6,661කි. ජවිපෙ නායකයෙකු 2014 දී බි්‍රතාන්‍යයේ සංදේශය සිංහල ගුවන් විදුලි සේවය සමග පැවති සාකච්ඡාවකදී කියා සිටියේ එසේ මරා දැමූ සංඛ්‍යාව 6000ක් පමණ වන බවය. “පෙතියෝ” කියා මෙසේ මරා දැමුවන් අතර එජාප ක්‍රියාකාරිකයන් 1783, රාජ්‍ය නිලධාරින් හා සේවකයින් 485, පොලිස් නිලධාරින් 324, ආරක්ෂක හමුදා නිලධාරින් 15 ක් ඇතුළු සෙබළුන් 202, සරසවි සහ පාසල් සිසුන් 187, පොලිස් පවුල් සාමාජිකයින් 92, හමුදා පවුල් සාමාජිකයින් 70, විදුහල්පතිවරුන් 52, භික්ෂුන් 41, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් 27, වතු පාලකයින් 18, මාධ්‍යවේදීන්, කලාකරුවන් 9, නීතිඥයන් 7, ප්‍රධාන ව්‍යාපාරිකයින් 6, මහාචාර්යවරු 2 , කතෝලික පූජකවරුන් 2, ශ්‍රිලනිප 200 ක් පමණ, මහජන පක්ෂය 141, කොමියුනිස්ට් 43, නසසප 24,, සමසමාජ 22, ජනතා සංගමය 19, 71 කැරලිකරුවන් 7, විකොස 3, ස්වාධීන ශිෂ්‍ය 3, ජනතා සමාජවාදියෝ 2, සමාජවාදී ජනතා ව්‍යාපාරය 1, අවිස්සාවේල්ල කණ්ඩායම 1, වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, ගුරුවරුන්ද ඇතුළත්ව පුරවැසියන් 2888 අයත් විය.


රජය මගින් 1987 අප්‍රේල් මස දී ඡන්ද කොට්ඨාශ මට්ටමින් ජවිපෙ කටයුතු පිළිබඳ සුපරික්ෂාකාරී කමිටු නිල නොවන මට්ටමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිට වූ අතර එම කමිටුවට එම ආසනය තුළ සිටින සියලුම ග්‍රාමසේවා නිලධාරින්, විශේෂ සේවා නිලධාරින් සහ ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති යන තිදෙනා අනිවාර්යයෙන් ඇතුළත් කරන ලදී. ඔවුන් වෙත කැරලිකරුවන්ගේ ප්‍රහාරයන් එල්ලවීමට එය ප්‍රධාන හේතුවක් විය.

 

 


රජය විසින් 1993 මාර්තු 9 ප්‍රකාශයට පත්කරන ලද සංඛ්‍යාලේඛන අනුව ජවිපෙ කැරලිකරුවන් විසින් විනාශ කරන ලද දේපල අතර සමහරක් මෙසේය. රුපියල් දශලක්ෂ 280 වටිනා මගම බස්රථ. රුපියල් දශලක්ෂ ගණන් වටිනා පෞද්ගලික බස්රථ, රුපියල් දශලක්ෂ 240 ක් වටිනා දුම්රිය දේපල, රුපියල් දශලක්ෂ 100 ක් වටිනා රජයේ වාහන, රුපියල් දශලක්ෂ 960ක් වටිනා රජයේ ගොඩනැගිලි, රුපියල් දශලක්ෂ 200 ක් වටිනා දුරකථන හුවමාරු උපකරණ, රුපියල් දශලක්ෂ 250 ක් වටිනා විදුලි ට්‍රාන්ස්ෆෝමර්, රුපියල් දශලක්ෂ 40 ක් වටිනා තේ කම්හල්, රුපියල් දශලක්ෂ 200 ක් වටිනා කෘෂිකාර්මික දේපල, රුපියල් දශලක්ෂ 620 ක් වටිනා පතල් කර්මාන්තයට අදාළ දේපල, රුපියල් දශලක්ෂ 160 ක් වටිනා පරිපාලන ආයතන, රුපියල් දශලක්ෂ 50 ක් වටිනා සේවා ආයතනයන් ඒ අතර වේ.


දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය උතුරේ දිස්ත්‍රික්ක පහේද නැගෙනහිර මඩකළපුවේද ක්‍රියාත්මක වූයේ නැත. එය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූයේ දිස්ත්‍රික්ක 25 න් 19 කය. සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් ලේකම් සහ සන්නද්ධ නායක වශයෙන් දෙදෙනෙක් වූහ. දිස්ත්‍රික් ලේකම් යටතේ දිස්ත්‍රික්කය තුළ දේශපාලන කලාප ලේකම්වරුන්ද, ඔවුන් යටතේ දේශපාලන කොට්ඨාශ ලේකම්වරුන්ද විය. දිස්ත්‍රික් සන්නද්ධ නායක යටතේ එම දිස්ත්‍රික්කයේ කලාප සහ කොට්ඨාශ සඳහා වෙන් වෙන්ව සන්නද්ධ ලේකම්වරුන් විය. දිස්ත්‍රික් ලේකම් කැඳවන කමිටුවට ඔහු යටතේ සිටින දිස්ත්‍රික්කයේ දේශපාලන, කලාප සහ කොට්ඨාශ ලේකම්වරුන්ද දිස්ත්‍රික්කයේ භික්ෂු, තරුණ, කාන්තා, ශිෂ්‍ය සහ කම්කරු මධ්‍යස්ථානයේ නායකයින්ද සන්නද්ධ ලේකම්වරයාද සහභාගි වේ. දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ කලාප සහ කොට්ඨාස සන්නද්ධ ලේකම්වරුන් වෙන් වෙන්ව කැඳවනු ලබන්නේ දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයා පමණි.


දිස්ත්‍රික්ක කිහිපයක් එක්කර ගොඩනැගී ඇති කලාප 5 සඳහා දේශපාලන සහ යුද වශයෙන් නායකයින් දෙදෙනෙකු ලෙස ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෝ කටයුතු කරති. එම කලාප 5 අනුව ඌව / නැගෙනහිර කලාපයට බදුල්ල, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කද, දකුණු කලාපයට හම්බන්තොට, මාතර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කද, බස්නාහිර / සබරගමු කලාපයට කොළඹ, ගම්පහ, රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්කද, මධ්‍යම කලාපයට මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කද උතුරු මැද කලාපයට පොළොන්නරුව, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ඇතුළත් විය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයා විසින් තමාට අයත් අදාළ කලාපයේ කමිටු රැස්වීම් පවත්වන විට එයට එම කලාපයට අයත් අදාළ දිස්ත්‍රික්කයන්හි දේශපාලන සහ සන්නද්ධ ලේකම්වරු සහභාගි වෙති. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මූලස්ථානය හැඳින්වූයේ දේශප්‍රේමී සන්නද්ධ බළකායේ අණදෙන මධ්‍යස්ථානය නමිනි.  පහත බළකායන්ට නියෝග නිකුත් කරන ලද්දේ එමගිනි. එම බළකායන් නම්කර තිබුණේ කොළඹ - රංජිත් පරාක්‍රම, නුවර - කැප්පෙටිපොළ, ගාල්ල - කමල බන්දු, මාතර - සුසිල් වික්‍රම, කුරුණෑගල - නිමල් කරුණාතිලක, කළුතර - කරුණාරත්න, මාතලේ - මුනිදාස, අනුරාධපුර - පද්මසාර, ත්‍රිකුණාමලය - විමලරත්න, හම්බන්තොට - ගුණසේන වර්ණපටබැදි, ශිෂ්‍ය අංශය- නිමල් බාලසූරිය, භික්ෂු අංශය - කුඩහපොළ යන නමිනි. එයට අමතරව මව්බිමේ සියලු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය සහ මව්බිමේ සතුරන්ට දඬුවම් දීමේ ජාතික ව්‍යාපාරය නමින් සංවිධාන දෙකක් විය.

මතු සම්බන්ධයි.



අදහස් (1)

’’ලෙයට ලෙය මරණයට මරණය’’ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය බිහිවෙයි

kumudu priyantha Saturday, 21 October 2023 07:40 PM

ධර්මන්ගේ පොත සත්‍ය විකෘති කිරිමකි. ඒහි බොහෝ කරුණු කල්පිතයන් මිස සත්‍ය නොවේ. හොදම උදාහරණය වන්නේ 1984 සැප්තැම්බර් 4 වන දින පොලිසිය විසින් ශ්‍රාවස්තිවත්ත සිය නිවසේ සිට මීටර් 300 ක දුරින් සවස 2ට පමන සිවිල් ඇදුමින් පැමිණි පොළිස් නිළධාරින් දෙදෙනෙකු (විල්බට් රාලහාම් සහ තවත් අයෙකු) පැහැරගෙන ගොස් සවස 5 වනවිට පහරදී මරාදමන ලදුව අතුරුදහන් කරන ලද සරත් විජේසිංහ පිළිබඳව ලියා ඇති ප්‍රලාපයයි. මරාදමනවිට ඔහුගේ වසය අවුරුදු 24කි. අනුරාධපුර කාර්මික විද්‍යාලයේ සිසුවෙකි. පවුලේ පමනක් නොව මුළු ගමේම ආදරය දිනාගත් කෙසග සිරුරකින් හෙබි අහිංසකයෙකු වු ඔහු අන් කිසිවෙකු නොව අපේ පොඩි අයියා වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12293 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14937 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2797 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 443 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site