IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


වමට ගිය පළමු විපක්‍ෂ නායක ධුරය

ලංකාවට සර්වජන ඡන්ද බලය ගෙනදුන් 1931 ඩොනමෝර් කොමිසන් සභාව රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය ලංකාවට ආදේශ කළ අතර ඒ නිසාම මෙරට සිවිල් සංවිධාන අතර දේශපාලන උනන්දුවද වැඩිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් සංවිධාන වළ නායකත්වය දේශපාලන පක්‍ෂ බිහිවීම දක්වා වර්ධනය විය. 1935 ලංකා සමසමාජ පක්‍ෂය බිහිවීමත් 1946 දී එක්සත් ජාතික පක්‍ෂය බිහිවීමත් සමඟ මැතිවරණ සඳහා පක්‍ෂ සහභාගීත්වය ඇරඹුණු අතර 1947 මහ මැතිවරණ එලෙස දේශපාලන පක්‍ෂ තරඟ කළ ප්‍රථම මැතිවරණය විය.


ඩොනමෝර් කොමිසමේ නිර්දේශ අනුව 1936 බිහිවූ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා නිල කාලය 1941 දී අවසන් වීමට නියමිත වුවද 1939 - 45 පැවැති දෙවැනි ලෝක යුද්ධය නිසා රාජ්‍ය මන්ත්‍රණ සභා නිල කාලය 1947 දක්වා කල් ගියේය. 1947 ජුලි 04 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හරින විට 1945 ජුලි 11 වැනිදා සෝල්බරී කොමිසන් සභාව විසින් එතෙක් පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා ව්‍යුහය වඩාත් විධිමත් පාර්ලිමේන්තු ක්‍රමයක් සඳහා නිර්දේශ ලබාදී තිබුණි. සෝල්බරී කොමිසන් සභාවේ නිර්දේශ අනුව ලංකාවේ පාර්ලිමේන්තු ව්‍යුහය කොටස් 03 කට බෙදනු ලැබීය. 


1. රැජින වෙනුවෙන් පවතින අග්‍රාණ්ඩුකාරධූරය

2. මහජන නියෝජිත මණ්ඩලය

3. උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනට් සභාව


ඡන්ද කොට්ඨාස 89 සඳහා මන්ත්‍රීවරු 95 තෝරා ගැනීමට යෝජනා කළ අතර නියෝජනය නොවූ ජන කොටස් වෙනුවෙන් තවත් 06 දෙනකු පත්කිරීමට විධිවිධාන සලසා තිබුණි.


ඒ අනුව ප්‍රථම මැතිවරණය 1947 ජුලි 23 වැනි දින සිට අගෝස්තු 20 දක්වා පුරා දින 19 තිස්සේ පවත්වනු ලැබීය. මෙතෙක් පැවැති මැතිවරණ හා සසඳන විට මෙය විශේෂ මැතිවරණයක් විය. ලංකාවේ මුල් වරට දේශපාලන පක්‍ෂ මුල්කරගෙන මැතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් වූයේද අපේක්‍ෂකයින්ට මුල්වරට ඡන්ද සලකුණ භාවිතා කිරීමට සිදු වූයේද මෙම මැතිවරණයේ දිය. ලියාපදිංචි පක්‍ෂ 09 හා ස්වාධීන කණ්ඩායම් කීපයක් මැතිවරණයට ඉදිරිපත්ව සිටි අතර නාම යෝජනා දුන් සමස්ත අපේක්‍ෂකයින් සංඛ්‍යාව 362 කි. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 3,048,145 ක් විය. ලංකාවේ මුල්වරට මැතිවරණ කොමසාරිස්වරයකු යටතේ මැතිවරණය මෙහෙය වීමට සිදු වූයේද මෙම මැතිවරණයේදී වන අතර 1947 පෙබරවාරි 01 දින මැතිවරණ කොමසාරිස් ධූරයට පී. ඕ. ප්‍ර

නාන්දු මහතා පත් කරනු ලැබීය. 


මෙම ප්‍රතිඵල අනුව එ.ජා. පක්‍ෂයේ නායක ඩී. එස්. සේනානායක මහතා අගමැතිවරයා වශයෙන් 1947 සැප්තැම්බර් 26 වැනිදා දිවුරුම් දුන් අතර ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩල රැස්වීම 1947 ඔක්තෝබර් 14 වැනිදා රැස්වී ප්‍රථම කථානායක ලෙස ඒ. එෆ්. මොලමුරේ මහතා පත්කර ගත්හ. 


විපක්‍ෂනායක ධූරය ලංකා සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාට හිමිවූයේ ලංකාවේ ප්‍රථම විපක්‍ෂ නායකවරයා ලෙසය. එ.ජා. පක්‍ෂයට විකල්පය ලෙස මාක්ස්වාදී පක්‍ෂ පෙනී සිටියත් මෙරට බහුතර ජනතාවගේ අපේක්‍ෂා ඉටුවන දේශපාලන ධාරාවක් වශයෙන් මාක්ස්වාදී මග තෝරා ගැන්මට ඔව්හු සුදානම් නැති බව ප්‍රකාශ වන්නේ 1952 මහමැතිවරණයේ සිට 1951 බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එ.ජා. පක්‍ෂයට විකල්පයක් ලෙස නිදහස් පක්‍ෂය වටා ජනතාව දිගටම විශ්වාසය තැබීම මතය. 


1952 මාර්තු 22 වැනි දින අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා අසු පිටින් ඇද වැටී මියගිය අතර අගමැති ධූරයට පත් ඩඞ්ලි සේනානායක මහතා 1952 අප්‍රේල් 08 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිනතුරු විපක්‍ෂ නායක ධූරය දරණ ලද්දේ රතුනායක ආචාර්ය එන්. එම්. පෙරේරා විසිනි.

එම 1947 මැතිවරණයේදී මාක්ස්වාදී පක්‍ෂවලට මන්ත්‍රීධූර 18 හිමිවූ අතර ලංකාවේ ගමන්මග පිළිබඳව තීරණය කිරීමට එකල ලංකාවේ මාක්ස්වාදී පක්‍ෂවලට තිබූ හැකියාව මේ අනුව අති මහත්ය. නමුත් එ.ජා. පක්‍ෂයට විකල්පයක් ලෙස ප්‍රජාතාන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය සඳහා තවත් ප්‍රජාතාන්ත්‍රික පක්‍ෂයන්ගේ අවශ්‍යතාව මේ අනුව පෙනී ගිය අතර පසුකාලීනව 1951 සැප්තැම්බර් 02 දින බණ්ඩාරනායක මහතා ශ්‍රී.ල.නි. පක්‍ෂය පිහිටුවා පුරවන ලද්දේ එම හිඩැසය එවක් පටන් මාක්ස්වාදී පක්‍ෂවලට තනියම නැගී සිටීමේ හැකියාව අහිමි විය.

 

 

 

 

 

 

 

 


බණ්ඩාරගම
සමරසේන මුදලිගේ



අදහස් (0)

වමට ගිය පළමු විපක්‍ෂ නායක ධුරය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14940 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14540 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 112 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 90 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site