1988-89 යුගය මුළු රටම භීෂණය වෙළාගත් යුගයකි. රාජ්‍ය පාලනයක් තිබුණත් අරාජික පාලනයක් රටේ පැවැතිණි. සෑම තරාතිරමකම ජනතාව විසුවේ ජීවිතය පිළිබඳව අවිනිශ්චිතතාවයෙනි. නිරතුරුවම ඇසුවේත්, දුටුවේත් බාල, තරුණ, මහලූ, ගැහැනු, පිරිමි, දුප්පත්, පොහොසත් භෙදයක් නොමැතිව මිනිසුන් බල්ලන් හා බළලූන් සේ මරා දමා කානුවල හා බෝක්කුවල දමා තිබී හා ලයිට් කානුවල එල්ලා තිබී හමුවීම්ය. මේවා සමහරක් අන්තවාදී දේශපාලන පක්‍ෂයක ගිණුමට බැරවීය.
එකල රාජ්‍ය ආරක්‍ෂක අංශවල මෙහෙයවීමෙන් දිවයිනපුරා තරුණ පිරිස් අත්අඩංගුවට ගත්හ. බොහෝ දෙනෙක් වධකාගාරවලට ලක්කර ඝාතනය කළහ. මේ අතර කහ බළල්ලූ හා ප‍්‍රා වැනි සංවිධාන රට තුළ ක‍්‍රියාත්මක වී තරුණ පිරිස් අත්අඩංගුවට ගත්හ. සමහරු අමු අමුවේ ඝාතනය කළහ. මේවා නිත්‍යානුකූල දඬුවම් ලෙස සැලකීමට ඇතැමුන් කටයුතු කළහ.
මෙම කාලය තුළ රටේ පරිපාලනය හා නීතිය ක‍්‍රියාත්මක කරන්නන් මෙන්ම ආයතන පාලනය සිදුවූයේද දේශපාලන අතකොළු වන විශ්වාසවන්ත නිලධාරීන් පිරිසක් විසිනි. මාතලේ, රත්තොට, වෑගොඩපොළ පවුලේ ඝාතනය ප‍්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ පෞද්ගලික වෙස් පෙරළියක් නිසාවූ දරුණු ඝාතනයක් බව කියති.
එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්තොට ආසන සංවිධායක බර්ට‍්‍රම් වෑගොඩපොළ මහතාය. වෑගොඩපොළ පරපුර ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජු සමයේ සළුවඩන නිලමේ ධුරය දැරූ වෑගොඩපොළ නිලමේගෙන් පැවැත එන්නකි. 1818 ඌවxවෙල්ලස්ස බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය විරෝධී සටනේ අභීතව සටන් මෙහෙයවූ උඩරට නිලමේ කෙනෙකි වෑගොඩපොල පරපුරේ වෑගොඩපොළ රටේ මහත්තයා, 1815 සිට 1821 කාලය තුළ දිසාවේ ධුරයක් දැරූ රත්වත්තේ මහ නිලමේගේ දියණියක වූ ලොකු මැණිකා සමග විවාහ පත්වූ පසු පුංචිබංඩා වෑගොඩපොළ
මහතා එම පරපුරෙන් පැවැත එන්නෙකි. ඔහු ගම්මුලාදෑනි කෙනෙකි. බර්ට‍්‍රම් වෑගොඩපොළ මහතා පුංචිබංඩා වෑගොඩපොළ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත‍්‍රයා ය.
1988 වසර රටපුරා දේශපාලන භීෂණය බුරබුරා නැගුණු වසරකි. මේ වසරේ පැවැත්වුණු ජනාධිපති වරණය මෙයට බෙහෙවින් ඉවහල් වීය. භීෂණ සමයේ ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ රත්තොට ආසනයට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් ප‍්‍රකාශ කරද්දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්තොට ආසන සංවිධායක ලෙස බර්ට‍්‍රම් වෑගොඩපොළ මහතා පත් කළාය.
1988 දෙසැම්බර මස 19 වැනි දින ජනාධිපතිිවරණය ප‍්‍රකාශයට පත් කෙරිණි. මෙදිනට පෙර දින එනම් දෙසැම්බර් 18 වැනි දින මූසල දිනයක් විය. තැන් තැන්වල වෙඩි හඬ ඇසුණේ විවිධ ආරංචි පතුරුවමිනි. මෙදින හිරු අවරට ගියා පමණි. ගතවූයේ හෝ්රා කීපයකි. නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් උකුවෙලxරත්වත්තේ පිහිටි වෑගොඩපොළ වලව්වට කඩා වැදුණේ වෙඩි තබමිනි.
කඩා වැදුණු සන්නද්ධ පිරිස වෑගොඩපොල වලව්වේ සිටි දුටු දුටු අයට වෙඩි තියන්න ගත්හ. සන්නද්ධ කල්ලිය දෑස ඝන රෙදි කඩවලින් වසාගෙන සිටියහ. ‘තොට ඡුන්දේ ඉල්ලන්න ඉඩ තියන්නේ නැහැ’ කියා තුවක්කුකරුවෙකු ගිගුරුවේය.
තුවක්කුකරුවන්ගේ වෙඩි උණ්ඩවලට ලක්ව පුංචිබණ්ඩා වෑගොඩපොළ, බර්ට‍්‍රම් වෑගොඩපොළ සහ ලෙනී වෑගොඩපොළ ඇතුළු වෑගොඩපොළ වලව්වේ එකම පවුලේ තිදෙනෙක් සමග පස් දෙනෙක් ඝාතනයට ලක්වූහ. වලව්වේ සිටි තවත් පිරිසක් තැන් තැන්වලට දුවගොස් සැඟවූනහ. බර්ට‍්‍රම් වෑගොඩපොළ මහතාගේ මව වන ලොකු කුමාරිහාමි මහත්මිය වලව්වේ කාමරයක වූවාය.
ජනාධිපතිවරණයේ රත්තොට ආසනයේ මැතිවරණ කටයුතුවල නියැළුන පිරිසක්ද වලව්වේ තැන් තැන්වල සැඟවුණ පිරිස අතර වූහ. මාතලේ කයිකාවල මැදවේරගම පදිංචි චන්ද්‍රසිරි මොට්ටුවෙල මහතා ද ඒ අතර විය. ඔහු ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ ලිපිකරුවෙකි. තමන් සැඟවී සිටි කාමරයට තුවක්කුකරුවන් පැමිණේද යන මර බියෙන් චන්ද්‍රසිරි මොට්ටුවෙල මහතා ඇතුළු කීපදෙනෙකු පසු වූයේ දැඩි භීතියකිනි.
වලව්වේ කාමරයක සැඟවී සිටි චන්ද්‍රසිරි මොට්ටුවෙල මහතා මේ මිනිස් ඝාතන සියැසින් දැක තිබේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම මත මේ ඝාතනය පිළිබඳව නඩුවක්ද තිබුණි. සිද්ධිය ඇසින් දුටු සාක්කිකරුවෙකු ලෙස චන්ද්‍රසිරි මොට්ටුවෙල මහතා පෙනී සිටියේය.
භීෂණ සමයේ ඔහුද ටයර් සෑයකින් පණ බේරාගත් අයෙකි. ටයර් සෑයකට ගොදුරු වූයේ වෑගොඩපොළ ඝාතනය සම්බන්ධව පැවැති නඩුවේ සාක්කිකරුවෙකු වීම නිසාය. 1989 අගෝස්තු මස 30 වැනිදා සවස 5.00 ට පමණ කයිකාවෙලx මැදවේරගම පිහිටි මොට්ටුවෙල මහතාගේ නිවසට සුදු වෑන් රථයක් පැමිණ ඔහු පැහැරගෙන ගියේය. ඔහුගේ පණ බේරී ඇත්තේ එවකට මාතලේ ප‍්‍රදේශය භාරව යුද හමුදා ආඥාපතිව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිසා බව චන්ද්‍රසිරි මොට්ටුවෙල මහතා අදත් පවසයි.
අයිරංගනී වෑගොඩපොළ, මාලනී වෑගොඩපොළ, කෙනත් වෑගොඩපොළ සහ නිශ්ශංක වෑගොපොල වෑගොඩපොල පවුලේ සෙසු ¥ දරුවන්ය. දැනට විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති නිශ්ශංක වෑගොපොළ මහතා එවකට තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාය. මෙදින රාත‍්‍රියේම තම පියා, වැඩිමහල් සහෝදරයන් දෙදෙනා ඇතුළු වලව්වේ පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සැලවූ වහාම නිශ්ශංක වෑගොඩපොළ මහතා වලව්වට හඹා ආවේය.
මේ මහා මිනිස් ඝාතනය පිළිබඳව විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිශ්ශංක වෑගොඩපොළ මහතාගේ වචනවලින්ම මෙසේය.
”1988 දෙසැම්බර මස 19 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා. එදිනට පෙර දින එනම් 18 වැනිදා මම තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපති ලෙස රාජකාරී කරද්දී මගේ පියාත්, වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙක් ඇතුළු වලව්වේ සිටි පස් දෙනෙකු ඝාතනය කර තිබෙන බව දුරකථන ඇමැතුමක් ලැබුණා.
මම නිවසට ඇවිත් බලනවිට මගේ පියා සාලය මැද වෙඩි වැදී මැරී සිටියා. වැඩිමහල් සහෝදරයා වන බර්ට‍්‍රම් වෑගොඩපොළ සහ ඊළඟ සහෝදරයා වන ලෙනී වෑගොඩපොළ ඇතුළු පස් දෙනෙකු තැන් තැන්වල වැටී මැරී හිටියා. ටී. 56 තුවක්කුවලින් මේ වෙඩි තැබීම්කර තිබුණේ. මාතලේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ පිළිබඳව කිසිම රාජකාරියක් කළේ නැහැ.
මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
වලව්වක් අමු සොහොනක් කළ දේශපාලන ප‍්‍රහාරයක්