එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය ඉදිරිපත් කළ දෙමළ භාෂා විශේෂ විධි විධාන පනතට එරෙහිව විරෝධතා පෙළපාළියට එල්ල වූ පොලිස් වෙඩි ප‍්‍රහාරයෙන් දඹරාවේ රතනසාර හිමියන් අපවත් වීම ගැන හා ඊට පසු ඇති වූ තත්ත්වයක් ගැන මේ කතාව කියන්නේ ද රජයේ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වූ සාම විනිසුරු බී.ජී.පී. ධර්මසේන මහතාගේ මතකය ඇසුරිණි.
මේ සිද්ධිය සිදු වී තිබුණේ 1965 වසරේ ජනවාරි මාසයේ 8 වැනිදාය.
එදා මුළු රටම සංවේගයට පත් වූයේ දඹරාවේ රතන සාර හිමියන්ට වෙඩි වැදී අපවත් වීම ශෝකජනක පුවත කන වැකීමත් එක්කමය.
ධර්මසේන මහතා ඒ සිද්ධිය ගැන විස්තර කරමින් මෙසේ පැවසීය.
ඉතා සාමකාමීව ගිය මේ විරෝධතා පෙළපාළියට මුලින්ම පොලිසිය කඳුළු ගෑස් ගැසුවා හෙළිකොප්ටර් යානාවක සිට ද පෙළපාළියට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළා. කඳුළු ගෑස් ප‍්‍රහාර මැද්දේ පෙළපාළිය කොල්ලූපිටිය හංදියෙන් ගැරී ගාලූ මුවදොර දෙසට හැරෙනවාත් එක්කම පොලිසිය පාර අහුරා ගෙන සිට කඳුළු ගෑස් ගසන අතර වාරයේ වෙඩි තබන්නට පටන් ගත්තා. පෙළපාළියේ ඉදිරියෙන්ම වැඩම කළ ස්විමින් වහන්සේලා කඳුළු ගෑස් ප‍්‍රහාරයෙන් බේරීමට පාරෙන් පහළ තිබූ ළදරු පාසලක ඉස්තෝප්පුවට ගොඩ වුණා.
කඳුළු ගෑස් ප‍්‍රහාරයෙන් කුපිතවූ පෙලපාලි කරුවෝ පාර දෙපස තිබූ ගල් අහුලාගෙන පොලිසියට ගල් ප‍්‍රහාර එල්ල කළා. එයින් වූයේ පොලීසියට වෙඩි තැබීමට උඩගෙඩිදීමක්. මෙසේ පොලීසිය තැබූ වෙඩි උණ්ඩයක කැබැල්ලක් විසිවී ගොස් රතනසාර හිමියන්ට වැදුණා.
උන්වහන්සේ එතනම බිම ඇද ගෙන වැටුණා. පෙළපාළියේ ගිය තවත් පිරිසක් පොලිස් වෙඩි ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා තිබුණා. වෙඩි වැදී ලේ විලක් මැද වැටී සිටි රතනසාර හිමියන් සිද්ධිය වූ ස්ථානයේම අපවත් වී සිටියා. ජනතාව වේදනාවෙන් කෑ ගසන්නට පටන් ගත්තා.
තුවාල ලැබු පිරිස කොළඹ මහ රෝහලට අරගෙන ගියා. දඹරාවේ රතනසාර හිමියන්ගේ දේහය පසුව එතැනින් ඉවත් කර ගෙන කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගොස් තිබුණා.
ඉහළින්ම ලැබුණු නියෝගයක් අනුව පොලිසිය මේ විදිහට පෙළ පාළියේ ගිය අයට වෙඩි තබා තිබුණ බව පසුව අපට දැන ගැනීමට ලැබුණා.
පොලිස් වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින අයගේ සුව දුක් දැන ගැනීමට මා ඇතුළු මගේ මිතුරන් කිහිප දෙනෙක් ද රෝහලට ගියා. අප රෝහලට යන කොටත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ආචාර්ය එන්.එම්. පෙරේරා සහ පීටර් කෙනමන් යන මහත්වරුන් තරුණ දේශපාලනඥයන් ගණනාවක්ම රෝහලට තුවාල කරුවන් බැලීමට ඇවිත් සිටියා මට අද වාගේ මතකයි.
මට තව දෙයක් කියන්නට අමතක වුණා. පොලිසිය අපිට කඳුළු ගෑස් ගහද්දී පුපුරා නොගිය කඳුළු ගෑස් උණ්ඩු අහුලාගෙන අපි පෙරළා ඒවායෙන් පොලිසියට දමා ගැසුවා. එහෙම කරන්න ගිහින් මගෙන් නිව්ටන් සෙනෙවිරත්න මහත්තයාගෙත් අත් පිළිස්සුණා යැයි ධර්මසේන මහතා පැවසීය.
ධර්මසේන මහතා තව දුරටත් අතීතය ස්මරණය කරමින් මෙසේද කීය.
පොලිසිය ගැසු පුපුරා නොගිය කඳුළු ගෑස් උණ්ඩු අහුලාගෙන ඒවායින් නැවත පොලිසිය දෙසට දමා ගැසු බව පෙළපාළියට අපිත් එක්ක මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් සහභාගී වුණු කිහිප දෙනෙකුගෙන් අපේ විරුද්ධවාදීන් දැන ගෙන ඔවුන් ඒ බව එවකට මෝටරි රථ කොමසාරිස් ජනරාල්වරයාව සිටි රාජින්ද්‍රන් මහත්තයාට දැනුම් දී තිබුණා. රාජෙන්ද්‍රන් මහත්තයා මේ බව දැනගත් වහාම අපට විරුද්ධව පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයෙන් පස්සේ මා ඇතුළු දෙපාර්තමේන්තුවෙන් පෙළපාළිය ගිය සියලූ දෙනාගේම සතියකට වැටුප දඩ වශයෙන් අය කිරීමට නියෝගයක් පනවා තිබුණා. ඒ විතරක් නෙවෙයි මාව දඬුවම් කාරයෙක් විදියට
පොළොන්නරුව දිසාපති කාර්යාලයට මාරු කර යැව්වා. ඒ වෙන කොට මම මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක් විදිහට තමා රාජකාරි කරමින් සිටියේ. පෙළපාළියට ගිය අනිත් අයත් දඬුවම් මාරු ලබාදී යවා තිබුණා. ස්ථාන මාරුව අවලංගු කර ගැනීමට අභියාචනයක් ඉදිරිපත් කළත් ඒ අභියාචනයෙන් කිසිම වැඩක් සිද්ධ වුණේ නැහැ. රාජේන්ද්‍රන් මහත්තයා අපි ගැන දැඩි තීරණයක් අරගෙන තිබුණා.
පොළොන්නරුව දිසාපති කාර්යාලයට ගිහින් මම වැඩ බාර ගත්තේ 1966 සැප්තැම්බර් මාසයේ. ඒ වෙන කොට පොළොන්නරුවේ දිසාපතිවරයා වශයෙන් සිටියේ අයිවන් සමරවික‍්‍රම කියන මහත්තයා. ඊට පස්සේ පොළොන්නරු දිසාපතිවරයා ලෙස පත් වී ආවේ කේ.එච්.ජේ. විජේදාස මහත්මයා.
ඒ දෙදෙනාම හරීම හොඳ අවංක නිලධාරින් ඔවුන් දෙපොළ යටතේ රාජකාරී කිරීමට ලැබීම මගේ ඉදිරි රාජකාරි කටයුතුවල දී මනා පිටුවහලක් ලැබුණ බව පැවසිය යුතුම වෙනවා. ඔවුන් දෙපොළ ළඟින්ම ඇසුරු කළා. ඒ කාලයේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ග‍්‍රාම නිලධාරියෙක් විදියට රාජකාරි කළා. ඔහුන් නිතරම පොළොන්නරුව දිසාපති කාර්යාලයට ඇවිත් යනවාත් මට හොඳම මතකයි.
මේ අතරවාරයේ මම විධායක ශ්‍රේණියේ ලිපිකරුවෙක් ලෙස උසස් වීම් ලබා ගෙන සිටියා. ඒ උසස් වීම ලැබුණාට පස්සේ මම ආයෙත් 1969 වසරේ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ස්ථාන මාරුවීමක් කළා. එතකොට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා වෙලා හිටියේ ඞී.ආර්.සී. හංවැල්ල මහත්මයායි. ඔහු ඉතාම හොඳ නිලධාරියෙක්.
සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය 1970 වසරේ අගමැතිනිය ලෙස පත් වුණාට පස්සේ එදා අපෙන් දඩයක් වශයෙන් අය කර ගත් සතියක වැටුප ආපසු ලබා දුන්නා. එදා දඹරාවේ රතනසාර හිමියන්ට වෙඩි වැඳී මිය ගිය ස්ථානයේ එනම් කොල්ලූපිටිය හන්දියේ මෙතෝදිස්ත විදුහලට නුදුරින් ගාලූ පාර අයිනේ උන් වහන්සේ සිහි වීමට පිළිරුවක් හැදුවා. දඹරාවේ රතනසාර හිමියන්ගේ පිළිරුව අදටත් එතැන තිබෙනවා. විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී. බී.පී.පී. ධර්මසේන මහතා කතා බහ නිමා කිරීමට මත්තෙන් පවසා සිටියේය.
ඡුායාරූප: රොමේෂ් ධනුෂ්ක ද සිල්වා.
ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාමකාමී පෙළපාළියට පොලීසියෙන් වෙඩි