IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සර් ජෝන් බණ්ඩාරනායක ගුටිකෙළිය

මීට වසර 79 කට ඉහත එනම් 1939 නොවැම්බර් මස 23 වැනිදා ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් විය. එසේ වූයේ කාලයක් තිස්සේ අබලන්ව පැවැති අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමවීමෙන් පසු බුරුම රාජ්‍යයෙන් වැඩම කරවනු ලැබූ අභිනව චූඩා මාණික්‍යය සහිත කොත් වහන්සේ චෛත්‍යය මත පැලඳවීමේ පුණ්‍යෝත්සවය එදිනට යෙදී තිබුණ බැවිනි.


එම අභිනව චූඩා මාණික්‍ය රත්නය මෙරටට පරිත්‍යාග කර තිබුණේ බුරුම රාජ්‍යයේ විසූ බෞද්ධ ජනතාව විසිනි. ගුවන් මගින් රැගෙන ආ අඟල් 23ක් උසැති අභිනව චූඩා මාණික්‍යය සහිත කොත් වහන්සේ ඊට සතියකටත් පෙර සිට කොළඹ සිට අනුරාධපුර දක්වා මහ පෙරහරින් වැඩම කර තිබුණේය. 1939 නොවැම්බර් මස 23 වැනිදා උදෑසන කාලයේ උදාවන සුබ මොහොතින් එම අභිනව චූඩා මාණික්‍යය සහිත කොත්වහන්සේ චෛත්‍ය රාජයා මත පැලඳවීමට නියමිතව තිබුණේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු එවකට පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙනි.


විශේෂයෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්වදේශ කටයුතු ඇමැති ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, කෘෂිකර්ම සහ ඉඩම් ඇමැති ඩී. ඇස්. සේනානායක, පළාත් පාලන ඇමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ප්‍රවාහන සහ ප්‍රසිද්ධ වැඩ ඇමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල යන මහත්වරුන් ඇතුළු මුළු ඇමැති මණ්ඩලයම එම පුණ්‍යෝත්සවයට සහභාගිවීමට නියමිතව සිටියහ. එකල කොළඹ සිට අනුරාධපුරය දක්වා වූ මාර්ගය එතරම් යහපත් තත්ත්වයක නොපැවැතියෙන් එම අවස්ථාවට සහභාගිවීමට බලාපොරොත්තු වූ සෑම ආරාධිතයෙක්ම පාහේ කලින්දා අනුරාධපුරයට පැමිණ විවිධ ස්ථානවල නවාතැන් ගෙන සිටියහ.


ඒ අතරින් වැඩි දෙනකු තිසා වැව අසබඩ පිහිටි ග්‍රෑන්ඞ් හෝටලයේ නවාතැන් ගෙන තිබුණේ එකල අනුරාධපුරයේ ඊට වඩා සුදුසු වෙනත් ස්ථානයක් නොතිබුණු බැවිනි. ප්‍රදේශයේ තමන්ට නතරවීමට සුදුසු වෙනත් ස්ථානයක් නොමැති බව දැන සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාද තම සමීප හිතවතුන් කීපදෙනෙක් සමඟ වේලාසනින්ම අනුරාධපුරයට ගොස් ග්‍රෑන්ඞ් හෝටලයේ නවාතැන්ගෙන සිටියේය. සෙසු ඇමැතිවරුන් අතරින්ද වැඩිදෙනකු එහි නවාතැන් ගෙන තිබුණෙන් කලින්දා සවස් වරුවේ සිටම මුළු හෝටල් පරිශ්‍රයම සම්භාවනීය අමුත්තන්ගෙන් පිරී පැවතිණි.


මේ අතර ඇතැම් සම්භාවනීය අමුත්තන් කොළඹ සිට ගෙන ගිය සැර බීමවර්ග තොලගා තිබුණේ තම තමන්ගේ කාමරවල සිටය. එසේ වූයේ මුළු මහත් බෞද්ධ ජනතාවගේම මුදුන්මල්කඩක් බඳු රුවන්වැලි සෑ රජිඳුන්ගේ අභිනව කොත් වහන්සේ පැලඳවීමේ පුණ්‍යෝත්සවයට සහභාගිවීමට පැමිණි තමන් ප්‍රසිද්ධියේ රහමෙර පානය කිරීම නොහොබිනා ක්‍රියාවක් බව ඒ හැමදෙනකුම පාහේ දැන සිටි බැවිනි.


එදින සවස හත, අට පමණ වනතුරු මිත්‍රයන් කීපදෙනකු සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටි බණ්ඩාරනායක ඇමැතිවරයා උන්හිටි ගමන් නැගී සිටියේ යමක් හදිසියේ මතකයට නැගුණු අයුරිණි.


“හෙන්රි අපි ටිකක් වේලාසනින් කෑම කාලා නිදාගන්න යමුද?”යි ඇසූ ඔහු ඒ අසලට වී දුම් පයිප්පය උරමින් සිටි තම මිත්‍රයාගේ උරහිසට සෙමින් තට්ටු කළේය. ඒ අනුව රාත්‍රී ආහාර ගැනීම සඳහා ඔවුන් භෝජනාගාරයට ගිය අතර එහි බොහෝ අසුන් සම්භාවනීය අමුත්තන්ගෙන් පිරී පැවතිණි.


“අද අපට එකට වාඩිවෙලා කෑම කන්න බැරිවෙයි වගේ” යි කී බණ්ඩාරනායක මහතා අසුන් කීපයක් හිස්ව තිබූ මේසයක් අසලට ගොස් තමන් සමග පැමිණි හෙන්රි අබේවික්‍රමටද එහි පැමිණ අසුන් ගන්නා ලෙස අතින් සන් කළේය. එම මේසයේ ඉතිරි අසුන්වල ප්‍රැන්සිස් මොලමුරේ, සර් ජෝන් කොතලාවල සහ ඔහුගේ මිත්‍රයකුවූ තෝමස් අමරසූරිය යන මහත්වරු හිඳගෙන සිටියහ. කෙසේ වෙතත් සර් ජෝන් එම අවස්ථාව වන විටත් සිටියේ බඹර පදමට මත්ව දෙපැත්තට වැනෙමිනි.


ඔහු ශබ්ද නගා තම මිතුරන් දෙපළ සමග කතා කරන හඬ මුළු ශාලාව පුරාම පැතිරෙමින් තිබුණේය. මේ අතර තමන් අසල තිබූ හිස් අසුනේ හිඳගත් බණ්ඩාරනායක මහතා දෙස බැලූ සර් ජෝන් ඊළඟ මොහොතේ ඔහු සමග කතාවට වැටුණේය. මුලින් ඉතා සුහද අයුරින් ඇරඹුණු එම කතා බහ විනාඩි කීපයක් ඇතුළත වාග් සංග්‍රාමයක් බවට පත්වූ අතර දෙදෙනාම ඉංග්‍රීසි බසින් ඔවුනොවුන්ට බැණ ගත්හ.


“පරයා තෝ එනවද මට උගන්නන්න මම තෝ හම ගහනවා”යි. අමු සිංහලෙන් කී සර් ජෝන් උන්හිටි ගමන් තම අසුනින් නැගිට බණ්ඩාරනායකට පහරදීමට උත්සාහ කළ අතර ‘යූ බ්ලඩි රාස්කල්’ යි කියමින් ඔහුද තම ප්‍රතිවාදියා තල්ලු කර දැමුවේය. මේ අතර ඇමැතිවරුන් දෙපළ අතර ඇතිවූ වාග් සංග්‍රාමයට සවන් දෙමින් සුප් කෝප්පයක් බොමින් සිටි තෝමස් අමරසූරිය මහතා කොතරම් කලබල වූවා දැයි කිව හොත් මුළු සුප් කෝප්පයම ඇඟේ හලා ගත්තේය.


එසැණින් ඒ අසලම සිටි හෙන්රි අබේවික්‍රම මහතා ඉදිරියට පැන බණ්ඩාරනායක මහතා දෑතින්ම බදාගත්තේ ඔහුට සෙලවීමටවත් නොහැකි අයුරිනි. බඹර පදමට මත්ව අතපය විසි කරමින් බණ්ඩාරනායකට පහරදීමට තැත් කළ සර් ජෝන් එයින් වළක්වා ගත්තේ ඒ අසල සිටි මන්ත්‍රීවරුන් දෙදෙනකු විසිනි. ඒ සමගම ඔහු එම තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනාටම පහර දෙන ලද්දේ තොපිලට කොහෙන් ලැබුණු හයියක්ද බොලව් මගේ ඇඟට අත තියන්න යි අසමිනි.


මේ අවස්ථාව වන විට ශ්‍රීමත් ඩී. බී. ජයතිලකත්, ඩී. ඇස් සේනානායකත් සිටියේ භෝජනාගාරයේ ඈත කෙළවරකවූ මේසයක් වටා හිඳගෙන කෑම ගැනීමට සූදානම්වය. සර් ජෝන්ගේ ගෝරනාඩුව ඇසී එහි දුවගෙන ආ ඔවුන් දෙදෙනා මොනවද අයිසේ මේ පොඩි කොල්ලො දෙන්නෙක් වගේ හැසිරෙන්නේ? යි අසමින් ඇමැතිවරුන් දෙපළට සැරෙන් අවවාද කළ අතර ඉන් අනතුරුව දකින්නට ලැබුණේ ඔවුන් දෙදෙනාම සංසුන් වී කෑම කන අයුරුය.

 

 


(හිටපු ඇමැතිවරයකුවූ බද්දේගම හෙන්රි අබේවික්‍රම මහතා විසින් ලියන ලද බණ්ඩාරනායක පරිවර්තන යුගය ග්‍රන්ථය ඇසුරෙනි.)

 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

සර් ජෝන් බණ්ඩාරනායක ගුටිකෙළිය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14941 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 121 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site