IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


ආණ්ඩුවේ වේදනා සමනයට ජනතාවට තිත්ත බේත්


වාණිජ බැංකු පොලී අනුපාත අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. තැන්පත් පොලිය අඩු කළ වාණිජ බැංකු ණය පොලිය වෙනසක් කළේ නැත. ණය පොලිය අඩු නොකළහොත් තද පියවර ගන්නා බව මහ බැංකුව නැවතත් අනතුරු අඟවා තිබේ. ණය පොලිය අඩු කරන්නේ පොදු ජනතාවගේ යහපතට නොවේ. වාණිජ බැංකුවල පොලිය අඩු වන විට ආණ්ඩුවේ ණය ගැනීම පහසු වෙයි. රාජ්‍ය ආයතනවල පොලී ගෙවීමේ හිසරදය පාලනය වෙයි. බලවත් ණය බරක සිටින ආණ්ඩුවේ වේදනාව සමනය කරනු සඳහා ජනතාවට තිත්ත බෙහෙත් පෙවීම සුදුසු නැත.

සති දෙක තුනකට කලින් මහ බැංකුව වාණිජ හා මුල්‍ය ආයතනවලට නිවේදනයක් නිකුත් කළේය. එයට අනුව සෑම ස්ථිර තැන්පතුවකටම ගෙවන වාර්ෂික පොලී අනුපාතය භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දින 365 කට ලැබෙන ඵලදා අනුපාතයට සමාන කළ යුතුය. බැංකු හා මූල්‍ය ආයතන එම පොලී අනුපාත අනුගමනය කළ යුතු අතර ළමා හා වැඩිහිටි ස්ථිර තැන්පත්වලට සියයට 0.5 ක අමතර පොලියක් ගෙවිය හැකි බව දක්වා තිබේ.

 තැන්පත් පොලිය අඩුකිරීමේ අරමුණ වාණිජ බැංකු ණය පොලී අනුපාතය පාලනය කිරීම අභිලාශය බව දක්වන මහ බැංකුව මෙම නියෝගය පිළිපදින්නේ දැයි අවධානයෙන් සිටින බව දක්වා ඇත. නොබෝදා නැවතත් අවදි වූ මහ බැංකුව අඩු කරන ලද තැන්පත් පොලිය හා සමානව ණය පොලිය අඩු නොකරන්නේ නම් තමන් සතු බලතල අනුව පොලිය නියම කරන්නට සිදුවන බව තදින් කියා සිටියේය. පසුගිය සති අන්තයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ලැබුණ ඵලදා අනුපාතය සියයට 7.90 කි. එය වසර ගණනකට පසු අවම මට්ටම බව නිරීක්ෂණය කළ හැකිය. මෙරට ණය පොලී අනුපාතය සියයට 15-16 අතර මට්ටමක පවතී.

තැන්පත් පොලිය හා සමානව ණය පොලිය අඩුවුවහොත් ඉදිරියේ දී වාණිජ බැංකු අයකරන පොලිය සියයට 11-12 අතර විය හැකිය.

බැංකු හා මූල්‍ය ආයතනවල තැන්පත් හා ණය පොලී අනුපාතික පාලනය කිරීමෙන් ගනුදෙනුකරුවන්ට වාසි ඇතිකරන බව බැලූ බැල්මට දැකගත හැකිය. එහෙත් එහි සෘජු වාසිය ආණ්ඩුවට හා ආණ්ඩුවේ ආයතනවලට බව ඉතාම පැහැදිලිය. ආණ්ඩුවේ ණය බර පාලනය වන අතර අවසානයේ දී එහි සුළු පිටිවහලක් ජනතාවට ලැබෙන්නට ඉඩ තිබේ. එතැනින් වාසියක් සිදුවෙතැයි ගණන් බලන විට ආණ්ඩුව තමන්ගේ තෝරාගත් ඉහළම නිලධාරීන්ට තීරු බදු රහිත වාහන ගෙන්වන්නට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව අනාවරණය වෙයි. එවැනි තීන්දුවකින් පසු ආර්ථිකයේ සිදුවිය හැකි එකම වාසියත් රටට අහිමි වන බව නිසැකය.

පොලිය අඩු කිරීමෙන් ආණ්ඩුව ජය ගන්නේ කෙසේද? කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලට ගෙවන ඉහළ ඵලදා අනුපාතිකය පාලනය වෙයි. සුප්‍රකට බැඳුම්කර ගනුදෙනුව අවස්ථාවේ දී මෙරට ඵලදා අනුපාතිකය සියයට 11.73 කි. එතැන සිට අද පවතින සියයට 7.9 කට ආසන්න තැන දක්වාව පොලිය අඩුවන විට එහි වාසිය ආණ්ඩුවට ලැබේ. බිල්පත් හා බැඳුම්කර පියැවීමට අලුතින් මුදල් නෝට්ටු නිකුත් කිරීම හෝ නැවත වතාවක් එකී වටිනාකමට සමාන බිල්පත් හෝ බැඳුම්කර නිකුත් කිරීම මෙහි දී සිදුවෙයි. බිලියන ගණනින් සිදුවන මෙම හුවමාරුවේ දී සියයට හතරකට ආසන්න පොලිය පහත වැටීම සෑහෙන වාසියකි.



අදහස් (6)

ආණ්ඩුවේ වේදනා සමනයට ජනතාවට තිත්ත බේත්

Sujeewa Friday, 30 August 2019 02:30 AM

අද ආර්ථිකයේ සිදුවන තවත් වැරද්දක් පාටක අපට ඉතාමත් පැහැදිලිව දැනුවත් කිරීම ගැන ලංකාදීප පුවත්පතට මල්. අපට හෙනකරනා "ජරාපාලන" රජයට හෙන.

:       67       91

sena Friday, 30 August 2019 05:32 PM

වෙනත් දියුණු රටවල්වල 3-4% පොලී අනුපාත තියෙන්නේ. ඒවා බංකොලොත් වෙලාද? අපි නම් දන්නා විදියට පොලී අනුපාත අඩු කළ හැකිනම් ආර්ථික වර්ධනය තවත් වැඩිකළ හැකියි. කිසිම ආර්ථික විද්‍යා දැනුමක් නැති අයෙකුගේ හිතළු ලිපියක්. ජනතාව නිරපරාදේ නොමග යවනවා.

:       17       78

PereraMonday, 02 September 2019 02:29 PM

මෙම ලිපිය නිවැරදියි. දියුණු රටවල පොළී අනුපාත 2% - 3% බව ඇත්ත. එසේ අඩු පොලී අනුපාතයක් පවත්වා ගෙන යා හැක්කේ ඒ රටවල් දියුණු නිසාය. ලංකාව දියුණු නැත. පොලී අනුපාත අඩු කළ යුත්තේ දියුණුවට සමාන්තරවය. පොලී අනුපාතය තීරණය වන්නේ උද්ධමනය මතය. උද්ධමනය වැඩි වූ විට පොලී අනුපාතය වැඩිය... උද්ධමනය අඩුවිට පොඩි අනුපාතය අඩුය. දුප්පත් රටවල උද්ධමනය වැඩි නිසා පොලි අනුපාතයද වැඩිය. දියුණු රටවල උද්ධමනය අඩු නිසා පොලී අනුපාතයද අඩුයි. ලංකාවේ මහ බැංකුවටද හෙට සිට බැංකු විසින් ගෙවිය යුතු පොලී අනුපාතය සියයට 3% බවට නියෝග කළ හැක. එවිට ලංකාව සිංගප්පූරුවක් බවට පත් නොවේ. මෙහිදී ආණ්ඩුව කිරීමට උත්සාහ කරන්නේ එක් පැත්තකින් පොලී අනුපාතය කෘතිමව අඩු කිරීමෙන් රට දියුණු බව බොරුවට මවා පෙන්වීමත් අනිත් පැත්තෙන් ආණ්ඩුවේ ආයතන වල අධික ණය බර අඩු කරගැනීමත්ය. ආර්ථිකය දියුණු වූ විට උද්ධමනය අඩුවී පොලී අනුපාතය 2% මට්ටමට පැමිණේ. එම මට්ටමට පොලී අනුපාතය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව, ජර්මනිය වැනි රටවල් ළඟා කරගෙන ඇති මට්ටමේ ආර්ථික දියුණුවක් ලබාගත යුතුය. එවිට ලාංකිකයන් කම්කරුවන් ලෙස කොරියාවට යා යුතු නැත. එහි අනෙක් පැත්ත සිදුවිය යුතුයි.

:       74       94

TharinduTuesday, 03 September 2019 09:42 AM

ඔබගේ ප්‍රකාශය ඉතාමත් ම නිවැරදියි. ‌බොහෝ පිරිසක් ඔබගේ ප්‍රකාශයට අකමැත්ත පළ කර තිබෙන්නේ ඔවුන් ඉහළ ‌පොලී අනුපාත ‌හේතුවෙන් සාමාන්‍ය ජීවිතයේ දී දැඩි පීඩනයකට පත් ව සිටීමත් සහ ඔවුන්ට ආර්ථික විද්‍යාව ගැන පැහැදිලිි දැනුමක් ‌නොමැති නිසයි. එබැවින් ‌පොලී අනුපාත අඩුකර ජනතාවට සහනයක් ලබාදීම රජය විසින් අනිවාර්යෙන් සිදුකළ යුතු වුවත් ‌මේ අවස්ථාවේ දී සිදුවිය යුත්තේ ඔබ පැවසූ ‌දෙයයි. එවිට පොලී අනුපාත ඉබේම අඩු වී යනු ඇත.

:       1       9

එරා Saturday, 31 August 2019 01:26 AM

මෙය ආර්ථික විද්‍යාව නොදන්නා අතදරුවකුගේ වැඩකි.

:       8       61

පයස් ප්‍රනාන්දු Saturday, 31 August 2019 04:29 AM

රටේ ව්‍යාපාර සියල්ලම වාගේ දුවන්නේ බැංකු ණය මුදලින් බව බොහෝ දෙනා දනිති. මෙම ණය පොලියද එකතු වන්නේ අප ගන්නා බඩුවල, සේවාවල මිලටමයි. අඩු පොලියට ණය තිබේ නම් බඩු හා සේවා මිල අඩුවේ. ව්‍යාපාර වැඩිවේ. රැකියා වැඩිවේ. මෙය වහාම සිදු නොවුණත් දිගු කාලීනව අනිවාර්යයෙන් ම සිදුවේ. ණය ගන්නේ රජය පමණක් නොවේ...

:       1       82

ඔබේ අදහස් එවන්න

 

 
 

ආර්ථික විග්‍රහය

ආර්ථික පසුබෑමකින් යැපෙන සමාජයක්
2020 සැප්තැම්බර් මස 23 1445 0

ආර්ථිකය ඒකාකාරීව පවතින්නේ නැත. එහි විවිධ වෙනස්කම් සිදුවෙයි. වර්ධන වේගය අඩු වැඩි වන අවස්ථාවල වෙනස්කම් දැනෙන්නට පටන් ගනී. ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරය සමග බ


ආණ්ඩුවේ වේදනා සමනයට ජනතාවට තිත්ත බේත්
2019 අගෝස්තු මස 29 2669 6

වාණිජ බැංකු පොලී අනුපාත අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. තැන්පත් පොලිය අඩු කළ වාණිජ බැංකු ණය පොලිය වෙනසක් කළේ නැත. ණය පොලිය අඩු නොකළහොත්


ආර්ථික විශේෂඥයන් අත දෙකොණ විලක්කු
2019 මාර්තු මස 07 1860 0

ගෙවුණු සතියේ ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ දක්නට ලැබුණේ කිසියම් නිෂ්ශබ්දතාවකි. එහෙත් රටේ ජනපතිවරයා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ද ව


ජනප්‍රිය අයවැයක අතුරු ඵල
2019 මාර්තු මස 05 2619 3

මේ වසර සඳහා සැලසුම් කරන ලද අයවැය ඉලක්ක සපුරා ගැනීම අභියෝගාත්මක වුවත් එය ආර්ථික ස්ථාවරත්වයට සහ වර්ධනයට අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතා ක්‍රියාව


මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක
2018 ඔක්තෝබර් මස 10 3033 1

ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවල සිදුවෙමින් පවතින කම්පන සහ වෙළෙඳ අවිනිශ්චිතතාවල බලපෑම් මෙරට ආර්ථිකයට දැනෙමින් තිබේ. රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන සහ ගෑස්මිල ඉ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 150 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site