IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අධිවේගියේදී නීතිය කඩන්න මොහුට බලය දුන්නේ කවුද?


දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක පිවිසුමේදී එක්තරා අමාත්‍යාංශයක ලේකම්වරයකු යැයි කියාගත් අයකුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමෙන් උරණ වූ එම තැනැත්තා පොලිස් නිලධාරියකුට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. අදාළ සිදුවීම ඒ මොහොතේ එතැන සිටි පුද්ගලයකු වීඩියෝගත කර අන්තර්ජාලයට මුදා හැර ඇත.

මෙම සිදුවීම් මාලාවේ අතිභයානකම සිදුවීම වන්නේ එම සිදුවීමෙන් විසි හතර පැයක් ගතවීමට මත්තෙන් එම පොලිස් නිලධාරියා වෙනත් ස්ථානයකට මාරුකර යැවීමය. ඒ අනුව අධිවේගී මාර්ගයට පිවිස ඇත්තේ ‘ලොක්කෙකු’ බව පැහැදිලිය. නොඑසේ නම් පොලිස් කොමිසම තිබියදී, රටේ පොලිස්පතිවරයකු සිටියදී රාජකාරිය අකුරටම ඉටු කළ පොලිස් නිලධාරියකු විසි හතර පැයක් ගතවීමට මත්තෙන් මෙසේ මාරුකිරීමට නොහැකිය. මේ ලොක්කා තම ‘ලොකුකම’ පාවිච්චි කර තිබෙන්නේ  රාජකාරිය අකුරටම ඉටු කළ එඩිතර පොලිස් නිලධාරියකුට ස්ථාන මාරුවක් ලබාදීමටය.

පොලිස් නිලධාරියා සිදුකර තිබෙන්නේ රාජකාරියකි. ඒ ඔහුට පවරා ඇති රාජකාරියකි. ඔහු සිදුකර තිබෙන්නේ රියැදුරු අසුනේ සිටි තැනැත්තාගෙන් රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටීම පමණි. රියැදුරු බලපත්‍රය ලබා නොදී ඔහුගේ ලොකුකම ඉදිරිපිට දණින් වැටෙන පොලිස් නිලධාරීන්ට කතා කරමින් පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කර තිබේ. තමන් අහවල් අමාත්‍යාංශයේ දෙවැනියා බවත් ඒ හෙයින් තමන්ගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරියාට බලයක් නැති බවත්ය. පොලිස් නිලධාරියා එයට පිළිතුරු වශයෙන් පවසන්නේ ‘ඩිරෙක්ටර් මහත්තයා කියලා තියෙන්නේ ඔබතුමන්ලා දැනුවත් කරන්න කියා’ යනුවෙනි. හරි ඔබතුමාගේ විස්තර ටික ගත්තා. ෂීට් බෙල්ට් එක දාගෙන වේගෙන් යන්න එපා. සීයයිනේ. යනුවෙන් උපදෙස්ද දී ඇත. ඒ ඔහුගේ රාජකාරියට අයිති කොටස්ය. එහෙත් දිගින් දිගටම ‘ලොක්කා’ තප්පුලන විට පොලිස් නිලධාරියා පවසන්නේ ‘ඉතින් මහත්තයා මෙහෙමනේ. ඩොක්ටර් බෝඩ් එක ගහගෙන ඩොක්ටර්ලා නොවන අය යනවා. අමාත්‍යාංශ ලේකම් බෝඩ් එක ගහගෙන අමාත්‍යංශයේ ලේකම් නොවෙයි යන්නේ යනුවෙනි.

තමන් තනතුරු තාන්න මාන්න අතින් කෙතරම් ගලිවර් කෙනකු වුවද මෙම එඩිතර පොලිස් නිලධාරියා ඉදිරිපිට ලිලිපුට්ටකු වූ බව දැනුණ හෙයින් එම ලජ්ජාවෙන් බේරීමට ඔහු සිදුකරන්නේ පොලිස් නිලධාරියාව වහාම වෙනත් ස්ථානයකට මාරු කරවීමය. මෙහි අනෙක් විශේෂත්වය වන්නේ වාහනයේ සිටි කාන්තාවක්ද පොලිස් නිලධාරියාට ‘පාට්’ දැමීමය.

නීතිය ඉදිරිපිට සියල්ලෝම සමාන වෙති. මේවා ගරු කටයුතු ශිෂ්ට සම්පන්න සමාජ තුළ ඉහළ සම්භාවනාවන්ට පාත්‍ර වන සම්ප්‍රදායන්ය. එහෙත් අප රටේ තුට්ටු දෙකේ ලොක්කන් නිසා මෙම ගරු කටයුතු පිළිගැනීම් බලු මයිල් ගාණට වැටේ. තමන් ලොක්කෙකු නිසා සියල්ල තමන්ට අවශ්‍ය පරිදි හැසිරිය යුතුය යන මෝඩ ලාමක සිතුවිලි තුට්ටු දෙකේ ලොක්කන්ට සිතෙන්නට පටන් ගනී. නීතිය තමන්ට උඩින්  නොව  තමන්ට යටින් තිබිය යුතු බව සිතති. එසේ සිතා එසේ හැසිරෙති. එහෙත් අවසානයේ සිදුවන්නේ මුළු මහත් සමාජයම ඉදිරිපිට තමන් නිරුවත් වන බව ඔවුහු නොදනිති.

නොදන්නාකම විනාශය වළක්වන්නේ නැත. මෙම සිදුවීමෙන් ඒ බව මනාව පැහැදිලිය. අදාළ ලොක්කා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මූලස්ථානය පවසයි. එහෙත් ලොක්කෙකු නිසා එම පරීක්ෂණ සාධාරණව, විනිවිදව සිදුවේදැයි සැකයකි. තමාගේ රියදුරු බලපත්‍රය ඉල්ලූ පොලිස් නිලධාරියා විසි හතර පැයක් ඉක්මයාමට මත්තෙන් වෙනත් ස්ථානයකට මාරුකර යැවීමට තරමට බලයක් ඇති ‘ලොක්කාට’ පරීක්ෂණ තමන්ටම අවශ්‍ය පරිදි මෙහෙයවිය හැකි යැයි අපි සිතමු.

මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පොලිස් නිලධාරියාට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කළ බවය. එහෙත් මෙයින් මෙහි පව් නොසේදේ. රට ඉල්ලා සිටින්නේ බලවතුන් ඉදිරිපිට නොනැමෙන පොලිසියකි. කෙළින් වැඩ කරන අදූෂිත පොලිසියකි. එබඳු පොලිස් නිලධාරින්ට දඬුවම් ස්ථාන මාරුවීම් ලබා දී දඬුවම් කරන්නේ නම් අපගේ සිහින ලෝකයේ ඇති පොලිසිය සිහිනයක්ම වනු ඇත.

(***)



අදහස් (8)

අධිවේගියේදී නීතිය කඩන්න මොහුට බලය දුන්නේ කවුද?

sarath perth Tuesday, 05 October 2021 05:11 PM

කලකට පෙර නවසීලන්තයේ අගමැතිණියකට වේගසීමාව ඉක්මවා වාහනය පැදවීම නිසා දඩගෙවීමට සිදුවුණා. එහෙත් ලංකාවේ ආහාර කුක්කන් පුස්පාට් දානවා. මෝඩකමනේ...

:       0       6

RaveendraThursday, 07 October 2021 09:27 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.

:       1       1

sampath Tuesday, 05 October 2021 08:34 PM

මටනම් හිතෙන්නෙ මේ අගෙ ඉඳන් කන කන අයයි පවතින ආණ්ඩුවෙන් වරප්‍රසාද අරගන්න ගමන් එහි ඉහලම මිනිස්සු අපහසුතාවයට පත් කරන්න මේ අකරයෙ මෝඩ වැඩ කරනවා වෙන්නත් පුලුවන්

:       1       5

බී. කරසිංහ ආරච්චි- Wednesday, 06 October 2021 02:09 AM

2001 වසරේ නවසීලන්තයේ වූ සිදුවීමක් මෙසේය. එරට පොලිස්පති රාජකාරි වලින් බැහැරවී යෙහෙළියක සමග පුද්ගලික ගමණක් යමින් සිටින අතර ඔවුන්ගේ රථය පොලිස් නිලධාරියෙක් නතර කළේය. රථය පැදවූයේ කාන්තාවය. ඇයගෙන් යම් ප්‍රශ්න කිරීමක් කරන අතර පොලිස් පති රථයෙන් බැස පැමිණ තමා පොලිස්පති බවට නිලධාරියාට පැවසීය. නිලධාරියාට තම තත්ත්වය මගින් බලපෑමක් කිරීමට උත්සාහ ගත්තේයැයි මාධ්‍යය විසින් තදින්ම හඬ නංවනු ලදුව පොලිස්පති තනතුරින් ඉල්ලා අස්වීය. අපරටේ සිදුවූ මෙම සිදුවීමේ ඉතිරි කොටස මාධ්‍යයට පැවරී ඇත. මෙවැනි කාරණා ඉස්මතු කිරීම ගැන ලංකාදිපයට ස්තුති වන්ත විය යුතුය.

:       0       5

විජේ Saturday, 09 October 2021 09:20 AM

අඩුමගානේ මොකද්ද ඒ අමාත්‍යාංශය කියලා කියන්නවත් බැහැනේ...

:       0       0

සමරේ Thursday, 07 October 2021 09:38 AM

මේ ලේකම්ව ඒ වගේ තනතුරක තියන්න බෑ වගේ. එක්කෝ තදබල අනතුරු ඇඟවීමක් ඉහල නිලධාරීන්ගෙන් ඔහුට ලැබෙන්න ඕන ආයෙමත් මෙවැනි දේ නොකරන්න කියා සහ ඊළඟට කරොත් ලැබෙන දඬුවම සඳහන් කරලා. නැත්නම් ඔහුව බලය අඩු තනතුරකට පහළ දමන්න ඕන. ඒ වගේම ඔහුගේ කියමනට පොලිස් නිලධාරියා මාරු කරපු අනිත් ඉහල පොලිස් නිලධාරියා හෝ නිලධාරීන් ගැනත් පියවර ගන්න ඕන. රට හදන්න නම් දේශපාලකයන් විතරක් නොවෙයි ඉහල නිලධාරීන් පවා හැදෙන්න ඕන. අපි දේශපාලකයන් ගැන කියලා බැනලා විතරක් හරි යන්නේ නෑ. සරත් වීරසේකර මහතා මාරුව විතරක් අවලංගු කරලා නිකං ඉන්න හදනවනම් එහි ලොකු අඩුවක් තියනවා. අදාළ ඇමතිවරු දෙදෙනාම මේ ගැන පියවර ගත යුතුයි.

:       0       3

ගාමිණීFriday, 08 October 2021 11:57 AM

ඔබගේ අදහස හරි.. නමුත් මේ රටේ මහ එවුනුත් යන්නේ ඇදේට.. එහෙමත් නැත්තම් ඔවුන්ගේ තියෙන්නේ බොරු රඟපෑම් විතරයි. ඒ නිසා ඒ අයට පොඩි අයව කොහොමටත් හදන්න බෑ. ඒ වගේම අවශ්‍යතාවයක්ද නෑ...

:       0       2

JAYATH Saturday, 09 October 2021 10:30 AM

මේවා ගැන කතාකරලා මේවායේ කොටලා කාලේ නාස්ති කරගැනීම පාපයක්... නමුත් මේ රටේ, මේ සංස්කෘතිය, කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ. මොකද මිනිස් ඝාතකයින්ට සමාව දීලා එළියට දමලා මහතැන්වලින්ම ආදර්ශය දීම අපේ සංස්කෘතික ලක්ෂණයක් නොවැ... එහෙම එකේ මේවා මොනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1336 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 823 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 344 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 748 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 477 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 277 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site