එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත රැඳී සිටි බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් වහාම නැවත ලංකාවට කැඳවීමටත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන තුරු සියලුම ආකාරයේ ක්‍රිකට් තරගවලට සහභාගිවීම තහම් කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව අප පුවත්පත වාර්තා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනාගේ විනය විරෝධී හැසිරීම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දැකීමට ‘‘ක්‍රිකට් ප්‍රේමීත්වය’’ බාධාවක් කර ගත යුතු නැත. මෙම ක්‍රීඩකයන් තිදෙනා රාත්‍රී කාලයේ ඩැරම් නගරයේ සැරිසරණ ආකාරයත්, එක් ක්‍රීඩකයකු දුම්වැටියක් දැල්වීමට සූදානම් වන ආකාරයත් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලය හා පැතිරී ඇති හෙයින් මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ ක්‍රියා කලාපය සුළුවට ගැනීමට ක්‍රිකට් බලධාරීන්ට නොහැකි වනු ඇත.
දෙකෝටි විසි ලක්ෂයක් ඉක්මවූ ජනතාවක් ජීවත්වන රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරාගනු ලබන්නේ ක්‍රීඩකයන් 11 දෙනකු පමණි. එම එකළොස් දෙනා අතරට එක්වීමට සුවිශේෂී හැකියා සම්පත්තියක් මෙන්ම සුවිශේෂී වාසනා ගුණ මහියක්ද තිබිය යුතුය. ඒ අනුව ඉහත ක්‍රීඩකයන් තිදෙනා සතුව එකී සියල්ල යහමින් තිබෙන බවට සැකයක් නැත. එහෙත් එකී වාසනා ගුණ මහිමයට අමතරව මොළයක්ද තිබිය යුතුය. පෙනෙන ආකාරයට මෙම ක්‍රීඩකයන් තිදෙනාට මොළය ගෑවිලාවත් නැත. නොඑසේනම් තමන් රට නියෝජනය කරන කණ්ඩායමක සාමාජිකයන් බව අමතක කර මෙසේ විනය විරෝධී ලෙස නොහැසිරෙනු ඇත. මෙම ක්‍රීඩකයන් තිදෙනාට එරෙහිව අතීතයේ එල්ල වූ චෝදනාද මෙහිදී සිහිපත් කර ගැනීම වැදගත්ය.
අර්ජුන රණතුංග ඇතුළු පිරිවර 1996 වසරේදී ලෝක කුසලාන දිනා ගැනීමත් සමග ලෝක සිතියමේ අබැටක්ව තිබූ රටට මහත් අභිමානවත් පෞරුෂයකින් හෙබි රූපකායක් නිර්මාණය විය. ‘‘අර්ජුනගේ රට, සනත්ගේ රට, මුරලිගේ රට’’ යැයි මේ රට හඳුන්වන තරමට ක්‍රිකට් නිසා අප රටට කීර්තිය ගලා ආවේය. අර්ජුනලා, අරවින්දලා, සනත්ලා, මුරලිලා එම තත්ත්වය රටට උදාකර දුන්නේ ඉමහත් කැපවීමෙන් ක්‍රීඩා කිරිමෙනි. අනතුරුව මහේලලා, සංගක්කාරලා හා ලසිත් මාලිංගලා ඒ අඩි පාරෙම යමින් අපේ රටේ ගෞරවය ආරක්ෂා කළහ.
තිලකරත්න ඩිල්ෂාන් නිසාම ‘ඩිල්ස් කූප්’ නමින් අලංකාර පහරක්ද ක්‍රිකට් පොතට එක් විය. ගංජා ගහන කාඩයන් ජාතික කණ්ඩායමට එකතු වූ විට ඒ අභිමානවත් සියල්ල සුණු විසුණුව යයි. ක්‍රිකට් ගසන්නට ගොස් මහ රෑ යාමේ ක්ලබ් ගානේ ඇවිදිමින් අයාලේ යන්නන්ට ක්‍රිකට් බැරි බව දැන් ඉඳුරාම ප්රත්යක්ෂය.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අයත් වූයේ නින්දා සහගත පරාජයකි. ගමේ ක්‍රිකට් ගහන කොල්ලන්ගෙන් ප්‍රදර්ශනයවන දක්ෂතාවයක්, ආක්‍රමණයක් මෙම කණ්ඩායමෙන් මතු නොවීය. හැම ක්‍රිකට් තරගයක්ම ජයග්‍රහණය කළ නොහැකිය. එහෙත් අර්ජුනලා, සනත්ලා ඉගැන්වූ ක්‍රිකට්වල තිබුණේ දිනන්නේ නම් එය ප්‍රතිවාදියාට රිදෙන්න පහරදී අත්පත් කර ගන්නා දෙයකි. පරදින්නේනම් සටනකින් පසුව ගෞරවාන්විත ලෙස පරාජය වීමය.
එසේ නොමැතිව මෙසේ නින්දා සහගත ලෙස පරාජයවීම ශ්‍රී ලංකා ක්‍රිකට් නොවේ.
හේතුවකින් තොරව ඵලයක් හට නොගන්නා බව ඒකාන්ත සත්‍යයකි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ දිගින් දිගටම පරාජය වන්නේ ඇයිද යන්න දැන් පැහැදිලිය. මහ රෑ ජාමයේ ක්ලබ්වල කරක් ගසා පසුදින ක්‍රීඩා කළ හැකිද? එමෙන්ම එංගලන්තයේ වීදිවල මෙසේ හරක් මෙන් කරක් ගසන විට තමන් ‘වීඩියෝ ගත’ වනු නොදකින ක්‍රීඩකයන්ට පිටියේදී පන්දුව නොපෙනීම පිළිගත යුත්තකි. මෙබඳු ක්‍රීඩකයන් නිසා වරක් ලෝක කුසලානය දිනූ, දෙවරක්ම ලෝක කුසලාන අවසන් මහ තරග දෙකකට සහභාගී වූ, විස්සයි-20 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාවට සිදුවී තිබෙන්නේ සෑම ආකාරයේම තරග රටාවන්හි ශ්‍රේණිගත කිරීම්වල අන්තිම අඩියට වැටීමටය.
ඇෆ්ගනිස්තානයටත් පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ ගමන නතර කරන්නේ සියඹලාණ්ඩුව එක්සත් ක්‍රීඩා සමාජයටද අන්න ලෙස පරාජය වීමෙන් බවට සැකයක් නැත.
ක්‍රිකට් ක්‍රීඩාව හැඳින්වෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙසය. එනිසාම එහිදී ‘හැසිරීමට’ විශේෂ අවධානයක් යොමු කරයි. එමෙන්ම ක්‍රීඩාවෙන් අපේක්ෂා කරනුයේ ජය-පරාජය සම සිතින් විඳදරාගත හැකි විනයෙන් යුතු මිනිසකු බිහි කිරීමය. කුසල් මෙන්ඩිස්ලාගේ හැසිරීම හරහා පැහැදිලි වන්නේ ඔවුන් තුළ එම ගුණය වර්ධනය වී නොමැති බවය. මේවාට ක්‍රිකට් පරිපාලනය, කණ්ඩායමේ කළමනාකාරිත්වය මෙන්ම පුහුණුකරුවන්ද වගකිව යුතුය.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයාලේ යන ක්‍රිකට් ක්‍රීඩකයන් රටට අවශ්‍යද?
Dilki Wednesday, 30 June 2021 12:40 PM
මම අහලා තියෙන විදිහට ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ගන්නේ ලොකු සල්ලි කාරයින්ගේ සහ දේශපාලන ප්‍රබලයින්ගේ පුත්තු දක්ෂයින් නොවේ. අපේ ගමේ, වෙලේ එල්ලේ ගහන්න කොල්ලෝ ඔය කණ්ඩායමට වඩා දක්ෂයි.
Raveendra Wednesday, 30 June 2021 03:37 PM
ඉතාමත්ම හොඳ විග්‍රහයක්... අප තරයේ විශ්වාස කරන්නේ මෙම අයාලේ යන සුනඛ පැටවුන්ට උපරිම දඬුවම් ලබාදී නැවත කිසිදා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉඩ නොදිය යුතුය යන්නයි. එමගින් අඩු තරමින් අපේ අනාගත බාල පරපුරවත් විනීත ක්‍රීඩකයන් ලෙස ලෝකයා ඉදිරියේ ක්‍රීඩා කිරීමට පෙලඹෙනු ඇත. නොඑසේ නම් ක්‍රිකට් ක්‍රීඩාව සදහටම ලක්බිමේන් තහනම් කළ යුතුයි. මක්නිසාදයත් අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු සුන්කරන ඒ මිනිසුන්ගේ වටිනා කාලය කාදමන, ඒ මිනිසුන් තමන්ගේ ලේ කුපිතවී මෙම "නිවට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දෙමාපියන්ට හිතින් මෙන් ගතින් ද පරුෂ වචනවලින් නොහොබිනා ලෙස බැනවැදීම ආදීන් සියල්ලම නවතිනු ඇත.
Sriyantha Wednesday, 30 June 2021 03:55 PM
අර්ජුන නිතරම කියන දේ ඇහුවා නම් ඕක ඔහොම වෙන්නේ නෑ... දැන්වත් ඔවුන්ට කන්න දෙන්න ඕනෑ මේ බක පණ්ඩිත පරිපාලනය සහ ඇමතිතුමා...
gamunu Wednesday, 30 June 2021 04:25 PM
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනාගේ විනය විරෝධී හැසිරීම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දැකිම පමණක් නොවේ ඔවුන් ඉවත් කල යුතුයි
Chinthaka garusinghe Thursday, 01 July 2021 06:18 AM
මේ වගේ ක්ලබ් මානසිකත්වයෙන් ඉන්න ක්‍රීඩකයො මේ රටට අවශ්‍ය නෑ
Achira Thursday, 01 July 2021 06:19 AM
පැරදුනා කියලා මූන ඒල්ලගෙන ඉනන ඔනි නැ
ඉඳුනිල් ප්‍රියන්ත Thursday, 01 July 2021 04:18 PM
අනේ ඔටුන්න හිමි කුමාරයා නාමල් බේබි ඉන්නකම් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙන්නේ නෑ... මේ හැම එකටම මුල අනුර කුමාරගේ මුණේ ලපේ... හා නැද්ද?
sidath Friday, 02 July 2021 11:58 AM
මේ තුන් කට්ටුව සදහටම කණ්ඩායමෙන් අයි කළ යුතුයි. කිසි කෙනෙකුට වැඩක් නැ
de silva Saturday, 03 July 2021 03:07 PM
මෙවැනි විනයක් නැති පුද්ගලයින් පගාව අරන් මැච් පරදන්නේ නැහැ... කියලා සහතිකයක් දෙන්න පුළුවන් කාටද?