IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


ඖෂධ ප්‍රමිති පරීක්ෂණ අත්හැරියේ කාගේ වුවමනාවටද?

මේ රටේ ජනයා කොයි කලෙක කළ පාප කර්මයක් ගෙවා දමමින් සිටින්නේද යන ප්‍රශ්නය යළි යළිත් මතු කිරීමට සිදුවී තිබේ. සාමාන්‍යයෙන් රටක ජනතාවක් මුහුණ දිය යුතු නැති දුර්භාග්‍ය සම්පන්න අත්දැකීම්වලට මෙරට වැසියනට නිරන්තයෙන්ම මුහුණ දීමට සිදුවීම එයට හේතුවය. එය වූ කලී අත්‍යන්තයෙන්ම මානව ආපදාවකි. ඛේදවාචකයකි. ඒ බැව් පසක් කරන පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ පසුගිය 2022 සිට 2029 දක්වා කාලයේදී ලියාපදිංචියට ඉදිරිපත් කෙරුණු ඖෂධ 1730කින් 1646ක්ම ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පර් යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බවය. එය මුළු සාම්පල්වලින් සියයට 95ක ප්‍රතිශතයක් බවද සඳහන්ය.

ප්‍රවෘත්තියට පාදක වූයේ 2022 සහ 2023 වර්ෂවල ඖෂධ අවශ්‍යතාව ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම සහ නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවය.

ඖෂධ අවශ්‍ය වන්නේ රෝගීන්ටය. රෝග විවිධාකාරය. එමෙන්ම ප්‍රමාණයද විවිධය. නියමිත මාත්‍රාවට ඖෂධ ලබා දෙන්නේ එහෙයිනි.  රෝගියාට දෙනු ලබන ඖෂධය නියමිත ප්‍රමිතියෙන් යුක්තදැයි පරීක්ෂා කර බැලිය යුතුය. ඒ සඳහා වන ආයතනයක් රටේ තිබේ. ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පර් යේෂණාගාරය යනු ඒ ආයතනය වේ.

කොයි දීපංකරයෙන් ඖෂධ ආනයනය කළද, මෙරට නිෂ්පාදනය කළද එම ඖෂධ නියමිත ප්‍රමිතියෙන් යුතුදැයි ඉහත ආයතනයට යොමුකර පරීක්ෂා කර  බැලිය යුතුය. රටට සෞඛ්‍ය අමාත්‍යාංශයක් මෙන්ම සෞඛ්‍ය සම්බන්ධ විශේෂඥ දැනුමක් සහිත නිලධාරීන් සිටින්නේ එහෙයිනි. එහෙත් ඖෂධ අවශ්‍යතාව, ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම හා නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ සඳහන් වන්නේ 2022 සිට 2023 දක්වා කාලයේ ලියාපදිංචියට පැමිණි ඖෂධ 1730 කින් 1646 ක්ම අදාළ පර් යේෂණාගාරයට ඉදිරිපත් කර නැති බවය.

පෙනෙන පරිදි නම් මෙය වූ කලී නොසැලකිල්ල නොවේ. එක්කෝ ඖෂධ නිෂ්පාදනය කළ සමාගම්වල අවශ්‍යතාව පිණිසය. ඒ වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් සන්තෝෂම් ලැබුවා වන්නටද බැරි නැත. කෙසේ වුවද මෙය සමූහ ජන සංහාරයකින් වෙනස් වන්නේ නැත. නියමිත පරීක්ෂණවලට බඳුන් නොවී රෝහල්වලට, වෙළෙඳපොළට නිකුත් කළ ඖෂධ නිසා සදාකාලික රෝගී බවට හා මරණයට පත්වූ අපේම රටේ ඇත්තන්ගේ ගණන කොතෙක් වන්නට ඇද්ද? ඒ ලැයිස්තුවේ ඊළඟ බිල්ල බවට පත්විය හැකි පුරවැසියන් ගණන කොතෙක් විය හැකිද? මෙය සමූහ ජන සංහාරයකින් වෙනස් නොවන්නේ එහෙයිනි.

රටක පුරවැසියන් පරීක්ෂණාගාර මීයන් බවට පත් කර ඇත්නම් එම පුරවැසියන්ට ඊටත් එහා ගිය තවත් ඛේදවාචකයක් නැත. ඇඟට - පතට ඍජුව නොදැනුණද මෙරට පුරවැසියා ජීවත් වන්නේ ඛේදවාචකයක් තුළය.

ඉහත විගණන වාර්තාවට අනුව 2022 ජනවාරි සිට 2023 සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදයේ දී ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පර් යේෂණාගාරය ඖෂධ සාම්පල 76 ක් විශ්ලේෂණය කර ඇති අතර ඉන් සාම්පල 16 ක් තත්වයෙන් බාලය.

අප මුහුණ දී සිටින ඛේදවාකයේ දිග පළල ඉන් මැනවින් වටහාගත හැකිය. මේ මහා ඛේදවාචකයට රට ඇද දැමුවෝ කවරහුද? ඒ කවුරු වුවද තරා තිරම් බේදයක් නොසලකා දඬුවම් කළ යුතුය. අපගේ නිර්දේශය වන්නේ රජකාලේ දඬුවම් දිය යුතු බවය.

(***)



අදහස් (0)

ඖෂධ ප්‍රමිති පරීක්ෂණ අත්හැරියේ කාගේ වුවමනාවටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1336 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 822 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 344 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 747 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 476 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1085 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site