අපේ රටේ ජාතික ආදායම අඩුවීම රට බංකොළොත් තත්ත්වයට ඇද දැමූ එක් ප්‍රධාන සාධකයකි. ජාතික ආදායම එකතු කර ගැනීම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අසමත් වීම කොතරම් බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වී දැයි පසුගියදා නිකුත් කර තිබූ රාජ්‍ය මූල්‍ය ප්‍රකාශන විගණන වාර්තාවකින් අනාවරණය විය. එම වාර්තාවට අනුව රජයට ආදායම් රැස්කරන ප්‍රධාන ආයතන හතරෙන් රැස් කළ යුතු වූ ආදායමෙන් කෝටි 97,133ක් රැස්කර ගැනීමට 2022 වසරේදී අසමත්ව ඇතැයි සඳහන් වෙයි. එයින් කෝටි 90,400ක්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් රැස් කළ යුතුව තිබූ ආදායම් බවද වාර්තා වී තිබේ.
ආර්ථික ගිනිකන්දක් උඩ රැඳී සිටින ශ්‍රී ලංකාවට මෙවැනි ආදායමක් අහිමිවීම එම ගිනිකන්දට හෙණ වැදීමකට දෙවැනි නැත. ආදායම තර කර ගැනීම සඳහා දේශීය ආදායම් එකතු කර ගැනීමේ වැදගත්කමට රටේ දේශපාලන අධිකාරිය ඉහළම ප්‍රමුඛත්වය ලබා දිය යුතුව තිබියදී එම වගකීම ඔවුන් අතින් ගිලිහී ගොස් තිබෙන බව ඉතාම පැහැදිලිය. එය වඩාත් කැපීපෙනෙන්නේ එකී ආදායම අදාළ ආයතන මගින් නිසි පරිදි රැස් කළේ නම් රාජ්‍ය ආදායම් ඌණතාව රුපියල් කෝටි 63,600කින් අඩුකර ගැනීමට හැකියාව තිබූ බවය. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 41.3 ක් බවද විගණන වාර්තාවේ සඳහන් කර ඇත. අතේ තිබෙන කෑම ටික කටේ හලාගැනීමට තරම්වත් හැකියාවක් නැති රටක ආර්ථිකයකට හෙණ වැදීම ගැන පුදුම වීමට දෙයක් නැති බව මෙයින් සනාථ වෙයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේම රටේ ආදායම එකතු කර ගැනීමට මිස ගස් ගෙඩි කැඩීමට නොවේ. එහෙත් ආදායම එකතු කර ගැනීමේ වගකීම දෙපාර්තමේන්තුව අතින් ප්‍රබල මට්ටමකින් ගිලිහී ගොස් තිබෙන බව ඉහත සඳහන් සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එසේ වීමට ප්‍රධාන වශයෙන්ම බදු පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ පවතින අඩුපාඩු, බදු අභියාචන ක්‍රියාවලියේ දීර්ඝකාලීනභාවය, හිඟ බදු අයකර ගැනීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂිත වූ අධිකරණ පද්ධතියක් නොතිබීම බලපා තිබෙන බවද අදාළ විගණන වාර්තාවේ තොරතුරුවලින් හෙළි වී තිබේ.
ලෝකය මේ තරම් දියුණු තත්ත්වයක තිබියදී අපේ රටේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින එම තාක්ෂණික ගැටලු කිහිපයට විසඳුම් ලබා දීමට උනන්දු නොවීම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ විශාල කනගාටුවකි. ලජ්ජාවකි. ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණික අංශයෙන් ඉහළම ප්‍රගතියක් පෙන්වා ඇති රටකි. මේ අයගේ දැනුමින් සහ කුසලතා වලින් ප්‍රයෝජන ගෙන රටේ දේශීය ආදායම් එකතු කර ගැනීම ඉහළම කාර්යක්ෂමතාවකින් සිදුකිරීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීම ආණ්ඩුවට අමාරු කටයුත්තක් නොවේ. නීතිමය ක්‍රියාවලිය ඉක්මන් කර ගැනීම සම්බන්ධයෙන්ද එවැනි ක්‍රමයක් අනුගමනය කළ හැක. එහෙත් මේ සඳහා නිවැරැදි තීන්දු ගත් බවක් පෙනෙන්නට නැත. එය ප්‍රමාද වන තරමට වැඩිම හානිය සිදුවන්නේ රාජ්‍ය ආදායම එකතු කර ගැනීමේ ක්‍රියාවලියටය.
කාලයක් මුළුල්ලේම මෙරට ආදායම එකතු කර ගැනීමේ මර්මස්ථානය වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තම රාජකාරිය කාර්යක්ෂම අයුරින් සිදුකිරීමට අවශ්‍ය සම්පත් ලබාදීමට බලයට පත්වූ ආණ්ඩු නිසි සැලකිල්ලක් දක්වා නොමැති බව එම තොරතුරු අනුව පැහැදිලි වෙයි. ඇතැම්විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රධානියකු පත්කිරීම පවා ගැටලුකාරී වූ අවස්ථා ද තිබේ. ආණ්ඩුවක් එවැනි ආකාරයට කටයුතු කරන්නේ තමන්ගේ සැඟවුණු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවා ගැනීමට සුදුසු පුද්ගලයකු එම වැදගත් තනතුරට පත්කර ගැනීම සඳහා ද විය හැක. ආදායම් බදු දැලෙන් පිටට පැනගැනීමට වෙර දරන මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ ඇතැම් බලකණු ඕනෑම ආණ්ඩුවක ඉහළින්ම සබඳතා පවත්වන අය බව ප්‍රකට රහසකි. මෙවැනි පුද්ගලයන් සහ ආයතන හේතුවෙන් නිසි පරිදි ආදායම් බදු ගෙවා තම ව්‍යාපාර පවත්වාගෙන යන පිරිස ද සමාජයේ ගැරහුමට ලක්වෙති. එහෙත් මේ කිසිදු හේතුවක් කෝටි 90,000ක බදු අයකර නොගැනීමට සාධාරණ හේතු නොවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ප්‍රකාශ කරන්නේ රටේ දේශීය ආදායම වර්ධනය කර ගැනීමෙන් තොරව රටේ ආර්ථික තත්ත්වය ඉහළ නංවාගැනීම දුෂ්කර බවය. එම කොන්දේසිය ඉටුකිරීමට රජය බැංකු ගිණුමකට පවා බදු ලිපි ගොනුවක් ඇති කිරීමට තරම් බරපතළ තීන්දු ගෙන තිබේ. එසේ කරන්නේ එකතු කරගත හැකි බදු ආදායමෙන් සියයට41.3 ක් අපතේ හරිමින් වීම ලොකුම ඛේදවාචකයකි.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි අනූදාහක බදු අහිමි කරගත් රටක්
ajith Saturday, 25 November 2023 05:21 PM
අද බොහෝ දෙනා රට බංකොලොත් වීමට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දෙන්නේ රටේ බදු ආදායමේ කඩා වැටීමයි. නමුත් 2019 දී පත්වුණු රජයට තිබු එක් අභියෝගයක් නම්, ඊට පෙර සිට ගොඩගැසී තිබුණු ණය සහ පොලිය ගෙවා ගැනීමයි. ඊට පිළියමක් ලෙස ගත් උත්සාහයක් නම් බදුබර අඩු කොට, රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩිකිරීම හරහා බදු ආදායම වර්ධනය කර ගැනීමයි. මෙය ලෝකයේ පිළිගත්, ආර්ථික න්‍යායක් වුවත්, අවාසනාවකට එම පියවර මේ රටේ සාර්ථක වුයේ නැහැ.
Athula kSunday, 26 November 2023 05:02 PM
එසේ නොවන්නට ප්‍රධාන හේතුව වුණේ කෝවිඩ් අර්බුදය...
gunarathnaMonday, 27 November 2023 08:52 PM
අපේ මිනිස්සුන්ට හැම දෙයක්ම අමතක වෙන ලෙඩක් තියෙනවා.. ඔබතුමා කියන දේ කෝවිඩ් ප්‍රශ්නේ තිබුණද කියලාවත් මතක නැහැ. අනුර කුමාර, සජිත් ප්‍රේමදාස යන අයටත් මේ ලෙඩේ හැදුණා. ඒවාට බෙහෙත් කෙරුවේ, මේ අය නතර කෙරුවේ ලොකු හෝටල්වල... කවුද ඒවට වියදම් කෙරුවේ.. ගෝඨාභයගේ සල්ලිද? නැහැ... මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි... අන්තිමට කෘමිනාශක බිස්නස් කාරයොයි, පොහොර සමාගම් කාරයොයි එකතුකරගෙන ජවිපෙ ගෝඨාභයව එළවලා දැම්මා..
sugath Sunday, 26 November 2023 03:05 PM
මේ රට කඩා වැටීමට ඇත්ත හේතුව නම් බදු අඩු කිරීම නොව, වගකීමකින් තොරව ණය ගැනීමයි...
පාඨක හිතසුව පිණිසයි.) Sunday, 26 November 2023 08:17 PM
"දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේම රටේ ආදායම එකතු කර ගැනීමට මිස ගස් ගෙඩි කැඩීමට නොවේ...
himal Tuesday, 28 November 2023 03:34 PM
ඔය කියන්නේ බදු ඇස්තමේන්තුවක්. මෙන්න මේ ව්‍යාපාරයෙන් මෙච්චර බදුයි අය වෙන්න ඕනැ කිව්වට ඒ ව්‍යාපාරය ඒක එක හෙලාම පිළි ගන්නවා කියලා නෑ. අභියාචනා කරලා බදු වගකීම අඩු වෙන අවස්ථා තියෙනවා. අනෙක බදු වළක්වන ආකාරයේ සැකසුම් නීත්‍යානුකූලවම කරන්න බදු උපදේශකයෝ දන්නවා.
priya Wednesday, 29 November 2023 01:49 PM
අපේ රටේ කිසිම දේකට ක්‍රමවේදයක් හදන්න දෙන්නේ නෑ... 225 හොර හැත්ත ඉන්නකල් මේ රට හදන්න බෑ. උඩ ඉඳන් පහළටම යන අය හොරු.. රජයේ ලොකු පුටුවල ඉන්න අය ඊට හපන්... මේ වගේ අය ඉන්නකන් අපේ රටට යහපතක් වෙන්නේ නෑ...