IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


කාන්තා දිනය ලිත් සමරුවකට සීමා නොකරමු

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ. ලෝක ශ්‍රම බලකායෙන් බලවත් පංගුවක් නියෝජනය කරන කාන්තාවෝ තමන්ට හිමි අයිතිය ඉල්ලා හා අහිමි කළ අයිතින් ඉල්ලා දළ රළ පෙළක් සේ උස්ව නැඟෙමින් අරගල බිමට අද දවසේ දී පිවිසෙති. ඒ අනුව යමින් යදම් පුපුරවා හරින බලගතු ජවයකින් යුතුව ශ්‍රී ලාංකේය කාන්තාවෝ ද අද දවසේ තම අයිතින් උදෙසා අධිෂ්ඨාන පූර්වකව සටන් වදිති.
ලෝකයම එකම මිනිස් පවුලක් බව සැබෑවකි. එසේනම් ඒ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වෙන වෙනම ජාත්‍යන්තර දින වෙන්වීමට ඉඩක් නැත. එය එසේ වුවත් ජාත්‍යන්තර ළමා දිනය, ජාත්‍යන්තර කාන්තා දිනය, ජාත්‍යන්තර කම්කරු දිනය, ජාත්‍යන්තර මවු දිනය, පිය දිනය, වැඩිහිටි දිනය හා ජාත්‍යන්තර පෙම්වතුන්ගේ දිනය ආදී වශයෙන් විශේෂිත ජාත්‍යන්තර දින වෙන්කර තිබේ.

එබඳු ජාත්‍යන්තර දින වෙන්කර තිබෙන්නේ ඇයි? ඒ සඳහා බලපෑ සුවිශේෂි දේශපාලන කාරණා මෙන්ම සුවිශේෂී සමාජ කාරණා ද වෙයි. එහෙත් එමඟින් සිදුවන්නේ එකම මිනිස් පවුල සීසීකඩ බිඳී විසිරී යාමය. බිඳී යාම තුළම සමගිය අහිමි වේ. සමගිය තුරන් වූ සැණින් බලය ගිලිහෙයි. එහි තාර්කික ප්‍රතිඵලය වන්නේ ඒ එකම මිනිස් පවුලේ සාමාජිකයන්ට තම තමන්ගේ විමුක්තිය වෙන වෙනම නිර්මාණය කර ගැනීමට සටන් වැදීමට සිදුවීමය. අද සමරන ජාත්‍යන්තර කාන්තා දිනයේ දී රණකාමී සාඩම්බර වාගාලාපවලින් වැසී යන තිත්ත, කටුක ඇත්ත හා යථාර්ථය එය ය.

කාන්තාවන්ට, කම්කරුවන්ට, ළමයින්ට වෙන වෙනම විමුක්තියක් නිර්මාණය කරගත නොහැකිය. ඒ සියල්ලන්ටම විමුක්තිය නිර්මාණය වන්නේ පොදුවේ මුළු මහත් මානව සමාජය තුළම බිහිවන විමුක්තිය තුළය. ජාත්‍යන්තර කාන්තා දිනය වාර්ෂික ලිත් සැමරුමකින් ගලවා ගත යුතු වන්නේ එහෙයිනි. එසේ නොවන තාක් ජාත්‍යන්තර කාන්තා දින සැමරුමෙන් පසු සුපුරුදු සූරාකෑම්වල පහසු ගොදුරු බවට පත්වන කාන්තාවන්ගේ ඉරණම බිඳකුදු වෙනස් නොවනු ඇත.

ආසියාතික ගුණගරුක සමාජය තුළ ශ්‍රී ලාංකේය සමාජයට සුවිශේෂි වටිනාකමක් තිබේ. වසර 2500කට වැඩි ශ්‍රේෂ්ඨ සංස්කෘතික උරුමය විසින් ඒ සුවිශේෂිත්වය නිර්මාණය කර තිබේ. ‘‘ගෙදර බුදුන් අම්මා’’ යැයි පුදන සලකන උත්කර්ෂවත් මනෝභාවය හරහා සංකේතවත් වන්නේ කාන්තාව සම්බන්ධයෙන් මෙරට සමාජය සතුව ඇති පූජනීය හැඟීම වේ. බසයකදී අදටත් පිරිමියා විසින් කාන්තාවන්ට අසුනක් පිරිනමනු ලැබීම දැකිය හැකිය. එසේ අසුනක් පිරිනමනු ලබන්නේ ගැහැනිය පිරිමියාට වඩා දුබල හා දුර්වල යැයි සිතෙන මානසිකත්වයෙන් නොව ඇයට ඇති ගෞරවය පිණිස ම ය. කවර විසකුරු ප්‍රවණතා සුනාමියක් මෙන් රළ ගැසුවද ඒ ගුණගරුකභාවය අප සමාජයෙන් තුරන් වී නොයනු ඒකාන්ත ය.

කරුණු කාරණා එපරිදි වුවද අදටත් මෙරටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එන්නෝ කාන්තාවෝ ය. ඒ වඩාත් පැහැබර වෘත්තිවල යෙදී නොවේ. වහල්භාවයෙන් බිඳකුඳු හෝ වෙනස් නොවන මැද පෙරදිග ගෘහ සේවයෙනි. එහිදී අප කාන්තාවෝ අනන්තාපරිමාණ වධ වේදනාවලට ලක්වෙති. ශ්‍රමයේ සිට ලිංගිකත්වය දක්වා අනවරත සූරාකෑමට ලක්වෙති. උඩු මහලෙන් පැන දිවි නසා ගැනී​ෙම් ඉරණමත් සුල්තාන්ලාගේ බහට අවනත නොවන්නේ නම් අත් පා ඇඹරීම්. හිස බිත්තියේ ගසා හිස පොඩි පට්ටම් කිරීමේ සිට දෙපතුල්වලට පරාළ ඇණ ගැසීම් දක්වා වූ තිරශ්චීන වදවලට ගොදුරුවීම ඉරණම ලෙස බාර ගැනීමට සිදු වී තිබේ.

ආසියාවේ ආශ්චර්ය කරා අප යාමට උත්සාහ කළේත් මාස 60න් අලුත් රටක් අප ගොඩනඟමින් සිටින්නේත් අපේ කාන්තාවන්ගේ ලෙයින් කඳුළෙන් හා සුසුමෙන් ලියැවෙන ඒ අඳුරු ඉරණම එලෙසින්ම තිබිය දීය. එහි තර්කානුකූල අන්තය ලෙස පවුල් සංස්ථාව බරපතළ ලෙස බිඳ වැටී තිබේ. විකෘති, කාමාතුර පියවරුන්ගේ ග්‍රහණයට තමන්ගේම දියණියන් ගොදුරුවෙමින් තිබේ. බිලිඳිය, යුවතියක වීමටත් පෙර පියවරුන් නැති දරුවන් මෙලොව බිහි කරන අම්මලා බවට පත්ව ඇතැයි යන්න කාන්තා විමුක්තිය සම්බන්ධයෙන් අද කෙරෙන කතා බහට ගෝචර නොවන්නේ ඇයි ද යන්න විමසිය යුතුය.

‘‘තොටිල්ල පදවන අත’’ යැයි නාමකරණය කරනු ලැබූවද ලෝකයේ පළමු අගමැතිනිය බිහි වූයේ අප රටෙන් ය. අසල්වැසි බලගතු ඉන්දියාවට නොහැකි වුවද මීටර 200 ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගනු ලැබූවේ අප රටේ දිළිඳු කෙල්ලකි. අවස්ථා ලබා දෙන්නේ නම් ගැහැනුකම බාධාවක් කර නොගෙන අහිමි ජයග්‍රහණ හඹා යාමට අප රටේ කාන්තාව සූදානම් බව සනාථ කර තිබේ. අද දවසේ සිදුවිය යුත්තේ එයට අවශ්‍ය දැක්ම හා ජවය ඒකරාශි කරගැනීම ය.



අදහස් (0)

කාන්තා දිනය ලිත් සමරුවකට සීමා නොකරමු

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1142 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 749 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 274 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 658 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 329 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 435 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site