IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට නියාමනයක් ඕනෑ ඇයි?

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ‘ලංකාදීප’ යේ පසුගියදා පළවූ වාර්තාවක සඳහන් විය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒ බව හෙළිකරමින් ප්‍රකාශ කර තිබුණේ ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටට පිළිකාවක් බවට පත්ව තිබෙන බව ය. එම ආයතන නියාමනය කිරීමට මහ බැංකුව නොවන වෙනම ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දී තිබිණි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ තොරතුරු හෙළිකළ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ අපරාධ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා සකස් කළ නීති කෙටුම්පත ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ය. රටේ දැනට සිදුවෙමින් පවතින අපරාධවල දරුණු ස්වාභාවය අනුව එම නීති හැකිතරම් ඉක්මණින් ක්‍රියාත්මක විය යුතු බවට විවාදයක් නැත. ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල කියුම් කෙරුම් ද අපරාධ ගණයට වැටෙන බැවිනි.

මේ රටේ ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ ද සංවිධානාත්මක අපරාධකරුවන් අනුව ම යමින් බවට මහජනතාව තුළ සැකයක් පහළවීම පුදුමයක් නො වේ. තමන් මුහුණ දෙන ආර්ථික ගැටලු‍ හමුවේ පිළිසරණක් හැටියට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල උදව් ලබාගන්නා ඇතැම් දුරබැහැර පළාත්වාසීන් ඊළඟට මුහුණ දෙන්නේ ‘සුනාමියකට’ ය. තමන්ගේ අතේ තිබෙන සේසතම හැඳි ගෑවී යන තත්ත්වයකට පත්වන ඔවුහු ඊළඟට ගඟේ මුහුදේ පනිති. මේ ආකාරයට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය කලට වේලාවට ආපසු ගෙවීමට හැකියාවක් නොමැති වූ ඇතැමුන්ට තම ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවූ අවස්ථා තිබේ. එහෙත් ඒ ගැටලු‍වට විසඳුමක් සොයාගැනීම ඉතාම අපහසු ය.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ රටේ විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක ය. බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ග්‍රාමීය සමුපකාර බැංකු, සකසුරුවම් සහ සමුපකාර සංගම් මෙන්ම වෙනත් ප්‍රජා මූලික සංවිධාන හරහා එම ආයතන ක්‍රියාත්මක ය. මේ හැර විවිධ ආකාරයට පිහිටුවා ගන්නා ලද ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ද ක්‍රියාත්මක ය. ඒවා ඇතැම් විට රාජ්‍ය නොවන සංවිධාන හරහා ක්‍රියාත්මක වන බව ද සඳහන් වෙයි.

දැනට ගණන් බලා ඇති අන්දමට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 10,000ක් පමණ රටේ පවතින බව නිල නොවන වාර්තා පෙන්වා දෙයි. මේවායින් සේවය ලබාගන්නේ අඩු ආදායම්ලාභී පුද්ගලයන් හෝ කණ්ඩායම් වශයෙනි. මූල්‍ය ආයතනය සිදු කරන්නේ තැන්පතු බාරගැනීමත් සාධාරණ පොලියකට කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා ණය සහනයක් සැලසීමත් ය. එහෙත් නිසි ආකාරයට නීතිගත කර ඇති ආයතනයක් මෙන් නොව හතු පිපෙන්නාක් මෙන් බිහි වී ඇති වංචාකාරී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බොහොමයක් සිදුකරන්නේ ගෙවාගත නොහැකි තරමට ණය මුදලක් ලබා දී එය නොගෙවා පැහැර හැරීමේ දී ණය හිමියා දැඩි ලෙස පීඩාවට පත් කිරීම ය. ඔවුන් සතු කිසියම් හෝ දේපළක් තිබේ නම් එය තමන්ගේ ආයතනයට පවරා ගැනීම ය. එහි අනිවාර්ය ප්‍රතිඵලය ණයලාභී දුප්පතා තවත් පතුලට ඇදවැටීම ය.

මේ ආකාරයට කටයුතු සිදුවන්නේ මේ ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල සේවක පිරිසට ප්‍රමාණවත් අධ්‍යාපනයක් හෝ පුහුණුවක් නොමැතිවීම හේතුවෙන් බවද සඳහන් වේ. දැනට පවතින ආර්ථික පීඩනය හමුවේ රටේ දිළිඳු ජනතාවට ගෙවාගත නොහැකි තරම් ණය මුදල් ලබාගැනීමට සිදුකරන පෙළඹවීම් මේ ගැටලු‍වේ බරපතළ පැතිකඩක් පෙන්වයි. එය මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිදු පිළිගත් නියාමනයක් සිදු නොවීමේ ප්‍රතිඵලයකි. එහි වින්දිතයන් බවට මෙරට දිළිඳු ජනතාව පත්විය යුතු නැත.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය වඩාත් සක්‍රීයව සිදුවන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල බව හෙළිවී තිබේ. යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් සංසන්දනාත්මකව සෙසු පළාත්වලට වඩා එම දෙපළාත දිළිඳු බවින් පීඩා විඳීම එයට හේතුවක් ද විය හැකි ය. ජීවන වියදම අධිකවීමත් ව්‍යාපාරික ජාලය පුළුල් කර ගැනීමට සිදුවීමත් හේතුවෙන් මේ පළාත්වල ජනතාව ණය ලබා ගැනීමට පෙළඹී සිටිති. එහිදී බැංකු සහ මූල්‍ය සමාගම් වෙත යනවාට වඩා ඔවුන්ගේ තේරීම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බව එම දෙපළාත ආශ්‍රිතව සිදුකෙරුණු සමීක්ෂණයකින් හෙළි වී ඇත. එහෙත් ආයෝජනයකට වඩා පරිභෝජනයට එම ණය මුදල යොදා ගැනීමෙන් ඔවුහු අමාරුවේ වැටෙති.

මේ තත්ත්වයන් සලකා බැලීමේ දී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට හැකි ඉක්මණින් පියවර ගැනීම විශාල විනාශයක් වළක්වා ගැනීමක් බව කිව යුතු ය.

(***)



අදහස් (3)

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට නියාමනයක් ඕනෑ ඇයි?

janaka Thursday, 14 December 2023 07:23 PM

ඔන්ලයින් ණය ගැනත් බලන්න.

:       0       0

aad Saturday, 16 December 2023 10:59 AM

HNB වගේ ජනතාව හූරාගෙන කන බැංකු ගැනත් බලන්න...

:       0       0

වීරවිජේ Saturday, 16 December 2023 10:57 PM

දයා ගමගේලට බොල් ණය බිලියන ගණන් ගන්න පුලුවන් වෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 676 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 208 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 581 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 311 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 407 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 163 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site