IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කුඩා තේ වතු හිමියන්ට සහනයක් දිය නොහැකිද?

රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ මරණ මංචකයේය. කොවිඩ් මාරක වසංගතයත් මෙරට පාලකයන් ගත් අනුවණ උද්ධච්ච තීන්දු තීරණත් හේතුවෙන් බිඳ වැටුණු ආර්ථිකය එසේ එකවර වේගයෙන් නගා සිටුවීමට ද නොහැකිය. එය ක්‍රමික ගමනකි. එම ගමනේදී ඉදිරියේදී ඇතිවිය  හැකි බාධා, අභියෝග සම්බන්ධ අවධානයෙන් ද සිටිය යුතුය.

මාස හයකට අධික කාලයක් පැවැති වර්ෂාව සහ මාසයකට අධික කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ තේ අක්කර 3,000ක් පමණ විනාශ වී ඇතැයි කුඩා තේවතු හිමියන් පවසන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. කුඩා තේ ඉඩම්වල තේ  දලු පලදාව ඉතා ශීඝ්‍රයෙන් පහත වැටී ඇති  බව ද එම ප්‍රවෘත්තියේ සඳහන් ය.

සොබා දහම ඉතා නිර්දය ලෙස පහර දෙමින් සිටින බව ඉතා පැහැදිලි ය. එහෙත් එම ප්‍රහාරයට  මුහුණ දීම හැර අන් විකල්පයක් අපට නැත. මුහුණ දීම යනු ප්‍රහාරයට ඔරොත්තු දෙමින් සිටීම නොවේ. විකල්ප විසඳුම් සොයමින් එයට මුහුණ දීමය. නිලධාරීන්ගේ වගකීම වන්නේ හෙට දවස සම්බන්ධයෙන් නිවැරැදි පුරෝකථන කරමින් එළැඹෙන තත්වයට ශක්තිමත්ව මුහුණදීම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම ය.

මාතර දිස්ත්‍රික්කය ඇතුළු රටේ පළාත් ගණනාවකට මාස හයකට වඩා වැඩි කාලයක් වැස්ස ඇද වැටුණේය. වැස්ස සම්පතක් වුවද එය සම්පතක් කර ගැනීමේ  දියුණු වැඩ පිළිවෙළක් අප රට  සතුව නැත. ප්‍රතිඵලය වූයේ ගම් - බිම් යට කරමින් වගා බිම් පාළු කරමින් වැසි දිය ගලායාමය.

දැන් නියඟය එළැඹ තිබේ. එයට දැන් මසකටත් වඩා වයසය. …මෙම නියඟය තව කොතෙක් කලක් අල්ලාගෙන ඉඳීවි දැයි කිව නොහැකිය. ප්‍රතිඵලය වී තිබෙන්නේ තේ අක්කර 3000ක් විනාශ වී යාමය. මෙම ගණන අද දවසට සාපේක්ෂවය. හෙට දවසේ තත්වය තවත් බිහිසුණු විය හැකිය.

නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ජලය බැස නොයෑම හේතුවෙන් තේ ගස් විනාශ වී ඇති බවත්  දලු අස්වැන්න අඩුවීමෙන් දලු නෙළන්නන්ට දෛනික කුලිය ගෙවීමට පවා නොහැකි වී ඇති බවත් අකුරැස්සේ කුඩා තේ වතු හිමියකු වන ඥානසිරි සමරවික්‍රම මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. අධික වියළි කාලගුණය නිසා අක්කරයක් පුරා ඇවිද්දත් තේ දලු කිලෝ 20 ක්වත් කැඩීමට නොහැකිවීමෙන් කුඩා තේ ඉඩම් හිමියන්ට දිනක වැටුප පවා ගෙවා ගැනීමට නොහැකි වී ඇති බවත් දලු මිල පහත වැටීම පොහොර ඇතුළු අනෙකුත් වියදම් ඉහළ යාම හේතුවෙන්  අමු දලු අස්වැන්න බොහෝ සෙයින් අඩු වෙමින් ඇති බවත් කුඩා තේ වතු හිමියන් ප්‍රකාශ කරන බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අප රටට විදේශ විනිමය උපයන ප්‍රධාන  භෝගයකට අත්වී ඇති ඉරණම ඉතා පැහැදිලිය. මෙම සංඛ්‍යා ලේඛන මාතර දිස්ත්‍රික්කයට අදාළවය. වෙනත් දිස්ත්‍රික්කවල තත්වය ද විමසා බැලිය යුතුය.

කුඩා තේ වතු හිමියන් යන නාමකරණයෙන් ම ඔවුන්ගේ තත්වය පැහැදිලි ය. එහෙයින් ඔවුන්ට මෙවන් ව්‍යසන සමග හැප්පෙන්නට නොහැකිය. එමෙන්ම එම කුඩා තේ වතු හරහා පවුල් ලක්ෂ කීයක් යැපෙන්නේද යන්න විමසිය යුතුය. කුඩා තේවතු හිමියන්ට ආදායම් නැත. කම්කරුවන්ට වැඩ නැත. එය එසේ වනවිට ඔවුන් හා ඔවුන්ගේ යැපෙන්නන් ජීවත්වන්නේ කෙසේ දැයි යන්න මගහැර යා නොහැකිය. එහෙයින් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය නොපමාව යොමුවිය යුතු ය.

(***)



අදහස් (1)

කුඩා තේ වතු හිමියන්ට සහනයක් දිය නොහැකිද?

sam Saturday, 02 March 2024 10:30 PM

මාස හයකට අධික කාලයක් පැවැති වර්ෂාව සහ මාසයකට අධික කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණය තේ වගකිරීමට සහ වෙනත් වගාකිරීමට අවශ්‍ය ජල ගැටලුව විසඳීමට පළමුව කළයුතුවේ. මාස හයකට අධික කාලයක් පැවැති වැසි නිසා හෝ වැසි කාලයේ ලබෙන්නා වූ ජලය එක්රැස් කිරීම සඳහා කුඩා, මධ්‍යම සහ විශාල වැව් නිර්මාණය කරගැනීම සඳහා ප්‍රදේශය මට්ටමින් සිටිනා නිලධාරීන් සහ ගොවින් එක්ව වියළි කාලයේදී ජලය ලබාගන්න ක්‍රමවේදයක් පිළිබඳව සකච්ජා කර ඔවුන්ගේ විසඳුම රජයට ඉදිරිපත්කළ යුතුවේ. වැව් තනා ගැනීම සඳහා අවශ්‍ය කරන්නාවූ සහාය (හමුදාවන් යොදවා) හෝ ලබාදුන් පසු ජලය කළමනාකරණය කර ගැනීම පිළිබඳව ප්‍රදේශය නිලධාරීන් සහ ගොවීන් එක්ව ක්‍රමව්දයක් සැකස කරගත යුතුව තිබේ. ඒ සඳහා කුඩා තේවතු හිමියන්ටද රජයට සහයෝගය ලබාදිය හැකිවේ. රජයෙන් සියල්ල නොමිලයේ ලබාදෙන තුරු බලා නොසිටිය යුතුවේ. මේ වනවිට ගෝලීය වශයෙන් පවතින් කාලගුණික වෙනස්වීම් හමුවේ කලහැකි වන්නේ කුමක්ද ? ගෝලීය වශයෙන් සිදුවන මිනිස් ක්‍රියාකාරකම් නිසා සොබාදහම ඉතා නිර්දය ලෙස පහර දෙමින් සිටින බව ඉතා පැහැදිලියි. සංවර්ධනය ලෝකයට අවශ්‍ය නමුත් සැලසුම් නොමැති සංවර්ධනය යනු විනාශයට මූලිකම කාරණයකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 676 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 208 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 581 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 311 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 407 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 163 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site