IMG-LOGO

2024 ජුලි මස 04 වන බ්‍රහස්පතින්දා


කෝටි ගණන් වැයකර හැදූ ගොඩනැගිලි කැලේට දාන්න එපා

පොලොන්නරුවේ සියලු රාජ්‍ය ආයතන එක වහළක් යටට ගෙන ඒමේ සංකල්පය මත ඉදිකෙරුණු මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිල්ල වසර පහක් තිස්සේ කැලෑවට යටවෙමින් පවතින බව අපගේ ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයකින් පසුගියදා අනාවරණය කළෙමු.

මේ හේතුවෙන් එම ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් අරමුණු කිසිවක් ඉටුකිරීමට නොහැකිවී ඇති බවත් එම ගොඩනැගිල්ල ඉදිකිරීමට වැය කළ රුපියල් කෝටි 100කට අධික මුදල් මකර කටට ගොස් තිබෙන බවත් කියැවෙයි.

මෙම නාස්තිකාරී ක්‍රියාව සම්බන්ධ තොරතුරු අනාවරණය කර තිබුණේ පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මගිනි. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මේ කරුණු සම්බන්ධයෙන් තොරතුරු සොයාබලා හැකි ඉක්මනින් වාර්තාවක් සපයන ලෙසට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇතැයි ද අපගේ ප්‍රවෘත්තියේ සඳහන් වෙයි.

පොලොන්නරුව වැනි ඉතා දුෂ්කර වශයෙන් හැඳින්වෙන දිස්ත්‍රික්කයට මහඟු සම්පතක් විය හැකිව තිබූ මෙකී පරිපාලන ගොඩනැගිල්ලට මේ ඉරණම අත්වූයේ ඇයිදැයි සොයා බැලීම අනාගතයේ දී හෝ මෙවැනි නාස්තිකාර ඉදිකිරීම් වළක්වා ගැනීමට හේතුවනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙම ඉදිකිරීමට පියවර ගනු ලැබුවේ ද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ඔහුගේ ධුර කාලය අවසන්වීමට පෙර එම ගොඩනැගිල්ල ඵලදායී ආකාරයට භාවිතයට ගැනීම වැළැක්වී ගියේ ඇයිදැයි සොයා බැලීමක් අවශ්‍ය ය.

තොරතුරුවලින් හෙළිවන ආකාරයට පෙනී යන්නේ එහි ඉදිකිරීම් කටයුතු නිමවීමත් සමග සිරිසේන මහතාගේ ධුර කාලය ද අවසාන වීම ඊට හේතුවී ඇති බවයි. ඒ පිළිබඳ කිසිදු නිලධාරියකු අවධානය යොමු නොකිරීමට කටයුතු යෙදුණේත් වසර 05ක් තිස්සේ මෙතරම් වටිනා ගොඩනැගිල්ලක් කැලෑවට යටවී ඇත්තේත් ඒ හේතුවෙන් බව පැහැදිලිය.

මේ ව්‍යාපෘතිය හිටපු ජනාධිපතිවරයකුගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවූවක් බැවින් ඔහුගේ ධුරකාලය අවසන් වීමත් සමග නිලධාරීන් අතර කඹ ඇදීම් සිදුවීම බලාපොරොත්තු විය යුතුය. එය ශ්‍රී ලංකාවේ පරිපාලන ඇතුළු සියලු රාජ්‍ය අංශවල සංස්කෘතියේ කොටසකි. එවැනි ව්‍යාපෘතිවලට අවධානය යොමුකර අත පුච්චා ගැනීමට කිසිදු රාජ්‍ය නිලධාරියකු පෙළඹෙන්නේ නැත. මේ නිසා එම ගොඩනැගිල්ලට යායුතු බවට තීන්දු ගැනීමට නොව එයට නොයාමට හේතු පෙන්වාදීමට නිලධාරීහු වඩාත් කැමැති වෙති. එහෙත් මේ ක්‍රියාදාමයේ වින්දිතයන් බවට පත්වෙන්නෝ වෙන කිසිවකුත් නොව පොලොන්නරුවේ වැසියෝය. ඈත පළාත්වල සිට නගරයට පැමිණ එකම වහලක් යටින් සියලු දේ කර ගැනීමට පොලොන්නරුවේ ජනතාව තුළ තිබූ බලාපොරොත්තු මේ වනවිට බිඳී සිඳී ගොස් තිබේ. එහි වගකීම් බාර ගැනීමට කිසිවකුත් නැත.

තවත් අතකින් මෙවැනි සුවිසල් ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේ දී ඊට අදාළ සියලු ක්ෂේත්‍රවල නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ උපදෙස් ලබාගැනීමේ වැදගත්කම ද පෙන්වාදිය යුතු ය. අදාළ පරිපාලන ගොඩනැගිල්ලට යාම ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් නිලධාරීන් හේතු වශයෙන් පෙන්වාදී ඇතැයි පැවසෙන්නේ ගොඩනැගිල්ල වායුසමනය කර නොතිබීමත් අධික කුලී මුදලක් ගෙවීමට සිදුවීමත් බව සඳහන් වෙයි. මේ සම්බන්ධ ක්ෂේත්‍රවල ප්‍රවීණයනගේ අදහස් උපදෙස් ගත්තේ නම් මෙවැනි තත්වයක් උද්ගත නොවන බවද කිව හැකිය.

මේ රටේ ඇතැම් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අවසානයේ මහජන මුදල් කා දමන බවට පත්වූ අවස්ථා ද විරල නොවේ. පොලොන්නරුවේ “මෙත්සිරිපාය” එවන් ව්‍යාපෘතියක් වශයෙන් හැඳින්වීම නිවැරැදි යැයි සිතේ. සමහර දේශපාලන නායකයන් තමන්ගේ ගම් ප්‍රදේශ පමණක් සංවර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කිරීමත් එවන් නාස්තිවලට හේතුවකි.

පොලොන්නරුවේ “මෙත්සිරිපාය” නමින් ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ලට ද ඒ කල දසාව උරුම කරදිය යුතු නැත. තවමත් එම ගොඩනැගිල්ල ඵලදායී ලෙස යොදාගැනීමට කාලය තිබේ. හැකි ඉක්මනින් එහි පවතින අඩුපාඩු සකසාගෙන පරිපාලන කටයුතු නොහැකි නම් වෙනත් මහජනතාවට ප්‍රයෝජනයට ගතහැකි වෙනත් කටයුත්තක් සඳහා හෝ එය භාවිතයට ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු. කෝටි 100ක ගොඩනැගිලි සංකීර්ණයක් කැලෑවට යට කිරීම ජාතික අපරාධයක් නොවේදැයි කෙනකු ප්‍රශ්න කළහොත් එය අසාධාරණ නොවේ.

(***)



අදහස් (1)

කෝටි ගණන් වැයකර හැදූ ගොඩනැගිලි කැලේට දාන්න එපා

sathyapala Thursday, 27 June 2024 08:09 PM

මේ ගොඩනැගිල්ලේ ස්ලැබ් එක සමහර තැන්වලින් ගොඩක් එළියට කැන්ටිලිවර් කරලා තියෙන විදිහට භය හිතෙනවා. නිසි ඉංජිනේරු ගණනය කිරීම් අනුව කරලද කියලා. ගොඩනැගිල්ලට ඇතුල්වෙන තැනට ඉහලින් තියෙන කොටස ගැන මම කියන්නේ...

:       1       6

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවටත් ලැබෙන්න ඕනෑ
2024 ජුලි මස 03 87 0

ඉන්ධන මිල පහළ දැමීමේ පුවත කොහොමත් ශුභාරංචියකි. එයට හේතුව රටේ සෑම ද්‍රව්‍යයක්ම, සේවාවක්ම ඉන්ධන මිල සමග ගැට ගැසී ඇති බැවිනි. ජනතාවගේ විශ්වාසය වන්නේ ඉන්ධ


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වයක් ඕනෑ
2024 ජුලි මස 02 153 1

මෙම තීරුව වැඩි වශයෙන්ම වැයකර ඇත්තේ සෞඛ්‍ය සේවය සම්බන්ධයනේ විය යුතුය. එයට හේතුව මෙරට ජනයාගේ පණනල රැකී තිබෙන්නේ සෞඛ්‍ය සේවය මත වීම නිසාය. එහෙත් අවාසනාවක


ගුරු වැටුප් ගැටලුව දිග්ගසන්න දෙනු එපා
2024 ජුලි මස 01 242 1

වැටුප් ප්‍රශ්නයක් මුල්කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප


අධිවේගියේ වංචනිකයන්ට නීතිය දැඩිව ක්‍රියාවට නංවමු
2024 ජුනි මස 29 630 2

අධිවේගයේ අධිවේගියෙන් මුදල් සොරකමක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් විසි දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වා


ගෙවල් කුලියට පොලු තබන මැති ඇමැතින්ට දඬුවම් නැද්ද?
2024 ජුනි මස 28 224 1

පෞද්ගලික නිවාස හිමි පුද්ගලයන්ට පවා බද්දක් පැනවෙන බවට තොරතුරු පළවෙන අතරේ මැති ඇමතිවරුන් 56ක් තමන් පදිංචිව සිටින නිල නිවෙස්වල කුලියට හිඟ තබා වාර්තා වී ත


කෝටි ගණන් වැයකර හැදූ ගොඩනැගිලි කැලේට දාන්න එපා
2024 ජුනි මස 27 824 1

පොලොන්නරුවේ සියලු රාජ්‍ය ආයතන එක වහළක් යටට ගෙන ඒමේ සංකල්පය මත ඉදිකෙරුණු මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිල්ල වසර පහක් තිස්සේ කැලෑවට යටවෙමින් පවතින බව අපගේ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 553 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1582 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3425 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site