IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගාලු මුවදොර අරගලය රටට දුන් පණිවිඩය

ගාලු මුවදොර අරගල බිම හිස් වෙමින් තිබේ. ඉකුත් 9 වැනිදායින් පසුව තමන් අරගලබිම හැර යන බවත් එහෙත් අරගලය අත් නොහරින බවත් අරගලකරුවන් මාධ්‍යයට කියා තිබිණි. මෙරට දේශපාලන ඉතිහාසයේ එක් වර්ණවත් පරිච්ඡේදයක් තමන් නමින් වෙන් කරවා ගැනීමට අරගලකරුවන් සමත්වූ බව අවිවාදිතය.

ගාලු මුවදොර කේන්ද්‍ර කරගනිමින් රට පුරාම අරගල බිම් නිර්මාණය වූයේ අහේතුකව නොවේ. ලංකා ඉතිහාසයේ අතිශයින්ම දැවැන්ත මූල්‍ය අර්බුදය අරගල බිම්වලට අවශ්‍ය පරිසරය නිර්මාණය කළේය. එම අර්බුදය විසඳීම සඳහා ක්‍රමවත්, විධිමත් දියුණු හා විද්‍යාත්මක විසඳුම් ඉදිරිපත් කිරීමට එවකට ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් විය. ඔහුගේ කාබනික පොහොර ව්‍යාපෘතිය රට තුළ ආහාර අහේනියක් හා සාගතයක් දක්වා රැගෙන යමින් තිබිණි.  මහා භාණ්ඩාගාරයේ ඩොලර් සංචිත හිඳී ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත ඉන්ධන හිඟයක් ඇති විය. ඉන්ධන ලබා ගැනීම සඳහා දින ගණන් පෝලිම්වල නිරාදුක් විඳීමට සිදුවිය. ඉන්ධන පෝලිම්වල මිනිසුන් මියයාම මනුෂ්‍යත්වය සම්බන්ධ අලුත් කතිකාවක් රට තුළ නිර්මාණය කළේය. ගෑස් පෝලිම්, විදුලිය කැපීම මෙන්ම අහස උසට ගිය ජීවන වියදම ජන ජීවිතය උඩුයටිකුරු කළේය. මිනිස් ආවේග ඇවිළී ගියේ මෙම ශාපලත් පරිසරය තුළය. අවදි කරගත් මහා මිනිස් අනුරාගයකින් ජාති ආගම් පක්ෂ ආදී භේදයකින් තොරව ලක්ෂ ගණන් ජනී ජනයා ගාලු මුවදොර පිටියේ රොද බැඳ ගත්තේ අහිමි කළ ජීවිතය ඉල්ලමිනි. 

අර්බුදයේ නිර්මාතෘ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වූ හෙයින් ‘‘ගෝඨා ගෝ ගම’’ ඉදි කළහ. එම ගම මහා සංස්කෘතික නිකේතනයක්ව පවත්වාගෙන ගිය අතර අරගලය හැඳින්වුණේද ‘‘ආදරයේ අරගලය’’ ලෙසය. එහෙත් ඉතිහාසයක් පුරා බාහු බලය සම්බන්ධයෙන් විශ්වාසය තැබූ කඩප්පුලි දේශපාලනඥයෝ මෙවරද ඒ කෙරෙහිම විශ්වාසය තැබූහ. ඒ අනුව ආදරයේ අරගල බිමට ම්ලෙච්ඡ ප්‍රහාරයක් එල්ල විය. එම ම්ලේච්ඡ ප්‍රහාරයට ප්‍රචණ්ඩ ප්‍රති ප්‍රහාරයක් එල්ල වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මහ මග මරා දැමෙන තරමට එය සැහැසි විය. දේශපාලනඥයන්ගේ නිවෙස් ගිනි බත් විය. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය අරගලකරුවන් අතට පත්විය. අගමැතිවරයා ඉල්ලා අස්වූ අතර, සටනේ එක් ගමනාන්තයක් සලකුණු කරමින් ජනාධිපතිවරයා රටෙන් පිටත් වී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

අරගලයේ ප්‍රතිඵලයක් ලෙස රටට අලුත් ජනාධිපතිවරයකු මෙන්ම අගමැතිවරයකු ලැබී තිබේ. ඔවුන් කරන්නේ කුමක් දැයි විනිශ්චය කිරීමට තවම කල් වැඩිය. අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ හැත්තෑ හතර වසරක් පුරා මෙරට ක්‍රියාත්මක වන මහලු, මජර, චෞර, උද්දච්ඡ හා තක්කඩි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන ලෙසය. මෙම මතවාදය සමාජයේ සෑම බිම් අඟලකම රෝපණය වී සාර සොබාවට වැඩෙන මහා වනස්පති බවට පත්වී අවසන්ය. මේ බලපෑමෙන් මිදුණු ගමනක් මෙරට දේශපාලනඥයන්ට දැන් ඉතිරි වී නැත. එය අරගලකරුවන් මෙන්ම මුළු මහත් රටම අත්පත් කරගත් ආපිට හැරවිය නොහැකි මහා බලගතු ජයග්‍රහණයකි.

නිශ්චිත, නිසි නායකත්වයක් නොවීම අරගලයේ ප්‍රධානම දුර්වලතාව විය. එම නිසාම නිර්පාක්ෂික යැයි කී අරගලයට දේශපාලනය කාන්දු විය. එමෙන්ම අරගලය අල කරනු පිණිසම විවිධ කල්ලි කණ්ඩායම් අරගල බිමට රිංගූහ. අරගලකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් ඇති කිරීමේ ප්‍රයත්නද අපි දුටුවෙමු. එමෙන්ම අරගලය ජීවනෝපායක් කරගත් පිරිස් මෙන්ම විනාශය විනෝදයක් කරගත් තක්කඩියන්ට අරගල බිමට ඇතුළුවීමට බාධාවක් නොවීය. ලෝකයේම අවධානය දිනාගත් මහා සටන් බිමක් එවැන්නක් නිසා කිලිටි වී ගිය බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වූවකි.

දිගින් දිගටම අරගල බිම් නඩත්තු කරමින් පවත්වාගෙන යෑම අර්බුදවලට විසඳුම් සෙවීමට බාධාවකි. රට කලබැගෑනියක්ව පවතින කල සංචාරකයෝ මෙන්ම ආයෝජකයෝද මෙරටට නොපැමිණෙති. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ගොජදමන අර්බුදය තව තවත් තියුණු වී දරුණු වී රට ප්‍රපාතයටම වැටීමයි. එවැනි පාපකර්මයකට දායකවීමට කිසිදු පුරවැසියකුට අයිතියක් නැත.

මේ රට අයිති ජනතාවටය. පාලකයෝ යනු එහි බාරකාරයන් මිස අයිතිකාරයෝ නොවෙති. එහෙත් චිරාත් කාලයක් පුරා පාලකයන් කල්පනා කළේ තමන් රටේ අයිතිකරුවන් බවය. එහෙයින් පරම්පරාවෙන් ලැබුණු දායාදයක් මෙන් ඔවුහු රිසි සේ රට උලා කෑහ. සමාජයේ පතුළ බිඳගෙන මහජන විරෝධයක් පැන නැගුණේ එහෙයිනි. නූතන අව්‍යාජ තරුණයාට මෙන්ම ‘‘ස්මාට්’’ පුරවැසියාට අවශ්‍ය වන්නේ මනුෂ්‍ය ගරුත්වය රැක ගෙන ජීවත් විය හැකි රටක් මිස තක්කඩි දේශපාලනඥයන්ගේ කටමැත දෙඩවීම් හා උද්ධච්ඡ කතා බහෙන් පිරුණු රටක් නොවේ, දේශපාලනඥයන් මෙම කරුණු එයට හිමි නිසි අර්ථයෙන් හඳුනා ගන්නේ නම් රටේ හෙට දවස යහපත් වනු ඇත.

(***)



අදහස් (0)

ගාලු මුවදොර අරගලය රටට දුන් පණිවිඩය

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 705 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 232 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 607 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 321 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 418 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 181 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site