IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගෑස් සහ කිරිපිටි මැවූ පෝලිම් ක්‍රමය දිගටම යයිද?

ගෑස් හිඟය පිළිබඳ ගැටලු‍ව විසඳා ගැනීම සඳහා ප්‍රධාන ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

රටේ පවතින ගෑස්, කිරිපිටි, වාහන අමතර කොටස්, සීනි, පරිප්පු හිඟයට විසඳුම් ලබාදෙන්නේ නැද්දැයි මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ සඳහන් කර තිබිණි. රටපුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන රැසක ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම් පවතින බව මාධ්‍ය ඔස්සේද වාර්තා කරනු ලැබීය.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කරන විට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අපගේ ‘ලංකාදීප’ය කළ විමසීමකදී ප්‍රකාශ කර තිබුණේ රට තුළ කිසිදු ගෑස් අර්බුදයක් ඇති නොවන බවය. රටට අවශ්‍ය කරන සියලු‍ම ගෑස් සැපයීමට තම සමාගමට හැකියාව තිබෙන බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. පසුගිය දින දහය තුළ පමණක් ගෘහස්ථ ගැස් සිලින්ඩර අනූපන්දහසකට වඩා දෛනිකව නිකුත්කර ඇති බවත් එය වෙනත් දිනවලට සාපේක්ෂව අතිරික්තයක් බවත් ඔහු තවදුරටත් කියා තිබිණි.

මෙය හතර බීරි කතාවකි. කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයා රටේ ගෑස් හිඟය පිළිබඳ ගැටලු‍ව විසඳා ගැනීමට සාකච්ඡා කරන බව ප්‍රකාශ කරද්දී රටට ගෑස් සැපයීමේ වගකීම පැවරී ඇති ලිට්රෝ සමාගමේ සභාපති පවසන්නේ කිසිදු අර්බුදයක් නොමැති බවය. මහජනතාව පවසන්නේ තමන් පෝලිම්වලට පැමිණ සිටින්නේ ඇඟේ අමාරුවට නොව නිවෙසේ ගෑස් අවසන් වීම හේතුවෙන් උයා පිහා ගැනීමට නොහැකි වීම නිසා බවය. භාණ්ඩ හිඟවන විට පෝලිම් ඇතිවීම ‘ශක්‍රයාගේ පුතා වයිමාට’ වුවද වැළැක්විය නොහැකි බව යථාර්ථයයි.

මේ අතර ලාෆ්ස් ගෑස් කිලෝ 12.5 සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර දී ඇති බව ප්‍රකාශයට පත් වී තිබේ. ඒ අනුව එම සමාගම ඉදිරියේදී ක්‍රියාකරන ආකාරය අනුව ගෑස් පෝලිම් ඇතිවීම හෝ නැතිවීම තීරණය වනු ඇත.

කිරිපිටි හිඟවන විට හෝ නැත්තටම නැතිවී ගියහොත් හෝ තාවකාලිකව ප්ලේන්ටියෙන් වුවද ජාම බේරාගැනීමට හැකියාව තිබේ. එහෙත් ගෑස් නැති වීමේදී එවැනි තාවකාලික පිළිතුරක් නැත. කොළඹ ඇතුළු ප්‍රධාන නගර සහ අර්ධ නාගරික ප්‍රදේශවල පමණක් නොව ඈත ගම් දනව්වල වුවද ගෑස් නැත්නම් බොහෝ දෙනකුට උයා පිහා ගැනීම කෙසේ වෙතත් ප්ලේන්ටියක් හදා ගැනීමට හෝ හැකියාවක් නැත.

දර භාවිතයෙන් නිවෙස්වල ඉවුම් පිහුම් සිදුකළ කාලය අවසන් වී බොහෝ කල් ඉක්ම ගොසිනි. එවැනි විකල්පයකට නාගරික හෝ අර්ධ නාගරික වැසියන්ට ඉඩක් ඇත්තේම නැත. මහල් නිවාස සහ පර්චස් පහේ හයේ ඉඩම් කැබලිවල ඉදිකරගත් බොහොමයක් නිවෙස්වල දර ළිපක් ගැන සිතන්නටත් බැරිය. ගෑස් ලිපට හුරුවීමෙන් පසුව භූමිතෙල් උඳුන්වලට මාරුවීමද කළ හැක්කක් නොවේ. මේ නිසා ගෑස් හිඟයට එකම පිළියම ගෑස් ප්‍රමාණවත් තරම් සැපයීම පමණි. මෙවැනි අවස්ථාවක උයා පිහා ගැනීමට විකල්ප හඳුන්වාදීමට යාම මහජනතාවගේ කෝපය ඇවිස්සීමට පමණක් හේතුවන බව සියලු‍දෙනා තේරුම් ගත යුතුය.

රට තුළ ගෑස් හිඟවීමට ප්‍රධාන හේතුව මෙතෙක් මෙරට ගෑස් අලෙවියේ දෙවැනි ස්ථානයේ පසුවූ ලාෆ්ස් ගෑස් සමාගම ගෑස් අලෙවියෙන් ඉවත් වීමය. එම සමාගම එතැනට තල්ලු‍ වූයේ සති ගණනාවක් තිස්සේ සිදුකළ අනතුරු ඇඟවීම්වලින් පසුව බවත් ඔවුන්ගේ ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් කිසිදු විසඳුමක් නොලැබීම හේතුවෙන් එම තීන්දුව ගත් බවත් රහසක් නොවේ. ලාෆ්ස් සමාගම ව්‍යාපාරික කටයුතු අත්හරින විට රුපියල් බිලියන ගණනින් බැංකුවලට ණය වී සිටි බවටද වාර්තා පළවිය. බිලියන ගණන් අතින් පාඩු කරගෙන කිසියම් සමාගමක් ගෑස් ගෙන්වා බෙදාහරිනවා නම් ඒ සමාගමේ අයිතිකරුවන්ට මොළේ අමාරුවේ හොඳම එක තිබිය යුතු බවට විවාදයක් නැත. එහෙත් අවාසනාවකට මෙන් මේ තත්ත්වය යථා පරිදි තේරුම් ගැනීමට බලධාරීහු අසමත්ව සිටිති. නැතහොත් උවමනාවෙන් තේරුම් නොගෙන සිටිති. ප්‍රතිඵලය රට තුළ ගෑස් හිඟයක් නිර්මාණය වී ජනතාවට පෝලිම්වල කාලය කා දැමීමට සිදුව තිබීමය.

ලාෆ්ස් සමාගම තමන්ට පාරිභෝගික අධිකාරියෙන් ලබාදී ඇති මිල ඉහළ දැමීමේ අවසරය අනුව ගෑස් ගෙන්වා බෙදාහැරීම ආරම්භ කළහොත් එය පාරිභෝගිකයන්ට සේම එම සමාගමේ සේවය කළ පිරිස්වලටද සහනයක් වනු ඇත. එහෙත් ඒ සමඟ ලිට්රෝ සමාගමද මිල වැඩිකළහොත් එය ජීවන බරින් අධිකව මිරිකී සිටින ජනතාවගේ පීඩනය තවදුරටත් වර්ධනය කරනු ඇති බවද සඳහන් කළ යුතුය.  

අඩුම තරමින් මිල වැඩිකර හෝ ගෑස් සැපයීම යථා තත්ත්වයට පත් කිරීමට නිසි පිළියම් නොයෙදුවහොත් පෝලිම් ඇතිවීම වළක්වාගත නොහැක. මෙය කිරි පිටි හිඟයටද එකසේ අදාළය. ආනයනික කිරිපිටි මත පනවා තිබෙන බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත්තේ එයට විසඳුමක් වශයෙන් විය යුතුය. එහෙත් එම විසඳුම කිරිපිටි සමාගම් නොපිළිගන්නේ නම් කිරිපිටි හිඟයද දිගටම පවතිනු ඇත. එසේ වුවහොත් රට යළිත් පෝලිම් යුගයක් කරා ඇදෙමින් පවතින බවට මහජනතාව තුළ බරපතළ සැකයක් සහ බියක් මතුවන බවට කතා දෙකක් නැත.

(***)



අදහස් (0)

ගෑස් සහ කිරිපිටි මැවූ පෝලිම් ක්‍රමය දිගටම යයිද?

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 694 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 173 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18432 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site