IMG-LOGO

2024 ජුලි මස 02 වන අඟහරුවාදා


ගෙවල් කුලියට පොලු තබන මැති ඇමැතින්ට දඬුවම් නැද්ද?

පෞද්ගලික නිවාස හිමි පුද්ගලයන්ට පවා බද්දක් පැනවෙන බවට තොරතුරු පළවෙන අතරේ මැති ඇමතිවරුන් 56ක් තමන් පදිංචිව සිටින නිල නිවෙස්වල කුලියට හිඟ තබා වාර්තා වී තිබේ. මේ බව සිය අලුත්ම විගණන වාර්තාවෙන් උපුටා දක්වන ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේ පසුගිය 2015 වර්ෂයේ සිට හිඟ තබා ඇති එම මුදල රුපියල් ලක්ෂ 37ක් පමණ වන බවකි. එසේම රජයේ නිලධාරීන් 18 දෙනකුද රුපියල් කෝටියකට ආසන්න මුදලක් නොගෙවා ඇති බවද සඳහන්ය.

මේ රටේ සිදුවන දැවැන්ත නාස්තිකාර සහ වංචනික ක්‍රියාකාරකම් සමග සසඳන කල රුපියල් ලක්ෂ 37ක් සහ රුපියල් කෝටියක් යන්න ඉතා සුළු මුදලක් සේ කෙනකුට දකින්නට පුළුවන. එහෙත් එම කුලිය හිඟ තබා ඇත්තේ මැති ඇමැතින් සහ රජයේ නිලධාරීන් වීම මේ සිද්ධියේ බරපතළකම ඉස්මතු කර පෙන්වයි. රටේ පොදු මහජනතාව සඳහා නීති සම්පාදනය කරන මැති ඇමැතිවරුන් වෙසෙන නිල නිවෙසට කුලියක් නොගෙවා සිටීම ලජ්ජාවක් වශයෙන් නොදැනෙන්නේද යන්න ප්‍රශ්න කළ යුතුය. මේ මැති ඇමැති නිවාස පිහිටා ඇත්තේ කොළඹ හතේ වුවද ඒ නිවාස සඳහා අය කරන කුලිය ඒ පළාත්වල සෙසු නිවාස කුලිය සමග සසඳන කල ඉතා සොච්චම් මුදලක් බවද ප්‍රසිද්ධ රහසකි. එසේ තිබියදීත් මේ මැති ඇමැතින්ගේ නිවාස සඳහා වන කුලී මුදල නොගෙවන්නේ මහජනතාව තම බදු මුදලින් එය ගෙවිය යුතුයැයි ඔවුන් කල්පනා කරන නිසාද විය හැකිය.

මැති ඇමැතින් සඳහා විශේෂ වරප්‍රසාද ලබාදී ඇත්තේ ඔවුන් රටේ මහජනතාව වෙනුවෙන් සිදුකරන සේවා කිසිදු බාධාවකින් තොරව ඉටුකිරීමට පහසුකම් සැලසීමක් වශයෙනි. කොළඹ නගරයේ සහ ඒ අවටින් ඔවුන්ට නිල නිවාස සපයා දෙන්නේද එහි එක් පියවරක් වශයෙනි. එහෙත් එකම වරප්‍රසාදවලට මුවාවී තමන් විසින් ගෙවිය යුතු නිවාස කුලිය පවා නොගෙවා ඒවාට හිඟ තැබීම කිසිදු මහජන නියෝජිතයකුගේ යුතුකමක් නොවේ. එය සිදු නොකළ යුතු සමාජ විරෝධී ක්‍රියාවක් බව පෙන්වාදිය යුතුය. කුලී ගෙවල් හිමියකු සතුව ඇති කුලිය හිඟ නිම වූ විට බදු ගැනුම්කරුට එරෙහිව ක්‍රියාත්මක කරන නීතිය මෙවැනි මැති ඇමැතින්ට එරෙහිවත් බලාත්මක නොවන්නේ ඇයිදැයි මෙහිදී විමසිල්ලට ලක්කළ යුතුය.

මේ මැති ඇමැතින් තම නිල නිවාස කුලියට පොලු තබන්නේ මුදල් අහේනිය නිසා යැයි අපි මොහොතකටවත් නොසිතමු. මෙරට කිසිම රටවැසියකු හෝ එහෙම සිතන්නේ නැත. ආර්ථික වශයෙන් නියඟයකට හසුවී දිරච්ච ගස් වැනි තත්ත්වයට පත් වෙන මැති ඇමැතින් මේ ශ්‍රී ලංකාවේ නම් නොසිටින බව යථාර්ථයයි. මේ රටේ සිටින්නේ කඳ බඩ මහත සශ්‍රීක මැති ඇමතින්ලා පමණි. ඔවුන්ට තමන්ගේ නිල නිවෙස්වලට අදාළ කුලිය ගෙවීමට කිසිදු අපහසුවක් තිබිය නොහැක. එසේ හිඟ හිටවා ඇත්නම් එය සිතාමතා කළ වැරැද්දකි. තමන් එවැන්නක් නොදන්නා බවට ඔවුන් විසින් කරනු කියනු ලබන කතාවලින් නම් නොපෙනේ.

ඇතැම් මැති ඇමැතින් ගෙවල් කුලී නොගෙවනවා පමණක් නොව තම විදුලි බිල්, වතුර බිල් පවා ගෙවන්නේ නැත. ඒ සඳහා ඔවුන්ට ඉතා පහසු උත්තරයක් තිබේ. මේ බිල් තමන් භාවිත කළ විදුලියට හෝ ජලයට ලැබුණු බිල්පත් නොව අදාළ නිවෙසේ කලින් පදිංචියට හිටි අය පරිභෝජනය කළ ඒවා සඳහා ලැබුණු බිල්පත් බව පැවසීමයි. එසේනම් විදුලි බල මණ්ඩලය සහ ජල සම්පාදන මණ්ඩලය කලින් එම නිවාසවල පදිංචිව සිටි මැති ඇමැතින් සොයාගෙන ඔවුන් ලවා එම බිල්පත් ගෙවා දැමීමට කටයුතු කළ යුතුය. එහෙත් එය එසේ නොවන බවත් ඒ ඇතැම් හිඟ බිල්පත්වලට සිදුවූ දෙයක් දැනගන්නට පවා නොලැබෙන බවත් සැබෑ තත්ත්වයයි.

මෙවැනි මැති ඇමැති වරප්‍රසාදවලට මුවාවී තමන් භුක්ති විඳින යටිතල පහසුකම් වෙනුවෙන් සතයක් නොගෙවන මැති ඇමැතිවරුන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා රජය මගින් කිසියම් යාන්ත්‍රණයක් සකස් කිරීම අවශ්‍ය බව මෙහිදී පෙන්වා දිය යුතුය. එම පාඩුව රජය මගින් දැරීම ඒ සඳහා විසඳුම නොවේ. මැති ඇමැතින් නොගෙවන බිල්පත්වල බර අවසානයේ වැටෙන්නේ පොදු මහජනතාවගේ කරමතට බැවිනි. ඔවුහු ඒවා බදු වශයෙන් ගෙවා දමති. ආණ්ඩුව කුමක් වුවද කිසිදු මැති ඇමැතිවරයකුට ගෙවල් කුලිය ඇතුළු සෙසු සේවා සඳහා ගෙවිය යුතු ගාස්තුවල පොලු තැබීමට අයිතියක් නැත. එය වැළැක්වීමට රජය වහාම පියවර ගත යුතුය.

 

(***)



අදහස් (1)

ගෙවල් කුලියට පොලු තබන මැති ඇමැතින්ට දඬුවම් නැද්ද?

m. saman perera Sunday, 30 June 2024 11:31 AM

දුෂණයෙන් වංචාවෙන් පිරුණු රටක් කවදාවත් හදන්න බැ

:       0       3

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ගුරු වැටුප් ගැටලුව දිග්ගසන්න දෙනු එපා
2024 ජුලි මස 01 100 0

වැටුප් ප්‍රශ්නයක් මුල්කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප


අධිවේගියේ වංචනිකයන්ට නීතිය දැඩිව ක්‍රියාවට නංවමු
2024 ජුනි මස 29 434 1

අධිවේගයේ අධිවේගියෙන් මුදල් සොරකමක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් විසි දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වා


ගෙවල් කුලියට පොලු තබන මැති ඇමැතින්ට දඬුවම් නැද්ද?
2024 ජුනි මස 28 172 1

පෞද්ගලික නිවාස හිමි පුද්ගලයන්ට පවා බද්දක් පැනවෙන බවට තොරතුරු පළවෙන අතරේ මැති ඇමතිවරුන් 56ක් තමන් පදිංචිව සිටින නිල නිවෙස්වල කුලියට හිඟ තබා වාර්තා වී ත


කෝටි ගණන් වැයකර හැදූ ගොඩනැගිලි කැලේට දාන්න එපා
2024 ජුනි මස 27 695 1

පොලොන්නරුවේ සියලු රාජ්‍ය ආයතන එක වහළක් යටට ගෙන ඒමේ සංකල්පය මත ඉදිකෙරුණු මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිල්ල වසර පහක් තිස්සේ කැලෑවට යටවෙමින් පවතින බව අපගේ


රජයේ රෝහල්වල ඖෂධ හිඟයකට ඉඩ තියනු එපා
2024 ජුනි මස 26 128 0

ලෙඩට දුකට බෙහෙතක් නැති රටක් යනු එම රට කිසි ලෙසකින් හෝ මිනිස් වාසයට සුදුසු රටක් නොවන බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් ලෝකයෙන් ම උතුම් රට යැයි පුරවැසියා හදපිරි ග


සේරුවිල දෙහිවත්ත ජනපදය රටට කියන පණිවිඩය
2024 ජුනි මස 25 443 0

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් වැඩියෙන්ම කතා කර තිබෙන්නේ දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙනි. එහෙත් දශමයකින් හෝ කර ගැනීමට නොහැකිව තිබෙන්නේ ද එය


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 472 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1533 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site